Ratutharuwa 147






නිදහස් දින කථාවේ සැඟවුනු අරුත

ගෝඨාභය රාජපක්ෂ පෙබරවාරි 4 වෙනි දින නිදහස් චතුරශ‍්‍රයේ පැවැති උත්සවයේදී කළ කථාව සමාජයේ කථාබහට ලක්වෙමින් ඇත. එම කථාව ජනාධිපතිවරයෙකු නිදහස් දින පවත්වන ලද කථා අතුරින් හොඳම කථාව බවටද මතයක් සමාජය තුළ ගොඩනැගෙමින් තිබේග ඔහුගේ නිදහස් දින කථාව ගැන අපට ඇත්තේ වෙනමම කියවීමකි. ඔහු ජනාධිපතිධුරයට පත්වු පසු සිදුකළ තුන්වැනි ප‍්‍රසිද්ධ කථාව මෙයයි. අනුරාධපුරයේ දිවිරුම්දිමේ උත්සවයේදී සිදුකල කථාව හා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් කල කතාව එකම දිසාවකට ගමන් කළ අදහස් දැක්වීමක් බඳුයග ගෝඨාභය එම කථා දෙකෙහිදීම කියා සිටියේ තමන් බහුතර සිංහල ජනතාවගේ ඡුන්දයෙන් බලයට පත්වු බවත් තව දුරටත් රජුන් තනන්නන්ට ඉඩක් නොමැති බවත්ය. වෙනත් අර්ථයකින් ඔහු ප‍්‍රදර්ශණය කළේ තමන් සිංහල බෞදධ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවා විනා සුළුතර දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය නොකරන බවය.

ඔහුගේ මෙම සිංහල බෞද්ධ ජාතිවාදී කථා දෙක ගැන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල වශයෙන් ආන්දෝලනයකට ලක්වු බව නොරහසකි. ධනපති දේශපාලඥයෙකු වශයෙන් තවමත් ආධුනිකයෙකු වන ගෝඨාභය මාස තුනක් ගෙවීයන වට දේශපාලඥයෙකු මෙන් සිතීම ආරම්භ කර ඇති බව ඔහුගේ නිදහස් දින කථාවේ අර්ථයයි. එ් අනුව ගෝඨාභය නිදහස් දින කථාව කරුණු ගනනාවක් ඉලක්ක කරගෙන පැවැත්වූ කථාවක් ලෙස පෙනේ. එ් අතර සරල ඇදුමකින් සැරසි සිටියද එම ඇදුමේ තමාගේ හමුදා පදක්කම් පැළද නිදහස් දින උත්සවයට පැමිණීම ඔහුගේ සිත තුල තිබෙන අනාගත මිලිෙටිරිවාදී පාලනයක ස්වභාවය ප‍්‍රදර්ශණය කිරීමක් බවද තේරුම්ගත යුතුය. ඔහු හමුදාවෙන් මීට වසර 30කට පෙර ඉවත්ව රටහැර ගොස් ඇමරිකාවේ පුරවැසියෙකු බවට පත්වන විට ඔහුගේ නිල තනතුර වුයේ ලූතිනන් කර්නල් නිලයේය. එය හමුදාවෙන් විශ‍්‍රාම යෑමෙන් පසු නැවත භාවිතා කිරීමට තරම් උසස් නිලයක් නොවන නමුදු ඔහු එම හමුදා පද්කම් නැවත පැළදඑ්ම හිට්ලර් මාදිලියේ පාලනයක් ඉල්ලූ අයගේ උවමනාව පෙන්නුම් කිරීමක් වැනිය.

