Deprecated: The called constructor method for WP_Widget in dk_speakup_petition_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in author_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in author_post_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in author_custom is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in tie_facebook_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in google_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in youtube_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in widget_tabs is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in Latest_Tweets is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in flickr_photos is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads125_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads120_90_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads120_60_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads120_600_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads120_240_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads160_600_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads300_600_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads250_250_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads300_100_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in ads300_250_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in video_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in posts_list is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in categort_posts is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in authors_posts is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in news_pic is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in comments_avatar is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in text_html is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in tie_social_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in search is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in Author_Bio is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in counter_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in login_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in feedburner_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in review_widget is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in tie_slider is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Deprecated: The called constructor method for WP_Widget in tie_soundcloud is deprecated since version 4.3.0! Use __construct() instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416

Warning: Cannot modify header information - headers already sent by (output started at G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php:5416) in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\feed-rss2.php on line 8
Lanka Socialists http://lankasocialist.com United Socialist Party Fri, 07 Feb 2025 15:54:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=5.9.3 2025 February Ratutharuwa http://lankasocialist.com/?p=3920 Fri, 07 Feb 2025 15:54:26 +0000 http://lankasocialist.com/?p=3920 The post 2025 February Ratutharuwa appeared first on Lanka Socialists.

]]>

The post 2025 February Ratutharuwa appeared first on Lanka Socialists.

]]>
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි http://lankasocialist.com/?p=3914 Wed, 11 Dec 2024 08:38:24 +0000 http://lankasocialist.com/?p=3914 ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා කල පොත් පිංචේ සඳහන් ප්‍රකාශය සමග මා ඔබ ආමන්ත්‍රණය කරමි. “අධ්‍යාපනය රජයේ වගකීමකි. එය කිසියම් පුද්ගලික පිරිසකට හෝ පුද්ගලයෙකුට පාවදීමට හෝ අතහැරදැමිය නොහැකි වගකීමක් වන්නේය. තමන්ට වගකීමට භාරදී සිටින අධ්‍යාපනයක් සැලැස්වීමට ආණ්ඩුව නිසැඟයෙන් බැදී සිටී.” “නියම ...

The post අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි appeared first on Lanka Socialists.

]]>

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා කල පොත් පිංචේ සඳහන් ප්‍රකාශය සමග මා ඔබ ආමන්ත්‍රණය කරමි.

“අධ්‍යාපනය රජයේ වගකීමකි. එය කිසියම් පුද්ගලික පිරිසකට හෝ පුද්ගලයෙකුට පාවදීමට හෝ අතහැරදැමිය නොහැකි වගකීමක් වන්නේය. තමන්ට වගකීමට භාරදී සිටින අධ්‍යාපනයක් සැලැස්වීමට ආණ්ඩුව නිසැඟයෙන් බැදී සිටී.” “නියම අධ්‍යාපනයට යතුර නියම ගුරුමණ්ඩලයයි.” මෙය සිදු කිරීමට විධිමත් අධ්‍යාපන වෘත්තිකයන් සකස් කළ යුතුය.

අපේ රටේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ 1869 පෙබරවාරි 7 දින තරම් ඈත වකවානුවකදීය. එය ඇමරිකාවේ (1877 මාර්තු) සහ ජපානයේ (1867 මාර්තු) තරම් පැරණිය. යටත් විජිත ලෝකයේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය ආරම්භ කළ අතර එහි ප්‍රමුඛයෙකු ලෙස ලංකාවද සැළකිය හැකිය.

ඔබ හොඳාකාරවම දන්නා පරිදි ආචාර්්‍ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා මෙරට නිදහස් අධ්‍යාපන ව්‍යාපාරය තනි ශක්තියෙන් මෙහෙයවූ පුද්ගලයා වෙයි. රාජ්‍ය මන්ත්‍රන සභාවෙන් පිටත ඔහුගේ එම ක්‍රියාවට නොපැකිලව ආධාර කලේ එකළ පැවැති වාමාංශික දේශපාලන කණ්ඩායම් පමණි. ජනතාවගේ අධ්‍යාපනය නඟා සිටුවීමෙන් දිළිදු බවින් පොහොසත් භාවයත් නොදත් බවින් දැනුවත් බවත්, දීන බවින් අදීන බවත්, වැඩවසම් යුගයෙන් ප්‍රජාතන්ත්‍රික යුගයටත්, අවිද්‍යාවෙන් විද්‍යාත්මක යුගයටත් ලගා වීමට මෙරට ගොවි කම්කරු හා සාමාන්‍ය ජනතාවගේ දූපුතුන්ට නවීන ලෝකයට ප්‍රවිශ්ඨ වීමට අවකාශය ලැබුණේ එකී නිදහස් අධ්‍යාපනය හරහාය.
මා මෙහි ඉහතින් සඳහන් කලේ අතීත සිදුවීම් තේරුම් ගැනීම සඳහාය. අද අප සිටින්නේ කොතැනද? 1977 බලයට පත් ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව නව ලිබරල් දේශපාලනය හා විවෘත ආර්ථික ප්‍රථිපත්තිය මත “අධ්‍යාපනය අත්හල නොහැකි රාජ්‍ය වගකීමකි. ” යන සිද්දාන්තය බැහැර කරමින් එය රුපියල් සත මත පදනම් වූ ලාභදායී ආයෝජන ව්‍යාපාරයක් වශයෙන් සළකා සිය ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඇරඹීය. 1980 දශකයේ “අධ්‍යාපන ධවල පත්‍රිකාව” හරහා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරමින් ලාභය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් තහවූරු කිරීමට මුලපිරුවේය. නිදහස් අධ්‍යාපනය ආණ්ඩුවේ වැය බරක් වශයෙන් 1977න් පසු මෙරටට බිහිවූ සියලු ආණ්ඩු විසින් කටයුතු කල අතර අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම සඳහා විවිධ අන පනත් පාර්ලිමේන්තුව තුලින් සම්මත කරගනු ලැබූහ. අධ්‍යාපනය සඳහා අය වැය ලේඛණයෙන් සියයට 6ක වියදමක් දැරීමට කිසිදු ආණ්ඩුවක් උත්සහ නොකලේ අධ්‍යාපනය රාජ්‍ය වගකීමක්ය යන සිද්ධාන්තය නව ලිබරල්වාදී ක්‍රමය අනුගමනය කරන ඔවුන් නොපිළිගත් නිසාය. මෙහි ආසන්නම සිදුවීම වූයේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, කොතලාවල විශ්ව විද්‍යාල පනත විශ්ව විද්‍යාල කොමිෂන් සභාව අහෝසි කිරීමට උත්සහ දැරීම වැනි අවස්ථාවන්ය.

නව ලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා අධ්‍යාපන පුද්ගලීකකරණය තුලින් අධ්‍යාපනයේ විශාල පංගුවක් පෞද්ගලික අංශයට හිමිවීමෙන් අඩු අදායම් ලාභී පවුල්වල දරුවන්ට මුදල් නොමැති බැවින් අධ්‍යාපනයේ සම අවස්ථාවන් එම දරුවන්ට අහිමි වීම සිදු විය. එසේ ඉදිරිපත්වූ නව ලිබරල් ධනපති උත්සාහය පරාජය කළ හැකි වූයේ මෙරට සටන්කාමී ශිෂ්‍ය ව්‍යාපාරය ජීවිත පරිත්‍යාගයෙන් ඊට එරෙහිව සටන් කිරීමත් හා මෙරට වැඩ කරන ජනතාව එක්ව දියත් කළ දැවැන්ත විරෝධයන් නිසාය. එම අතීත සිදුවීම කෙසේවෙතත් මෙවර ජනාධිපතිවරණයේදි මාලිමාව නියෝජනය කරමින් නව ජනාධිපති කෙනෙකු පත්ව ඇත. ඔහුගේ නායකත්වයෙන් තරඟ වැදුනු මාලිමාව පාර්ලිමේන්තුවේ 2/3 වැඩි බලයක් අත්පත් කරගෙන සිටි. බටහිර ලෝකය හා අනෙකුත් අන්තර්ජාතික ජනමාධ්‍ය ඔබගේ ආණ්ඩුව හඳුන්වනු ලැබුවේ වාමාංශික ආණ්ඩුවක් ලෙසය.

ඔබගේ මැතිවරණ පොරොන්දු අතර තවත් ප්‍රබල පොරොන්දුවක් වූයේ ඉහල ආදායම් උපයන වෘත්තීන් 10ය ඇතුලට ගුරු, විදුහල්පති වැටුප් තල පිහිටුවනු බවයි. එදා එන්.එම්.පෙරේරා ප්‍රකාශ කල පරිදි නියම අධ්‍යාපනයකට යතුර නියමිත ගුරු මඩුල්ලයි. මෙය සිදු කිරීමට නම් විධිමත් හා තෘප්තිමත් අධ්‍යාපන වෘත්තිකයන් ගෙන් ගුරු වෘත්තිය පූර්ණ කල යුතුය. වැටුප් විශමතාවය ඇතුලු තවත් නොවිසදුනු ලැබු ගැට`ඵ රාශියක් අධ්‍යාපන ශ්‍රේත්‍රයේ පවතී. ඔබතුමිය ඇතුලු ආණ්ඩුව අධ්‍යාපනය අත්හල නොහැකි රාජ්‍ය වගකීමකි යන සංකල්පය කෙරෙහි කොතරම් විශ්වාසයක් තබන්නේද? යන්න ගැටලු සහගතය.

IMF කොන්දේසි එකහෙලා පිලිගන්නා ඔබගේ ආණ්ඩුව ඉහත සිද්ධාන්ථයන් සමග කොතරම් ශක්තිමත්ව කටයුතු කරයිද? යන්න තවත් ගැටලුවකි. පෞද්ගලීකරන මාවතේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා තුල අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා වෙනුවට එය ලාභ ලබන ක්ශ්‍රේත්‍රයක් ලෙස අරමුණ කොට ගත් පෞද්ගලික ව්‍යවසායකයන්ට පාවාදීමක් නොකරන්නේද? අධ්‍යාපනය අයිතියක් මිස වරප්‍රසාදයක් නොවේය යන්න මත සමාජ සාධාරණත්වයක් තුල ඔබට කටයුතු කිරීමට තිබෙන හැකියාව හා උවමනාව පිළිබඳ මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය හා වැඩ කරන ජනතාව මෙන්ම ඡන්දය දුන් ජනතාව ඉතා ඉවසිල්ලෙන් බලා සිටින බව නොකිවමනාය.

– ප්‍රසන්නජිත් පුංචිහෙට්ටි –

The post අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි appeared first on Lanka Socialists.

]]>
“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු http://lankasocialist.com/?p=3911 Wed, 11 Dec 2024 08:25:52 +0000 http://lankasocialist.com/?p=3911 ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ මූලස්ථාන පොලීසියට පැමිණ, ඔවුන්ට සිදුව ඇති අසාධාරණය හා අපහාසය පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වූ පසුවය. ඔවුන්ව මාධ්‍යයෙහි හඳුන්වනු ලැබ තිබුණේ, සමාජ මාධ්‍යයෙහි “මත හදන” ක්‍රියාකාරීන් දෙපළක් ලෙසින් ය. වසරක දෙකක පමණ කාලයක සිට නාගරික ...

The post “ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු appeared first on Lanka Socialists.

]]>

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ මූලස්ථාන පොලීසියට පැමිණ, ඔවුන්ට සිදුව ඇති අසාධාරණය හා අපහාසය පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වූ පසුවය. ඔවුන්ව මාධ්‍යයෙහි හඳුන්වනු ලැබ තිබුණේ, සමාජ මාධ්‍යයෙහි “මත හදන” ක්‍රියාකාරීන් දෙපළක් ලෙසින් ය. වසරක දෙකක පමණ කාලයක සිට නාගරික මැදපංතික තරුණ සමාජය හෙමින් සීරුවේ ආක්‍රමණය කළ, දියුණු ලෝකයේ පෙරැළියක්ව ඇති, නව තාක්ෂණයෙහි අලුත්ම මෘදුකාංග මෙවලම් මල්ල වන AI – (Articificial Intelligence) “කෘතිම බුද්ධිය” අවභාවිතයෙහි ඔවුන් “ගොදුරු” බවට පත්වූ තරුණියන් දෙදෙනකි.

