Home / Activities / සිවලෝගනාදන් විද්‍යා ඝාතනය හෙළා දැකීමේ කොළඹ සැමරුම

සිවලෝගනාදන් විද්‍යා ඝාතනය හෙළා දැකීමේ කොළඹ සැමරුම

යාපනය” කයිට්ස්” පුන්කුඩුතිව්හි§ ලිංගික හිංසනයකට ලක් කිරීමෙන් අනතුරුව සාහසික ලෙස මරා දමනු ලැබු 17 වයසැති සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සැමරීම උදෙසා ප්‍රජාතන්ත්‍ර ජනතා පෙරමුණු විසින් සංවිධානය කරන ලද අනුස්මරණ රැස්වීමක් වැල්ලවත්ත ටැමිල් සංගම් ශාලාවේ§ 28 වන Èන විශාල ජනතා සහභාගිත්වයෙන් පැවැත්වින.
එම රැස්වීම අමතා කථා කළ එක්සත් සමාජවා§ පක්‍ෂයේ ලේකම් සිරිතුංග ජයසූරිය ප්‍රකාශ කලේ මෙම අමානුෂික ඝාතනය සියලූ දෙනා ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු බවත් ඉන් නොනැවතී විද්‍යාගේ ඝාතනය හරහා ඉස්මතු කෙරෙන දේශපාලන ප්‍රශ්න වලට විසඳූම් සොයා ගැනීම සඳහා එක්සත් ප්‍රයත්නයක් දැරීමේ අවශ්‍යතාවය අද වෙන කිසි Èනකටත් වඩා ඉස්මතු වී ඇති බවය.
විද්‍යා ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයන් වල යෙදූන අහිංසක ජනතාව පසුපස ත්‍රස්තවා§ උවමනාවන් Èයත් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් කරන ලබන ප්‍රකාශ නැවත වරක් දෙමළ ජනතාවට එරෙහිව දකුණේ සිංහල ජාතිවාදය උසිගැන්වීමක් බවද ඔහු කියා සිටියේය. ඥාණසාරලා හා බොදූ බල සේනාව ගෙන ගිය අන්ත ජාතිවාදය මේ වන විට මහින්ද රාජපක්‍ෂ සියතට ගෙන ඇති බවත් මේ තත්වයට එරෙහිව කටයුතු කිරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යුතු කමක් බවත් පැවැසීය. මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම දකුණේ ගෙන යන තුච්ච ජාතිවාදය පරාජය කිරීම සඳහා උතුරේ හා දකුණේ ප්‍රගතිශීලි බලවේග අත් වැල් බැද ගත යුතු බවද සිරිතුංග සහෝදරයා වැඩි දූරටත් පැවසීය.
මෙම අනුස්මරණ රැස්වීම ප්‍රජාතන්ත්‍රවා§ ජනතා පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රි වේලනෛයි වේනියන් මහතා විසින් සංවිධානය කරනු ලැබූ අතර එම පක්‍ෂයේ නායක මනෝ ගනේෂන්” නලනි රාජරත්නම්” පලාත් සභා මන්ත්‍රි රගුනාදන් යන අයද කථා පැවැත්විය.

 

About ragu

Scroll To Top