Home / Articles / ‘ඒකීය රාජ්‍ය’ ‘ඔරුමිත්තනාඩු’ සහ ව්‍යවස්ථා රැවටිල්ල

‘ඒකීය රාජ්‍ය’ ‘ඔරුමිත්තනාඩු’ සහ ව්‍යවස්ථා රැවටිල්ල

‘ඒකීය රාජ්‍ය’ ‘ඔරුමිත්තනාඩු’ සහ

ව්‍යවස්ථා රැවටිල්ල

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් සමන්විත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පසුගිය සැප්තැම්බර් මස 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරින. මේ ආණ්ඩුව වසර 2 1/2ක් තිස්සේ කාලය මරා දමා කන්දක් විළිලා මී පැටියෙකු තරම්වත් නොවන රැුවටීමක් මෙම වාර්තාවෙන් සිදුකර ඇති බව අපගේ අදහසය. ව්‍යවස්ථාව ගැන අපගේ මතය මෙම ලිපියේ වෙනම සඳහන් කිරීමට බලාපොරොත්තුවෙමු. සිංහල ජාතිවාදී දේශපාලන බලවේග හා බෞද්ධ භික්ෂුන්ගෙන් බරපතල කොටසක් මේ වනවිට යෝජිත කෙටුම්පත මගින් රට දෙකඩ කිරීම සදහා වන සැඟවුන න්‍යාය පත‍්‍රයක් ඇති බවට ඝෝෂාවක් ආරම්භ කර ඇත. ඊට හේතුවී ඇත්තේ මෙහෙයුම් කමිටු කාරක සභා වාර්තා කෙටුම්පතේ සිංහල භාෂාවෙන් ,එ්කීය රාජ්‍ය, යන්න සඳහන් කර තිබුණද 1972 හා 1978 ව්‍යවස්ථාවේ යොදා තිබෙන එ්කීය යන්නට ඉංශ‍්‍රීසි භාෂාවෙන් තිබූ යෙදුම වන ‘ඹබසඒරහ’ යන්න ඉවත්කර ‘ඔරුමිත්තනාඩු’ යන දෙමළ වචනය අලූතින් හඳුන්වා තිබීමය. මන්දබුද්ධික සිංහල ජාතිවාදීන් හුඹස්බියක් පෙන්වා ජනතාව රැුවටීමට කටයුතු කරමින් සිටියද මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවේ සිංහල පිටපතේ එ්කීය රාජ්‍ය හා ඔරුමිත්තනාඩු යන පදයන්ට නව අර්ථනිරූපනයක් ඇතුලත් කොට ඇත. එනම් ,එ්කිය රාජ්‍යය, හෝ ඔරුමිත්තනාඩු යනු නොබෙදිය හැකි රාජ්‍යයක් ලෙස අර්ථනිරූපණය කර තිබීමය. ජාතිවාදීන් මතුකරන දෙවන කාරණය වන්නේ මේ ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමිවිය යුතු ප‍්‍රමුඛස්ථානය යෝජිත සංශෝධනයෙන් වෙනසකට භාජනය වන බවය. ජාතිවාදින් නගන එම තර්කයද සත්‍යයෙන් තොරය. 1978 ජනරජ ව්‍යවස්ථාවෙහි මෙසේ සඳහන්වේ. (උපුටා ගැනීම* ‘‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10වෙනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1* වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ* ජේදයෙන් සියලූ ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ සාශනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යුත්තේය.’’ එහි සඳහන් එම කොටසේද කිසිදු වෙනසක් නොකිරීමට ඊනියා යහපාලන ආණ්ඩුවද කටයුතු කර තිබේ. මේ අනුව පැහැදිලි වන කාරනය වන්නේ මේ ආණ්ඩුව සිංහල ජනතාව රැුවටීම වෙනුවෙන් එ්කීය රාජ්‍ය සංකල්පය යොදා ඇති බව හා දෙමළ ජනතාව රැුවටීම සදහා ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙන ‘ඔට්ටිරියාච්චි’ වෙනුවට ඔරුමිත්තුනාඩු යන වචනය යොදා ඇති බවය. එමගින් රනිල් වික‍්‍රමසිංහලාගේ ඊනියා බලය බෙදිම වෙනුවෙන් කරන නාඩගමේ සැබෑ ස්වරූපය හෙළිදරව් වී ඇත. සිංහල බෞද්ධ අන්තවාදීන් කිසිදු ආකාරයක ව්‍යවස්ථා සම්පාදනයට සුදානම් නොවන බව පැහැදිලිය. coque iphone for sale මෙහිදී සලකා බැලිය යුතු වැදගත් ප‍්‍රශ්ණය වනුයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට පොරොන්දු දී ජන වරමක් ලබාගත් මෛති‍්‍ර – රනිල් හවුල් ආණ්ඩුව රටේ ජනතාව අමු අමුවේ රවටා දමා ඇති බවය. මේ ප්‍රෝඩාව සමග රනිල් වික‍්‍රමසිංහගේ ‘ලිබරල්’ රෙද්ද ගැලවී යන අතර දෙමළ ජාතික සන්ධානයේ සම්බන්දන්ලා මෙතෙක් කල් සිදුකල අන්දමට දෙමළ ජනතාව රැුවටීමද අවසානයකට ගමන් කරන බවය. ආණ්ඩුවේ නායකයින්ට අලූත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට ඇත්ත උවමනාවක් හෝ හැකියාවක් නැත. ඔවුන් කරමින් සිටින්නේ ජාතිවාදී බලවේග හුරතල් කිරීමය. විශේෂයෙන් රනිල් මේ වනවිට පෙන්නුම් කරන්නේ ඔහු ජාතිවාදී සිංහල ජනතාවට අවශ්‍ය අන්දමට හැසිරෙන බවය. එම තත්වය තුළ නැගී එන ජාතිවාදී වියරුව ඉදිරියේ ව්‍යවස්ථා සංශෝධනය මව් කුසතුලදී මිය යෑමට බොහෝ දුරට ඉඩ ඇත. coque iphone for sale සංඝ සමාජය කේන්ද්‍ර කරගෙන මහින්ද ඇතුලූ ජාතිවාදී නඩය ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගෙන යමින් තිබෙන විරෝධය නැවත බලය ලබා ගැනීමට කරනු ලබන වියරු උත්සාහයක් බව මනාව දක්නට තිබේ. මෙම පරිසරය තුළ ව්‍යවස්ථා සම්පාදනයේදී මාක්ස්වාදීන් අවම වශයෙන් පෙනී සිටින්නේ කුමක් සදහාද යන්න පැහැදිලි කිරීම අත්‍යවශ්‍යවේ. ව්‍යවස්ථාවක් සදහා මූලික අදහසක් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හැදීමට මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කිරීමේ පියවරක් වශයෙන් ජනතාවගෙන් යෝජනා හා අදහස් විමසීමට සකස් කළ කමිටුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී නූතන ලෝකය පිළිගන්නා ජන සහභාගී කි‍්‍රයාවලිය වෙනුවෙන් කිසි ලෙසකින් ප‍්‍රමාණවත් නොවන බව ආරම්භයේදීම සටහන් කළයුතුය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී සමාජ අවශ්‍යතාව කවරේද යන්න හෝ එය සමාජ කතිකාවකට බඳුන් නොකර යෝජනා හා අදහස් විමසිමම තුළින් සිදු කළේද රැුවටිල්ලකි. එබැවින් අප වැනි මාක්ස්වාදීන් ඉදිරිපත් කරන යෝජනා මෙන්ම අනෙකුත් සංවිධාන ඉදිරිපත් කරන යෝජනා හා අදහස් දීර්ඝ සමාජ කතිකාවකට තැබීමේ අවකාශයක් මේ කමිටුව මගින් සිදු නොකල නිසාම ඉතා ඝෝසාකාරී ජාතිවාදී හා අන්තවාදී කණ්ඩායම් වල බලපෑමට ආණ්ඩුව යටත්වීමේ අනතුර අපි දකිමු. එය හැම වැදගත් කාරණාවකදීම මේ රට අත්දුටු අවාසනාවකි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය වන්නේ නිදහසින් පසු මෙතෙක් අවුරුදු 70ක කාලයක් පුරා බහුත්වවාදී අනාගමික රාජ්‍යයක් සමග ස්වාධින තනි දේශයක් පිහිටුවා ගැනීමට ධනපති පාලකයින්ට තිබූ නොහැකියාව අවසන් කිරීමටය. එ් සමස්ථ කාලකන්නි ඉතිහාසය අතහැර දමා වාර්ගික හා ආගමික ගැටුම් ඔස්සේ ගතකළ අවාසනාවන්ත සමාජීය දේශපාලන ඉතිහාසයට තිත තැබිය