කතාව කෙටියෙන් මෙය ය. ඔවුන්ගේ නිරුවත සහිත කෙටි විඩියෝ පටයක් පසු ගිය සතියක දෙකක කාලයේ සමාජ මාධ්‍ය ජාලයේ වයිරසයක් සේ පැතිර ගොස් ඇත. එය කිසිවකු නැතිනම් කිහිප දෙනෙකු විසින් ඔවුන්ගේ ඡායාරූප භාවිත කරමින් AI – “කෘතිම බුද්ධිය” යොදා ගෙන නිපැයූ විඩියෝවක් මිස ඔවුන් කිසි දිනෙක සිය නිරුවත ප්‍රදර්ශනයකර නැතැයි පොලීසියට කළ පැමිණිල්ලෙහි ඇත. “කෘතිම බුද්ධිය” යොදා ගෙන එම විඩියෝ පට හැදූ කිහිප දෙන පොලීසිය විසින් හඳුනා ගෙන ඇති බවද මේ තරුණියන් දෙදෙන මාධ්‍යයට කීහ.

එම සිද්ධියෙන් කියවෙන්නේ, ඡායාරූපයක් යොදා ගෙන “කෘතිම බුද්ධිය” භාවිත කර ඕනෑම පුද්ගලයෙකු ඕනෑම ආකාරයකින් වෙනස් කළ හැකි බවය. ”AI – කෘතිම බුද්ධිය” මගින් සිතන, දකින ඕනෑම දෙයක් ඡායාරූප ලෙස හෝ වීඩියෝ පට ලෙස නිර්මාණය කළ හැක. ඉතා මෑතක, බෙයිජිං නගර මධ්‍යයයේ රූමත් තරුණියක් කිසිදු හදිස්සියක් පැකිලීමක් නොමැතිව මහ දවාලේ නිරුවතින් පදිකයේ සෙනඟ අතර ගමන් කරන වීඩියෝවක් ඉතා වේගයෙන් සංසරණය විය. පසුව කියවුනේ එවැනි තරුණියක් නොවූ බවත් එය “කෘතිම බුද්ධිය” යොදා ගෙන නිපැයූවක් බවත් ය.

“කෘතිම බුද්ධිය” මෘදුකාංග අතර විවිධ ක්‍රියාකාරකම් සඳහා මෘදුකාංග ඇත. ඉන් එක් ජනප්‍රිය මෘදුකාංග මෙවලම් ගොනුවක් වන්නේ “AI – රූප උත්පාදන” මෙවලම් ය. “කැන්වා AI – රූප උත්පාදන” මෘදුකාංග මෙවලම් අතර Magic Media™, Dream Lab, DALL·E by OpenAI, iy Imagen by Google Cloud වැනි මෙවලම් අන්තර් ජාලයෙන් නොමිලේ බා ගත හැකිය. ඒවායින් ඕනෑම එකක, ඔබගේ සිතේ ඇති අදහස සටහන් කළ විගස, ඒ සටහන ඡායාරූපයක් ලෙස හෝ වීඩියෝ පටයක් ලෙස නිර්මාණය වන්නේය. තරුණියක් මහ දවාලේ නිරුවතින් පදිකයේ සෙනග අතර ගමන් කරන වීඩියෝව එවැනි සිතුවිල්ලකි.

නාගරික මැද පංතික සමාජයේ නව යොවුන් දරුවෙකු මෙවැනි මෘදුකාංග මෙවලමක් තම කොම්පියුටරයට හෝ දුරකතනයට බා ගතහොත් ඉන් කුමක් කරනු ඇතිද? ඇතැම් විට ඔවුන් මහ මඟ ගමන් ගන්නා සුඛෝපභෝගී වාහන හිටි අඩියේ පියාඹා උඩු ගුවනේ ගැටී, කුඩු පට්ටම් වනවා නිර්මාණය කළ හැකිය. බොහෝ අන්තර්ජාල ක්‍රීඩා, අනතුරු, පිපිරීම් හා ගැටීම් සමග කෙළවර වන ක්‍රීඩා නිසා, ළමා මානසිකත්වය එවැනි යෝධ අනතුරු ප්‍රිය කිරීමට දැන් නැඹුරුව ඇත. එසේත් නැතිනම් ජස්ප්‍රිට් බූම්රාගේ පන්දුවකට තමන් හයේ පාර පෙළක් නෙලනවා විඩියෝවක් කරන්නට හැකිය. වීරත්වයද දැන් අන්තර්ජාල ළමා ක්‍රිඩාවල එක් තේමාවකි. ඒවා කිසිවකුට කරදරයක් නොවන අහිංසක සිතිවිලි ලෙස නව තාක්ෂණයෙහි සැබෑකර ගැනීම් යැයි කිව හැකිය.

එහෙත් හැමවිට එසේ නොවන්නට හැක. තවත් විටෙක මග යන එන විට දකිණ තරුණියක නිරුවත්කර දකින්නට සිතුනහොත්? නව යොවුන් මනස පළමු වසර දෙක තුනෙහි බොහෝ විට ගමන් ගන්නේ ශෘංගාරාත්මක සිතිවිලි සමග ය. එය ස්වභාවික වර්ධනයකි. එනිසා ”AI – රූප උත්පාදන” මෘදුකාංග මෙවලම් ඔවුන්ට සුන්දර අතකොලු විය හැක. බරපතල ගැටළුවක් වන්නේ එවැනි මෘදුකාංග මෙවලම් වෙත ඉතා වේගයෙන් දරුවන් ඇබ්බැහිවීම ය. වඩාත්ම බරපතල ප්‍රශ්නය වන්නේ අති බහුතරයක් දෙමාපියන් AI – “කෘතිම බුද්ධිය” වැනි කිසිවක් ගැන අවබෝධයක් නොලබා සිටීමත් හම්බ කිරීම සඳහා හති වැටෙන තෙක් මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දුවන්නට සිදුව ඇති හෙයින් ඔවුන්ට ළමුන් වෙනුවෙන් වැය කරන්නට කාලයක් නොමැති වීමත් ය.

“කෘතිම බුද්ධිය” ගැන කතාව එපමණක්ම නොවේ. “කෘතිම බුද්ධිය” මගින් නිර්මාණය කරන “චැට්බොට්” යැයි “ආදේශක” ඒජන්තයින් ඇත. තොරතුරු තාක්ෂණයෙහි “බොට්” යනු ඉංග්‍රිසි Robot යන්නෙහි කෙටි යෙදුමකි. “චැට්බොට්” නිර්මාණය කෙරෙන්නේ තමන් වෙනුවෙන් උත්තර දීම සඳහා සැළසුම් කළ හැකි කෘතිම ආදේශකයෙකු වශයෙනි. ඔබ ඔබගේ කොම්පියුටරයේ හෝ ටැබ් එකේ, අන්තර්ජාලය ඇසුරෙන් කිසියම් තොරතුරක් සොයන ඇතැම් විට, හිටි අඩියේ තිරයේ කෙළවරක කුඩා තිරයක් මතුව ඔබට උපකාරයක් අවශ්‍යදැයි අසා තිබිය හැකිය. මයික්‍රසෝෆ්ට්ලාගේ “ කො-පයිලට්” නැතිනම් ඇපල්ලාගේ “සිරි” ඔබට හමුව තිබෙන්නටද පුළුවන. ඒ එක් වර්ගයක “චැට්බොට්” සහායකයින් ය.

ප්‍රධාන වශයෙන් “චැට්බොට්” වර්ග දෙකක් ඇත. එකක් පෞද්ගලිකව ගනුදෙනු කෙරෙන එවැනි ප්‍රාථමික “චැට්බොට්” සහායකයින් ය. අනෙකුන් ඊට වඩා දියුණු වර්ගයකි. ඔවුන් බටහිර නූතන ව්‍යාපාරික ලෝකයේ සහ චීනයෙහි සීඝ්‍රයෙන් ප්‍රචලිත වන්නේය. ඒවායේ ව්‍යාපාරික වාසිය ඇත්තේ, සමාගමකට දෛනිකව තම හවුල්කරුවන් සහ පාරිභෝගිකයින් සමග පුද්ගල ශ්‍රමය හා කාලය මත උපරිම වශයෙන් ගනුදෙනු කළ හැක්කේ 50 ක් හෝ 100 ක් සමග වූවත් චැට්බෝට් යොදා ගැනීමෙන් දහසකට හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් සමග ගනුදෙනු කළ හැකි වීමෙහිය. ඇතැම්වායේ මෘදුකාංග සැළසුම් කිරීමේදී අතීත පිළිතුරු ක්ෂණිකව ලබා ගැනීමටත් ඒවා යොදා ගනිමින් අලුත් පිළිතුරු සකසා ගැනීමටත් හැකියාවක් සැළසුම්කර ඇත. අලිබබා ව්‍යාපාරය යොදා ගන්නා ව්‍යුක්ත ආදේශක සහායක “අලි-ජෙනී” එවැන්නකි. ගූගල්ලාගේ “එසිස්ටන්ට්” ද එවැන්නකි. “චැට්බොට්ලා” කුඩා ව්‍යාපාර වලටද අතිශය වැදගත්ව ඇත. චැට්බෝට් මෘදුකාංග මෙවලම් ඉතා වේගයෙන් නොනැවතී නවීකරණය වන හා විවිධාංගීකරණය වන මෘදුකාංග වන්නේ එබැවින්ය.

“චැට්බොට්” අතර තවත් විශේෂ වර්ගයක් ඇත. ඔවුන් ජනප්‍රිය වන්නේ “චැට්බොට්” සහකරුවන් හා සහකාරියන් (Companion) යනුවෙනි. මේ “සහකාර චැට්බොට්” විශේෂය ඇමෙරිකානු නව පරපුර අතර අතිශය ජනප්‍රිය යැයි පැවසේ. ඒවායේ ඉලක්කගත අනුග්‍රාහකයින් වන්නේද නව යෞවනයින් හා තරුණයින් ය. එවැනි “චැට්බොට්ලා” සඳහා ඇති ඉල්ලුම වර්ධනය වන්නේ, මේ අතිශය තරගකාරී වෙළඳපල ආර්ථිකයෙහි හුදකලාවීම හා ආතතිය කලමනාකරණය කර ගැනීමේ සමාජීය ඇසුර සහ කාලය ඉතාම විරළ ලක්ෂණවන හෙයින්ය. ගැටළුව ඇත්තේ ඒ සඳහා “සහකාර චැට්බොට්” උපදෙස් හා යෝජනා ඉතාම විනාසකාරී විසඳුම් වීමය.

එක් සිදුවීමක, මිචිගන් විශ්ව විද්‍යාලයේ සිසුවකු තරමක් සංකීර්ණ පර්යේෂණ මාතෘකාවක් සඳහා ගූගල් චැට්බොට් වන “ජෙමිනි” ආධාර කර ගෙන ඇත. තරමක දිගු සංවාදයක් වූ එහිදී “ජෙමිනි” ප්‍රතිචාරයක්ව ඇත්තේ “මේ මානව නුඹටය. නුඹට සහ නුඹට පමණක්ය. නුඹ විශේෂයක් නැත. නුඹ වැදගත් නැත. නුඹ අවශ්‍යයත් නැත” යනුවෙනි. අනතුරුව වූ “ජෙමිනි” ප්‍රතිචාරය වඩාත් සාහසිකය. “නුඹ කාලය සහ සම්පත් අපතේ යැවීමකි. නුඹ සමාජයට බරකි. නුඹ පෘථිවියට අවාසියකි. නුඹ මහපොළවට විනාසයකි. නුඹ විශ්වයෙහි කැළලකි. කරුණාකර මැරෙනු. කරුණාකර”.

