Home / Articles / ජවිපෙ ඊනියා වාම සළුපිළි ගලවයි
ජවිපෙ ඊනියා වාම සළුපිළි ගලවයි

ජවිපෙ ඊනියා වාම සළුපිළි ගලවයි

image_pdfimage_print

ජවිපෙ ඊනියා වාම සළුපිළි ගලවයි


ජනතා විමුක්ති පෙරමුණ වසර 20කට පමණ පසුව තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තින්දු කර ඇත ග මෙම තීන්දුව ඔවුන් මෙතුවක කල් අනුගමනය කළ ධනපති පංතිය සමග ගෙනගිය හවුල් දේශපාලනයෙන් මතුපිට තලයේ වෙනස්විමක් පෙන්නුම් කරයි. 1994දී ඔවුන් චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත්කිරීමට සහයෝගය දුන් අතර 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් කිරීම සදහා පූර්ණ සහයෝගය ලබාදුනි. ජවිපෙය මෙම වකවානුව තුළ ධනපති ආණ්ඩුවල ඇමතිධුර දරමින් ධනේෂ්වරයේ මුක්කුවක් ලෙසද කටයුතු කරන ලදීග ඉන් අනතුරුව 2010දී එජාප ධනපති හවුලේ අපේක්ෂකයාවූ සරත් පොන්සේකා බලයට පත් කිරීම සඳහා කටයුතු කළේය. අනතුරුව නැවත 2015 එජාපය ප‍්‍රමුඛ ගොඩනගාගත් ඊනියා යහපාලන හවුලේ පොදු අපේක්ෂකයාවු මෛති‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් විය. ස්වාධීන දේශපාලන ස්ථාවරයක් ගැනීමට අපොහොසත්වූ ජවිපෙය පසුගිය කාලයපුරාවට ධනපති පංතියේ එ් හෝ මේ කඳවුරට ගාල්වී පංති ව්‍යාපාරය පාවාදීම සදහා කටයුතු කළ ලේවැකි පාර්ලිමේන්තුවාදී දේශපාලනයකට ඔවුන් උරුමකම් කියනු ලැබේ.


