පළාත්පාලන මැතිවරණ විග්‍රහය
ධනේෂ්වර අර්බුදයේ අදෝනාව හා රටේ අනාගතය
පෙබරවාරි 10 වෙනිදා පැවති ඡන්දය මෙරට මැතිවරණ ඉතිහාසයේ විශේෂිත ඡන්දයක් විය. පළමුවරට පළාත්පාලන ආයතනවලට කෙට්ඨාශ ක්‍රමයට සියයට 60%ක්ද පක්ෂ හා කණ්ඩායම් ලබා ගන්නා සමානුපාතික ඡන්ද ප්‍රමාණය අනුව සියයට 40%ක්ද තේරී පත්වන මිශ්‍ර ක්‍රමයකට මෙම ඡන්දය පැවැත්විණ. නියෝජතයින් පත්කිරීම ගැන ගැටලුසහගත තත්වයක් තිබියද කාන්තා නියෝජනය සියයට 25%ක් දක්වා වැඩිවීමද විශේෂිතය. Coque huawei pas cher එසේම මෙවර ඡන්දයේදී සාමාන්‍යයෙන් පළාත්පාලන ඡන්දවලදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය වන සියයට 55 – 65 අතර ප්‍රමාණය බෙහෙවින් ඉක්මවා ගොස් සියයට 75 – 80 ක ප්‍රමාණයක් ඡන්දය භාවිතා කිරිමද කැපී පෙනෙන ලක්ෂණයක් විය. මෙම මැතිවරණය ,පුංචි ඡන්දය, ලෙස හැදින්වුවද මෙය පුංචි ඡන්දයක් නොවන බවත් එය අප රටේ ආසන්න දේශපාලනය තීන්දු කරන හැරවුම් ලක්ෂයක් වන බව අපි දිගින් දිගටම පෙන්වා දුන්නෙමු. වසර 3ක ඊනියා යහපාලන ආණ්ඩුවේ කෙරුවාව ගැන සිදු කෙරෙන ජනමතයක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන අනාගතය මෙහිදී තීන්දු වන බවත් අපගේ මැනීම විය. එසේම දකුණේ සිංහල ජාතිවාදී බලවේග මත පදනම් වන මහින්ද රාජපක්ෂගේ ශක්තියද මෙම ඡන්දයේදී උරගා බැලීමට ලක්වන බව අපගේ අදහස විය. මේ වනවිට ඡන්ද ප්‍රතිපල නිකුත්වී අවසන් අතර ධනපති පාර්ලිමේන්තු දේශපාලනය අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ඡන්ද ප්‍රතිපල වලට අනුව මහින්ද රාජපක්ෂගේ පොදු ජන පෙරමුණ ඡන්ද 4,968 742ක් (44.6%) ලබාගෙන පළාත්පාලන ආයතන 239ක් හිමිකර ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය 3,625, 510ක් (32.6%) සමග ආයතන 41ක්ද මෛත්‍රිපාල සිරිසේනගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව 1, 481, 656ක් (13.3%) ඡන්ද ලබාගෙන ආයතන 10ක පමණ බලය ගැනීමට සමත් විය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 695,523ක් ( 6.2%)ලබා ගත්තද එකදු පළාත්පාලන ආයතනයක හෝ බලය ගැනීමට අසමත්ව ඇත. සම්බන්ධන්ගේ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය 339 675ක් (3.1%) ලබාගෙන පළාත්පාලන ආයතන 34ක බලය අත්පත් කර ගැනීමට සමත්ව ඇත. මෙම ඡන්ද ප්‍රතිපල වලින් පෙන්නුම් කරන මතුපිට චිත්‍රයට වඩා දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂවල අර්බුදය තිව්‍ර කර ඇති අතර උතුරේ දේශපාලන තත්වයද ගැඔුරු අර්බුදයක ප්‍රකාශනයක් බව සදහන් කළ යුතුය.