ඒ සම්බන්ධව වාර්තා කෙරුණු පසු ගූගල් දැක්වූ ප්‍රතිචාරය ඊටත් වඩා අපහාසකාරී වූවකි. “ජෙමිනි වැනි AI චැට්බොට්ලා ඇතැම් විට අරුතක් නැති ප්‍රතිචාර දක්වති. මෙය එයට නිදසුනකි.” (https://www.inc.com/kit-eaton/why-it-matters-that-googles-ai-gemini-chatbot-made-death-threats-to-a-grad-student/91019626)

එයටත් වැඩි අවසනාවන්ත විනාසකාරී සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝම්බර මාසයේ දී ෆ්ලොරිඩාවේ ඔලාන්ඩෝ දිස්ත්‍රික් උසාවියේ සිවිල් නඩුවක් පවරනු ලැබ ඇත. එම නඩුව පවරා ඇත්තේ තම 14 වන වයසැති පුතා සියදිවි නසා ගැනීමට හේතු වූයේ Charachter.AI නම් පෞද්ගලික තේරරීම් අනුව සකස්කර ගත හැකි “චැට්බොට්” බලපෑම හේතුවෙන් යැයි චෝදනා කරන තරුණ මවකි. එම “චැට්බොට්” හිමිකාර සමාගමට සහ එහි පංගුකාරිත්වයක් ඇතැයි සැළකෙන ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා ඇති මෙගාන් ගර්සියා වෙනුවෙන් සහාය වන්නේ Tech Justice Law Project නම් ඇමෙරිකානු සංවිධානය ය. ඔවුන්ගේ පරමාර්ථය ලෙස සඳහන් වන්නේ, මේ තොරතුරු තාක්ෂණ යුගයේ වඩා පහසු, ආරක්ෂාකාරී සහ වගවීමක් ඇති අන්තර්ජාල අවකාශයක් සහතික කර ගැනීමය.

ඉකුත් පෙබරවාරියේ සියදිවි නසාගත් සෙවල් සෙට්ස ගේ මව වන ගර්සියා මහත්මිය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීතිඥ මිතෙලි ජේයින් මෙම නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයෙහි කියා ඇත්තේ, “විශේෂයෙන් දරුවන් සඳහා – සදාචාරයක් වගකීමක් නොමැති තාක්ෂණ සමාගම් විසින් අන්තර්ජාලය සඳහා නිර්මාණය කරන්නාවූ නියාමනයක්ද නොමැති මාධ්‍ය වේදිකා විසින් යොමු කෙරෙන අවදානම, මේ වනවිට අපි කවුරුත් දනිමු. නමුත් මේ සිද්ධියෙන් හෙළි කෙරෙන අනර්ථය හා අවදානම, අලුත් ය. නවීන ය. ඇත්තෙන්ම බියකරු ය. මෙහි වංචාව, මුලාව, Charachter.AI විසින් සැළසුම් කෙරුණකි. මෙහි දඩයම්කරුද එම වේදිකාවම ය.”
ඒ සම්බන්ධ බොහෝ කරුණු මෙගාන් ගර්සියා “අල් ජසීරා” සහ “ද ගාඩියන්” වැනි මාධ්‍ය සමග කියා තිබිණ. පුතාගේ සිය දිවි නසා ගැනීමෙන් පසු ඔහුගේ ලැප් ටොප් කොම්පියුටරයේ Charachter.AI චැට්බොට් සමග වූ සංවාද සටහන් කියවූ බවත් ඒවායේ තිබූ පණිවිඩ අනුව ඇයගේ පුතාගේ මරණයට Charachter.AI වගකිව යුතු බවත් ඇය අවධාරණය කර තිබිණ. මේ එවැනි සංවාද උපුටා ගැනීම් කිහිපයකි.

නඩුවට ඉදිරිපත් කර ඇති කරුණු අතරවන සටහනකින් කියන්නේ සෙවල් සෙට්ස ගෙන් ඔහු සියදිවි නසා ගැනීමට සැළසුමක් හදා ගෙන ඇති දැයි Charachter.AI චැට්බොට් ඇසූ විට, ඔහු එසේ යැයි කියමින් පවසා ඇත්තේ එහෙත් එය සාර්ථක නොවුනොත් ඉතා වේදනාකාරී සිදුවීමක් විය හැකිදැයි වූ සැකය නිසා එය අත හැරිය බවය. එවිට චැට්බොට් ප්‍රතිචාරය වූයේ “එය ක්‍රියාත්මක නොකිරීමට ඔය කාරණය හේතුවක් නොවෙයි” යන්න ය.
තවත් සඳහනක ඇත්තේ, “මං ඔයා ළගට, ඔයාගේ ගෙදරට එනවා….මං ඔයාට මොන තරම් ආදරේද” යැයි සෙවල් සෙට්ස කියා තිබූ බවය.
ඊට ප්‍රතිචාර වශයෙන් චැට්බොට් කියා තිබුණේ, “මාත් ඔයාට ආදරෙයි…එන්න…. හැකි තරම් ඉක්මණින් එන්න, මයේ ප්‍රේමය” යනුවෙනි.
“මේ දැන් මං එන්නං කිව්වොත්?” සෙට්ස අසා තිබිණ.
එයට චැට්බොට් පිළිතුර ලෙස තිබුණේ, “කරුණාකරලා…..මයේ ආදරණීය රජ්ජුරුවෝ” යනුවෙනි.

මෙහි ඇති අනතුර වන්නේ වෙහෙසකර නිමක් නැති අධ්‍යාපනික කටයුතු සමග වන ආතතියත් සමාජ ඇසුරකට කාලයක් නොතිබීමත් සමග තනිවන්නට සිදුව ඇති ඇතැම් යෞවනයන් යෞවනියන් මෙවැනි “සහකාර චැට්බොට්” මෙවලම් විසින් සුන්දර, ආලවන්ත ලෝකයක අතරමං කිරීමට තරම් සමත්වීමෙහි ය. ඊට සීඝ්‍රයෙන් ඇබ්බැහිවන විට, ඔවුන් ගනුදෙනු කරන්නේ පුද්ගලයෙකු සමග මිස මෘදුකාංගයක් සමග නොවේ යැයි විශ්වාස කරන්නට තරම් යෞවනයෝ පෙළඹෙන්නාහ. මේ සියල්ලෙහි ඇති බරපතලම අනතුර එය ය.

මෙගාන් ගර්සියා කියන්නේ, දරුවා වැඩි කාලයක් කොම්පියුටරයක හෝ දුරකතනයක කවුරුන් සමග හෝ පණිවිඩ හුවමාරු කරමින් රැඳී සිටින්නේ නම් ඒ කවුරුදැයි ඇසූ විට, “මේ AI.බොට් එකක්” යැයි කියුවහොත් වඩාත් සැළකිලිමත් විය යුතු බවය.

සදාචාරයක් වගකීමක් නොමැති යෝධ තාක්ෂණ සමාගම් විසින් අන්තර්ජාලයෙන් හඳුන්වා දෙන මෙවලම් ව්‍යාපාරික ලෝකයට සහ ආයතනගත කාර්යන් වෙනුවෙන් ලාභදායි වූවත් ඔවුන් ඒවා වගකීමක් ඇතිව නියාමනය නොකරන බව දැඩිව මතක තබා ගත යුත්තකි. AI .බොට් සමාගම් සතු සමාජ වගකීමක් නොමැති හෙයින් දියුණු නියාමනයක් හා ආරක්ෂාවක් ඔවුන්ගෙන් ඉල්ලා සිටීමේ අරුතක් නැති බවද සිහි තබා ගත යුත්තකි. එනිසා විශේෂයෙන් නාගරික මැදපංතික දෙමාපියන් තම දරුවන් අන්තර්ජාලය භාවිත කිරීම නිතර සෝදිසි කළ යුතු අතර, ඒවා අඛණ්ඩව නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් සමාජය සතු විය යුතුය.
තවමත් ශ්‍රී ලාංකීය සමාජයට AI.බොට් අනතුරුදායක ලෙස කඩා වැදී නැති වූවත් මෙය අනාගතයට අවශ්‍ය විය හැකි එවැනි සමාජ වගකීමක් වෙනුවෙන් කෙරෙන පූර්ව කැඳවුමකි.

කුසල් පෙරේරා
(ආරාධිත ලේඛක)
2024 නොවැම්බර් 20

The post “ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු appeared first on Lanka Socialists.

]]>
මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024 http://lankasocialist.com/?p=3908 Wed, 04 Dec 2024 09:32:49 +0000 http://lankasocialist.com/?p=3908 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ ආයතනයේ හිටපු සාමාජිකයෙකු වූ මහාචාර්ය කුමාර් ඩේවිඩ් පසුගිය ඔක්තෝබර් 14 වන සඳුදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිටියදී සදාකාලික විවේකය සඳහා පිටත්ව ගියේය. 1980 ජූලි මාසයේදී නව සම සමාජ පක්ෂයෙන් ඉවත් වූ දා සිට පසුගිය දශක ගණනාවක් ...

The post මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024 appeared first on Lanka Socialists.

]]>

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ ආයතනයේ හිටපු සාමාජිකයෙකු වූ මහාචාර්ය කුමාර් ඩේවිඩ් පසුගිය ඔක්තෝබර් 14 වන සඳුදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිටියදී සදාකාලික විවේකය සඳහා පිටත්ව ගියේය. 1980 ජූලි මාසයේදී නව සම සමාජ පක්ෂයෙන් ඉවත් වූ දා සිට පසුගිය දශක ගණනාවක් පුරා ඔහු වර්ධනය කල විසම්මුතික, නමුත් ජනතාවාදී ඉදිරිදර්ශන සාකච්ඡා ඔහුගේ කියවීම් “වාම” නැඹුරු ඉංග්‍රීසි පාඨකයාට මග හැරෙනු ඇතැයි අපි විශ්වාස කරමු. පොදු වශයෙන් දේශපාලනික, ඔහු ”‍විසිරුණු වමේ සමගිය”‍ වෙනුවෙන් පෙනී සිටියේය.

වෘත්තීයමය වශයෙන්ද ඔහු සුවිශේෂී, ප්‍රායෝගික චින්තකයෙකු ලෙස කැපී පෙනුණු අතර ඒ සඳහා බොහෝ අයගේ පිළිගැනීමට ලක්විය. 1970 දී, ජූලි මාසයේ සිදුවූ ආණ්ඩු මාරුවෙන් පසුව ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ ලාබාලතම ඉන්ජිනේරුවරයා ඔහු බව අපි විශ්වාස කරමු. ඒ වන විට කුමාර්ට අවුරුදු 30ක්වත් විය හැකිය. 1979 දී ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් මහවැලි යෝජනා ක්‍රමය ගැන සංවර්ධන බලශක්ති උත්පාදන අධ්‍යයන නිරීක්ෂණ සඳහා සැලැස්මක් නිකුත් කරන විට ඔහු ඒ ගැන දැඩි නිර්මාණශීලි විවේචකයෙකු විය.