ගෝඨාභයගේ මිශ‍්‍ර හැසිරීමත් පෙන්නුම් කළ නිදහස් දින උත්සවයේදී ඔහු ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරිම නතර කරනු ලැබීම එක් පැත්තකින් කැපී පෙනේ. එ් සිංහල බෞද්ධ අන්තවාදින් පිනවීම සඳහා අනෙක් පැත්තෙන් ඔහු ප‍්‍රකාශ කලේ සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත්වීමට අයිතිය ඇති බවත් ස්වාධින මත දැරීමට හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන අතර ඕනෑම පුරවැසියෙකුට තමන් කැමැති ආගමක් ඇදහීමට තිබෙන අයිතියට ගරු කරන බවද ප‍්‍රකාශ කෙරින. එ් අනුව සිංහල බෞද්ධ බල ව්‍යුහයේ හිරකරුවෙකුවිම තමන්ට කළ නොහැකි බව හා ඔහු රටේ සියලූ ජාත’න්ගේ නායකයා බව පෙන්වීමේ අවශ්‍යතාවය ඔහුට තිබුන බව පෙනේ. විශේෂයෙන් එළඹෙන මාර්තු මාසයේදී ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ලංකාව 2015දී සම අනුග‍්‍රහය මත සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් මුහුණදිමට තම ආණ්ඩුවට සිදුවන බව ගෝඨාභයගේ නිිදහස් දින බල්ටි කරණමට හේතුවුවා විය හැකිය.

මෙම කතාවට පෙර පාර්ලිමේන්තුව අමතා සිදුකළ රාජාසන කථාවේ සිට ඔහු දිගටම අවධාරණය කරන ශක්තිමත් විධායකයක් ව්‍යාවස්ථාදායක් සහ ස්වාධින අධිකරණයක අවශ්‍යතාවය මෙහිදිද දැඩිව අවධාරණය කරන ලදී. ගෝඨාභය තවදුරටත් කියා සිටියේ රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කිරිමට තමන් කැපවී සිටින බවය. එ් ස`දහා නිති සම්පාදකයින් හා අධිකරණයද රාජ්‍ය නිලධාරීන්ද තමන්ට බාදා නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය මෙම ප‍්‍රකාශය ඔහු විසින් කරන ලද බරපතල අනතුරු ඇඟවීමක් මෙන්ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය නොතකා කටයුතු කිරිමට සිදුවන බවට කරන ලද ඇඟවීමක්ද වෙයිග ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක බලය පදනම්ව ඇත්තේ විධායකය ව්‍යවස්ථාදයකය හා අධිකරණය යන මුලික බල කේන්ද්‍ර තුනක් පදනම්වය. නිති සැකසීමේ බලය කි‍්‍රයාත්මක වනුයේ පාර්ලිමේන්තුව හරහාය. විධායකය පාර්ලිමේන්තුව සකස් කරන නිති කි‍්‍රයාත්මක කිරීමේ කොටස් කරුවෙකු පමණීග දිගින් දිගටම ව්‍යවස්ථාදායකට හා අධිකරණයට තම කි‍්‍රයාවන් සඳහා ඇගිලි නොගසන ලෙස ඔහු කරන ඉල්ලීම ඉතා භයානක එකකි. විධායකය රටේ පවතින ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුව නොතකා කටයුතු කිරිමට ගොස් විශාල අර්බුදයක් රටතුළ නිර්මාණය කිරිමේ ඉතාම මැත උදාහරණය 2018 ඔක්තෝම්බරයේදී හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ කි‍්‍රයාවයිග අධිකරණය මැදිහත්ව එම අනීතික කි‍්‍රයාවලිය ආපසු හැරවීමට කටයුතු නොකලේ නම් රටතුළ අතිවිශාල අරාජිකත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබුණි. විප්ලවවාදීන් හැටියට අපට ධනපති පාලනය තුළ මතුවු අරාජිකත්වය තුළ සාර්ථකව මැදිහත්වීමට නොහැකිවීමට හේතුවූ කාරණා කවරේද යන්න මෙයට පෙර අපි සාකච්ජා කළෙමු. ජනාධිපතිවරයා මහජන ඡුන්දයෙන් පත්වන නියෝජිතයෙකු වුවද ඔහු ජනතා පරමාධිප්‍යයේ එක් කොටසක් පමණක් බව තේරුම් ගත යුතුයග ගෝඨාභය මේ උත්සාහ කරන්නේ එම තත්වය අභිබවා යෑමට දරණ උත්සාහයක් ලෙස තේරුම් ගත යුතුය. රටේ රාජ්‍ය සේවය පවතින්නේ ඉතා අකාර්යක්ෂම භාවයක් තුළ බව සියලූ දෙනාම දන්නා කරුණකි. එය නිසි කළමණාකරණයකට ඇතුලත් කිරීම කුණුවී තිබෙන ධනේෂ්වර පාලනයට කළ නොහැකිය. එ් වෙනුවට ඔහු කරන්නේ රාජ්‍ය සේවයට තරවටු කිරීම වන අතර එවැනි අයිතියක් ඔහුට නොමැතිය.

