Home / Articles / දේශපාලන සිරකරුවන් නිදහස් කරනු
දේශපාලන සිරකරුවන්  නිදහස් කරනු

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

දේශපාලන සිරකරුවන්
නිදහස් කරනු

රටේ බන්ධනාගාර රැුසක රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 200කට වැඩි ප‍්‍රමාණයක් උපවාසයක් ඇරඹීමත් සමග දේශපාලන සිරකරුවන්ගේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නය යළි ඉස්මත්තට පැමිණ තිබේ. මැගසින් හිරගෙදර, අනුරාධපුරය, බෝගම්බර, යාපනය වැනි බන්ධනාගාරවල පිරිස් සිරකරුවන්ට අමතරව වැලිකඩ රඳවා සිටින කාන්තා සිරකරුවන් 10 දෙනෙක්ද ආහාර වර්ජනයට සම්බන්ධ වී සිටීම වැදගත් කරුණකි.

ඇතැම් විට වසර පහ, හත පවා ඉක්මවා රඳවා සිටින මෙම සිරකරුවන් බොහෝ දෙනෙකුට කිසිම චෝදනාවක් නැත. අඩු වශයෙන් කිසිදු සාඏියක් හෝ ඔවුන්ට එරෙහිව නැත. කොටි සංවිධානයට හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධයයි කියා සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බොහෝ දෙනා එසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් යම් පුද්ගලයන් දුන් තොරතුරු අනුව බව වාර්තා වේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ඇති මෙම සිරකරුවන්ට ජාත්‍යන්තර නීතිය අනුව දේශපාලන සිරකරුවන්ට ලැබිය යුතු කිසිදු අයිතිවාසිකම්ද නොලැබේ. තමන්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පවරා උසාවියට ඉදිරිපත් කරන ලෙස හෝ නැත්නම් නිදහස් කරන ලෙස කලක සිට ඔවුන් කරන මෙම ඉල්ලීම ඉතාම සාධාරණ බව රතු තරුව අවධාරණය කරයි.

Scroll To Top