Home / Articles / Das Kapital 150 වන සංවත්සරය
Das Kapital  150 වන සංවත්සරය

Das Kapital 150 වන සංවත්සරය

 

2-10

Das Kapital

150 වන සංවත්සරය
අදටත් වලංගු ධනවාදය පිළිබද අසමසම විශ්ලේෂණ

මෙම වසර අවසානයේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් රුසියානු විප්ලවයේ ශත සංවත්සරය එලඹෙනු ඇත.
එ් අතර මෙම වසරේ සැප්තැම්බර් මස 14 වන දිනට තවත් විශේෂ සංවත්සරයක් උදාවිය. එනම් කාල් මාක්ස්ගේ (ඩාස් කැපිටාල්*
ප‍්‍රාග්ධනය ග‍්‍රන්ථයේ පලමුවන වෙළුම ප‍්‍රකාශයට පත් කරන ලද්දේ 1867 වසරේ සැප්තැම්බර් 14 වනදාය. එනම් මීට වසර 150කට පෙරය. එම ග‍්‍රන්ථයේ අදහස් මගින් කම්කරු පංතියේ පක්ෂය ගොඩනැංවීම සඳහා වන මූලික න්‍යායාත්මක අමුද්‍රව්‍ය සපයන ලද අතර පසුකලෙක 1917 දී ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුතු බොල්ෂේවික් පක්ෂය රුසියාවේ ගොඩනැ`ගීම තුලින් කම්කරු පන්තියට බලය ලබා ගැනීම දක්වා වර්ධනය විය.
කාල් මාක්ස් යනු වර්තමානයට කිසිදු අදාලකමක් නොමැති 19 වන සියවසේ න්‍යායවාදියෙකු ලෙස පරිහාසයට ලක්කරනු ලැබීම දක්නට ඇත. ධනවාදය මගින් පන්ති අතර ඇති වත්කම් විසමතාවය තවදුරටත් වර්ධනය වන බවටත් එ් අනුව ලෝකයපුරා කම්කරුවන් මිලියන ගණන් හිඟමනට පත්වන බවටත් ඔහු පලකල අනාවැකි සමච්චලයට භාජනය කිරීමද එලෙසම දක්නට ඇත. එසේ වුවද අද වනවිට ලෝකයේ තත්වය බොහෝ දුරට වෙනස්වී ගොස්ය. නව ලිබරල්වාදය ගැඔුරු අර්බුදයක ගිලී ඇත.

මෙම පසුබිම තුළ මාක්ස්ගේ අනාවැකි සැබෑවෙමින් ධනවාදින්ගේ සිත් සසල කරවීමට සමත්ව ඇත. 2008 දී සිදුවූ දරුණු ආර්ථික පසුබෑම හේතුවෙන් ඇති වන අර්බුදවලින් ගැලවීයාමේ ක‍්‍රමයක් සොයා ගැනීමට ධනපති පන්තිය නිරර්ථක වෑයමක නිරතව සිටි. එම ආර්ථික පසුබෑම නිසා ගෝලීය වශයෙන් ඩොලර් ටි‍්‍රලියන 12.8ක නිෂ්පාදන පාඩුවක් සිදුව ඇත. නිෂ්පාදන අධිකාරියේ කඩාවැටීම වැලැක්වීම සදහා පසුගිය කාලයේදී රාජ්‍ය මැදිහත්වීම් සඳහා ඩොලර් ටි‍්‍රලියන 10ක් වැයකර කිරීමට සිදුවිය. මෙම තත්වය තුල මාක්ස්ගේ න්‍යායයන් යලි පරීක්ෂාවට භාජනය කිරීමට නව ලිබරල්වාදී .ඉකොනොමිස්ට්. සඟරාව වැනි අය තීරණය කිරීම පුදුමයට හේතුවක් නොවේ. අද දින සියළු ධනපති දේශපාලඥයින්ට ඉගැන්වීමට කාල් මාක්ස් සතුව බොහෝ දෑ ඇත යන මැයෙන් පල කරන ලද ලිපියක අනතුරු අඟවමින් ලොවපුරා ප‍්‍රාග්ධනය ඉතා සුළු පිරිසක් අතර එ්කරාශීවී තිබීම පෙන්වාදී ඇත. එමෙන්ම කම්කරුවන්ගේ වැටුප් කප්පාදුව හා විශේෂයෙන්ම තරුණ පිරිස් ඇතුළුව මිලියන ගණනක් අනියම් කම්කරුවන් සේවයට යොදා ගැනීමෙන් සිදුවන සූරාකෑම හේතුවෙන් ඇතිවන පන්ති වෛරය නිසා ධනේෂ්වර සමාජ රටාව පිපිරීමක් කරා ගමන්කළ හැකිවෙනු ඇතැයි ධනපති පඩිවරු අනතුරු අඟවන තත්වය උදාවි ඇත.