පළමු මාස 3ක කාලය පෙන්නුම් කරන්නේ ගෝඨාභයගේ පාලනය ජනතා උවමනාවන් ඉටු කිරිමට අසමත්වු පාලනයක් ලෙසය. කඩාපනින හමුදාවක් ලෙස ආයතන කීපයකට කඩා පැන සිදුකළ හදිසි මෙහෙයුම් වලින් බරපතල වෙනසක් එම ආයතන තුළ සිදු කිරීමට ඔහු අසමත්විය. හොඳම උදාහරණය සහල් මිල පහත දැමිමට ඔහු අසමත්වීමෙන් පෙන්නුම් කෙරින. ගෝඨාභයගේ නිදහස් දින කථාව මිශ‍්‍ර අර්ථයන් දිය හැකි කථාවකිග එම කථාවෙන් පෙන්නුම් කරන්නේ ගෝඨාභයගේ පාලනයේ අනාගත දිසානතිය විය හැකිය. එය ඉතා ඉවසිමෙන් සැලසුම් සහගතව සිදු කළ එකක් බව පෙනේ. එම කථාවේ මතුපිට ප‍්‍රදර්ශණය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී බාවය හා සියලූ ජාති හා ආගමික නිදහස මෙන්ම ලිවීමේ කියවීමේ නිදහස යන කරුණුවලට යටින් ගලායන දැඩි පාලනයක් ස්ථාපිත කිරීමේ උවමනාව දැකිය හැකිය. ගෝලීය ධනවාදී නව ලිබරල් ආර්ථීක වැඩ පිළිවෙල කි‍්‍රයාවට දැමිමට හා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වැනි විදේශික ගිවිසුම් අත්සන් කරමින් යන ගමනට ගෝඨාභය සුදානම් විම නිදහස් දින කථාවේ සැබෑ අර්ථයයි. එ් සඳහා හමුදාව හා පොලීසිය මත පදනම්වූ දැඩි එ්කාධිපති ස්වරූපයේ පාලනයක් ගොඩනැගීමට ඔහුගේ අරමුණවී තිබෙන බව පැහැදිලිය. උතුරේ දෙමළ ජනතාවගේ අරගලය සමතලා කර දැමීමද දකුණේ කම්කරු පංතිය ගොවි ජනතාව හා ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනයන අරගල කෲර ලෙස මර්ධනය කිරීමද ගෝඨාභයගේ අනාගත පාලනයේ හැඩරුව වනු ඇත. එක්සත් ජාතික පක්ෂයට මෙම තත්වයට එරෙහිව ජනතාවට නායකත්වයක්දීමේ සැබෑ උවමනාවක් නොමැත්තේ ගෝඨාභයගේ නව ලිබරල්වාදි වැඩ පිළිවෙලට ඔවුන්ගේ අනුමැතිය ඇති නිසාය. එම තත්වය තුළ වම හා කම්කරු පංතිය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව ස්වාධීන වැඩ පිළිවෙලක් මත සංවිධානගත කිරීමට එක්වන ලෙස එක්සත් සමාජවාදී පක්ෂය පංති සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටී.




