Home / Articles / නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

1935 දෙසැම්බර් 18 වනදා ලංකා සමසමාජ පක්ෂය බිහිවීම ලාංකික දේශපාලන ඉතිහාසයේ දැවැන්ත සිදුවීමක් විය. ධනපති පංතිය පෙරලා දමා කම්කරු පංති නායකත්වයෙන් සමාජවාදී ආණ්ඩුවක් ගොඩනගා ගත යුතුය යන අදහස පළමු වතාවට මෙරට දේශපාලන භුමිය තුල ජනිත වුයේ එමගිනි. එය අනිවාර්යයෙන්ම ලෝක සමාජවාද ව්‍යාපාරය සමග අත්වැල් බැඳගත් ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක කොටසක්ද වීම වැදගත් පියවරක් විය.

  N.M

ලංකාවේ එවකට සිටී ධනපති පංතියේ නියෝජිතයින් බි‍්‍රතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන් මත යැපෙන කොම්ප‍්‍රද්‍රෝරු පිරිසක් ලෙස කටයුතු කරමින් සිටියහ.  1927දී ඩොනමෝර් කොමිෂම් සභාව පිහිටුවා ජනතාවට සර්වජන ඡන්ද අයිතියදීම පිළිබඳ ප‍්‍රශ්නය මතුවූ අවස්ථාවේදී ධනපති පංතියේ නියෝජිතයින් වූ ඩි’එස් සේනානායක හා බාරොන් ජයතිලක වැනි අය ඡන්ද අයිතිය දීමට විරුද්ධව කරුණු දක්වන තැනට පත්ව සිටියහ. එම පසුබිම තුළ ඩොනමෝර් කොමිසම ඉදිරියේ ජනතාවගේ ඡන්ද අයිතිය ලබා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කළේ එවකට කම්කරු සංගමයේ නායකයා ලෙස කටයුතු කළ එ් ඊ ගුණසිංහ පමණී. ලංකාවට නිදහස ලබා ගැනීමේදී පවා ධනපති නායකයින්ට තිබුණේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබෙන දෙයක් යටහත් පහත්ව ලබා ගැනීමේ නිවට නියාලූ ප‍්‍රතිපත්තියකි.

වමේ පක්ෂ දෙකක්

එසේ වුවද වමේ ව්‍යාපාරය ආරම්භයේ සිටම අප රටට නිදහස දිනා ගැනීම හා අධිරාජ්‍ය විරෝධි අරගලය ගැන ජනතාව දැනුවත් කරමින් අරගලයන් වල නිරත විය. 1939 දෙවන ලෝක යුද්ධය ආරම්භවීම සමග අධිරාජ්‍යවාදී යුද්ධය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ස්ථාවරය ගැන න්‍යායික විවාදයක් සමසමාජ පඏය තුළ මතුවිය. එ් විවාදය සමග තුන්වන ජාත්‍යන්තරය අනුමනය කරන කි‍්‍රයාමාර්ගය සම්බන්දයෙන්ද තියුණු විවාදයක් මතුවිය. ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් 3 වන ජාත්‍යන්තරය කි‍්‍රයා නොකරන බැවින් එය සමග පවත්වන සම්බන්ධතාවලින් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් සමසමාජ පඏයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් ඉදිරිපත් විය. එම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ එස්. එ් වික‍්‍රමසිංහ හා එම්. ජී මෙන්ඩිස් ඇතුලූ 5 දෙනෙකු සමසමාජයන් නෙරපා දමනු ලැබූ අතර ඉන් අනතුරුව එම කණ්ඩයම පසු කලෙක ලංකා කොමියුනිස්ට් පඏ බිහිකිරීමට කටයුතු කරන ලදී.

