ගෝඨාභය රාජපක්ෂ – සිංහල ජනාධිපති

2019 නොවැම්බර් 16 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේ තම ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසට වඩා ඡන්ද 1,360,011ක් ලබා ගනිමිනි. ගෝඨාභය ලබා ගත් මුලූ ඡන්ද සංඛ්‍යාව 6,924,255 (52.25%)ක් වූ අතර සජිත් ප්‍රේමදාසට ලබාගත හැකි වූයේ ඡන්ද 5,594,239ක් පමණි.

ගෝඨාභයගේ ජයග්‍රහණයේ විශේෂිත ලක්ෂණය වන්නේ දකුණේ සිංහල ජනතාවගේ ඡන්ද විශාල වශයෙන් ලබා ගැනීමය. දෙමළ හා මුස්ලිම් ජනයා ජීවත්වන උතුර හා නැෙගනහිර ප්‍රදේශවලින් ඔහුට ලබා ගත් හැකි වුයේ ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකි. උතුරේදී ගෝඨාභයගේ පසු බැසීම ඉතා පැහැදිලිව දැකිය හැකි වූ අතර 2010 හා 2015 පැවැති ජනාධිපතිවරණ දෙක හා සසදා බැලීමේදී එය තහවුරු වේ.

දිස්ත්‍රික්කය 2010(මහින්ද) 2015(මහින්ද) 2019(ගෝඨාභය)
වන්නි 28.75 19.07 12.27
යාපනය 24.75 21.85 6.24
මඩකලපු 26.27 6.25 12.68
ත්‍රිකුණාමලය 43.0 26.67 23.39

මෙයින් පෙන්නුම් කරනුයේ 2010 යුද ජයග්‍රහණයෙන් පසුව පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව උතුර නැෙගනහිර ප්‍රදේශවලින් ලබා ගැනීමට ගෝඨාභය අසමත්ව ඇති බවයි. ඉන් ගම්‍ය වනුයේ උතුර හා නැෙගනහිර ජීවත්වන ජනතාව සමස්ථයක් වශයෙන් ගෝඨාභය ප්‍රතික්ෂේප කර ඇති බවකි. ජනඝාතක යුද්ධයේ ප්‍රධාන සැලසුම්කරුවා පමණක් නොව සුදුවෑන් සංස්කෘතිය හදුන්වා දෙමින් ඔහු කළ විනාශයද, බොදුබල සේනා වැනි අන්තවාදී බෞද්ධ සංවිධානවලට අනුබල දෙමින් මුස්ලිම් විරෝධි ව්‍යාපාරයට දුන් නායකත්වය එම ජනතාව අමතක නොකර ඇත. එපමණක් නොව, වතු දෙමළ ජනතාව ජීවත්වන නුවරඑළිය දිස්ත්‍රික්කයේද ප්‍රතිඵලය ඊට සමානකමක් පෙන්වයි. වතු දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නායකයා වූ ආරුමුගම් තොන්ඩමාන් ගෝඨාභයට සහයෝගය දෙන තත්ත්වයක් තුළ පවා ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අතිවිශාල පරාජයක් හිමි කර ගත් අතර ඔහුට ලබා ගත හැකි වුයේ සියයට 36.87ක් පමණි. මෙම ඡන්ද ප්‍රතිශතය පවා ගෝඨාභයට ගත හැකි වුයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වලපනේ හා හගුරන්කෙත වැනි ආසනවල සිටින සිංහල ජනතාවගේ ඡන්දය ලබා ගැනීමෙනි. ඔහුට වතු කම්කරු දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට හැකිව තිඛෙන්නේ ඉතා සුළු වශයෙන් බව ඉන් පැහැදිලි වේ. ඒ අනුව සමස්තයක් ලෙස මෙම ඡන්ද ප්‍රතිඵල දෙස බැලීමේදී පෙනී යන්නේ උතුරේ දෙමළ ජනතාව හා නැෙගනහිර මුස්ලිම් ජනතාව පමණක් නොව කදුකරයේ ජීවත්වන දෙමළ ජනතාව ඇතුළු රටේ සෙසු ප්‍රදේශවල ජීවත්වන (මීගමුව වැනි) දෙමළ හා මුස්ලිම් සුළුතර ජනතාවගේ ඡන්දය ගෝඨාභයට විරුද්ධව ප්‍රකාශ වී ඇති බවය.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ මෙම ප්‍රවණතාව ගෝඨාභයට බරපතළ කනේ පහරක් වී ඇති බව පෙනේ. ඒ තුළින් ඔහු කෝපයට පත්ව ඇති බව නොවැම්බර් 18 වැනි දින අනුරාධපුරයේ පැවැති දිවුරුම් දීමේ උත්සවයේදී තමන් සිංහල ජනාධිපතිවරයා බව පිළිගනිමින් සිදු කළ කතාවේදී පෙන්නුම් කළේය. ඔහු එහිදී මෙසේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකේය රාජවංශයේ ශ්‍රේෂ්ඨකම නරපතියකු වන දුටුගැමුණු මහ රජුන්ගේ පිළිරුව අභියස සිට ජාතිය ඇමකීමට අවස්තාව ලැබී තිඛෙන්නේ මට ජනතාව ලබා දුන් ඓතිහාසික ජනවරම නිසාය.(ඔහුට එළාර අමතක වීම හුදු අහම්බයක් නොවේ-අවධාරණය අපේ.) සියල්ලමට පෙර මා ඉතා ගෞරවයෙන් සදහන් කිරීමට කැමතියි මේ මැතිවරණ ජයග්‍රහණය සදහා සුවිශේෂීම පිටුවහල වුයේ අප රටේ සිව් දිග වැඩවසන ගරුතර සංඝරත්නය විසින් ලබා දුන් ආශිර්වාදය. මෙම ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා. මම සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජය ගත හැකි බව දැන සිටියා.(19.11.2019 ලංකාදීප පුවත්පත)

