Home / Upcoming Events / ජූනි 15 දර්ගා නගරයේ කලූ දිනය- -නැවත ඇති නොවීමට

ජූනි 15 දර්ගා නගරයේ කලූ දිනය- -නැවත ඇති නොවීමට

11008406_1018210968198196_1821287175562457971_n

 

ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂක වෙත 10 -06 -2015
හිතවත් මහත්මයානෙනි.

දර්ගා නගරයේ සිදුවීම ජුනි 12 වර්ෂ පූර්ණ සම්මන්ත්‍රණය
පසුගිය 2014 වසරේ ජුනි මස 15 වෙනි දින අලූත්ගම දර්ගා නගරයේ සිදුවු ආගමික අන්තවාදි ගැටුමට මෙම ජුනි 15 දිනට වසරක් පිරෙනු ඇත. එ දර්ගා නගරයේදි ඇතිවු ගැටුම හේතුකොට ගෙන තරුණයින් තිදෙනෙකුගේ ජිවිත අහිමි විය. තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබූ අතර හානිවූ නිවාස හා දේපොල ප්‍රමාණය විශාල සංඛ්‍යාවකි.
නැවත වරක් එවැනි විනාශයක් ඇති නොවීම සඳහා ජාතිවාදයේ හා ආගමික අන්තවාදයේ ගිනිදැල් නිවාලමු යන තේමාව යටතේ එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජනතා සංවාදයක් මෙම ජුනි මස 12 වෙනි දින සවස 4.00ට මරදාන ඩින්ස්පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. :(CSR)
එම සංවාදශීලී සම්මන්ත්‍රණය අමතා එක්සත් සමාජවාදී පක්‍ෂයේ නායක සිරිතුංග ජයසුරිය, ප්‍රජානත්්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පළාත් සභා මන්ත්‍රී මුජබර් රහුමාන්ල හා එස්. සත්‍යවේල් පියතුමා යන පිරිස කථා කිරිමට නියමිතය
මේ ගැන ඔබ පුවත් පතේ ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලන අතර 12 වෙනි දින සවස 4ට ඔබ මාධ්‍ය ආයතනයේ නියෝජිතයෙකු සහාගි කරවිමට කටයුතු කරන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙයට, විශ්වාසී
සිරිතුංග ජයසුරිය
ප්‍රධාන ලේකම්

About senan

Scroll To Top