මාක්ස් බොහෝ කලකට පෙර විස්තර කර ඇති පරිදි මෙම ප‍්‍රවණතා කිසිවක් මෙම වකවානුවට පමණක් අනන්‍ය වන්නේ නැත. ඩාස් කැපිටල් ග‍්‍රන්ථයේ 10 වන පරිච්ජේදය මගින් මාක්ස් වැඩකරන දිනය පිළිබද කරුණු පෙන්වා දෙයි. ලාභයේ නාමයෙන් තරුණ හා මහලූ සෑම කම්කරුවෙකුම මුහුණ දෙන ගැටලූ කෙරෙහි ඔහු සිදුවීම් පෙලගස්වමින් පෙන්වා දෙන අතර වැඩ බිමෙහිදී ඇති වන ශ‍්‍රම සූරාකෑම පිළිබද හද කම්පාවන විස්තර අනාවරණය කරයි. වැඩ කරන පැය ගණන දීර්ඝ කරමින් වැඩබිමෙහි පවත්නා අසහනකාරී තත්වයන් තවත් තිව‍්‍ර කරමින් වඩ වඩාත් ලාභය ලබා ගැනීම සඳහා නොසංසිදෙන කෑදරකමින් යුතුව ධනපති පංතිය කි‍්‍රයා කරන අන්දම මාක්ස් පෙන්වා දෙයි.

ආර්ථිකයේ දේශපාලනය

මාක්ස් හා එංගල්ස් දෙදෙනාම ජීවත්ව සිටියදීම ප‍්‍රාග්ධනය ග‍්‍රන්ථය භාෂා නවයකින් පලවිය. එහි වෙළුම් තුන ප‍්‍රථමයෙන්ම පරිවර්තනය කරන ලද්දේ රුසියානු භාෂාවටය. උද්යෝගීමත් තරුණ කම්කරුවන් හා බුද්ධිමත්හු එහි පිටු අතර කිමිදෙමින් දැඩි ආශාවෙන් එය කියවූහ. ලෙනින්ගේ වැඩිමහල් සොයුරු ඇලෙක්සැන්ඩර් එය මහත් උනන්දුවෙන් යුතුව කියවූ අතර ඔහුගේ සොහොයුරාවූ ලෙනින්ට එය කියවිමටද නිර්දේශ කළේය. එහෙත් රාජ්‍ය ආණ්ඩු ක‍්‍රමය ගැන බලාපොරොත්තු බිඳවැටුණු හා නිවැරදි මගක් නොදුටු ඇලෙක්සැන්ඩර් පෞද්ගලික ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් තුලින් සාර් ඝාතනයට තැත් කළාය යන චෝදනාවට ලක්වී එල්ලා මරා දමන ලදී. එහෙත් ඔහුගේ බාල සොහොයුරා වූ විලැඩිමීර් ඉලීච් ලෙනින් මාක්ස්වාදී පොත්පත් පරිශීලනය කරමින් දැනුවත් වෙමින් සිය දැනුම කි‍්‍රයාවට නැංවීමට සුදානම් වූයේය. පසුකලෙක ඔහු දේශපාලනික ආර්ථිකය පිළිබඳ ශ්‍රේෂ්ඨතම ග‍්‍රන්ථය වන්නේ ප‍්‍රාග්ධනය යනුවෙන් පවසා සිය ගෞරවය එයට පලකලේය.
1867 වසරේදී මාක්ස්ගේ යාවජීව සගයාවූ ප්‍රෙඞ්රික් එංගල්ස් ප‍්‍රාග්ධනය
ග‍්‍රන්ථය විමර්ශනය කරමින් මෙසේ ලිවේය. ,මෙම ලෝකයේ කිසිවෙකු විසින් මෙතුවක් කල් කම්කරුවන්ට මේ තරම් වැදගත් කමක් සහිත එකදු පොතක්වත් එලිදැක්වූයේ නැත., යනුවෙන් ප‍්‍රකාශ කළේය.