             z_jun-07-Brillient         න්‍යායික වශයෙන් වෙනස්කම් පඏ දෙක අතර පැවතියද ආරම්භක අවධියේදී සමසමාජ පඏය හා කොමියුනිස්ට් පඏය කම්කරු පංතියේ හා පීඩිත ජනතාවගේ අයිතීන් දිනා ගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. කම්කරු පංති ව්‍යාපාරයට නායකත්වයදුන් වමේ ව්‍යාපාරය 1956දී බණ්ඩාරනායකට ආණ්ඩුවක් (එජාපයට එරෙහිව) ගොඩනගා ගැනීමට සහයෝගයදීමට ගත්තාවූ තීන්දුව සමග ස්වාධින කම්කරු පංති අරගලයේ ගමන්මග පාවාදීම සිදු කෙරින. ජනප‍්‍රිය ජාතිවාදී බලවේගයක මුහුණුවරින් බලයට පැමිණි ධනපති බණ්ඩාරනායකට අනුකූලතා සහයෝගය නමින් (Responsive co – operation) ධනපති සභාග දේශපාලනයට අවතීර්ණවීමේ පළමු පියවර තැබිණ. අනාගත සභාග දේශපාලන කි‍්‍රයාවට ඇතුල්වීම සඳහා ලසසප නායකත්වය එදා හවුල් දේශපාලනය ආරම්භ කළේ අනුකූලතා සහයෝගය යන නමිනි. එසේම 2001 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ ධනපති හවුල් දේශපාලනයට ඇතුල්වූයේ ඊනියා පරිවාස ආණ්ඩුව යන නමින්ය. මේ වන විට එම කඩතුරා සියල්ල හෙළිදරව්වී අවසානය. බණ්ඩාරනායකගේ ආණ්ඩුව හුදෙක් ධනපති ආණ්ඩුවක් පමණක් නොවූ අතර එය සිංහල පමණක් එකම රාජ්‍ය භාෂාව වියයුතු යන ජාතිවාදී දේශපාලන කරලියට ගෙනා දේශපාලනයද විය. අද දක්වා දිග හැරෙමින් පවතින උග‍්‍ර සිංහල ජාතිවාදී දේශපාලනය එ් හරහා ගලා එන්නකි.

වම ජාතිවාදයට යට වෙයි

            ධනපති පංතිය (ශ‍්‍රීලනිපය) සමග සභාග දේශපාලනයට ගමන් කිරීම සමග සමසමාජ හා කොමියුනිස්ට් පඏ ධනපති විරෝධි ස්වාධීන පංති සටන් කි‍්‍රයාමාර්ගය අත්හැර දැමුවා පමණක් නොව සිංහල ජාතිවාදී දේශපාලනයද වැළඳ ගැනීමට සිදුවිය. පළමු වරට ලංකාවේ සමස්ථ වෘත්තිය සමිති ව්‍යාපාරය 1964 දී ඉල්ලීම් 21 වටා එකම සටන් පෙරමුණකට අත්වැල් බැඳගත්හ. එහෙත් වැඩි කාලයක් යන්නට මත්තෙන් ඉල්ලීම් 21 පාවාදී හවුල් ආණ්ඩුවකට ඇතුල්වීම සමසමාජ නායකත්වය ගත්තාවූ තීන්දුව මරණීය පාවාදීමක් විය. 1968 ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව ශ‍්‍රීලනිපය සමග ඩඞ්ලිගෙ බඬේ මසල වඬේ කියන තැනට පත්ව පෙළපාලි යෑම දක්වා වමේ නායකයෝ ජාතිවාදී දේශපාලනය කරපින්නා ගත්හ. 1972දී කොල්වින් ආර් ද සිල්වාගේ නායකත්වයෙන් සම්පාදනය කෙරුන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම මුල්තැන දියයතුය යන්න පවා ඇතුලත් කිරීම දක්වා සමසමාජ නායකයෝ පිරිහී තිබුණි. සමසමාජ නායකයින් ධනපති ශ‍්‍රීලනිපය සමග සභාග දේශපාලනය වැළද ගැනීම සමග ජාතික ප‍්‍රශ්නය සම්බන්දයෙන් දෙමළ ජනතාවගේ අයිතීන් ආරksha කිරීම වෙනුවෙන් පෙනී සිටීම පවා අත්හැර දමන ලදී. 1972 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත පෙඩරල් පඏය විසින් ඉදිරිපත් කළ යෝජනා 6 සැළකීමට නොගෙන ප‍්‍රතිෙඏ්ප කිරීම දක්වා සමසමාජ කොමියුනිස්ට් නායකයෝ නිවට විය. 56 බණ්ඩාරනායක සමග නිතරඟ ගිවිසුමක පදනමින් ආරම්භ කෙරුන සභාග හවුල් දේශපාලනය 1960 1964 1970 – 1994 හරහා 2005 දී මහින්ද රාජපඏ දක්වා පංති සහයෝගීතාවාදී ගමනේ දිගු ගමනක නිරත විය.