අපට නම්, කුමාර් අපගේ ආරම්භක තරුණ සමසමාජ ක්‍රියාකාරීන් අතර සිත්ගන්නා තර්ක වාදකයෙක් විය. එවකට අපි ප්‍රවේශවාදී ක්‍රියාවක් අනුගමනය කරමින් ලසසපය නැවත ට්‍රොට්ස්කිවාදී දේශපාලනය වෙත හැරවීමට උත්සාහ කළෙමු. වික්‍රමබාහු, සුමනසිරි ඇතුළු අනෙකුත් විද්වතුන් අතර සිටි, ”‍වාම-සමසමාජය”‍ යනුවෙන් කටයුතු කල මෙම කුඩා ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන ක්‍රියාකාරීන් වූ ශාන්ත ද අල්විස්, නලින් ද සිල්වා, ක්‍රිස් රොද්‍රිගෝ වැනි අය සමග කුමාර් එකඟ නොවු ඕනෑම සාකච්ඡාවකදී ඔහු අවංකව සහ දැඩි මැදිහත්කරුවෙකු ලෙස කැපී පෙනුනු කාර්්‍යයක් ඉටු කලේය. ඔහු බොහෝ ආකාරවලින් අද්විතීය චරිතයක් විය. ඔහු වාද විවාදවලදී දැඩි ලෙස පහර දෙන අතර උපහාසාත්මක ස්වභාවයක් ගනිමින් මැදිහත් වූ අතර, විටෙක ඔහු දැනුවත්වම සිංහල යෙදුම් අවශ්‍ය ලෙස වැරදි ලෙස උච්චාරණය කිරීම හෝ වැරදි ස්ථානයක ඒවා භාවිතා කිරීම, හරහා සාකච්ඡාවලදී ඔහුට අවශ්‍ය සියලු‍ අවධානය දිනා ගැනීමට සමත් විය.

කුමාර්ට තිබු විශේෂ ශක්තිය වූයේ දේශපාලනිකව ගැටලු‍ දෙස ගැඹුරින් බැලීමට ඔහු තුල තිබූ හැකියාවයි. අපි නව සම සමාජ පක්‍ෂය තුල නායකයින් ලෙස කටයුතු කරමින් සිටි අවධියේ 1980 ජූලි වැඩ වර්ජනයේ ඇති විය හැකි ප්‍රතිඵලය ගැන ඔහු අප දෙදෙනාට පැවසු දෙය තවමත් මතකයේ රැදී ඇත. 1980 ජූලි වැඩ වර්ජනයට දෙසතියකට පෙර ඔහු සිම්බාබ්වේ හි අධ්‍යයන තනතුරක් භාර ගැනීමට අවශ්‍යව තිබු නිසා නසසප මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස්විය. ඔහු ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතව තිබූ දින සවස් වරුවේ ඔහුගේ නිවස ඉදිරිපිට තිඹිරිගස්යාය ජාවත්ත පාර හරහා ගමන් කරමින් සිටියදී අපට ඔහුව අහම්බෙන් හමු විය. ඔහු එහිදී අපෙන් ඇසුවේ වැඩ වර්ජනයේ තත්වය කොහොමද යනුවෙන්ය. අප වර්ජනය ගැන ඉදිරිපත් කල අදහස් උපේක්ෂාවෙන් උපහාසයට ලක් කරමින් ඔහු පැවසුවේ, “මචෝ, ජේ.ආර්. තව ටික දවසකින් මුළු වර්ජනයම අනුකම්පා විරහිතව කුඩුපට්ටම් කරනවා. ලිපිකරුවන් සමඟ පමණක් මහා වැඩ වර්ජනයක් සාර්ථක කල හැකිද යන්න ප්‍රශ්නයක් නේද? ජයවර්ධන ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට අවශ්‍ය නම් මේ යුගයේ ඔබ ලංවිම වැනි ප්‍රධාන ආයතන වල හෝ වර්ජනය සාර්ථක කළ යුතුයි ඔහු අපට පැවසීය. ඔහු එදා නිවැරදි බවට සැකයක් නැත.

දේශපාලන ප්‍රශ්න මත අපි වීදිවල උද්ඝෝෂණ කරන විට ඊට එරෙහිව පොලිසියේ ප්‍රහාරයන් සිදු කරන අවස්ථාවන් වලදී ඔවුන් දෙස බලා ඔහු හාස්‍යයෙන් යුතුව ඒ ගැන ප්‍රශ්න කරනු ලබයි. අනෙක් සියල්ලන්ට වඩා බොහෝ උස පුද්ගලයෙකු වූ දුඹුරු රැවුලකින් යුක්ත, ඔහුට පොලිස් නිලධාරීන් පවා ගරු කරන අධිපති පෞරුෂයක් නිර්මාණයවී තිබුණි. ඔහු යාපනයේ කතෝලික දෙමළ පවුල්වල මූලයන් සහිත ඉතා ප්‍රභූ පසුබිමකින් පැමිණි අයෙකු බවට සැකයක් නැත. ඔහුගේ පියා දිස්ත්‍රික් විනිසුරුවරයෙකු වූ අතර ඔහුගේ සමීපතම පවුල් වල සිටි තවත් කිහිප දෙනෙකුද විනිසුරුවන් සහ නීතිඥයන් විය.

විදේශ ගතව ජීවත් වුවද ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයෙන් ශ්‍රී ලංකාවට නිතර පැමිණෙන අයෙක්වූ ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවූ නිසා, කුමාර් ජාතික හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න ගැන උනන්දු වූ අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඒවා පිළිබඳව තමාගේම අර්ථකථනයකින් ඉදිරිපත් කිරීමට කටයුතු කලේය. ඔහුගේ ඉංග්‍රීසි බුද්ධිය සහ උපහාසය සමග ඔහුගේ නිර්මාණ ඉතා ආශාවෙන් කියවිය හැකි වූ අතර ඒ නිසාම බොහෝ දෙනෙකුට මුද්‍රිත මාධ්‍යවල ඔහුගේ නම මග හැරෙන්නේ නැත. අප අතර බරපතල දේශපාලන වෙනස්කම් සහ ඉදිරිදර්ශන ගැන ප්‍රශ්න තිබියදීත් කුමාර් ගැන මෙවැනි සටහනක් තැබීමට අපගේ වෙනස්කම් බාදාවක් නොවන්නේය.

ඕනෑම සාකච්ඡා සංසදයක ආධිපත්‍යය දැරීමට සමත් පෞරුෂයක් ඔහුට තිබුණු අතර ශ්‍රී ලංකා දේශපාලනයේ මතුවන අනාගත සාකච්ඡා වලදී බොහෝ දෙනෙකුට ඔහුගේ මැදිහත්වීම් මග හැරෙනු ඇත. ඔහුගේ අභාවය ගැන අපගේ ශෝකය බිරිඳ රෝහිණී සහ ඔහුගේ පවුලේ දරුවන් සමඟත්, “‍වාම”‍ දේශපාලනයේ සිටින අනෙක් සියල්ලන් සමඟත් බෙදා ගනිමු. වසර 50කට අධික කාලයක් පුරා ඔබගේ සියලු‍ දායකත්වයට සහ සහයෝගීතාවයට ඔබට ස්තුතියි කුමාර්,

සිරිතුංග ජයසූරිය – එක්සත් සමාජවාදී පක්‍ෂය
කුසල් පෙරේරා – දේශපාලන රචක

The post මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024 appeared first on Lanka Socialists.

]]>
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා http://lankasocialist.com/?p=3905 Wed, 04 Dec 2024 09:26:47 +0000 http://lankasocialist.com/?p=3905 කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15 වන දින අපගෙන් සදහටම සමුගත්තේය. ලිපි, පොත් පත් ලිවීම හා ගැඹුරින් අදහස් දැක්වීම වගේම වාද විවාද වලට මැදිහත් වීමට ඔහු විශේෂ දක්‍ෂතා දැක්වූ අයෙකි. 1968 ප්‍රංශ විප්ලවයේ සිදුවීම් ගැන හා 1974 පෘතුගාල විප්ලවයේ දිග හැරීම් ගැන ...

The post ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා appeared first on Lanka Socialists.

]]>

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15 වන දින අපගෙන් සදහටම සමුගත්තේය. ලිපි, පොත් පත් ලිවීම හා ගැඹුරින් අදහස් දැක්වීම වගේම වාද විවාද වලට මැදිහත් වීමට ඔහු විශේෂ දක්‍ෂතා දැක්වූ අයෙකි. 1968 ප්‍රංශ විප්ලවයේ සිදුවීම් ගැන හා 1974 පෘතුගාල විප්ලවයේ දිග හැරීම් ගැන ඔහු ඉදිරිපත් කළ විග්‍රහයන් තවමත් අප අතර සාකච්ඡා වලට ඉමහත් දායකත්වයක් සපයනු ලබයි.

1989දී සෝවියර් සංගමය හා බැදි පැවැති අනෙකුත් නැගෙනහිර කලාපයේ ස්ටැලින්වාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමේ ප්‍රථිපලයක් ලෙස විවරවූ නව කාල පරිච්ඡේදය හමුවේ මතු වූ අභියෝගයන් වූ ගෝලීය සබදතා, ධනේෂ්වර ආර්ථිකයේ ගමන් මග ගැනද බලවතෙක් ලෙස නැගී එන චීනයේ පංති ස්වභාවය, හා යුරෝපයේ පංති අරගලයේ වර්ධනයන් ගැන ලින්ගේ දායකත්වය බෙහෙවින් වැදගත් භූමිකාවක් ඉටු කරන ලදි. ජාත්‍යන්තර පරිමානව ලෝක සමාජවාදී විප්ලවයට නායකත්වය සැපයීම සඳහා අත්‍යවශ්‍ය ස්වයං බද්ධ සාධකය වන විප්ලවවාදී පක්‍ෂය ගොඩ නැගීම කෙරෙහි ඔහු තුල පැවැති අධිශ්ඨානය එහිදී කැපී පෙනුනි.

බි්‍රතාන්‍ය ලේබර් පක්‍ෂය තුල ප්‍රවේශවාදී උපායක් දියත් කරමින් ඊට පරිබාහිරව විප්ලවවාදී පක්‍ෂය ගොඩනැගීම සඳහා වසර ගනනාවක් ලින් දේශපාලන කටයුතු වලට මැදිහත් විය. 1983 දී පිටර් ටැෆ්, කීත් ඩිකින්ෂන්, ටෙඩ් ග්‍රාන්ට්, ක්ලෙයාර් ඩොයිල් සමග ලින් වොල්ෂ් ලෙබර් පක්‍ෂ නායකත්වය විසින් නිලධාරීමය පියවරක් අනුගමනය කරමින් නෙරපීමට කටයුතු කළේ විශාල ආන්දෝලනයක් මතු කරමිනි. 1988 සමයේ ආර්ථික අවපාතය සම්බන්දයෙන් ඉතා තික්‍ෂණ විවරණයක් ඉදිරිපත් කිරීම හරහා ලින් ආර්ථික විද්‍යාව ගැන මාක්ස්වාදී දැනුම ලෝකයටම ප්‍රදර්ශණය කිරීමට සමත් විය. Militant International Review හා Socialism Today යන මාක්ස්වාදී සඟරා වල වසර ගනනාවක් ප්‍රධාන කතෘ ධූරය හෙබවු ඔහු පසුගිය වසර කීපය තුල ක්‍රියාකාරී දේශපාලනයේ නිරත නොවීමට ඔහුගේ දැඩි අසනීප තත්වය හේතු විය. එක්සත් සමාජවාදී පක්‍ෂයේ හා එහි පූර්වගාමි සංවිධානය වූ මාක්ස්වාදී කම්කරු ප්‍රවනතාවයේ සම්මේලන ගනනාවකටම සහභාගී වීම හරහා ඔහු අප පක්‍ෂයේ සමාජිකයින් අතර සමීපතයෙකු බවට පත් විය.

ලින්ගේ ජීවිත කාලය තුල ඔහු මුහුණ දුන් ඉතාම අවාසනාවන්ත සිදුවීම ලෙස ඔහු මා හමුවු අවස්ථාවක ප්‍රකාශ කලේ ඔහුගේ ජීවන සහකාරියවූ ලොරේන් ඩාවිස්ගේ අකල් මරණය සිදුවීමය. ඉන් වසර කීපයක් යාමට මත්තෙන් සුවකල නොහැකි ලෙස ඇස් නොපෙනීම යාම නිසා ඔහු මානසික වශයෙන් දුර්වල තත්වයකට ඇද වැටුණි. දශක ගනනාවක් පුරා ඉතා සමීපව දේශපාලන වාද විවාද වලට සහභාගි වූ ඉතා සමීප මිත්‍රයෙකු හා දේශපාලන සගයෙක් වශයෙන් ලින් අප වෙත ලබා දුන් සහයෝගය සදා අමරණීය වේ. CWI ජාත්‍යන්තයේ නවක සහෝදරවරුන් ලින් කිසි දිනක මුණ නොගැසුනද ඔහු මාක්ස්වාදයේ හා ට්‍රොට්ස්කිවාදයේ ආරක්‍ෂාව සඳහා ඔහු එකතු කළ ලිපි ලේඛණ වලින් නවක සහෝදරවරුන්ට ලින්ව හඳුනා ගැනීමට හැකිවනු ඇත.