මාක්ස් සිය ජීවිත කාලයෙන් වසර 40ක් ප‍්‍රාග්ධනය ග‍්‍රන්ථය ලිවීමට වැයකර ඇත. 1883දී මාක්ස් මියයාමෙන් පසුව වෙහෙස නොසලකා එංගල්ස් සිය මිතුරු මාක්ස් විසින් ලියා තිබූ සියලූ කටු සටහන් හා අඩක් නිමකොට තිබූ සටහන් සියල්ල ඉතා සුපරික්ෂාකාරී ලෙස එක්තැන් කර ගනිමින් ඒවා නිවැරදි ලෙස සකස් කරමින් පසු කලෙක දෙවන වෙළුම තුලින් ප‍්‍රාග්ධනය
සංසරණය වන අයුරු හා තුන්වන වෙළුම තුළින් සමස්ථයක් ලෙස ධනවාදී නිෂ්පාදනය හා එහි පරස්පරතා ප‍්‍රකාශයට පත් කිරීමට මහත් පරිශ‍්‍රමයක් දැරුවේය.

1840 දශකයේදී මාක්ස් හා එංගල්ස් යන මිතුරන් දෙදෙනා ඉතිහාසයේ භෞතිකවාදී අර්ථකථනය පිළිබඳ මූලික අදහස් නිරවුල් ලෙස පැහැදිලි කිරීමටද එයින් පැන නැෙ`ගන විද්‍යාත්මක සමාජවාදය පිළිබද න්‍යායය ඉදිරිපත් කිරීමටද පියවර ගත්හ. (මේ කාලය තුල ඔවුහු ලිපි ලේඛන රාශියක් ඉදිරිපත් කළහ. එනම් දේශපාලනික ආර්ථිකය පිළිබඳ විවේචනයන් ගැන පලකල ලිපියක්ද, 1844දී ඉදිරිපත් කල ආර්ථිකය හා දර්ශන විද්‍යාත්මක ලිපිවල අත්පිටපතක් හා ජර්මන් දර්ශනවාදය, දර්ශන විද්‍යාවේ දිලිදු බව, වැටුප ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය හා කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය යන කෘතින් ඊට අඩංගු විය.*
ධනවාදී නීතිප‍්‍රාග්ධනය ග‍්‍රන්ථය ලිවීමේදී ධනවාදී සමාජයේ සංවර්ධනය පිළිබද ආර්ථික නීතිය මාක්ස් ගවේෂණයට ලක් කළේය. එම ග‍්‍රන්ථයේ පළමුවන වෙළුමේදී ඔහු කම්කරු පන්තික ආර්ථික අරගලයේ ඉතිහාසය සොයා ගනියි. මෙම අරගලයේදී කර්මාන්තශාලා වල පවතින නීති රීති වල කාර්යභාරය ඔහු පැහැදිලි කරයි. යන්ත‍්‍ර සූත‍්‍ර ධනවාදීන් උපයෝගී කර ගැනීමද විශ්ලේෂණයට ලක්කරයි. මුදල්, ප‍්‍රාග්ධනය බවට පරිවර්තනය වන අයුරු ඔහු පැහැදිලි කලේය. මුදල් ගො`ඩගැසීමේදී අතිරික්තයක් සෑදෙන බවත් ධනවාදීහු මෙම අතිරික්තය ආයෝජනය කරන්නේ වෙනත් කිසි`දු හේතුවකට නොව, නිෂ්පාදන කාර්යභාරයේ ඊළඟ කි‍්‍රයාදාමය සඳහා වඩාත් වැඩි අතිරික්ත ලාභයක් ලබාගනු පිණිස බවත් පෙන්වාදුනි.