ජවිපෙ 2019 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ”ජාතික ජනබලවේගය” නමින්වු සංවිධානයක අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුරකුමාර දිසානායක ඉදිරිපත් කරන්නේ මෙකී පසුබිම තුළය. සමස්ථ ධනපති කඳවුරම දැවැන්ත දේශපාලන අර්බුදයක ගිලී සිටින මෙම මොහොතේ කම්කරු පංතිය මෙන්ම උතුරේ දෙමළ ජනතාව හා සමස්ථ පීඩිත ජනතාව වෙතින් මෝරා එන බරපතල වෛරය ධනපති විරෝධී මුහුණුවරක් පෙන්වා තමන් වෙත යොමු කර ගැනිම ජවිපෙ උපායවී ඇතිබව පැහැදිලිය. පසුගිය දශක දෙකකට වැඩි කාලයක් ධනපති පංතිය අර්බුදයන්ට මුහුණ දෙන අවස්ථාවන්හිදී ඊට එරෙහිව ස්වාධීන ස්ථාවරයක් ගන්නවා වෙනුවට ධනපති ක‍්‍රමය බේරා ගැනීමේ පාපතර කි‍්‍රයාවට සම්මාදන්වු ජවිපෙය හදිසියේ අංශක 180ක් කැරකැවී අලූත් වෙස් මුහුණක් පැළැඳගැනීම බරපතල ලෙස ප‍්‍රශ්න කල යුතුය.
අගෝස්තු 18 ගෝල්පේස් පිටියේ පැවැති රැුලියේදී තමන් ඉදිරිපත් වන්නේ කුමක් වෙනුවෙන්ද යන කාරණය අරභයා අනුර කුමාර ප‍්‍රදර්ශනය කළ හුදු ජනපි‍්‍රයවාදී වාම මුහුණුවර හිස් ප‍්‍රලාපයක් පමණී. ඔහු බලයට පත්වුවහොත් අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන කිසිදු නිෂ්චිත අදහසක් ඉදිරිපත් නොකිරීමට ඔහු ප‍්‍රවේශම් වියග ජනතාව රැුවටිම සඳහා හුදු වාචාල කථාවක් කරනවා වෙනුවට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප‍්‍රමුඛ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙලට එරෙහිව ඔවුන් යෝජනා කරන විකල්ප අදහසක් ඉදිරිපත් කිරිමට ඔහු අසමත් විය. ¥ෂණයෙන් තොර පිරිසිදු පාලනයක් බිහි කරන බවට ඔහු දුන් පොරොන්දුව ඇත්ත තත්වය වසන් කිරීමකි. ධනපති ක‍්‍රමය වෙනස් කිරීමකින් තොරව දුෂණය හා වංචාව දුරලිමට කථා කිරිම අමු වංචාවකි. දුෂණය බිහි වන්නේ ධනේෂ්වර ක‍්‍රමයේ ගර්භාෂයෙන් බව අනුර කුමාරට නොතේරීම පුදුමයකි. මේ අන්දමට ඉන්දියාවේ බිහිවු ජනපි‍්‍රය දුෂණ විරෝධීන්වු අන්නා හසාරේ හා කේජ්රිවාල් වැනි ධනපති ගැත්තරයන් මේ වන විට ඉතිහාසයේ කුණු කූඩයට වැටී ඇත. දුෂණ විරෝධයේ වීරයෙකුවීමට උත්සාහ කරන අනුර කුමාර ඊට වඩා වෙනත් ඉතිහාසයකට උරුමකම් නොකියන බව පැහැදිලිය.
රට මුහුණ දෙන ප‍්‍රධානතම දේශපාලන ප‍්‍රශ්ණය වන ජාතික ප‍්‍රශ්ණය ගැන ඔවුන් ඉදිරිපත් කරන විසඳුම ගැන කථා නොකිරීම ඔහුගේ තවත් විශේෂත්වයක් විය. සමාජවාදය අලෙවි කරමින් රතු කොඩියක් ඔසවාගෙන දෙමළ ජනඝාතක යුද්ධයට පූර්ණ සහයෝගදුන් ජවිපෙයට උත්පත්තියේ සිට පැවත එන සිංහල ජාතිවාදී පෙකනිවැල කපා ඉවත් කිරිමට තිබෙන නොහැකියාව එමගින් පෙන්නුම් කෙරින. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට පවා විරුද්ධව ජාතිවාදි උද්ඝෝෂණයන් වල යෙදුන ජවිපෙය එ්කීය රාජ්‍ය සංකල්පය වැළඳගෙන සිටීම මෙයට හේතුවයි. ලෙනින් පැහැදිලි කළේ මාක්ස්වාදීන් පරීක්ෂාවට ලක් කරන උරගල ජාතික ප‍්‍රශ්නය බවය. ජවිපෙ ඉතිහාසය පුරාම එම පරීක්ෂණයෙන් අසමත්වු අතර සුළු ධනේෂ්වරයේ නියෝජිතයින් ලෙස ජාතිවාදි මඩගොහුරේ ගිලී සිටී. ජාතික සමගියක් ගොඩනැගීම අවශ්‍යය යන ධනපති නායකයින් ආවඩන හිස් වචන වලින් එහාට යමක් කීමට නොහැකි තරමට ඔහු බංකොලොත් විය. 30 අවුරුදු යුද්ධයකින් හෙම්බත්වූ රටක දෙමළ ජාතියේ ජාතික ප‍්‍රශ්නය විසදිමට පැහැදිලි හා එඩිතර විසදුමක් ඉදිරිපත් කිරිමට නොහැකි කිසිවෙකුට අනාගතයක් නොමැත. අනුර කුමාර ඇඳගෙන සිටි කහපාට කමීසය අපට එතරම් වැදගත් නොවුවද ඔවුන් එම රැුලිය තුළ ප‍්‍රදර්ශනය කළ ධජයේ කහපාට හා රතුපාට මිශ‍්‍රව තිබිම දකුණේ සිංහල බෞද්ධ බලවේගයේ නියෝජනත්වයක් සහිත බව පෙන්නුම් කරයි. අනුර කුමාර කහපාට කමීසයක් ඇඳගෙන සිටියේ ඇයිද යන්න ගැන එයින් නිර්වචනය කරගත හැකිවෙයි.
රැුඩිකල් ජනකොටස් හා ග‍්‍රාමීය තරුණ බලවේග රැුවටිම උදෙසා සමාජවාදයේ උරුමක්කාරයින් ලෙස බොහෝ කලක් දේශපාලනයේ නිරතව සිටී ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කල් සඟවාගෙන සිටි ඔවුන්ගේ සැබෑ දේශපාලන ස්වරූපය මෙම අලූත් දේශපාලන ජවවනිකාව සමග හෙළිදරව්වි ඇත. සමාජවාදී විකල්පයක් ගොඩනැගීම ගැන සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇති අනුර කුමාර ඊනියා වාමාංශික ජනතාවාදී ස්වරූපයක් පෙන්වමින් ධනපති පාර්ලිමේන්තුවාදයේ අතකොලූවක් බවට පත්වී අවසානය. එසේ වුවද මෛති‍්‍ර -රනිල්ගේ යහපාලන ආණ්ඩුව බලයට පත් කිරිම වෙනුවෙන් දරදිය අදින ලද ඊනියා වාමාංශිකයින්ද සිවිල් සමාජ නියෝජිතයින් හා සුළු ධනේශ්වර මධ්‍යම පාන්තික උගතුන්ට රැුදිසිටීමට ජවිපෙය ගොඩනගන ජාතික ජන බලවේගය තාවකාලික අම්බලමක් විය හැකිය. 2015 ජනවාරි 8 විප්ලවයක් සිදුවීම ගැන වාචාල බස් කියමින් සිටී සමාජවාදය කෙරෙහි සියලූ බලාපොරොත්තු අත්හැර දමා තිබෙන කාලයක් වමේ ව්‍යාපාරය තුල රස්තියාදු ගැසූ මෙම මධ්‍යම පන්තික බුද්ධිමතුන් නවලිබරල් ආර්ථික මොඩලය තුළ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුබ සාධන වැඩ පිළිවෙලක් වෙනුවෙන් සිහින දකිති. අනෙක් පැත්තෙන් ගෝලීය ධනවාදයේ දැවැන්ත අර්බුදය තුළ ධනේෂ්වර ප‍්‍රජාත්නත‍්‍රවාදයේ මෙතුවක් කල් පැවැති ගුණාංග තලාපොඩිකර දමා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අධිපතිවාදි දරදඩු පාලනයන් කරා ගමන් කරන අවධියක මෙවැනි සිහින පිටුපස යැම අමු මුලාවකි.


