Home / Activities / condemn the brutal police attack
condemn the brutal police attack

condemn the brutal police attack

බඳගිරිය -හම්බන්තොට ජනයාගේ පානීය ජල ප‍්‍රශ්නය විසඳනු

පිරිසිදු පානීය ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. රාජපඏ රෙජිමය රට පාලනය කළ සමයේ පිරිසිදු ජලය ඉල්ලා සාමකාමි ලෙස උද්ඝෝෂණය කළ වැලිවේරිය – රතුපස්වල ජනතාවට හමුදාව යොදවා පහරදී තිදෙනෙකු ඝාතනය කළ සිදුවීමට සමාන තත්වයක් දැන් මෛත‍්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව යටතේ බඳගිරියේ ජනතාවට මුහුණපෑමට සිදුව තිබේ. පානීය ජලය ඉල්ලා වීදි උද්ඝෝෂණයක යෙදුන හම්බන්තොට බඳගිරියේ ගම්වාසී ජනතාවට පොලිසිය විසින් පහරදී කඳුලූ ගැස් ප‍්‍රහාරයක් එල්ල කර දරූණු මර්ධනයක් දියත් කර ඇත. බඳගිරියේ ජනතාව පිරිසිදු ජලය ඉල්ලා කාලයක් තිස්සේ උද්ඝෝෂණයන් වල යෙදුනි. එහෙත් රජයේ නිලධාරීන් හා දේශපාලඥයින් එම ප‍්‍රශ්නයට විසදුම් ලබා දෙන බවට පොරොන්දුවී ඇතත් එයට පිළියම් නොලද බැවින් ප‍්‍රදේශයේ ජනතාවට වීදි බැසීමට සිදුව ඇත.

දේශපාලඥයින් මෙලෙස ජනතාවගේ දැවෙන ජල ප‍්‍රශ්නයට විසදුම් දීමට අපොහොසත් වන විට ජනතාවට සාමකාමී උද්ඝෝෂණයන් කරනවා හැර වෙනත් දෙයක් කිරීමට නොමැතිය. පසුගිය රාජපඏ පාලන සමයේ නගර අලංකාරය සඳහා හංසයින්ට දිය නෑම සඳහා කෘතීම ජල තටාංග ඉදිකෙරුනේ හම්බන්තොට වැසියන් ජල පිපාසාවෙන් පෙලෙමින් සිටියදීය. සජිත් පේ‍්‍රමදාසලා වැනි හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ නායකයින් රාජපඏලාගේ පවුල් ආශාවන් සඳහා විශාල වශයෙන් මහජන මුදල් කාබාසිනියා කරද්දී එදා විවේචනය කළේය.

සජිත් පේ‍්‍රමදාසලා එදා ජනතාවට පෙරොන්දු වුයේ රාජපඏලාගේ පිරිහුණු දේශපාලන සංස්කාතිය වෙනස් කර ජනතාවගේ අවශ්‍යතාවයන්ට ඔවුන් මූලිකත්වය දෙන බව පවසමිනි. එහෙත් දැන් සිදුව ඇත්තේ රාජපඏලාගේ මර්ධනය වෙනුවට යහපාලනයේ මර්ධනයට බඳගිරියේ ජනතාවට මුහුණදිමටය. හම්බන්තොට බඳගිරියේ ජනතාව දිගු කාලයක් පුරා උද්ඝෝෂණය කර අවසානයේ තිස්ස – හම්බබන්තොට මහා මාර්ගයට පැමින කුඩා දරුවන්, වැඩිහිටියන් සමග දහස් ගනනක් පාරට බැස උද්ඝෝෂණය කරන විට ප‍්‍රදේශයේ මැති ඇමතිවරු රාශියක් සිටියත් කිසිදු දේශපාලඥයෙක් එතැනට නොපැමිනීම පෙන්නුම් කරනුයේ ඔවුන්ගේ බංකොලොත් දේශපාලනයයි. බඳගිරියේ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත් ජනතාවට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම වහා නවතා දමන ලෙසත් එම ප‍්‍රදේශයේ ජනතාවගේ ජල ප‍්‍රශ්නය විසදිමට කඩිනම් පියවර ගන්නා ලෙසත් එක්සත් සමාජවාදී පඏය බලධාරින්ට හා ආණ්ඩුවට බලකර සිටී.

 

සිරිතුංග ජයසුරිය
ප‍්‍රධාන ලේකම්
එක්සත් සමාජවාදී පක්ෂය

4 5

Scroll To Top