ඔහු තමා දරන සැම මතයක්ම ස්ථිර ලෙස තහවුරු කරමින් හා ධනවාදය ගොඩනැංවීමේ ඓතිහාසික කි‍්‍රයාවලිය විශ්ලේෂණය කරමින් ඔහු එ් සඳහා ද්වන්දාත්මක හෙවත් අපෝහක භෞතිකවාදය තුලින් අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරයි. ධනවාදී ආර්ථිකය වර්ධනය වන්නේ විනිමයට අදාළ කේවල සිදුවීම් පෙලක් මගින් නොව, විශේෂිත හා හඳුනාගත හැකි ආර්ථික විද්‍යා නියමයන් මගින් කෙරෙන බලපෑම් තුලින් බව මාක්ස් පෙන්වා දුන්නේය. මාක්ස් සිය ප‍්‍රාග්ධනය ග‍්‍රන්ථය ආරම්භ කරන්නේ භාණ්ඩ යනු කුමක්දැයි ගැඔුරින් පරික්ෂාවට ලක් කිරීමෙනි. භාණ්ඩ යනු මිනිස් ශ‍්‍රමය හුවමාරුවට ලක් කළ නිෂ්පාදනයකි. ධනවාදී නිෂ්පාදනය යනු අන් සියල්ලටම වඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීම හා එ්වා අතිමහත් ලෙස ගොඩගසා ගැනීමයි.

හැම භාණ්ඩයකටම පාරිභෝගික – අගයක් තිබේ. එයින් ගම්‍ය වන්නේ යම් කෙනෙකුට එම භාණ්ඩය අවශ්‍ය බවත්, එහෙයින් එය මිලදී ගන්නා බවත්ය. භාණ්ඩයේ භෞතික ගුණාංග අනුව පාරිභෝගික අගය සිමා වෙයි. එහෙත් සෑම භාණ්ඩයකටම කොටස් දෙකකින් යුත් ස්වභාවයක් තිබේ. එමෙන්ම එයට හුවමාරු අගයක්ද තිබේ. හැම යුගයකදීම පාරිභෝගික – අගයන් නිෂ්පාදනය වී ඇතත් ධනවාදී සමාජයය නිෂ්පාදන යුගයේදී පමණක් එම නිෂ්පාදන විනිමය අගයන් බවට භාණ්ඩ බවට පත් කරනු ලබයි. එ්වා නිපදවන්නේ එ්වා අලෙවි කිරීම සදහාය. එ් අනුව භාණ්ඩවලට ද්විත්ව අනුලක්ෂණයක් හිමිවෙයි. එ්වාට විශේෂිත දේහ ලක්ෂණ හිමිය. (උදාහරණ ඇඳුමක්, මහන මැෂිමක් හෝ එවැනි භාණ්ඩ යනාදිය* එ්වා මිලදී ගැනීමට සුදානම් වන හා හැකියාවක් සහිත පාරිභෝගිකයනට එම ලක්ෂණ අවශ්‍ය හෝ අනවශ්‍ය විය හැක. එහෙත් කිසිදු භෞතික ලක්ෂණයක් නොමැති එමෙන්ම කෑමට ඇඳීමට හෝ කියවීමට ගත නොහැකි සැගවී ගත් ගුප්ත වූ යම් ගති ලක්ෂයක්ද එහි අන්තර්ගතව තිබෙනු හැකිය.

භෞතික වෙනස්කම් පැවතුනද කුමන වූ පරිභෝජනයක් සදහා වුවද වෙළද පොලේ ඇති භාණ්ඩ අනෙකුත් භාණ්ඩ සමග හුවමාරු කරගත හැකිය. මෙය එසේ සිදුවන්නේ කෙසේද? විවිධ වූ භාණ්ඩ හුවමාරුකර ගන්නේ කුමන වූ යාන්ත‍්‍රණයකට අනුවද යන්නද තේරුම්ගත හැකිය.

මිනිස් ශ‍්‍රමය

නිශ්චිත කාල සිමාවකදී සාමාන්‍ය ලෙස ශ‍්‍රමය, යන්ත‍්‍ර සූත‍්‍ර හා ක‍්‍රමවේදයන් භාවිතා කරන විට ඕනෑම භාණ්ඩයක් නිපදවීමට එක්තරා කාල වේලාවක් අවශ්‍ය වෙයි. මෙම තත්වය පාලනය කරනු ලබන්නේ සමාජය තුල පවතින තාක්ෂණයේ මට්ටම විසිනි. මාක්ස්ගේ වචන වලින්ම කියන්නේ නම් සියළුම භාණ්ඩ නිෂ්පාදනය කළ යුත්තේ සමාජයට එ්වා අවශ්‍ය ප‍්‍රමාණයට අනුවයි. එ් අනුව සෑම භාණ්ඩයකම වටිනාකම වන්නේ නිෂ්පාදන කාර්යය තුල ගැබ්වූ සමාජමය අවශ්‍යතා අනුව වැය කෙරෙන ශ‍්‍රමික කාලයයි. සිය ශ‍්‍රම ශක්තිය විකුනන කම්කරුවන් සමග ධනපති පන්තිය කොන්ත‍්‍රාත්තුවකට එලෙඔති. එ් ඔවුනට නිෂ්චිත වේතනයක් ගෙවීමය. ශ‍්‍රමික ශක්තිය යන්නද භාණ්ඩයකි. එම ශ‍්‍රමික ශක්තියේ වටිනාකම තීරණය කරනු ලබන්නේ නිෂ්පාදනයක් සදහා අවශ්‍ය වන ශ‍්‍රම කාලය අනුවය.