Meeting of Jaffna 25th






ගෝඨාගේ අපේක්ෂකත්වය ම්ලේච්ජත්වයේ නියෝජනයක්

පොහොට්ටු පක්ෂය (එහි සැබෑ නම රාජපක්ෂ සහෝදර සමාගම විය යුතුය) අගෝස්තු 11 දින සිය පක්ෂයේ ජනාධපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබීයග මෙය රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ අන්ත බංකොලොත්භාවය ප්‍රදර්ශණය කිරීමකි. කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති හමුදා නිලධාරියෙකු අපේක්ෂකයා කිරීමෙන් එය පෙන්නුම් කෙරේ. 2010 ජනාධිපතිවරණයේදී සරත් පොන්සේකා ජනාධිපති අපේක්ෂකයා වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන තර්කය වූයේ පොන්සේකා දේශපාලනය නොදන්නා අයෙකු බවය. එසේ නම් ගෝටාභය, පොන්සේකාගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මහින්ද පැහැදිලි කළ යුතුව ඇත .

ගෝඨාභය ආරක්ෂක ලේකම් ධුරය දරණ කාලයේ රාජ්‍ය මුදල් ප්‍රසිද්ධියේ අවභාවිතා කරන ලද අතර ඒ සම්බන්දයෙන් අධිකරණය ඉදිරියේ විභාග වෙන නඩුවක්ද තිබේ නගර අලංකාරය වැනි විජ්ජාවන් ඔහු සිදු කලේ හමුදා බල ඇනි යොදවා අසරණ පදික වෙළදුන් හා පීඩිත ජන කොටස් වලට තිරිසනුන් ලෙස සලකමිනි. ගෝඨාභය ජනතාව කෙරෙහි විශ්වාසය තබා කටයුතු නොකරන කෙනෙකු වන අතර හමුදාව මුලිකත්වයට ගෙන කටයුතු කරන පොල්පොට් මාදිලියේ පුද්ගලයෙකු බව ඔහුගේ මෑත ක්‍රියාකාරීත්වය තුළින් පෙන්වාදී ඇතග ඔහුට නාමයෝජනා ලැබීම සමග ඔහුගේ ආරක්ෂාව සඳහා විශ්‍රාමික හමුදා භටයින් විශාල ප්‍රමාණයක් යොදවා ගැනීම ඔහුගේ දැඩි මිලිටේරිවාදී ආකල්පය මැනවින් පෙන්නුම් කිරීමකි.

රට මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ගොඩඒම සඳහා කිසිදු වැඩ පිළිවෙලක් නොමැති ඔහු දරදඩු පාලනයක් තුළින් සමාජය පිළිසකර කළ හැකිය යන ප්‍රෝඩාවක් ඉදරිපත් කරයිග දෙමළ ජනතාව මුහුන දෙන ජාතික ප්‍රශ්ණය කිසිදු අවබෝධයක් නොමැති අතර ඔහුට ඇත්තේ මිලිටේරි පන්නයේ යාන්ත්‍රික විසඳුම්ය. උතුරේ දෙමළ ජනතාව හමුදාබලයට යටත් කර වහලුන් බවට පත්කිරිම ඔහුට තිබෙන එකම වැඩ පිළිවෙල බව පැහැදිලිය.