නව වමක ආරම්භය

              1970දී ශ‍්‍රීලනිපය සමග දිගුකාලීන හවුල් ආණ්ඩුවක ඇමතිවරුවීමේ ප‍්‍රතිපලයක් ලෙස වැඩ වර්ජන කඩා දමමින් කම්කරු පංති ව්‍යාපාරයට එරෙහිව කටයුතු කිරීම දක්වා වමේ නායකයින් ගමන් කරනු ලැබීය. මේ සමග දකුණේ මෙන්ම උතුරේද වමේ නායකත්වය කෙරෙහි විශ්වාස තබා සිටී පීඩිත ජනතාව ඇතුලූ තරුණ ව්‍යාපාරය ස්වාධීන ගමන් කිරීමට පෙළඹීය. දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ බිහිවීමද නව සමසමාජ පඏයේ (මුල්කාලීනව වාම සමසමාජය ලෙස) ආරම්භයද සනිටුහන් වන්නේ එලෙසයග උතුරේ පොලොට් (PLOTE) කොටි සංවිධානය (LTTE) ටෙලෝ හා (EPLRF)  yd(EROS)යන සංවිධාන ගනනාවක් දකුණට සමගාමීව බිහිවිය.

          z_page-06-Not01නාගරික කම්කරු පංති ව්‍යාපාරය වෙනුවට ග‍්‍රාමීය කුල පීඩිත ජනතාව හා සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම්ව ව්‍යාපාරයක් ලෙස ජවිපෙය සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. විජේවීර ඇතුලූ ජවිපෙ ආරම්භක නායකයින් පැරණි වමේ නායකයින් කෙරෙහි දැක්වුයේ මාක්ස්වාදය මත පදනම්වු න්‍යායික විවේචනයකට වඩා තරුණයින් කුපීත කරවන වෛරී භාෂාවකි. උදාහරණයක් ලෙස ජවිපෙය සමසමාජ හා කොමියුනිස්ට් පඏ වල නායකයින් හැදින්වුයේ රදළ පවුල් පසුබිම් වලින් පැවත එන විදේශිය අධ්‍යාපනය ලත් සුළු ධනපති කොටස් වශයෙනි. ධනපති පවුල් පසුබිම් වලින් පැවත එන මාක්ස්වාදයේ ආරම්භකයින් වන මාක්ස් හා එංගල්ස් ගැන ජවිපෙ නායකයින් එවකට කිව්වේ කුමක්ද යන්න තේරුම් ගැනීම අපහසුය.

වමේ පැරනි නායකයින්ගේ ප‍්‍රතිසංස්කරණවාදී පිරිහීමට හා ජාතිවාදී දේශපාලනයට එරෙහිව ගැඔුරු හැදෑරීමකින් තොරව වමේ ව්‍යාපාරයේ නායකයින් ගැන විජේවීර විසින් ප‍්‍රචලිත කළ හුදු වෛරී දේශපාලනය (න්‍යායික විවේචනයකට වඩා) අදත් ජවිපෙය තුල දකින්නට ඇත්තේ මෙබැවිනි. ජවිපෙය කිසිදිනක පැරනි වමේ පඏ ඇතුලූ සෙසු වමේ පඏ සමග එක්සත් කි‍්‍රයාකාරත්වයකට කිසිදිනක ගමන් නොකරනුයේ එම වෛරී දේශපාලනය නිසාය. 1988 – 89 කාලයේ භීෂණ සමය තුළ ප‍්‍රකට කම්කරු නායකයින්වූ එල් ඩබ්ලිව් පණ්ඩිත ජෝර්ජ් රත්නායක ඇතුලූ වමේ ක‍්‍රියාකාරීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීමට සමත් කාලකන්නි මානසිකත්වයක් දේශපේ‍්‍රමී ව්‍යාපාරයට ඔබ්බවා තිබුනේද එම වෛරී දේශපාලනය නිසාවෙනි.