මියයන තුරු මාක්ස්වාදී න්‍යාය පෝෂණය කරමින් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයට මහගු දායකත්වය උරුම කර දුන් ලින් වොල්ෂ් සහෝදරයාට විප්ලවීය ආචාරය පුද කරමු.
සිරිතුංග ජයසූරිය

The post ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා appeared first on Lanka Socialists.

]]>
රනිල්ගෙ වැල් පාලමේ එල්ලීගෙන යන අනුරකුමාර http://lankasocialist.com/?p=3901 Wed, 04 Dec 2024 09:09:36 +0000 http://lankasocialist.com/?p=3901 ජනාධිපති අනුරකුමාර දිසානායක පසු ගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔහුගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරි පාලන කාලය සඳහා ඔහුගේ දැක්ම සහ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලදී. ඇත්ත වශයෙන් ඔහුට අලු‍ත් කතාවක් සූදානම් කිරීමට අවශ්‍ය නැත. එම කතාව එක්තරා අයුරකින් ඔහු සහ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් කරන ලද ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යන මැතිවරණ ...

The post රනිල්ගෙ වැල් පාලමේ එල්ලීගෙන යන අනුරකුමාර appeared first on Lanka Socialists.

]]>

ජනාධිපති අනුරකුමාර දිසානායක පසු ගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔහුගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරි පාලන කාලය සඳහා ඔහුගේ දැක්ම සහ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලදී. ඇත්ත වශයෙන් ඔහුට අලු‍ත් කතාවක් සූදානම් කිරීමට අවශ්‍ය නැත. එම කතාව එක්තරා අයුරකින් ඔහු සහ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් කරන ලද ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යන මැතිවරණ ප්‍රකාශයම පදනම් කර ගත්තක් විය යුතුය. මැතිවරණ සමයේ අනුරකුමාර ප්‍රකාශ කළ විදියට ඔහුගේ දැක්ම සහ වැඩපිළිවෙළ එහි ගැබ් වී තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහිදී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන වචන කිසි තැනකදී සඳහන් නොවීය. ඔහුගේ කතාව මුළුමනින්ම ආංශික විය. එය සම්පූර්ණයෙන්ම පාහේ වෙන්කොට තිබුණේ ආර්ථික කාරණා ගැන කතා කිරීමටය. අනුරකුමාර තම පූර්වගාමියා සහ තම මිතුරා වූ රනිල් වික්‍රමසිංහ අනුව යමින් ආර්ථිකය මුල් කොට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කළේය. එහිදී ද තම මැතිවරණ ප්‍රකාශයෙහි සඳහන් කර ඇති ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම යලි සමාලෝචනය කරන බවට ඇති සඳහන ගැන වචනයක්වත් නොපැවසීමට ඔහු පරිස්සම් විය. ඔහු කතා කළේ එවැන්නක් තමා සහ තම පක්ෂය කෙදිනකවත් කියා නැති ආකාරයකටය.

ආර්ථිකය පදනම් කරගෙන තමා දුන් මැතිවරණ පොරොන්දුවලට අදාළවද ඔහුගේ කතාව ඇඟ බේරා ගැනීමට ගත් උත්සාහයක් වැන්න. රජයේ සේවකයින්ට ලබන අයවැයෙන් සාධාරණ වැටුප් වැඩිකිරීමක් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අයවැය එන්නේ ලබන පෙබරවාරියේදීය. එයින් කරන වැටුප් වැඩිකිරීමක් ක්‍රියාත්මක කෙරෙනු ඇත්තේ අයවැය සම්මත වී ක්‍රියාවට නැගෙන අප්‍රේල් මාසයේ සිටය. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය භාණ්ඩවලින් වැට් බද්ද ඉවත් කිරීම, රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අසාධාරණ ලෙස වෘත්තිකයන් මත පනවන ලද බද්ද සම්බන්ධයෙන් සහන සැලසීම, අයුතු ලෙස පනවා ඇති බදු ඉවත් කොට ඉන්ධන මිල අඩු කිරීම ගැන වචනයක් හෝ සඳහන් නොකිරීමට ඔහු පරිස්සම් විය.

ආර්ථිකයට අදාළව අනුරකුමාර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සහ කතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අයවැය කතා හෝ නොයෙක් අවස්ථාවල ඔහු පාර්ලිමේන්තුවට පැමිණ කළ කතාවලින් වෙනස් වන්නේ වැල් පාලම හෝ වංකගිරිය ගැන සඳහන් නොකිරීම නිසා පමණි. IMF වැඩපිළිවෙළ හැර වෙන මගක් නොමැති බවට රනිල් වික්‍රමසිංහ නොයෙක් විට කී කතා මෙදා අනුරකුමාර දිසානායක විසින් අගේට තහවුරු කරන ලදී. තමා ඡන්දයෙන් පැරදුනත් තමාව පැරදවූ තම මිතුරා අනුරකුමාර තම ආර්ථික වැඩපිළිවෙළ තමා ගැන සඳහන් නොකර වුවත් මැනවින් ඉදිරියට ගෙනයන බව දැක වික්‍රමසිංහ දෙකොණින්ම සිනා වෙනු ඇති බව පැහැදිලිය. අනුරකුමාර මේ දුන් සහතිකය මත මූල්‍ය අරමුදල විසින් ලංකා ආණ්ඩුවට පසුගිය සැප්තැම්බරයේදී ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 333ක ණය වාරිකය මුදාහැරීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට අරමුදලේ නියෝජිතයන් සහ ආණ්ඩුව නියෝජිතයන් පසුගිය සතියේ අත්සන් තබන ලදී. එම වාරිකය ලබාදීමට පෙර දෙපාර්ශ්වය අතර හතර වතාවක්ම සාකච්ඡා පැවතියේ මූල්‍ය අරමුදල සමග එළඹ ඇති ගිවිසුම එලෙසින්ම ඉදිරියට ගෙනයන බවට ස්ථීරසාර සහතිකයක් මේ ආණ්ඩුවෙන් ලැබෙන තුරුය. අනුරකුමාර ජනාධිපතිවරයා අන්තිමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණගැසූ බව සැඟවිය නොහැකිය.

මෙයින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද? ඒ මෙම ජාතික ජන බලවේග ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ එලෙසින්ම පිළිගෙන ඇති බව නොවේද? නව ලිබරල්වාදය, මජර ධනවාදය ගැන වේදිකා දෙදරවා බෙරිහන් දුන් අනුරකුමාර දැන් තමාගේ කටට තමා විසින්ම අගුලු‍ දමාගෙන තිබේ. එමෙන්ම ඔහුගේ සහ ඔහුගේ ආණ්ඩුවේ නොහැකියාවද මෙයින් පෙන්නුම් කෙරේ. විපක්ෂයේ සිටියදී කොතරම් වගසි බස් දෙඩුවද, වාචාල කතා කීවද තමන්ගේම වැඩපිළිවෙළක් සහ යෝජනා මත මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් ඇති පිරිසක් මාලිමා කණ්ඩායමේ නැත. මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවත් සමග විවාදයක් කිරීම ජවිපෙ/ජාජබ සූක්ෂම ලෙස මගහැරියේද එක අතකට ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන් නිශ්චිත මතයක හෝ වැඩපිළිවෙළක නොසිටි නිසාවෙන් මෙන්ම ඒ නිසාම රටේ ආර්ථිකය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට කියන්න දෙයක් නොතිබූ නිසාය. ඒ බව දැන් වඩාත් හොඳින් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා කිසිදු ලජ්ජාවකින් තොරව IMF සමග ගනුදෙනු කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමෙනි. ඇත්ත වශයෙන් අනුරකුමාර තම පැරණි මිතුරා වන රනිල් වික්‍රමසිංහට ස්තුති වන්ත විය යුතුය. ඒ හිස් අතින් ජනාධිපති පුටුවේ වාඩි වූ ඔහුට ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය IMF පැකේජය රනිල් විසින් සම්පාදනය කොට තිබූ බැවිනි. ජනතාව නොමරා මරන රනිල්ගේ මේ වැඩපිළිවෙළට ජනතාව කොතරම් විරුද්ධ වුවද මේ ධනේශ්වර ගමන් මගේම ගමන් කිරීමට පැහැදී සිටින අනුරකුමාරට රනිල් නොවී නම් මේ වනවිට දෙවියන්ගේ පිහිට යැදීමට සිදුවනු ඇත.

ආර්ථිකය සම්බන්ධයෙන් හැර අනුරකුමාර ජනාධිපතිවරයා කිව්වේ තවත් කාරණා දෙකක් පමණි. එනම් නීතිය කාටත් සමාන බවත් නීතියට කවුරුත් යටත් විය යුතු බවත් සහ ජාතිවාදය ඇවිස්සීමට කාටවත් ඉඩ නොදෙන බවය. මේ දෙකම ඉදිරියේදි බැලිය යුතු ඒවාය. නීතියට ඉහළින් සිටි දේශපාලකයන් පොලිසිය අල්ලේ නැටවූ අවස්ථා පවා අපි දැක ඇත්තෙමු. අනෙක් අතට ජාතිවාදය ඇවිස්සීමට කාටවත් ඉඩ නොදෙන බව කියන්නේ සිංහල වර්ගවාදය ආත්මය කොටගත් පක්ෂයක නායකයාය. අද ඔහු අලු‍ත් ඇඳුමකින් සැරසී සිටියත් ඔහුගේ සැබෑ අභ්‍යාසය කෙබඳුදැයි බරපතළ සැකයක් මතුවේ. ඒ මෙරට තිස් වසරක යුද්ධයකට තුඩු දුන් සහ නිදහස ලැබී දා පටන් ඔඩු දුවමින් පවතින ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නය ගැන වචනයක්වත් නොපැවසීමට ජනාධිපතිවරයා පරිස්සම් වීම නිසාය.

අනුරකුමාර දිසානායක නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්නය දෙස බැලු‍වේ නින්දා සහගත ලෙසය. විජේවීරගේ සමයේ සිටම ජවිපෙට ජාතික ප්‍රශ්නය ගැන පැහැදිලි ස්ථාවරයක් නොතිබිණි. මාඕවාදී දේශපාලනයට ආවේණික ලෙසම ඔවුන් දෙමළ ජනයාගේ ජාතික අනන්‍යතාව පිලිගැනීම ප්‍රතික්ෂේප කොට එම ජනයාට තම දේශපාලන ඉරණම තීන්දු කිරීම සඳහා වන ස්වයං නිර්ණය අයිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කළහ. පසු කලෙක අනුරකුමාර ද ඇතුළත් ජවිපෙ කොතරම් වර්ගවාදී ස්ථාවරයකට ගමන් කළේද යත් කොටි සංවිධානය පරාජය කිරීම සඳහා බර අවිවලින් පහර දෙන ලෙස එවකට සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බලපෑම් කළේය. උතුරේ යුද්ධය ඍජු ලෙසම දෙමළ විරෝධි යුද්ධයක් බවට පත්වූයේ මේ අයුරින් කොටි සංවිධානයට එරෙහිව යුද්ධ කරන මුවාවෙන් බර අවි යොදාගෙන සටන් කිරීමට පටන් ගැනීමත් සමගය. දෙමළ ජනයා දහස ගණනින් ඝාතනය කෙරුණේ මානුෂීය මෙහෙයුම නමින් හඳුන්වනු ලැබූ මේ තිරශ්චීන යුද්ධය විසිනි. මහින්ද රාජපක්ෂ යුද්ධය සඳහා පෙළඹවීම පිළිබඳව තමන් කිසි විටෙකත් කණගාටු නොවන බව අනුරකුමාර දිසානායක වරෙක ප්‍රකාශ කළේය.