මුස්ලිම් ජනතාව ගැන තිබෙන්නේ ඊටත් එහාට යන වෛරී දේශපාලන මතවාදයකි. 2014 වසරේ බොදුබල සේනා හා ඥනසාර හිමිගේ නායකත්වයෙන් අලුත්ගම දර්ගා නගරයේ සිදුකල මුස්ලිම් විරෝධී කැරැල්ල පිටුපස ගෝඨාභයගේ දැත් තිබූ බව ප්‍රසිද්ධ රහසකි. අද වනවිට රටපුරා උග්‍රව පවතින මුස්ලිම් විරෝධය ගෝඨාභයගේ කාලයේ නිර්මාණය කරන ලද්දකි. අස්ගිරි පාර්හ්වයේ අනුනාහිමි වෙඩරුවේ උපාලි හිමි ප්‍රකාශ කල පරිදි ගෝඨාභයගේ නායකත්වයෙන් බිහි කිරීමට බලාපොරොත්තු වන්නේ හිට්ලර් පන්නයේ මිනීමරු ම්ලේච්ජ පාලනයකි.
මේ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභයට සුදුසුකම් කීපයක් ඇති බවය. එනම් සුදුවෑන් සංස්කෘතියක් බිහිකර හිතුමතේ විරුද්ධවාදීන් ඝාතනය කිරීමයල නගර අලංකාරය නාමයෙන් පරම්පරා ගනනාවක් කොළඹ නගරයේ ජීවත්වූ අසරණ ජනතාව මිලිටේරි බලයෙන් බලහත්කාරයෙන් එලවා දැමිමය. පාර්ලිමේන්තුවට හා ඇමති මණ්ඩලයට පවා නොදන්වා ආරක්ෂක ලේකම් බලතල යොදාගෙන ඇමරිකාව සමග අතිභයානක ACSA නමින්වූ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමය. ලසන්ත හා එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් හා වසිම් තාජුඩීන් වැනි ක්‍රීඩකයින් මහමග මරාදමා අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට අවශ්‍ය ඉඩකඩ සැපයීමය.

මෙවැනි සුදුසුකම් වලට හිමිකම් කියන ගෝඨාභය ආරක්ෂක ලේකම්ධුරය දරණ කාලයේ දිගින් දගටම ප්‍රකාශ කලේ තමන් කිසිදිනක මේ රටේ ජරා දේශපාලනය කිරීමට ඉදිරිපත් නොවන බවය. මෙවැනි හිවල් ප්‍රකාශ කරන අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත්විම රටේ අභාග්‍යයකි. එසේම ගෝඨාභය විසින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පමණින් ඔහුගේ ඇමරිකන් ගැතිබාවය වෙනස් නොවන බව ජනතාවට අනතුරු ඇඟවිය යුතුයග ඔහු ඉතා දැඩි ඇමරිකන් හිතවාදියෙකු වන අතර හිට්ලර් පන්නයේ දඩබ්බර හා හිතුවක්කාර ප්‍රජාතන්ත්‍රවාදය නොරිස්සන පුද්ගලයෙකු බව අවධාරණය කළ යුතුය. 
මෙවැනි ඉතිහාසයක් සහිත පුද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකධුරය හිමි කිරිම මහින්ද රාජපක්ෂලාගේ අනාගත දේශපාලන උවමනාව මැනවින් ප්‍රදර්ශණය වී ඇත.

එක්සත් සමාජවාදී පක්ෂය












එක්සත් සමාජවාදී පක්ෂයේ වෙබ් අඩවිය පසුගිය මාස 2ට ආසන්න කාලයක් තුළ නොවැලැක්විය හැකි කාර්මික දෝෂයක් නිසා අකී‍්‍රයව පැවතී බව සහෝදරත්වයෙන් දන්වා සිටිමු





Telecom press meetting


ටෙලිකොම් මෑන්පවර් සේවක අරගලයේදී අතුරුදහන් කර ඇති පිරියන්ත සහෝදරයා වහාම නිදහස් කරන රජයට බලකරමින් අද දින CSRහිදී පැවැත්වූ මාද්ධ්‍ය සාකච්ජාවට සහභාගිවූවන්

CIMG2136 CIMG2132




Trotsky


118-5




Against SAITM


පෞද්ගලික වෛද්ධ විද්ධාල විරෝධී මද්ධස්ථානය සංවිධානය කළ “සයිටම් එපා” ජුලි 12දින හයිඩ්ෆාක් පැවැති රැළිය.