ජවිපෙ පරීක්ෂණයට ලක්වෙයි

           ජවිපෙ ආරම්භයේ සිට 1994 දක්වා විවෘත දේශපාලනයේ නිරතව සිටියේ ඉතා ටික කාලයකි. 78 – 83 දක්වා කාළය තුළදී විජේවීර ජනාධිපතිවරණය තරඟ කළ අතර ජේ ආර්ගේ ඊනියා සංවර්ධන සභා ඡන්දයට ජවිපෙ ඉදිරිපත් විය. 1989 විජේවීර ඝාතනය කිරීමෙන් අනතුරුව 1994 දී ජවිපෙය ආරිය බුලේගොඩගේ ප‍්‍රගතිශිලී පෙරමුණෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය. ඉන් අනතුරුව පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණවීම සමග ජවිපෙය නැවත නැවත තියුණු පරිඏණයන්ට භාජනය විය. පළමුව චන්ද්‍රිකා ලවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර ගැනීම සඳහා ඇය ජනාධිපතිධුරයට පත් කිරීමේ ලාමක ක‍්‍රියාව (මෙය 1952 සමසමාජය බණ්ඩාරනායකට අනුූලතා සහයෝගය දැක්වීමේ ආරම්භක කි‍්‍රයාව බඳු එකක් විය) සමඟ ධනපති හවුල් දේශපාලනයට ක‍්‍රමයෙන් ඇදී යන්නට වුහ. මෙය චන්ද්‍රිකා 2004 දී ගොඩනගාගත් පරිවාස ආණ්ඩුව නමින් වු ධනපති හවුලෙන් නොනැවතී 2005 දී මහින්ද රාජපඏ සමග ගිවිසුම් සහගත ධනපති හවුලක් දක්වා ජවිපෙය ගමන් කළේය. එය බිඳවැටුනද ජවිපෙ පංති සහයෝගීතාවාදී දේශපාලන ගමන අවසන් වුයේ නැත. 2010දී හිටපු යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපති කරවීම සඳහා කර ගැසීය. (රටේ වාසනාවකට ෆොන්සේකා ජය නොලැබූ අතර එසේ ෆොන්සේකා ජනාධිපතිවුයේ නම් ජවිපෙට නැවත වතාවක් ජිවිත වලින් වන්දි ගෙවීමට සිදුවනු නොඅනුමානය.)

anura

වමේ නාමයෙන් ජවිපෙය මේ වන විට රඟ දක්වමින් සිටින අවසන් ජවනිකාව මෛත‍්‍රී – රනිල් ආණ්ඩුවේ විධායක සභාවට ඇතුලත්වී ධනපති පාලනය පිළිසකර කර ගෙනයාමට දරණ උත්සාහයයි. ජවිපෙ නායකයාව සිටී සෝමවංශ පඏයෙන් ඉවත් වන්නේ මෙම සන්දර්භය තුලය. සෝමවංශ මුලසිට මේ දක්වාම ධනපති පංතිය සමග පංති සහයෝගීතාවාදීව ගමන් කළ යුතුය යන අදහස වෙනුවෙන් පෙනී සිටී බව නොරහසකි. ගැඔුරින් තේරුම්ගත යුතු ප‍්‍රශ්නය වන්නේ උපායික වශයෙන් වෙනස්කම් පැවතියද අනුරකුමාර ඇතුලූ වර්තමාන ජවිපෙ නායකත්වය හා සෝමවංශ අතර මූලධාර්මික වෙනස්කමක් ඇත්තේ නැති බවය. පැරනි වමේ පාවාදිම්වලට එරෙහිව ගොඩනගන ලද ජවිපෙය මේ වන විට ගත කරමින් සිටින ප‍්‍රතිසංස්කරණවාදී ධනපති හවුල් දේශපාලනය ජවිපෙ අනුගාමිකයින් හමුවේ විවෘත සංවාදයකට ගෙනයාම වැදගත් වන්නේ ඔවුන් තවමත් සමාජවාදය කෙරෙහි විශ්වාස තබමින් කටයුතු කරන සටන්කාමී පිරිසක් බැවිනි.

නසසපයේ විනාශය

           එතරම් දීර්ඝව සාකච්ජා කලයුතු නැතත් වර්තමාන වමේ ව්‍යාපාරය ගැන සලකාබැලීමේදී වික‍්‍රමබාහු නායකත්වය දෙන නව සමසමාජ පඏය ගැන සඳහනක් කළ යුතුව ඇත. නසසපය බිහිවුයේ ලංකා සමසමාජ පඏය තුළ කම්කරු පංති ඉදිරි ගමන සඳහා පැවැති ඉතා දීර්ඝ න්‍යායාත්මක විවාදයක ප‍්‍රතිපලයක් වශයෙනි. පැරණි වමේ නායකයින්ගේ ඉතිහාසය හෝ පවුල් පදනම් ගැන කෙරෙන සාකච්ජාවකට වඩා ජාත්‍යන්තර පරිමාන සමාජවාදී ව්‍යාපාරයේ අත්දැකීම් මත සමසමාජ පඏය අනුගමනය කරන පංති සහයෝගීතාවාදී දේශපාලනය ගැන කෙරුන පොහොසත් විවාදයක් විය. එ් හරහා සමසමාජයේ ප‍්‍රාදේශීය නායකයින් පමක් නොව කම්කරු පංති ව්‍යාපාරයේ අතිවිශාල පිරිසක් මතවාදීමය ලෙස විප්ලවවාදී කි‍්‍රයාමාර්ගය වෙත දිනා ගැනීමට වාම සමසමාජ කණ්ඩායමට හැකි විය. නව සමසමාජය නමින් මේ වන විට පෙනී සිටින සංවිධානයේ මුලික අත්තිවාරම වුයේ කම්කරු පංති නායත්වයෙන් යුත් බොල්ෂේවික් පන්නයේ ජාත්‍යන්තරවාදයත් දේශිය වශයෙන් ධනවාදයට ධනපති හවුල් සභාග දේශපාලනයට හා ජාතිවාදයට විරුද්ධව විප්ලවාදී වැඩ පිළිවෙලක් වෙනුවෙන් නිර්ධන පංති බලවේග සංවිධානය කිරීමය.

