Home / Articles / කලාවාරණයට එරෙහි වෙමු

කලාවාරණයට එරෙහි වෙමු

කලාවාරණයට
එරෙහි වෙමු

ආගම්වාදී හෝ ජාතිවාදී පදනමක් මත කලා නිර්මාණ වාරණය
කරන ලෙසට ඇතැම් ජාතිවාදී කොටස් වලින් මතුවන
බලපෑම් උත්සන්න වන බවක් පෙනෙන්නට ඇත තම තමන්ගේ
පටු සීමා තුළින් කලා නිර්මාණ දෙස බලා එ්වාට එරෙහිව ආගමික
හෝ වාර්ගික වෛරය මතු කිරීම මෙම කොටස් වල අරමුණ බව
පෙනෙන්නට තිබේ.
මැතකදී කේ.කේ ශ‍්‍රීනාත් චතුරංග විසින් රචිත ”බුදුන්ගේ රස්තියාදුව”
නැමැති නව කතාව සහ මාලක දේවප‍්‍රිය විසින් අධ්‍යක්ෂණය
කරන ලද ගුවන්විදුලි නාට්‍ය කීපයක නම් පදනම් කරගෙන මෙම
අන්තවාදී කොටස් බුදු දහමට නිගා කරන්නේය යන පදනම මත
ආගම්වාදය මතු කිරීමට උත්සාහ දරන බව පෙනේ.
මේ ඔස්සේ ආගමික වශයෙන් කලා නිර්මාණ කරන්නේ නම් එ්
සඳහා ඔවුන්ගේ අනුමැතිය ලබාගත යුතු බවටත් නොඑසේ නම් එ්වා
වාරණය කළයුතු බවටත් සිංහල බෞද්ධ සමාජය තුළ මතවාදයක්
නිර්මාණය කොට එ් ඔස්සේ ජාතිවාදී ආගම්වාදී බලවේග යළිත්
රාජ්‍ය බලයේ අණසක පැතිරවීමට උත්සාහ කරමින් සිටින බව
පෙන්වා දෙන එක්සත් සමාජවාදී පක්ෂය ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජයක
විසම්මුතිය සහ විසංවාදයට විනා වාරණයට ඉඩ නොතැබිය යුතු
බව තරයේ ප‍්‍රකාශ කර සිටී. නිර්මාණ වාරණයට එරෙහිව නිදහස
සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූදෙනා එක්සත්ව හඬනැගිය යුතු බවත් එසපය  පෙන්වා දෙයි.

About dhammika

Scroll To Top