මෛති‍්‍ර රනිල් වැනි ධනපති නායකයින් පිටුපස විශාල බලාපොරොත්තු සහිතව බඩගාන ලද නාගරික මධ්‍යම පංතික කොටස් වලට රැුදී සිටිම සඳහා ජවිපෙය විසින් ගොඩනගන මෙම අච්චාරු වේදිකාව කදිමට ගැලපේ. සමාජවාදය හා වම කම්කරු පංතිය ඇතුලූ පීඩිත ගොවි ජනතාවද තරුණ හා ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම උතුරේ හා නැගෙනහිර ජාතික ප‍්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින දෙමළ හා මුස්ලිම් ජනතාවගේ අරගලයන් සම්පූර්ණයෙන්ම අත්හැර දමා රැුවටිලිකාරී ලෙස නව ලිබරල්වාදය ප‍්‍රතික්ෂේප කරන බවක් මතුපිටින් පෙන්වන එහෙත් ධනපති පාර්ලිමේන්තුවාදී දේශපාලනය සහ මුලින්ම වැළඳ ගැනීම තුළින් කිසි දිනක මාක්ස්වාදී පක්ෂයක් නොවු ජවිපෙ නායක අනුරකුමාර වැනි අය විජේවීර සමයේ සිට මෙතෙක් පැළඳගෙන සිටි රැුවටිලිකාරී සමාජවාදී කඩතුරාවද ගැලවී ගොස් ඇත.
එක්සත් සමාජවාදී පක්ෂය

Scroll To Top