නිවැරදි විප්ලවවාදී සංවිධානයක් ලෙස පදනම් දමාගත් නසසපයේ බිඳවැටම හා ඊට සමගාමීව ඇරඔුන දේශපාලන පිරිහිම 1980 වැඩ වර්ජනය හා ඉතා සමීපව බැඳ ඇත. 1980 -89 කාළය තුල නසසප සුළුතර කණ්ඩායම ලෙසින් මහජන පඏයේ පංති ස්වභාවය (වික‍්‍රමබාහු විජය කුමාරතුංග හැදින්වුයේ කම්කරු නායකයෙකු ලෙසිනි) ඉන්දු – ලංකා ගිවිසුම හා නූතන අධිරාජ්‍යවාදයේ ස්වභාවය ගැන දීර්ඝ න්‍යායික සාකච්ජාවක අපි නියැලූනි. මේ වන විට නව සමසමාජ නායකත්වය සමාජවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ ඉතිහාසයට පයින් ගසා ධනපති පංතියේ වලිගයක් බවට පත්ව ඇත. 1994 දී පමණ වමේ ව්‍යාපාරයෙන් පලාගිය වාසූදේව ධනපති අණ්ඩුවල කිහිලි කරුවෙකු ලෙස කරක් ගැසූ අතර මේ වන විට අන්ත ජාතිවාදී මඩ ගොහුරේ ගිලී ගමනක අවසානය සනිටුහන් කරමින් සිටී.

මෙම පසුබිම තුළ නූතන වමේ ව්‍යාපාරය ඉදිරියේ පවතින්නේ දැවැන්ත අභියෝගයකි. පැරණි වමේ නායකයින්ගේ පාවාදීම් වලින් අනතුරුව ගොඩනගන ලද අලූත් වම ලෙස කටයුතු කළ ජවිපෙය හා නසසපය නව ලිබරල් ධනේෂ්වර දේශපාලනයට දණ්ඩ නමස්කාර කර යටත්වී හමාරය. වම කෙරෙහි අවධානයෙන් සිටින තරුණයින්ට මේ ගැන ඇත්තේ බරපතල කළ කිරීමක් හා ප‍්‍රශ්නාර්තයකි. මෙම සන්දර්භය තුල නවක කම්කරුවන් හා තරුණයින් වම ගොඩනගා ගැනීම සඳහා අලූත් සාකච්ජාවකට ඇතුලත් විය යුතුය. එ් සඳහා පැරණි වමේ ඉතිහාසයේ පාවාදීම්වල සිට අද සිදු කෙරෙමින් පවතින පාවාදීම් දක්වා ගැඔුරු හැදෑරිමක් කළ යුතුව ඇත. මේ සියලූ පාවාදීම්වලට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයේ ධජය බිම නොදමා ජාතිවාදයට නව ලිබරල් ධනවාදයට හා හවුල් දේශපාලනයට එරෙහිව අභිතව සටන් කරනුයේ එක්සත් සමාජවාදී පඏය පමණී. ධනවාදය පිළිකුල් කරන සමාජවාදය කෙරෙහි විශ්වාසය තබා ඇති කම්කරුවන් හා තරුණයින් සමාජවාදී ව්‍යාපාරය ගොඩනගා ගැනීම සඳහා අප ගෙනයන අරගලය හා බද්ධ වන ලෙස අවධාරණය කරමු.

                                                                                                                       සිරිතුංග ජයසූරිය

About dhammika

Scroll To Top