Home / Articles / වී මිලදී ගැනීමේ අර්බුදය
වී මිලදී ගැනීමේ අර්බුදය

වී මිලදී ගැනීමේ අර්බුදය

ජනවාරි 8න් පසු දින 100යේ කාලය තුළ ආණ්ඩුව පවසා සිටියේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සහතික මිල පමණක් නොව විධිමත් වැඩ පිළිවෙලක් වහා හඳුන්වා දෙන බවය. මේ වන විට දින 100 ආණ්ඩුව ද අවසන්ව මෛත‍්‍රි-රනිල් ජාතික හවුල් ආණ්ඩුව පසු ගිය මැතිවරණයෙන් බලයට පත්ව මාස 3කට ආසන්න වෙමින් පවතී. නමුත් වී අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්වය නිසා රට පුරා ලඏ 15ක් පමණ ගොවියන් ඉතා අසරණ තත්වයකට පත්ව ඇත.

පසුගිය දින 100 ආණ්ඩුවේ අතිරේඛ අයවැය ඉදිරිපත් කරමින් ආණ්ඩුව පවසා සිටියේ වී මිලදී ගැනීමට අමතරව ගොවි ජනතාව බැංකු වලට උගස් කර තිබෙන කනකර වල පොලිය ඉවත් කර ඔවුන්ට සහනයක් ලබා දෙන බවය. නමුත් එ් පොරොන්දුව වත් තවමත් ආණ්ඩුව ඉටු කර නොමැති බව ගොවි ජනතාව මැසිවිලි නගති.
මෙම තත්වය තුළ ආණ්ඩුව මැදිහත් වී ඏණිකව වී අස්වනු මිලදී ගැනීමේ ප‍්‍රශ්නය විසඳුම් ලබා දිය යුතු බවත් එසේ නොවන්නේ නම් රට පුරා වී ගොවියන් එ්කරාශී වී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කිරීමට සුදානම් වෙමින් සිටින බව රතු තරුව පොලොන්නරුව දිස්ත‍්‍රික් සංවිධානය වාර්තා කර සිටී.

Scroll To Top