Home / Activities / වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට

වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට

වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සඳහා ඉදිරියේදී අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් වතු කම්කරු ජනතාවගෙන් ඉල්ලීම් ගනනාවක් මේ වනවිට ඉදිරිපත්ව තිබේ. වතු කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධව වතු හාම්පුතුන්ගේ සංගමය හා ලංකා කම්කරු කොංග‍්‍රසය හා ලංකා ජාතික වතු සේවක සංගමය වැනි වෘත්තිය සමිති අතර පැවැත්වෙන සාකච්ජාවන් සඳහා සමස්ථ වතු කම්කරු ජනතාවගේ සැබෑ උවමනාවන් නියෝජනය නොවන බව එම ජනතාවගේ මතයවී තිබේ.
වතු කම්කරුවන්ට ලැබෙන දෛනික වැටුප පවා විවිධ කොන්දේසි මගින් බරපතල ලෙස කප්පාදු කිරිමට ලක් කිරිම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එම තත්වය තුළ වතු කම්කරු දෛනික වැටුප කිසිදු කප්පාදු කිරීමකින් තොරව රු.1000/- දක්වා වැඩිකළ යුතු බවට ප‍්‍රධාන වෘත්තිය සමිති නියෝජනය නොකරන වෘත්තිය සමිතිවල යෝජනාව වී ඇත. එ් සමග වේගයෙන් ඉහල නගින ජීවන වියදමට සරිලන අයුරින් වැටුප් වැඩි කිරීමේ කොන්දේසියක් ඇතුලත් කළයුතු බවද එය මූලික වැටුපට එකතු කළ යුතු බවටද යෝජනා කරසිටී. දැනට තිබෙන මාස 18ක හිඟ මුදල වහාම ලබාදිය යුතු බවත් එම ඉල්ලීම් අතරවේ.
මෙම ඉල්ලීම් ජයග‍්‍රහණය කිරිම සඳහා වතුකරයේ සාමාන්‍ය ජනතාව සහභාගි කර ගන්නාවූ පුලූල් උද්ඝෝෂණ කි‍්‍රයාවලියක් මේ වන විට ආරම්භ වී ඇත. එක්සත් සමාජවාදී පක්ෂයට සම්බන්ධ නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානය මේ ස`ඳහා ප‍්‍රමුඛ කාර්්‍යයක් ඉටු කරන බව එම සංගමයේ කලවකැලේ සංවිධායක එස්. ගෝවින්දරාජා සහෝදරයා රතුතරුවට පැවසීය.

වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතුකරය නියෝජනය කරන වෘත්තිය සමිති අතර අත්සන් කිරිමට නියමිත සාමුහික ගිවිසුම තුලින් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1000/-ක් ලබාදෙන ලෙස ඉල්ලමින් මේ දිනවල වතු කම්කරුවෝ අඛණ්ඩ උද්ඝෝෂණයක යෙදී සිටී. රු .1000/- දෛනික වැටුප කොන්දේසිවලින් කප්පාදු නොකරන ලෙස ඔවුන් ඉල්ලා සිටී. පසුගිය දින නුවරඑළිය පේදුරු වත්තේ පැවති උද්ඝෝෂණයට එක්සත් සමාජවාදී පක්ෂය සම්බන්ද නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ නියොජ්ිතයින් එයට සහභාගිවූ අවස්ථාවකි මේ.

About dhammika

Scroll To Top