යුතුය. ශ‍්‍රී ලංකාව නව සියවසට ඔබින නූතන රාජ්‍යයක් වශයෙන් පෙරට ගෙනයාමට අවකාශයන් සහතික කෙරෙන සැමට සමානයින් ලෙස ජීවත්වීමේ මුලික නෛතික පදනම හදාගැනීම අවශ්‍යවේ. එ් සදහා සියල්ලට පෙර තවමත් කරපින්නා ගෙන සිටින සියලූ වැඩවසම් බැදිම් වලින් මිදී ශ‍්‍රී ලාංකික අන්‍යතාවයක් ගොඩනගා ගැනීමට කි‍්‍රයාකළ යුතුය. එ් සමගම පැවසිය යුත්තේ රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එම වකවානුවේ රට පාලනය කරන ධනපති පාලක පන්තියේ ආර්ථික දැක්ම සහ ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාම සදහා නෛතික රාමුව සකසන ලේඛණයක් පමණක් වන බවය. එ් අනුව ජේ. coque telephone pas cher ආර්. ජයවර්ධන වත්මන් ව්‍යවස්ථාව 1978දි නිර්මාණය කළේ ඔහුට අවශ්‍යවූ නවලිබරල් ආර්ථක ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීම සදහාය. එ් සදහා ඔහු ආදර්ශයට ගත්තේ සිංගප්පූරුව සහ දකුණු කොරියාවයි. සිංගප්පුරුවේ පැවතියේ අගමැති ප‍්‍රමුඛ කැබිනට් ආණ්ඩු ක‍්‍රමයකි. එහෙත් එය එ්කාධිපති බලතල සඟවාගත් පාර්ලිමේන්තුවේ එකක් දෙකක් හැර සියලූ ආසන ලී ක්වාන්යුගේ පාලක පක්ෂය අත පැවතින. එහෙත් ලංකාවේ එවන් තත්වයක් නොතිබිනි. ඊට හේතුවූයේ 1977 වන විටත් ප‍්‍රබල වමේ දේශපාලන සම්ප‍්‍රදායන්ට උරුමකම් කී කම්කරු පන්ති ව්‍යාපාරය ශක්තිමත්ව තිබිමය. ධනපති පාලක පංතිය විසින් සකස් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුලින් කම්කරු පන්තිය දෙමළ ජනතාව ඇතුලූ සමස්ථ පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් සුරකිනු ඇති බවට හෝ අවශ්‍යතා ඉටුකරලනු ඇති බවට අපි විශ්වාස නොකරමු. එනිසා අප මෙහිදී පෙනී සිටින්නේ නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අවකාශය හැකිතාක් තහවුරු කරගැනිමටය. වත්මන් ආණ්ඩුව විසින් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ඉදිරිපත් කර තිබේ. දැනට පවතින දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 1978දී සම්මත කරන ලද විධායක ජනාධිපති ක‍්‍රමය සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. මෙම එ්කාධිපති ව්‍යවස්ථාව වෙනස් කලයුතු බවට කලක සිටම රටේ ජනමතයක් ගොඩනැගී තිබුනද එය ඉටුකිරිමට මෛති‍්‍ර රනිල් ආණ්ඩුව අසමත්ව ඇති බව පැහැදිලිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර සහ මූලික නිතියයි පිළිගැනීමක් ඇත. coque pas cher samsung ජන සම්මතයේ පවතින මතය අනුව එය රටේ සියලූ ජනකොටස් වල පිළිගැනීමට ලක්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් විය යුතුය. එමගින් තහවුරු කරන රාජ්‍ය සදහා සාමුහික කි‍්‍රයාකාරිත්වයක් බුක්ති විදින එකමුතු රටක් සදහා වන ලේඛනයක් විය යුතුය. එවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී අවශ්‍ය ජාතික ජනතා කි‍්‍රයාවලිය වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදනය කිරීම සදහා උපරිම සක‍්‍රීය ජනතා සහභාගීත්වයක් සහතික කිරීම අත්‍යවශ්‍ය වන්නකි. එ් සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලූ දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ගොවිජන සංවිධාන, වෘත්තිකයින්ගේ සම්මේලන, ප‍්‍රජා හා වෙනත් සමාජයීය සංවිධානවල හා දෙමළ හා මුස්ලිම් සුලූ ජන කොටස්වල සහභාගීත්වයක් සහතික කෙරෙන පළාත් මට්ටමේ ජනසභා :ඡුරදඩසබජස්ක ඡුැදචකැ.ි ජදමබජසකි* ඔස්සේ ජාතික මහජන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් :ෑකැජඑැා භ්එසදබ්ක ක්‍දබිඑසඑමැබඑ ්ිිැපඉකහ* කැඳවීමට වහා පියවර ගන්නා මෙන් එක්සත් සමාජවාදී පක්ෂය යෝජනා කරමු. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා නිශ්චිත යෝජනා කීපයක්. සැමට පොදු රටක් වශයෙන් ඉදිරියට යාම සඳහා අපරට අනාගමික නැතහොත් ලෝකායත :ිැජමක්ර* රාජ්‍යයක් විය යුතුය. දැනට පවත්නා ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දිය යුත්තේය යන වගන්තිය ඒ මුලික අවශ්‍යතාව ඉටු කරගැනිමට බරපතල බාධාවකි. රාජ්‍යය හා ආගම අතර එවැනි බැදිමක් තිබීම බහු ආගමික, බහු වාර්ගික, බහු සංස්කෘතික රටක පැවැත්මට බාදාවකි. හින්දු ආගමිකයන් අති බහුතරයක්ද සැළකිය යුතු මුස්ලිම් ප‍්‍රජාවක්ද තවත් සුළු ආගමික කොටස් විශාල සංඛ්‍යාවක්ද සිටින ඉන්දියාව මේ දක්වා එකට තබා ගැනීමේ එක ප‍්‍රධාන සාධකයක් වී ඇත්තේ නිදහස ලැබීමෙන් පසු 1950දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේදීම ඉන්දියානු රාජ්‍ය අනාගමික රාජ්‍යයක් වශයෙන් නිර්මාණය කිරීමයි. බංගලාදේශය, ඉන්දුනීසියාව, තුර්කිය වැනි මුස්ලිම් අති බහුතරයක් වෙසෙන රටවල් පවා අනාගමික රාජ්‍යයන් වශයෙන් ඔවුන්ගේ පැවැත්ම සහතික කරගෙන ඇත. එහෙත් රට කරවූ අප රටේ ධනපති දේශපාලන නායකයන් සිංහල ස්වොත්තමවාදීන් සුලූ පිරිසකගේ ඝෝෂාවට යටවී බුද්ධාගම සදහා දෙනු ලබන විශේෂ රාජ්‍ය පිළිගැනුම හේතුවෙන් අනෙක් වාර්ගික හා ආගමික ප‍්‍රජාවන් මේ රටේ සමානයන් නොකරනු ලැබිණි. එය 1972 පළමු ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සිදු කළ බරපතල වරදක් ලෙස අපි දකිමු. 1. එනිසා අලූතින් සම්පාදනය කරනු ලබන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට කිසිදු ආගමක් ගැන විශේෂ ස`දහනක් කිසිදු ආකාරයකින් ඇතුලූ නොකල යුතුයැයි අපි යෝජනා කරමු. සියලූ පුරවැසියනට තමන් කැමති අන්දමට ආගමික කටයුතු වල නියැලීමට තිබෙන අයිතිය ආරක්ෂා විය යුතු අතර කිසිදු ආගමක් නොඅදහා සිටීමට තිබෙන අයිතියද තහවුරු විය යුතුය. 1972 පළමු ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ශ‍්‍රී ලංකාව එ්කිය රාජ්‍යයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම තිස්වසරක් පුරා ඇදිගිය යුද්ධයට බලපෑ එක ප‍්‍රධාන සාධකයක් විය. එසේම ජාතික පීඩනයට හසුව සිටින දෙමළ ජනයාගේ අභිලාෂයන් සදහා විසදුම් සෙවීමේදී ඊට හරස්වන මූලික බාධාවක්ද වනු ඇත. එක්සත් රටක් වශයෙන් ව්‍යවස්ථාගත කළ කිසිදු රටක් බෙදී වෙන් නොවන බව එ් වෙනුවෙන් අවධාරණය කළ යුත්තකි. 