අන් සියළු භාණ්ඩ මෙන්ම කම්කරුවන්ගේ ශ‍්‍රම ශක්තියද භාණ්ඩයක් බව පෙන්වා දෙන මාක්ස් එය අති විශේෂ භාණ්ඩයක් වන බවද අවධාරණය කරයි. එය පමණක්ම භාණ්ඩයක වටිනාකම නිර්මාණය කරන මූලික බලවේගය වෙයි. වටිනාකමේ ප‍්‍රභවයද එය වෙයි. එය සතුව ඇති වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ලබා ගැනීමේ විභවයද ඊට අන්තර්ගත වෙයි.

මුදල් ප‍්‍රයෝගය (සූරාකෑම*

ඉන් අනතුරුව විශේෂිත ධනවාදී මුදල් ප‍්‍රයෝගය සිදුකිරීම කරලියට එලෙඔයි. උදාහරණයක් ලෙස ගෙවනු ලබන වේතනයට එකඟතාවය පල කරන කම්කරුවා නිෂ්පාදන කි‍්‍රයාවලියේ ප‍්‍රථම පැය තුන හතර තුලදී වේතනයට සරිලන වටිනාකමක් සහිත භාණ්ඩ නිෂ්පාදනය කරයි. එහෙත් ධනපති කම්හල් හිමියා කම්කරුවාගෙන් පැය අටක ශ‍්‍රම ශක්තියක් මිලදී ගෙන ඇත. එ් අනුව සිය වැඩ මුරයේ යම් කාලයක් සදහා කම්කරුවා වැටුපක් ලබන අතර ඉතිරි කාලය කම්කරුවා වැඩ කරන්නේ ධනපතියන්ට අතිරික්ත වටිනාකමක් ගොඩගසා ගැනීම වෙනුවෙනි.

මෙසේ නිස්සාරණය කර ගන්නා අතිරික්ත මුදල අතිරික්ත වටිනාකම හෝ ලාභය හෝ වෙයි. එ් අනුව ලාභය යනු කම්කරු පන්තියට ගෙවීමක් නොදෙන හොරෙන් උදුරාගනු ලබන ශ‍්‍රමයයි. ප‍්‍රාග්ධනය එ්කරාශී කර ගැනීමේ ප‍්‍රභවය වන්නේද මෙම ගෙවීමක් කරනු නොලබන කම්කරු පන්තියේ ශ‍්‍රමයයි. වැඩිපුර වැටුප හෝ අයිතීන් සදහා සෑම වැඩ කරන ස්ථානයකම කම්කරුවන් ගෙනයනු ලබන පන්ති අරගලය යනු ඉහත දැක්වූ අතිරික්ත වටිනාකම වංචනිකව ගොඩගසා ගැනීමට එරෙහි කරන අඛණ්ඩ සටනක් මිස වෙනත් දෙයක් නොවේ. ඕනෑම තකතීරු ධනපති සේවාදායකයකු වුවද කාලය යනු මුදල්ය යන අදහස වටහා ගනු නොඅනුමානය. මෙලෙස සිදුවන අතිරික්ත වටිනාකමෙහි ප‍්‍රභවය කුමක්ද යන්න තේරුම් ගැනීමේ ප‍්‍රථමයා වූයේ මාක්ස්ය. සම්භාව්‍ය ආර්ථික විශේෂඥයකු වූ රිකාඩෝ වැනි සමහරෙක් මෙය හදුනාගත් නමුත් එහි සමස්ථ කි‍්‍රයාදාමය පිළිබදව සෑහෙන අයුරින් විග‍්‍රහ කිරීමට ඔවුහු අපොහොසත් වූහ.