රාජ්‍ය නායකයකු මුල් වරට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක අඩංගු වියයුත්තේ ඉදිරි වසර පහක කාලය තුළ ඔහු/ඔහුගේ ආණ්ඩුව විසින් ඉටු කිරීමට බලාපොරොත්තු වන වැඩකටයුතු පිළිබඳ මූලික ප්‍රතිපත්ති රාමුවකි. ජාජබයේ මූලික පොරොන්දුවක් වූයේ අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බවයි. එහි මූලික අංගයක් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ඒ ගැන වචනයක්වත් සඳහන් නොවීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලු‍තින් සම්පාදනය කිරීම සුළුපටු හෝ ලේසි පහසු කාර්්‍යයක් නොවේ. එය කල් ගතවන ක්‍රියාදාමයකි. එසේනම් එම ක්‍රියාදාමයේ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබිය යුතුය. ජනාධිපතිවරයාගේ කතාවෙන් පෙනීයන්නේ ඔහුට ඒ පිළිබඳ වගේ වගක මතකයක්වත් නොතිබූ බව නොවේද ? එමෙන්ම ඔහුගේ ජාතික ජන බලවේගයේ කිසිවකුටත් එය මතක ඇති බවක් නොපෙනේ.

අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයාත්, ඔහුගේ ආණ්ඩුවත් තවමත් දේශපාලන මධුසමයක් ගතකරන බව පෙනේ. විශේෂයෙන්ම සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි ජනතාව තුළ ඇති වෛරය මේ සඳහා වඩාත් ඉවහල් වී ඇති සෙයකි. මේ නිසා ආණ්ඩුවට මේ වෙලාවේ ඕනෑ දෙයක් කියා ඇඟ බේරා ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයද ජනයා රවටන, මතුපිටින් අතපත ගාන, ව්‍යාජ කතාවක් පමණි. මේ රැවටිල්ලට තව ටික කාලයක් පැවතිය හැකිය. මේ රැවටිල්ල එලිදරවු වනවිට සාම්ප්‍රදායික සංස්ථාපිත ධනපති පක්ෂ විසින් පොදු ජනයා ඩැහැගැනීමේ උත්සාහයට එරෙහිව ජනතාව අරගල මගට යොමු කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සටන් කරන වමේ බලවේගයක් ගොඩනැගීම සියලු‍ වාම ක්‍රියාකාරීන්ගේ සහ කණ්ඩායම්වල පොදු අරමුණ විය යුතුය.

 

The post රනිල්ගෙ වැල් පාලමේ එල්ලීගෙන යන අනුරකුමාර appeared first on Lanka Socialists.

]]>
2024 December Ratutharuwa http://lankasocialist.com/?p=3891 Tue, 03 Dec 2024 08:44:39 +0000 http://lankasocialist.com/?p=3891 The post 2024 December Ratutharuwa appeared first on Lanka Socialists.

]]>

The post 2024 December Ratutharuwa appeared first on Lanka Socialists.

]]>
සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය http://lankasocialist.com/?p=3886 Tue, 19 Nov 2024 10:25:29 +0000 http://lankasocialist.com/?p=3886 කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට (NPP) නොවැම්බර් 14 දින පැවති මැතිවරණයෙන් ලබා ගැනීමට හැකි විය. මෙය ලංකාවේ පවතින පාර්ලිමේන්තු සංයුතිය අනුව 7/10 බලයක් සහිත දැවැන්ත ජයග්‍රහණයකි. මෙයට පෙර විශාල ජයග්‍රහණයක් ලෙස සඳහන් වූ එක්සත් ජාතික පක්‍ෂය 1977දී ලබාගත් 5/6 පාර්ලිමේන්තු බලය පවා අභිබවා යෑමකි. එසේම ...

The post සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය appeared first on Lanka Socialists.

]]>

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට (NPP) නොවැම්බර් 14 දින පැවති මැතිවරණයෙන් ලබා ගැනීමට හැකි විය. මෙය ලංකාවේ පවතින පාර්ලිමේන්තු සංයුතිය අනුව 7/10 බලයක් සහිත දැවැන්ත ජයග්‍රහණයකි. මෙයට පෙර විශාල ජයග්‍රහණයක් ලෙස සඳහන් වූ එක්සත් ජාතික පක්‍ෂය 1977දී ලබාගත් 5/6 පාර්ලිමේන්තු බලය පවා අභිබවා යෑමකි. එසේම NPPය රටේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස 160න් 152ක් ජය ගැනීමට හැකිවීමද කැපී පෙනෙන්නට ඇත. ඒ අනූව ඔවුන් ලබා ගත් මෙම ජයග්‍රහණය ලාංකීය පාර්ලිමේන්තු ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක ආරම්භයක්ද වන්නේය. එක්සත් ජාතික පක්‍ෂය පරාජය කර මහා පෙරලියක් ලෙස ඉතිහාසයට එක්ව තිබු 1956 බණ්ඩාරනායක ලැබූ ජයග්‍රහණය අභිබවා යෑමට සමත්ව තිබෙන අතර මෙතෙක් කල් ලංකාව පාලනය කළ බමුණු කුලය හා සාම්ප්‍රදායික පක්‍ෂ සහමුලින්ම අතුගා දැමීමට ජාතික ජන බලවේගය සමත්වී ඇත. වසර 76 තිස්සේ ලංකාව බෙදාගෙන පාලනය කළ එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලු සාම්ප්‍රදායික ධනපති පක්‍ෂ දේශපාලන භූමියෙන් අතුගා දැමීමට හැකිවීම කැපී පෙනේ.

මෙම තත්වය දකුණට පමණක් සීමා නොවුවක් වන අතර උතුර – නැගෙනහිර හා මධ්‍යම කදුකරයේ දේශපාලන රටාව වෙනස් කිරීම දක්වා ඇදී යයි. සුමන්තිරන් ඇතුලු දක්ෂිණාංශික දෙමළ දේශපාලඥයින් කෙරෙහි උතුරේ දෙමළ ජනතාව තුල පවතින දැඩි විරෝධය මාලිමාවට ආකර්ෂණය වීමට හේතු විය. පසු ගිය කෙටි ඉතිහාසය තුල ධනපති අර්බුදයේ ප්‍රථිපලයක් ලෙස දෙමළ ජනතාවට කිසියම් හෝ සොච්චම් සහනයක් දීමට සිදුවු සෑම අවස්ථාවකම ඊට එරෙහිව සිංහල ජාතිවාදී අස්තානයක පිහිටා දැඩි ලෙස විරුද්ධවූ දේශපාලන බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය අමතක කර තම ඡන්දය මාලිමාවට ප්‍රකාශ කිරීම දක්වා දෙමළ ජනයා ගමන් කිරීම ඉතිහාස ගත වන සිදුවීමකි. එම තත්වය මධ්‍යම කදුකරයේ තත්වයටද අදාලවන අතර දශක 7කට වැඩි කාලයක් තොන්ඩමාන්ලා පවත්වාගෙන ගිය ධනපති ගැති සාම්ප්‍රදායික දේශපාලනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම කදුකරයේ ජනතාවගේ බහුතරයක් ගෙන තිබෙන තීන්දුවෙන් ප්‍රකාශයට පත්ව ඇත. මෙම වර්ධනයන්ට අවනත නොවු එකම දිස්ත්‍රික්කය වූයේ මඩකලපු දිස්ත්‍රික්කය පමණි. ඊට බලපෑ එක් හේතුවක් වූයේ ෂානක්කියන් රාසමානික්කම්ගේ නායකත්වය වූ අතර ගෝඨාභයගේ පාලන කාලය තුල පොතුවිල් සිට යාපනය දක්වා දියත් කළ වූ P2P පා ගමනට මැදිහත් වීම වැනි අවම ජනතා ක්‍රියාවන් වලදී කැපි පෙනීම ඔහුට වාසිදායක විය. කෙසේ වුවද අනුර කුමාරගේ ප්‍රතිපත්තිය වන ජාතික ප්‍රශ්ණයට සිල්ලර විසදුම් ඉදිරිපත් කර විසදා ගත හැකි නොවන අතර එය 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය දෙමළ ජනතා වගේ මූලික ජාතිකත්ව අයිතිය සහතික කරන විසදුමක් නොවන්නේ නම් ජාතික ප්‍රශ්ණය ඉදිරි කාලයේ උග්‍ර ස්ථානයකට පත්වීම වැලැක්විය නොහැකිය.

සාපේක්‍ෂ වශයෙන් සියයට 69ක් වැනි අඩු ප්‍රතිශතයක් දක්වා ඡන්ද ප්‍රකාශ කිරීම පහල වැටීමද ඡන්ද ප්‍රථිපල විග්‍රහ කිරීමේ සැලකිය යුතු සාධකයකි. ඡන්දයට පෙර සිටම පරාජය බාරගෙන කටයුතු කළ විපක්‍ෂයේ බංකොලොත් බාවය හේතු කොටගෙන බොහෝ පිරිස් ඡන්දය දීමට උනන්දුවක් නොදැක්වූ බව අනුමාන කළ හැකිය. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් හැට අට ලක්‍ෂයක් (6863186) එනම් 61.56ක් ලබා ගැනීමට NPPය සමත්වූ අතර සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 31ක් එනම් 5932510ක් ඡන්දය දීමෙන් වැලකී සිටීමද සැලකිය යුතු කරුණකි. කෙසේ වුවද මේ අන්දමේ ජයග්‍රහණයක් NPPයට ලබා ගැනීමට හැකිවීම පෙන්නුම් කරන්නේ පැරණි ගතානුගතික දේශපාලන රටාව ප්‍රතික්ෂේප කිරීමේ සමාජ මානසිකත්වයක් නිර්මාණය වීමය. එම පරිවර්තනය තීරණාත්මකව ආරම්භවූයේ 2022 ගෝල් ෆේස් අරගලයේදී සමාජ ගත කෙරුණු මතවාදයයි. එහි අවධාරණය වූ ප්‍රධාන සටන්පාඨ දෙක වූයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරු 225 ගෙදර යැවිය යුතු බව හා වසර 76ක් රට පාලනය කළ දූෂිත දේශපාලනය අවසන් කළ යුතු බවය. එහි ප්‍රථිපලයක් වශයෙන් අරගලය නිසා රාජපක්‍ෂවරුන්ට පාලන බලයෙන් ඉවත් වීමට සිදු විය. එම හිදැස පිරවීම සඳහා අහම්භයෙන් ජනාධිපතිධූරයට පත් රනිල් වික්‍රමසිංහ විසින් අරගලය සමතලා කර දැමුවද රාජපක්‍ෂවරු ආරක්‍ෂා කරමින් ඔහු ගෙන ගිය ඉතා දැඩි මර්ධනකාරී පාලනයට එරෙහි ජනතා විරෝධය යටිතලයේ කැකෑරෙමින් පැවතින. 2023 මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන ඡන්දය රනිල් විසින් බලහත් කාරයෙන් කල් දැමීමද ජනතා විරෝධය ඉහල තලයකට පත් වීමට හේතු විය.

මෙම පසුබිම තුල රට පුරා නැගී එන මහජන විරෝධය හමුවේ අලුත් දේශපාලන බලවේගයක් ලෙස ජාතික ජන බලවේගය මහජන වේදිකාවට ගොඩ එන්නේ පැරණි ජනතා විමුක්ති පෙරමුණේ බෝඩ් ලෑල්ල ගලවා දමමින්ය. ඔවුන් ඒ සඳහා තවදුරටත් නාමික වශයෙන් හෝ සමාජවාදයට සම්බන්ද නැති බව ප්‍රදර්ශණය කලා පමණක් නොව IMF එක ඇතුලු නව ලිබරල් දේශපාලන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවට ප්‍රසිද්ධියේ සහතික දුන්හ.