රාජපක්ෂගේ නැගීම හා රනිල්ගේ වැටීම
සමස්ථයක් ලෙස ගත්කල මෛත්‍රිපාලගේ ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අන්ත පරාජයකට පත්ව තිබේ. මේ සමග මෛත්‍රිගේ 2020 තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගීමේ කථාව ලොකු විහිළුවක් බවට පත්ව ඇති අතර මෛත්‍රිපාල මියයන තුරු දේශපාලනයේ රැදී සිටින බවට සිදුකළ ප්‍රකාශණයද තවත් විහිලුවකි. මෙම පසුබිම තුළ ශ්‍රීලනිපයේ නිල නායකත්වය තවදුරටත් මෛත්‍රිට තබාගැනීමට නොහැකිවනු ඇත. ඊළඟ පරාජිතයා බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයයි. රනිල් හා මෛත්‍රිට රාජපක්ෂ කඳවුරේ ජාතිවාදී උද්ඝෝෂණයට මුහුණදීමට වැඩ පිළිවෙලක් නොවූ අතර රනිල් හා මෛත්‍රී දෙදෙනා මහින්ද සමඟ තරඟයට ජාතිවාදී දේශපාලනය කරපින්නා ගැනීම ඔවුන්ගේ පරාජය වැඩි කිරීමට හේතුවිය. එජාපය තුළ රනිල්ගේ නායකත්වයට එරෙහි තිබෙන කැරැල්ල මේ ප්‍රතිපල සමග කරලියට පැමිණ ඇති අතර බලය උපයෝගී කරගෙන කැරැල්ල තාවකාලිකව මැඩ පැවැත්විය හැකි වුවද රනිල්ගේ දේශපාලන අනාගතයද මේ වනවිට අවසානයකට එළඔ ඇත. මැතිවරණ ප්‍රතිපල ඉලක්කන් අනුව මහින්ද රාජපක්ෂ ජයලබා ඇති බව සත්‍යයකි. coque pas cher samsung s8 එහෙත් රටේ ඉදිරි දේශපාලනය වර්ධනය වනුයේ අංක ගණිතමය ගණන් බැලීම් වලින් පමණක් නොවේ. එය ඊට එහා යන සංකීර්ණ දේශපාලන ක්‍රියාවලියකින් තින්දු කිරීමට නියමිතය. රාජපක්ෂගේ පොදුජන පෙරමුණ මෙම මැතිවරණයට ඉදිරිපත්වූයේ කිසිදු වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමෙන් තොරවය. ඔවුන්ගේ එකම තේමාව වූයේ රනිල් – මෛත්‍රිගේ රට බෙදන ව්‍යවස්ථාව පරාජය කර රට නැවත බේරාගත යුතු බවයි. එලෙස දකුණේ සිංහල ජාතිවාදය නග්න අන්දමින් උත්සන්න කරමින් සිංහල බහුතරයක ඡන්දය දිනා ගැනීමට හැකිවූ අතර බොරු අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුණු පැළඳගෙන ඊනියා යහපාලන ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී තිබෙන ජනතා වෛරය කොල්ලකෑමට රාජපක්ෂ කඳවුර සමත්විය. රාජපක්ෂ කල්ලියට විකල්ප – සමාජ ආර්ථක වැඩ පිළිවෙලක් නොමැති අතර ඔවුන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ(IMF) කොන්දේසි දණනමා පිළිගන්නා බව පැහැදිලිය. රාජපක්ෂ කල්ලිය තව තවත් සිංහල ජාතිවාදය යලි බලය ලබා ගැනීම සදහා යොදාගනු ඇත. මහා විනාශයක් සිදුකල හිට්ලර් ජර්මනියේ බලයට පත්වූයේද ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකිනි. බලයේ සිටින ආණ්ඩු පාලකයින් ගැන කලකිරීමට පත්වන ජනතාව දුරදිග බැලීමකින් තොරව වැරදි අන්දමට ඡන්දය පාවිච්චි කිරීම නිසා ලේ හා ජීවිත වලින් වන්දි ගෙවූ ඉතිහාසයක් අප දැක ඇත. සිංහල ජාතිවාදී බලවේගය නැවත බලයට පත්විම අවසන් විය හැක්කේ එක්සත් ලංකාවක් ගොඩනැගීම පිළිබද ධනපති පංතිය තබන බලාපොරොත්තු බිඳදමා අනාගතයේ රටවල් දෙකක් බිහිවීමෙන් පමණි. රාජපක්ෂගේ පොදුජන පෙරමුණ බහුතර බලයක් දිනා ගැනීමට හැකිවුවද 2018 පළාත්පාලන ඡන්ද ප්‍රතිපලය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ වලට බොහෝ සමානකම් දක්නට හැකිය. උතුර – නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනයාගේ හා කඳුකරයේ ජීවත් වන දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට රාජපක්ෂ කඳවුර අසමත් බව නැවත වරක් පෙන්වාදී ඇත. ජනාධිපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ 2015 දී බලයට පත්වූයේ පොරොන්දු විශාල ප්‍රමාණයක් ජනතාවට ලබාදෙමින්ය. coque huawei pas cher එහෙත් ගෙවීගිය වසර තුනක කාලය තුළ එම පොරොන්දු ඉටු කිරීමට අසමත්වූවා පමණක් නොව රාජ්‍ය දේපොල විකුණා දැමීම අධ්‍යාපනය කප්පාදු කිරීම හා ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය අහෝසි කරමින් කටයුතු කිරීම නිසා දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත්ව තිබුණි. පාසැල් නිලඇදුම් කප්පාදුව හා පෙලපොත් අර්බුදය සාමාන්‍ය ජනතාවගේ විරෝධයට පත්විය. පසුගිය කාලයපුරා සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිසුන් ප්‍රමුඛ දෙමාපියන්ගේ අරගලයද, දුම්රිය සේවකයින්ද, විදුලිබල හා තෙල් සංස්ථා මෙන්ම තැපැල් හා වතුකරයේ කම්කරුවෝද අඛණ්ඩ වැඩ වර්ජන වල උද්ඝෝෂන වල නිරත විය. සාම්ප්‍රදායික වෘත්තිය සමිති නායකයින්ගෙන් සහයෝගයක් නොලැබූ තත්වය හමුවේ කම්කරුවන් හා තරුණයින්ගේ අරගලයන් මෙම ආණ්ඩුවේ අධිරාජ්‍යගැති නවලිබරල් ආර්ථක වැඩ පිලිවෙලට එරෙහි විරෝධය ඉදිරියට ගෙනයාම ඊනියා ජාතික ආණ්ඩුව මුහුණ දෙන අරබුදයට ප්‍රබල සාධකයක් විය. එසේ වුවද මෙම අරගල වලට නායකත්වයක් හා ඉදිරි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට වෘත්තිය සමිති නායකත්වය අසමත්වීම නිසා ධනපති අර්බුදයෙන් කම්කරු පංතියට හා වමේ ව්‍යාපාරයට ලබාගත හැකිව තිබු ජයග්‍රහණය අත්පත් කර නොගැනීමට හේතුවිය.
උතුරේ දේශපාලන අර්බුදය
සිරිසේන හා වික්‍රමසිංහ බලයට පත්වීමේදී දුන් පොරොන්දු අතර උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ජාතික ප්‍රශ්ණයට විසදුම් ලබාදෙන පොරොන්දුව ප්‍රධාන විය. coque iphone prix එසේ වුවද නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සම්පූර්ණ ප්‍රලාපයක් වූ අතර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ආපසු ඔවුනට ලබාදීම හා අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම වැනි පොරොන්දු අමු අමුවේ බිඳ දමන ලදි. ඒ වෙනුවට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත බලගන්වමින් කටයුතු කිරිම හරහා උතුරේ දෙමළ ජනයාගේ විරෝධයට මෙම ආණ්ඩුව පත්විය. දෙමළ ජනතාව සම්බන්ධන් – සුමන්තිරන් නායකත්වය කෙරෙහි තිබෙන කලකිරීම මෙම ඡන්දයේ කැපී පෙනෙන තවත් වැදගත් ලක්ෂණයකි. ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට (ITAK)මෙවැනි ඡන්ද ප්‍රමාණය හෝ ලබාගැනිමට හැකිවුයේ දෙමළ ජනතාවට විශ්වාසය තැබිය හැකි විකල්ප දේශපාලන බලවේගයක් උතුරේ නොතිබීම මෙන්ම දෙමළ විරෝධී දේශපාලනයක නිරත රාජපක්ෂ නැවත බලයට ඒමට තිබෙන හැකියාව ගැන දෙමළ ජනතාව තුළ පවතින බියයි. එහෙත් දෙමළ ජනතාව වෙතින් ධනපති සම්බන්ධන් සුමන්තිරන්ගේTNAනායකත්වයට එරෙහිව වර්ධනය වන දේශපාලනය නතර කිරිමට නොහැකිවනු ඇත. සම්බන්ධන් තවදුරටත් මෛත්‍රි – රනිල්ගෙන් අලුත් ව්‍යවස්ථාවක් සකස්කර ජාතික ප්‍රශ්ණයට විසදුම් ලබාගත හැකිය යන මිත්‍යාව වැපිරවීමට ඉඩ නොමැත. මෛත්‍රි – රනිල් මුහුණ දෙන අලුත් අර්බුදය හා සිංහල ජාතිවාදී රාජපක්ෂගේ නැගීම සමග අලුත් ව්‍යවස්ථාවක් යන අදහස දේශපාලන භුමියෙන් ඉවතට යනු ඇත. දෙමළ ජාතිකවාදය පදනම්කර ගෙන මැතිවරණයට ඉදිරිපත්වූ ගජේන්ද්‍ර කුමාර්ගේ අකිල ඉලංකෙයි ටැමිල් කොන්ග්‍රසය AITC පේදුරුතුඩුව, චාවකච්චේරිය යන නගර සභාවන් ජයගැනීමට සමත්වීම හා යාපනය නගර සභාව හා වලිකාමම් බටහිර, වඩමාරච්චි දකුණ, වලිකාමම් හා නල්ලූර් වැනි ප්‍රාදේශිය සභාවල දෙවැනි ස්ථානයට පත්වීම නව පෙලගැසීමක ආරම්භයක් පෙන්නුම් කරයි. එසේ වුවද ඔවුන්ට උතුරේ දෙමළ ජනතාවගේ අයිතින් දිනා ගැනීමේ අරගලයට දේශපාලන ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කිරීමේ නොහැකියාව කැපීපෙනෙන්නට ඇත. TNA කෙරෙහි ජනතාවගේ තිබෙන වෛරය ඔවුන්ගේ එකම පැවැත්මවී ඇති බව පෙනේ. ඒ සමග ඩග්ලස් දේවානන්දගේ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණද EPDP යම් ආකාරයක ඡන්ද වර්ධනයක් පෙන්නුම්කර ඇත. සමස්ථයක් වශයෙන් ගත්කල උතුරේ ජනතාව මුහුණදෙන ජාතික ප්‍රශ්නයට විසදුම් ලබාගැනීමට සාම්ප්‍රදායික දෙමළ දේශපාලන නායකයින් අසමත්වීම සමග උතුරේ නව තරුණ පරම්පරාව නව දේශපාලන මානයන් කරා සේන්දුවීමේ ප්‍රවණතාවය මෙම ඡන්දයේදී ප්‍රතිපලවලට යටින් දිවයන ප්‍රබල සාධකය බව පෙනේ. එම තත්වය කෙරෙහි වාමාංශික විප්ලවවාදින්ගේ අවධානය බරපතල ලෙස යොමුවිය යුතුය. එසේම දකුණේ ධනපති පක්ෂවල දේශපාලනය කෙරෙහි උතුරේ ජනතාවගේ විශ්වාසයක් නොමැති බව මෙම ප්‍රතිපල වලින් පෙන්නුම් කර ඇති බවද අවධාරණය කළ යුතුය.
ජනතා විමුක්ති පෙරමුණ කොයිබටද?
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ ධනේෂ්වර පාර්ලිමේන්තුවාදී දේශපාලනයට සම්පූර්ණයෙන්ම අනුගත සුළු ධනේෂ්වර රැඩිකල් කොටස් නියෝජනය කරන පක්ෂයක් බවට පත්වීම පෙන්නුම් කෙරින. ඒ සමග ජවිපෙය සමස්ථයක් ලෙස නවලිබරල් ආර්ථක වැඩ පිළිවෙල විවේචනයන් සහිතව පිළිගන්නාවූ පක්ෂයක් බවට පත්විය. ඔවුන් කුණුවී ගඳගසන ධනපති පාර්ලිමේන්තු දේශපාලනය පිරිසිදු කිරීමේ ව්‍යාජ කොන්ත්‍රාත්තුවට කරගසන ලදි. ජවිපෙය සුපුරුදු පරිදි ධනපති ක්‍රමයට පැහැදිලි විකල්ප සමාජ – ආර්ථික හා දේශපාලන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීම වෙනුවට ,දුෂණය පරදවන ජවය, යනුවෙන් ව්‍යජයක් ජනතාවට ඉදිරිපත් කළේය. ඒ සමග 2020 එළfඔන පාර්ලිමේන්තු මැතිවරණයේදී බලය ලබා ගැනීම කෙරෙහි ඔවුන් විසින් ඉදිරිපත් කළ ඉදිරි වැඩ පිළිවෙල ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බව මෙම මැතිවරණ ප්‍රතිපල වලින් පෙනීයයි. 2015 ජවිපෙය ඡන්ද 543944ක් ලබාගත් අතර මෙවර ඔවුන්ට 693675ක් ගැනීමට හැකිවිය. Achat coque samsung එහෙත් ජවිපෙ ලබාගත් ඡන්දය හුදු විරෝධතා ඡන්දයකින් එහාට ගිය ඡන්දයක් නොවන අතර ධනපති ක්‍රමයට එරෙහිව ලබාගත් ඡන්දයක්ද නොවන්නේය. ජවිපෙයට ජාතික ප්‍රශ්ණය ගැන සෘජු ස්ථාවරයක් ගැනීමට නොහැකි අතර උතුරේ ජනතාවට සම අයිතිය හා පරිපාලන බලය බෙදීම යන විහිලු කථා කරන්නේ සුළු ධනේෂ්වර පක්ෂයක් ලෙස සිංහල බෞද්ධ පදනම රැකගැනීම සදහාය. ජවිපෙය ආරම්භයේ සිටම කම්කරු පංතිය පදනම්ව කටයුතු කරන වාමාංශික පක්ෂයක් නොවු අතර ඔවුන් රැඩිකල් සුළු ධනේෂ්වරයේ ප්‍රකාශනයක් විය. අනුර කුමාර හා ටිල්වින් මැතිවරණ ප්‍රතිපල වලින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන්ගේ බිඳවැටීම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කෙරින. ජවිපෙය මෑත ඉතිහාසය ධනපති දේශපාලන පක්ෂ සමග ගෙනගියේ අනියම් සභාග (හවුල්) දේශපාලනයකි. 1994 දී චන්දීකා සමග හවුලක් හදාගත් ජවිපෙය 2002 නැවත චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමග හවුල් දීගයකට ගිය අතර ඉන්පසුව 2005 දී මහින්ද රාජපක්ෂ සමගද 2010 දී එජාපය හා සරත් ෆොන්සේකා සමගද නැවත 2015දී එජාපය හා මෛත්‍රිපාල සිරිසේන සමග ධනපති දේශපාලනයේ කොටස්කරුවන් බවට පත්විය. බොහෝ බලාපොරොත්තු නංවමින් ප්‍රධාන ධනපති පක්ෂ පරයා යමින් මුදල් වියදම් කරමින් අතිවිශාල මාධ්‍ය දැන්වීම් පළකරමින් නිනව්වක් නොදකින කලාකරුවන් කොටසක් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශ හුවාදක්වමින් ජවිපෙය ගෙනගිය මැතිවරණ ව්‍යාපාරය හා සැසදීමේදී ඔවුන් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය කන්දක් විලිලා මී පැටියෙකු ප්‍රශූත කිරීම තරම්වත් ප්‍රමාණවත් නොවේ. මේ සමග ජවිපෙ අනුගාමිකයින් තුළ අනුරගේ නායකත්වය අභියෝගයට ලක්වීම ඉදිරියේදී සිදුවනු ඇත. ධනපති පාර්ලිමේන්තු දේශපාලනයේ රසවිදිමින් ඊට ඇබ්බැහිවී තිබෙන ජවිපෙ නිල නායකත්වය තනතුරු රැකගැනීම සදහා ඒ හෝ මේ ධනපති දේශපාලන කඳවුරකට නැවත ගාල්වනු ඇත. ඒ සමග ජවිපෙය තවදුරටත් සිංහල බෞද්ධ ජාතිවාදය කරපින්නා ගැනීමටද ගමන් කිරීම වැලැක්විය නොහැකිය. වම කම්කරු පංතිය රට දේශපාලන යම් සාපේක්ෂ ස්ථාවර තැනක සිට බරපතල අස්ථාවර තත්වයක් දක්වා ගමන් කරමින් තිබේ. ඡන්ද ප්‍රතිපලය සමග කොටස් වෙළද පොල සීඝ්‍ර පසුබෑමකට ලක්වෙමින් ආයෝජකයින් කොටස් විකිණිමට පියවර ගනිමින් සිටී. ඒ සමග රුපියලේ අගය අවප්‍රමාණය වීමට පටන් ගෙන ඇති අතර මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 160ට ආසන්නවි ඇත. (මේ ආණ්ඩුව බලයට පත්වන විට එය තිබුණේ රු.129ක අගයකි.) රොයිටර් පුවත් සේවාවට අනුව රුපියලේ අගය බිඳවැටීම ගැන වාර්තා කරමින් විජාතිකයින් ඔවුන්ගේ ආයෝජන බිලියන 6.2ක් ඉවත්කරගෙන ඇති බවද වාර්තා කර ඇත. රටේ ආර්ථික වර්ධනය 2017 වසරේදී 3.8ක් පමණ වන බව මහබැංකුව වාර්තා පෙන්වා දෙන අතර මෙය මීට වසර 4කට පෙර පැවැති අගය වන 5.3ක සිට ආර්ථික වර්ධනය පහලට ඇඳවැටීමකි. මෙයින් පෙන්නුම් කරන්නේ රටතුල ගැඔුරු අර්බුදයක් මතුව ඇති බවයි. දුර්වල ආණ්ඩුවකින් ඔවුන් අපේක්ෂා කල විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම හා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වැනි කරුණු ඉටු කිරීමට නොහැකිය. ඉන්දියාව, චිනය, ඇමරිකාව හා බි්‍රතාන්‍ය වැනි රටවල් මේ අර්බුදය ගැන වහා මැදිහත්වීම පෙන්නුම් කරන්නේ අපරට විදේශ බලපැම් වලට කොතරම් මැදිවී තිබේද යන්නය. ආණ්ඩුව තාවකාලිකව පවත්වාගෙන යාම සඳහා අවස්ථාවාදී සම්මුතිවලින් හැකිවුවද ඉදිරි වසර දෙක පාලනය ගෙනයා හැකි වන්නේ කිසිවක් කරගත නොහැකි දුර්වල ආණ්ඩුවක් ලෙස පමණි. මෙම වසර අවසානයේ පැවැත් විය යුතු පළාත් සභා ඡන්දය හා ජනාධිපතිවරණය වෙනුවෙන් ධනපති කඳවුරුවල අලුත් මාදිලියේ සන්ධානගතවීම් හා අවස්ථාවාදී රංචු ගැසීම් කරලියට පැමිනෙනු ඇත. වර්ධනය වෙමින් පවතින ගැඔුරු අර්බුදය හමුවේ කම්කරු පංතිය, දුගී ගොවිජනතාව, තරුණයින් හා ශිෂ්‍යයන්ද උතුරේ ජාතික ප්‍රශ්ණයෙන් පීඩනයට පත් ජනතාවද එක් බලවේගයක් ලෙස සටන් පෙරමුණකට ගොනුකර ගැනීම වමේ විප්ලවකාරීන්ගේ අභියෝගය බවට පත්ව ඇත. මෙම පළාත්පාලන ඡන්දයේදි ජනතාවට තෝරා ගැනිමට ධනපති විරෝධී හා ජාතිවාදී විරෝධී දේශපාලන විකල්පයක් නොවීය. ධනවාදයට හා ජාතිවාදයට එරෙහි විකල්ප වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ එකම පක්ෂයවූ එක්සත් සමාජවාදී පක්ෂය තරග කරනු ලැබුවේ සීමිත ස්ථාන 4ක පමණි. ඒ උතුරේ චාවකච්චේරිය හා කොළොන්නාව නගර සභාව, හොරණ ප්‍රාදේශිය සභාව හා මතුගම ප්‍රාදේශිය සභාවයි. ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් සහිතව වෙළද දැන්වීම් හෝ ප්‍රචාරක පෝස්ටර් වලින් තොරව අප ගෙනගිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලද සිමිත ඡන්ද ප්‍රමාණය ගැන අපි නිහතමානීව සතුටුවෙමු. එහෙත් මතුවී එන ගැඔුරු අර්බුදයට මුහුණදීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. කම්කරු පංතියේ පුලුල් පක්ෂයක් ගොඩනැගීම සිදුකරන්නේ කෙසේද යන අභියෝගයට අප මුහුණදිය යුතුය. ලාංකේය ධනපති ක්‍රමය අර්බුදයට ගමන් කළද කම්කරුවන්ගේ තරුණයින්ගේ පීඩිත ගොවි ජනතාවගේ හා දෙමළ ජනතාවගේ අරගලය නොනවත්වා ඉදිරියටම ගමන් කරනු නියතය. ධනපති පංතිය මුහුණදෙන වර්තමාන අර්බුදය සාම්ප්‍රදායික වෘත්තිය සමිති නායකයින්ගේ මැදිහත්වීමකින් තොරව පසුගිය කාලය පුරා අඛණ්ඩව දියත් කෙරුණු කම්කරුවන්ගේ තරුණයින්ගේ හා ශිෂ්‍යයන්ගේ අරගලයන් වල ප්‍රතිපලයන්ය. තිස්ස විතාරන හා වාසුදේව වැනි වමේ ව්‍යාපාරයේ සාම්ප්‍රදායික පැරණි නායකයින්ගේ කොටසක් ජාතිවාදී රාජපක්ෂ කඳවුරේ බත්බැලයින් බවට පත්ව ඇති අතර වික්‍රමබාහු වැනි අනෙක් කොටස් ඊනියා ලිබරල් ධනපති නායකයින්ගේ කිහිළිකරුවන් බවට පත්ව ඇත. මෙම පරිසරය මධ්‍යයේ වෘත්තීය සමිති ව්‍යාපාරය ධනපති දේශපාලනයෙන් ස්වාධින කර සටන් කාමී විකල්ප මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික නියෝජන සභාවක් ගොඩනගා ගැනීම ඒ සදහා ගමන් කළ යුතු පළමු අධියර වෙයි. ප්‍රජාතන්ත්‍රීය අයිතින් දිනා ගැනීමේ සංයුක්ත සටන්පාඨ පෙරට ගතයුතු අතර ජාතිවාදයට හා ධනවාදයට මෙන්ම නවලිබරල් ආර්ථික වැඩ පිළිවෙලට විකල්ප සමාජවාදී වැඩ පිළිවෙලක් සහිත ඉදිරි වැඩ පිළිවෙලක් මත පුලුල් කම්කරු පංතියේ එක්සත් මධ්‍යස්ථානයක් වෙනුවෙන් කටයුතු කිරීම හරහා ජනතාවට හා කම්කරු පංතියට මෙන්ම උතුරේ දෙමළ ජනතාවට විශ්වාසය තැබිය හැකි බලවේගයක් ගොඩනැගීමට කටයුතු කළ යුතුය. එහිදී දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණය අයිතිය පිළිගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්කර ගැනීම මගහැරිය නොහැක්කකි. ඊනියා නිදහසින් වසර 70කට පසුව සමස්ථ ධනේෂ්වර ක්‍රමය මුහුණ දෙන ගැඔුරු අර්බුදයට විසදුම් සොයාගත හැකි වන්නේ එවැනි වැඩපිළිවෙලක් තුළින් පමණක් බව එක්සත් සමාජවාදී පක්ෂය අවධාරණය කර සිටී. අසීරු තත්වයන් යටතේ කම්කරු ගොවි සමාජවාදී ආණ්ඩුවක් පිළිබඳ ඉදිරි දැක්ම ඉදිරිපත් කිරිම මෙම අර්බුදය විසින් අපගේ දෙවුර මත පටවා ඇත.