මෙම විෂය පිලිබදව ඔහු සිදුකරන ලද පූර්ව පර්යේෂණයන් සියල්ල එ්කාබද්ධ කර ගනිමින් ධනවාදී නිෂ්පාදනයේ සියළුම කි‍්‍රයාවලින් පිළිබදව ද්වන්දාත්මක විමර්ශනයක් සිදු කිරීම මාක්ස් ආරම්භ කළේය. ප‍්‍රථමයෙන්ම භාණ්ඩය යනු කුමක්ද යන්න එහි මූලික ලක්ෂණ අනුව විශ්ලේෂණය කරනු ලැබිණ. ඉන් පසුව භාණ්ඩයක් නිර්මාණය කරන පරස්පර කොටස් දෙකකින් යුතු ශ‍්‍රමයේ ස්වභාවය පිළිබදව විශ්ලේෂණය කරනු ලැබිණ. එංගල්ස්ට අනුව ඓතිහාසික භෞතිකවාදය සොයා ගැනීමෙන් පසුව මාක්ස්ගේ දෙවන ඉතා උසස්ම සොයා ගැනීම වන්නේ අතිරික්ත වටිනාකම පිළිබද සංකල්පයයි. ප‍්‍රාග්ධනය
ග‍්‍රන්ථය වනාහි ධනේෂ්වර නිෂ්පාදන කි‍්‍රයාවලිය විස්තර කෙරෙන අදහස්වලින් පිරීගත් නිධාන කුටීරයක් බඳුය.

පංති අරගලය

මාක්ස් පෙන්වාදුන් අන්දමට දේශපාලන ආර්ථීක විද්‍යාව හැදැරීම තුලින් ආර්ථික බලවේග අපගේ ජීවිත පාලනය කරනු ලබන අන්දම ඉතා හොදින් පැහැදිලි කරගත හැකිය. එමෙන්ම සමාජ සංවර්ධනය, ඉතිහාසය, දේශපාලනය, සංස්කෘතිය හා පන්ති අරගලය යන කේෂ්ත‍්‍ර තුලද එම ආර්ථික බලවේග අන්තර් ක‍්‍රියාවන්හි නිරත වන අයුරුද අපට පැහැදිලි වෙයි. ප‍්‍රාග්ධනය
ග‍්‍රන්ථය අගය කරමින් 1940 වසරේදී ට්‍රොට්ස්කි මෙසේ ලීවේය. ,යම් සිද්ධාන්තයක් විසින් ධනේෂ්වර සංවර්ධනය පිලිබද කි‍්‍රයාවලිය නිවැරදිව තක්සේරු කර තිබේ නම් හා අනෙකුත් න්‍යායනයට වඩා හොදින් අනාගතය දැක තිබේ නම් එය ප‍්‍රග්ධනය කෘතියවේ. එය තව වසර සිය ගණනක් ගෙවී ගියද අපගේ කාලයේ ඇති ඉතාම උසස්ම සිද්ධාන්තය ලෙස රැුදී පවතිනු ඇත.,
අද වන විට නවලිබරල් ලෝක ධනවාදය දේශපාලනික, සමාජයීය හා ආර්ථික අර්බුද ගණනාවකට මුහුණපාමින් වඩ වඩාත් ගැඔුරු අර්බුදයන්ට පාත‍්‍ර වෙමින් පවතී. මේ සම`ග ලොව පුරා සිටින කම්කරුවෝ යලිත් වරක් ප‍්‍රාග්ධනය නම්වූ ග‍්‍රන්ථය මෙන්ම මාක්ස්ගේ අනෙකුත් කෘතින්ද අධ්‍යයණය කරනු ඇත. එවිට මාක්ස්ගේ මෙම ආප්තෝපදේශයද ඔවුන්ගේ සිහියට නිරන්තරයෙන්ම නැගෙනු ඇත. ‘‘දාර්ශනිකයන් මේ දක්වාම සිදු කර ඇත්තේ නොයෙකුත් ආකාරයෙන් ලෝකය අර්ථ නිරූපණය කිරීම පමණකි. වඩාත්ම වැදගත් කරුණ වන්නේ ලෝකය වෙනස් කිරීමයි’’. යනුවෙන් කාල් මාක්ස් එදා කළ විග‍්‍රහය අදටත් එකසේ වලංගුය.

Scroll To Top