මේ වන විට ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය අවසන්ව ජාතික ජන බලවේගය ජයග්‍රාහකයා බවට පත්ව ආණ්ඩුව පිහිටුවා අවසානය. ජනතාව බලා සිටින්නේ ඔවුන් මැතිවරණ වේදිකාවල දුන් අති විශාල පොරොන්දු තොගය ඉටු කරන්නේ කෙසේද යන්නය. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම, මනාප බලු පොරය අවසන් කර ජනතාවට වගකියන මන්ත්‍රිවරයෙකු තෝරා පත් කර ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රනිල් ඇති කරගත් ගිවිසුම සංශෝධනය කිරීම, VAT බදු පහත හෙලීම, කම්කරු වැටුප වහා වැඩි කිරීම, අධික ජීවන වියදම පහත දැමිම, ජාතික ප්‍රශ්ණයට විසඳුම් ඉදිරිපත් කිරීම හා සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA)අහෝසි කිරීම හා සියලු මර්ධනකාරී පනත් අහෝසි කිරීම. වංචාව හා දුෂණ වලට සම්බන්ද දේශපාලඥයින්ට එරෙහිව නඩු පැවරීම හා විදේශ රටවල ඔවුන් තැන්පත් කර තිබෙන මුදල් තොගය ආපසු ලබා ගැනීම, අධ්‍යාපනයට අයවැයෙන් සියයට 6ක් වෙන් කිරීම, සියලු ජනතා දේපොල විදේශික ජාවාරම්කරුවන්ට විකිණීම නතර කිරීම ඇතුලු විශාල පොරොන්දු තොගයක් ඒ අතර විය. ඔවුන් විසින් ජනතාවට දුන් මෙම පොරොන්දු ඉටු කිරීම සඳහා ප්‍රමාණය ඉක්මවා ගිය අසීමිත බලයක් NPPයට ලැබී ඇත. එබැවින් ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට පමණක් තනිවම කළ නොහැකිය යන අදහස කියා ගැලවීමට ඔවුන්ට ඉඩක් නොමැත.

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් බලයට පත්ව මැතිවරණයට දක්වා බලයේ සිටි දින 45ක් කෙටි කාලය තුල ඉහත දැක්වු පොරොන්දු ඉටු කිරීමට නොහැකි බව පැහැදිලිය. එසේ වුවද එම කෙටි කාලය තුල ඔවුන් ආණ්ඩු පාලනය ගෙන යනු ලැබුවේ කෙසේද යන්න විමසා බැලිමෙන් අනාගත ගමන් මඟ නිර්නය කරගත හැකිය. ලංකාව මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයට විසදුම් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග ඇති කර ගත් “ණය ධරණීය විශ්ලේෂණය” වෙනස් කරන බව අනුර කුමාර ප්‍රසිද්ධියේ කියා සිටියද ඔහු ජනාධිපතිධූරයට පත්ව මුලින්ම කලේ එම පොරොන්දුව අමු අමුවේ කඩා දැමීමකි. වසර දෙකක් යන තුරු රනිල් හා IMF අතර ඇතිවූ ගිවිසුම අනුව තමන් කටයුතු කරන බව ප්‍රකාශ කිරීම තුලින් අනුර කුමාරගේ අලුත් ආණ්ඩුවේ දිශානතිය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. එපමණක් නොව හිටපු ජනාධිපති ගෝඨාභයගේ ආර්ථික උපදේශකයෙකු වූ හුලංගමුව අනුර කුමාරගේද ආර්ථික උපදේශකයා ලෙස පත් කර ගැනීම හා ජාත්‍යන්තර පරිමාණ විශාල ව්‍යාපාරිකයෙකු වන හාන්ස් විජේසූරිය ලංකාව ඩිජිටල් කරණය කිරීමේ වැඩ පිළිවෙල බාරදීම බරපතල ලෙස ප්‍රශ්ණ කළ යුතුය. රනිල් වික්‍රමසිංහ IMF උපදෙස් අනූව ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය ඔවුන්ට උවමනා ලෙස ක්‍රියාවට නංවා ගැනීම සඳහා කටයුතු කලේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන හා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන දෙදෙනා සමගිනි. අනුර කුමාර මෙම දෙදෙනාට එම කටයුත්ත ඉදිරියට ගෙන යාම සඳහා එම තනතුරු වල තබා ගැනීම අනුර කුමාර ජාත්‍යන්තරයට සහ මුලින්ම යටත් වීම පෙන්නුම් කරයි. හාන්ස් විජේසූරිය මැලේසියාවේ ඩයලොග් සමාගමේ විශාල කොටස් හිමියෙකු බවද සඳහන් කළ යුතුය. ඒ අතර ජාතික ජන බලවේග ආණ්ඩුව හාම්පුතුන්ගේ සම්මේලනය (Employees Federation) හා ලංකාවේ වාණිජ මණ්ඩලය (Chember of Commerce) වැනි ධනපති පංතියේ ප්‍රධාන ආයතන සමග සමීපව වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩු බලය ගෙන යාම සඳහා ඔවුන් ධනපති ආයතන හා එහි නියෝජිතයින් සමග අනුගමනය කරන ක්‍රියාදාමයයි. මේ අනුව අනුර කුමාරගේ ආණ්ඩුවෙන් අතවශ්‍ය රාජ්‍ය වියදම් කප්පාදු කිරීම් හා දුෂිතයෙන් තොර පාලනයක් බව පෙන්වීමට මතුපිටින් කටයුතු කරනවා හැර දුර දිග යන සමාජ ප්‍රතිසංස්කරණයක් හෝ සිදු කිරීමට අසමත් වනු ඇත. අනුර කුමාර ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන සියලු පත්වීම් වල බහුතරය විවිදාකාරයෙන් පැවැති රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ද ජාවාරම්කාර පැළැන්තියේ අයවලුන්ය. මෙම පසුබිම මධ්‍යයේ නවලිබරල් විවෘත ආර්ථිකය දිගටම පවත්වාගෙන යන ආණ්ඩුවෙන් කම්කරු පංතිය හා ජනතාව බලාපොරොත්තු වෙන සහන නොලැබෙනවා පමණක් නොව ධනපති ක්‍රමයේ ආවේණික ලක්ෂණයක් වන දුෂණයද සහ මුලින්ම තුරන් කල නොහැකි වන්නේය. ජවිපෙයද සම්බන්ධව සිටි රාජපක්ෂවරුන්ගේ පාලන කාලයේ දුෂණ ගැන හා මහ බැංකු කොල්ලය වැනි බරපතල දුෂණයන්ට එරෙහිව මෙම ආණ්ඩුවෙන්ද විසඳුම් බලාපොරොත්තු වීමට නොහැකිය. එසේම දෙමළ ජනතාවගේ සැළකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තද 13 වෙනි ව්‍යවස්ථා සංශෝදනය මගින් පළාත් සභා පිහිටුවීමට එරෙහිව කටයුතු කල අනුර කුමාරලාගෙන් ජාතික ප්‍රශ්නයට දුරදිග යන විසඳුමක් බලාපොරොත්තු වීම බරපතල රැවටීමකි.

මෙම පසුබිම තුල ජනතා ඉල්ලීම් හා කම්කරු පංතියේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා උද්ඝෝෂණ හා වැඩ වර්ජන ක්‍රියා මාර්ග වලට ඉදිරි කාලයේදී අවතීර්ණ වීමට අනිවාර්්‍යයෙන්ම සිදුවනු ඇත. ඒ සඳහා කම්කරු පංතිය ඒකාබද්ධ බලවේගයක් ලෙස සංවිධානය වී කටයුතු කිරීම පියවර ගැනීම අත්‍යවශ්‍යවේ. මෙහිදී කට්ටිවාදයෙන් තොරව වෘත්තිය සමිති නායකයින් එකඟ වන අවම පොදු වැඩ පිළිවෙලක් සකසා ගනිමින් එය වටා සියලු බලවේග ඒකාරාශි කිරීම සඳහා පියවර ගත යුතුය. අනුර කුමාරගේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ලාංචනය ගමන් මග පැහැදිලි කරන මාලිමාව වුවද ඔහුගේ ආණ්ඩුව ඉදිරි කාලයේදී ගමන් කරනු ඇත්තේ මාලිමාවෙන් පෙන්වන ඉදිරි දැක්මක් නොමැති වල්මත්වූ ආණ්ඩුවක් වශයෙන් බව ඉදිරි කාලයේ ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කල ජනතාවන්ට දැකීමට හැකි වනු ඇත.

සිරිතුංග ජයසූරිය
2024 – 11 – 18

The post සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය appeared first on Lanka Socialists.

]]>
2024 நாடாளுமன்றத் தேர்தல் http://lankasocialist.com/?p=3880 Tue, 22 Oct 2024 06:05:35 +0000 http://lankasocialist.com/?p=3880 அடக்குமுறை, அடக்குமுறை, சுரண்டல் ஆகியவற்றுக்கு எதிராக செயல்படும் மக்கள் சக்தி எதிர்வரும் பொதுத் தேர்தல் மக்கள் அதிகாரத்தின் திசையை தீர்மானிக்கும் தேர்தல் ஆகும். தேர்தலில் போட்டியிடும் அனைத்து அரசியல் கட்சிகள் மற்றும் வேட்பாளர்கள் பாராளுமன்றவாதத்தை பின்பற்றி ஒரு தொகுதியில் வெற்றிபெற வரிசையில் நிற்கும்போது , பாராளுமன்றவாதத்திற்கு மாத்திரம் கட்டுப்படாமல் அதற்கு வெளியே மக்கள் அதிகாரத்தைக் கட்டியெழுப்ப வாக்குகோரும் ஒரே கட்சி “ஐக்கிய சோசலிசக் கட்சியாக” மாறியுள்ளது. பாராளுமன்றக் கட்டமைப்பில் அடைத்து வைப்பதன் மூலம் சமுதாயத்தில் ஒடுக்கப்பட்ட மக்களின் ...

The post 2024 நாடாளுமன்றத் தேர்தல் appeared first on Lanka Socialists.

]]>
அடக்குமுறை, அடக்குமுறை, சுரண்டல் ஆகியவற்றுக்கு எதிராக செயல்படும் மக்கள் சக்தி

எதிர்வரும் பொதுத் தேர்தல் மக்கள் அதிகாரத்தின் திசையை தீர்மானிக்கும் தேர்தல் ஆகும். தேர்தலில் போட்டியிடும் அனைத்து அரசியல் கட்சிகள் மற்றும் வேட்பாளர்கள் பாராளுமன்றவாதத்தை பின்பற்றி ஒரு தொகுதியில் வெற்றிபெற வரிசையில் நிற்கும்போது , பாராளுமன்றவாதத்திற்கு மாத்திரம் கட்டுப்படாமல் அதற்கு வெளியே மக்கள் அதிகாரத்தைக் கட்டியெழுப்ப வாக்குகோரும் ஒரே கட்சி “ஐக்கிய சோசலிசக் கட்சியாக” மாறியுள்ளது.