1936 පමණ සිට වෙනම රටක් පිළිබඳව ටැමිල්නාඩුවේ ව්‍යාපාරයක් තිබුනද ඉන්දියාව තවමත් තනි රටක් ලෙස එක්සත්ව පවතින්නේ එ්කීය රාජ්‍ය සංකල්පය අතහැර දැමූ හෙයිනි. අප ද සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලූ සියලූ ජනකොටස් එ්කරාශී කරගත් නොබෙදුනු තනි රටක් නිර්මාණය කරගත යුතුය. එමෙන්ම අවම වශයෙන් 13 වන සංශෝධනයෙන් හදුන්වා දෙන ලද බලය බෙදීම පදනම් කර ගනිමින් කේන්ද්‍රය සහ පරිධිය අතර බලය හවුලේ බෙදා හදා ගැනීමේ :චදඇර ිය්රසබට* නෛතික තත්වයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන්නකි. පරිධියේ බල එ්කකය සියලූ පාර්ශ්වයන් අතර සාකච්ජා මගින් තීරණය කළ යුතු අතර පරිධියේ බලය මධ්‍යම බල කේන්ද්‍රයට අවශ්‍ය පරිදි යටත්කළ නොහැකි ආකාරයේ ව්‍යවස්ථා රාමුවක් නිර්මාණය කළයුතුය. 2. එබැවින් එවැනි බල හවුලක් සහිත එක්සත් රටක් සදහා වන අනු ව්‍යස්ථාවන් පැහැදිලිව හා නිශ්චිතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලූ විය යුතු අතර එවැනි අවකාශයන් අභිබවා කටයුතු කිරීමේ අධි බලයක් මධ්‍යම ආණ්ඩුව සදහා නොලැබෙන අයුරු ව්‍යවස්ථාව සකස් විය යුතුයැයි යන්න අපගේ අදහසය. පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙහි අඩංගු මුලික මානව අයිතිවාසිකම් විසින් පුරවැසියනට සාර්ථක හා සමාජීය ආරක්ෂණයක් සහිත ජීවිතයක් පූර්ණ ලෙස සහතික නොවන්නේ යැයි අපි විශ්වාස කරමු. එහෙයින් එවැනි පූර්ණ ජීවිතයක් සහතික කිරීමේ වගකීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සතු වගකීමකි. 3. එබැවින් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි ඇතුළත්ව තිබෙන මූලික අයිතිවාසිකම් සහතිකයට අමතරව පහත සදහන් අයිතිවාසිකම්ද අවම වශයෙන් එයට ඇතුලත් කළ යුතු යැයි අපි යෝජනා කරමු. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ෂඛධ සම්මත කර ඇති සහ මතු සම්මත කිරීමට ඉඩ ඇති ප‍්‍රධාන සම්මුතීන් (ජදරු ෂඛධ ක්‍දබඩැබඑසදබි * ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතින් ලෙස සහතික කළ යුතුය. වාර්ගික ආගමික ස්ත‍්‍රී පුරුෂ හෝ වෙනත් භේදයකින් තොරව සියලූ පුරවැසියන්ට සංතෘප්ත සමාජයීය, ආර්ථික හා සංස්කෘතික ජීවිතයකට ඇති අයිතිය මූලික අයිතියක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කළයුතුය. එ් අනුව සෑම පුරවැසියෙකුටම එවැනි ජීවිතයක් වෙනුවෙන් අවශ්‍ය අවම ආදායම සහතික කිරීමේ පූර්ණ වගකීමද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ යුතුය යන අවම කොන්දේසි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් විය යුතු බව එක්සත් සමාජවාදී පක්ෂය යෝජනා කර සිටී.

About dhammika

Scroll To Top