பாராளுமன்றக் கட்டமைப்பில் அடைத்து வைப்பதன் மூலம் சமுதாயத்தில் ஒடுக்கப்பட்ட மக்களின் உரிமைகளை வென்றெடுக்க முடியாது ,பெருந்தெருக்களில்- தொழிற்சாலைகளில்- வேலைத் தளங்களில் மக்கள் சக்தியை உருவாக்குவதன் மூமே உரிமைகளை வெல்ல முடியும். வரலாறு முழுவதும் மக்கள் தங்கள் உரிமைகளை இவ்வாறே வென்றுள்ளனர். மலையக மக்களைப்பொறுத்த வரை ஒரு கட்சி அல்லது வேட்பாளர் மக்களைப் பிரதிநிதித்துவப் படுத்துவதற்கு பாராளுமன்றத்தில்புக வாக்களிக்கப்பட்டபோது, அந்த மக்களை பிரதிநிதித்துவப்படுத்தி வாக்குகளைப்பெற்று பாராளுமன்றத்திற்குச்சென்ற ஒரு கட்சியோ அல்லது வேட்பாளரோ கிடையாது. உண்மையான அர்த்தத்தில் அவர்கள் மக்கள் பிரதிநிதிகளாக நியமிக்கப்படவில்லை. முதலாளித்துவ அரசாங்கங்களுக்கு உதவுவதன் மூலம் அவர்கள் தங்கள் சொந்த நிகழ்ச்சி நிரலை முன்னெடுத்துச் செல்வதை எமது அனுபவம் தெளிவுபடுத்துகிறது. எனவே உங்கள் பெயரில் வாக்குகளை கோரும் இத் திருடர்களை வெளியேற்ற வேண்டிய நேரம் இது.

சில இடதுசாரிகள் கூறுவது போல் ஐக்கிய சோசலிசக் கட்சி எதிர்க்கட்சியில் ஒருதொகுதியை வெல்வதற்காக தேர்தலில் போட்டியிடவில்லை. இதுபோன்ற பாராளுமன்றக் கனவு எமக்கு இல்லை. ஒடுக்கப்பட்ட தொழிலாளர்கள், இளைஞர்கள், மாணவர்கள், பெண்கள், LGBTIQ சமூகத்தினர் உள்ளிட்ட ஒடுக்கப்பட்ட அனைத்துப் பிரிவுகளின் போராட்டத்தை முன்னெடுப்பதற்காக நாம் வாக்குகளைக் கேட்கிறோம்.

மலையகப்பகுதிகளில் வாழும் மலையகத் தமிழ் மக்கள், 200 ஆண்டுகளாக, மனிதகுலத்தின் மாண்புகளை இழந்துள்ளனர். அவர்கள் இன்னும் அரை அடிமைத்தனத்தில் வாழ்கிறார்கள். சட்டத்தின் முன் சம உரிமைகளைக்கொண்ட பிரஜைகளாக அல்ல, அடிமைகளாக நடத்தப்படுகிறார்கள். அவர்களுக்கு கிராமம் இல்லை. வீடு இல்லை. முகவரி இல்லை. அவர்கள் தமது சொந்த இரத்தத்தாலும் வியர்வையாலும் கட்டயெழுப்பிய இப்பூமியில் அவர்களுக்கு ஓர் அங்குல நில உரிமைகூட கிடையாது. இறந்த பிறகு, மனிதன் இப்பூமியில் சுதந்திரமாக புதைக்கப்படவேண்டும் அந்த புதைகுழி உரிமைகூட மலையக மக்களுக்கு இல்லை. ஆட்சியாளர்களும் தோட்ட உரிமையாளர்களும் கொண்டாட்டங்களை நடத்திய 200 ஆண்டுகளுக்குப் பிறகும், தோட்டத் தொழிலாளர்கள் உட்பட மலையக மக்களுக்கு எதிரான ஒடுக்குமுறையிலும் சுரண்டலிலும் எந்த மாற்றமும் இல்லை.

இத் துயரமான சூழ்நிலையை மாற்றும் நேரம் வந்துவிட்டது. ஒருதொலைநோக்குக் கொண்ட கட்சிக்கு மட்டுமே அதனை சாத்தியமாக்க முடியும். சோசலிமே தீரவுக்கான ஒரேவழி. ஒரு சோசலிச சமுதாயத்தின் மூலம் மட்டுமே, தொழிலாளர்களை சுரண்டுவதன் மூலம் ஆட்சியிலுள்ள வர்க்கம் இலாபத்தை ஈட்டுவதற்கான முதலாளித்துவத்தை ஒழித்து, அதன் உண்மையான வாரிசுகளான தொழிலாளர்களுக்கு விமோசனத்தை வழங்க முடியும்.

சோசலிசத்தை கட்டியெழுப்பக்கூடிய சக்தி, ஒழுங்கமைக்கப்பட்ட தொழிலாள வர்க்கத்திற்கே உண்டு. முதலாளித்துவ வர்க்கத்தின் ஆட்சியை தகர்த்து, தொழிலாள வர்க்கத்தின் கைகளில் அதிகாரத்தைக் கொண்டு வருவதைத் தவிர வேறு வழியில்லை. தொழிலாளர் குழுக்கள், தொழிற்சாலைகள், நிறுவனங்கள், பள்ளிகள், பல்கலைக்கழகங்கள் போன்றவற்றின் மட்டத்தில் ஜனநாயக முறையில் ஒருங்கிணைந்த செயல்பாட்டு வலையமைப்பை உருவாக்குவதன் மூலம் கொள்ளையடிக்கும் முதலாளித்துவ வர்க்கத்தின் ஆட்சியை கவிழ்த்துவிடுவது இனி தாமதமாகாது. ஐக்கிய சோசலிசக் கட்சி அதற்காகப் போராடுகிறது.

-ஸ்ரீநாத் பெரேரா-

The post 2024 நாடாளுமன்றத் தேர்தல் appeared first on Lanka Socialists.

]]>
2024 පාර්ලිමේන්තු මැතිවරණය http://lankasocialist.com/?p=3871 Tue, 22 Oct 2024 05:14:51 +0000 http://lankasocialist.com/?p=3871 මර්දනයට පීඩනයට සූරාකෑමට එරෙහි වැඩ කරන ජනතා බලයක් එළඹෙන මහ මැතිවරණය ජනතා බලයේ දිශානතිය තීන්දු කෙරෙන මැතිවරණයකි. මැතිවරණයට තරඟ කරන සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවාදයට අනුගත වී දියවන්නාවේ ආසනයක් දිනාගැනීමට උදෙසා පෙළගැසී සිටියදී පාර්ලිමේන්තුවාදයට යට නොවී එයින් බැහැර ජනතා බලය ගොඩනැගීම සඳහා ඡන්දය ඉල්ලන එකම පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂය බවට පත්වී තිබේ. සමාජයේ පීඩිත ...

The post 2024 පාර්ලිමේන්තු මැතිවරණය appeared first on Lanka Socialists.

]]>

මර්දනයට පීඩනයට සූරාකෑමට එරෙහි වැඩ කරන ජනතා බලයක්

එළඹෙන මහ මැතිවරණය ජනතා බලයේ දිශානතිය තීන්දු කෙරෙන මැතිවරණයකි. මැතිවරණයට තරඟ කරන සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවාදයට අනුගත වී දියවන්නාවේ ආසනයක් දිනාගැනීමට උදෙසා පෙළගැසී සිටියදී පාර්ලිමේන්තුවාදයට යට නොවී එයින් බැහැර ජනතා බලය ගොඩනැගීම සඳහා ඡන්දය ඉල්ලන එකම පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂය බවට පත්වී තිබේ.

සමාජයේ පීඩිත ජන කොට අයිතිවාසිකම් දිනාගත හැක්කේ පාර්ලිමේන්තු රාමුවට කොටුවීමෙන් නොව මහපාරේ වීදියේ කම්හලේ වැඩබිමේ ජන බලය ගොඩනැගීමෙනි. ඉතිහාසය පුරා ජනයා සිය අයිතිවාසිකම් දිනාගෙන ඇත්තේ එලෙසිනි. උඩරට වතුකරය ගත්විට එම ජනතා නියෝජනය කරන්නට ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තු ගිය එකදු පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් හැබෑ අරුතින් ගත් කල ඔවුන් නියොජනය කළේ නැත. ඔවුන් කළේ ධනපති ආණ්ඩුවලට මුක්කු ගසමින් තම පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගැනීම පමණක් බව මේ වනවිට අත්දැකීමෙන්ම පැහැදිලිය. එබැවින් ඔබේ නමින් ඡන්දය ඉල්ලාගෙන එන මේ හොරුන් තක්කඩියන් එළවා දැමීමට කාලය උදාවී තිබේ.
එක්සත් සමාජවාදී පක්ෂය ඡන්දය ඉල්ලන්නේ වාමාංශිකය කියන ඇතැම් අය කියන පරිදි විපක්ෂයේ ආසනයක් දිනාගැනීමට නොවේ. එවැනි මන්ත්‍රී සිහිනයක් අපට නැත. අප ඡන්දය ඉල්ලන්නේ ඒ තුළින් ලැබෙන ශක්තිය උපයෝගි කරගෙන පීඩිත කම්කරුවන්ගේ, තරුණයන්ගේ, සිසුන්ගේ, ස්ත්‍රීන්ගේ, lgbtiq ප්‍රජාව ඇතුළු සියලු පීඩිත ජන කොටස්වල අරගලය පෙරට ගැනීම සඳහාය.
උඩරට කඳුකරයේ මලෙයියග ජනයා වසර 200ක් තිස්සේ මිනිස් බවේ ආවේණික ගුණාංගයක් වූ ගරුත්වයට කිසි දින හිමිකමක් නොලැබූ ජන කොටසකි. ඔවුන් තවමත් ජීවත් වන්නේ  අර්ධ වහල් තත්ත්වයෙනි. නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් ලබන්නේයයි කීවද ඔවුන්ට සලකන්නේ පුරවැසියන් ලෙස නොව යටත්වැසියන් ලෙසය. ඔවුන්ට ගමක් නැත. නිවසක් නැත. ලිපිනයක් නැත. තම ලෙයින් ඩහදියෙන් සරු කළ පොළොවේ බිම් අඟලකට අයිතියක් නැත. මියගිය පසු මිනිසකු ලෙස පොළොවට පස් වීමටවත් අයිතියක් නැත. පාලකයන් සහ වතු හිමියන් උත්සව පවත්වා සැමරූ දෙසීය වසරකට පසුත් වතු කම්කරුවන් ඇතුළු මලෙයියග ජනතා පෙළන පීඩනයේ, සූරාකෑමේ කිසිදු වෙනසක් සිදුවී නැත.
මේ දුක්ඛිත තත්ත්වය අවසානාත්මක ලෙස වෙනස් කිරීමට කාලය එළඹ තිබේ. එය කළ හැක්කේ ඒ සඳහා දැක්මක් ඇති පක්ෂයකට පමණි. ඒ සඳහා මග වන්නේ  සමාජවාදයයි. පාලක පීඩක පන්තිය විසින් කම්කරුවන් සූරාකමින් ලාභ පොදි ගහන මේ මජර ධනවාදය අහෝසි කොට ශ්‍රමයේ පලය එහි හැබෑ උරුමකරුවන් වන වැඩකරන ජනතාවට හිමිකර දිය හැක්කේ සමාජවාදී සමාජ ක්‍රමයක් තුළිනි.
ඒ සමාජවාදය ගොඩනැගිය හැකි බලවේගය වන්නේද සංවිධිත කම්කරු පන්තියයි. ධනපති පන්ති පාලනය බිඳ දමා කම්කරු පන්තිය අතට බලය ගැනීම හැර වෙන මාවතක් නැත. ඒ සඳහා වැඩපොල, කම්හල්, ආයතන, පාසල්, විශ්ව විද්‍යාල ආදිය මට්ටමින් කම්කරුවන්ගේ කමිටු ගොඩනඟමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒවා එකතු කරගත් ක්‍රියාකාරී ජාලයක් හොඩනගා කොල්ලකාරී ධනේශ්වර පන්ති පාලනය පෙරලා දැමීම තවදුරටත් පමා කළ නොහැකිය.
එක්සත් සමාජවාදී පක්ෂය සටන් වදින්නේ ඒ වෙනුවෙනි.
– ශ්‍රිනාත් පෙරේරා –

The post 2024 පාර්ලිමේන්තු මැතිවරණය appeared first on Lanka Socialists.

]]>