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තම ධුර කාලය තුළ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට ඇප කැප වෙන බවකි. වෙනත් ආගම් ගැන කිසිදු සදහනක් නොකිරීමට ඔහු ප්‍රවේශම් වූ අතර මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණයෙන් අනතුරුව සිදු කළ කතාවේදී අන්‍ය ආගම් හා ජාතීන් ආරක්ෂා කරන බව ප්‍රකාශ කළ බව මෙහිලා මතක් කළ යුතුය. මෙයින් පෙන්නුම් කරන්නේ පසුගිය වසර කිහිපය පුරා දකුණේ සිංහල ජාතිවාදය අවුස්සමින් විපක්ෂය ගෙන ගිය සිංහල ජාතිවාදය කරලියට පත්ව ඇති බවය. දකුණේ සිංහල බෞද්ධ ජනයාගේ වීරයා වශයෙන් ගෝඨාභය බලයට පත්ව තිබීම මෙහි යථාර්තයයි. මෙතෙක් නොනිල වශයෙන් ක්‍රියාත්මක වූ සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පය නීතිගත කිරිමට ඔහු පියවර ගනු ඇත. මෙය ආපසු හැරවිය නොහැකි බරපතළ පියවරක් වනු ඇත. මෑත මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී දකුණේ ඇතැම් දිස්ත්‍රික්කවල මහින්ද රාපක්ෂටත් වඩා වැඩි ප්‍රතිශතයක් ගෝඨාභය ලබා ගෙන ඇත.

දිස්ත්‍රික්කය 2015(මහින්ද) 2019(ගෝඨාභය) මාතර 57.81 67.25 මොනරාගල 61.45 66.17 ගාල්ල 55.64 64.26 රත්නපුරය 55.74 59.93 දකුණෙු වර්ධනය වන මෙම සිංහල ජාතිවාදී ප්‍රවණතාව මීට වසරකට පෙර, එනම් 2018 පෙබරවාරි මස පැවැති පළාත් පාලන ඡන්දයේදී පෙන්නුම් කෙරින. මෙම තත්ත්වය සමග ජාතිවාදි හැගීම් තවදුරටත් උත්සන්න වීම අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සිදු විය. එසේ වුවද 2018 පෙබරවාරි ප්‍රාදේශිය සභා ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී 2019 නොවැම්බර් ගෝඨාභයගේ ජයග්‍රහණය පැහැදිලිවම පුරෝකථනය කළ හැකිව තිබිණි. 2018 පෙබරවාරි ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 4,941,925(44.6%)ක්ද එක්සත් ජනතා සන්ධානය ඡන්ද 9,89,821(8.9%)ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 4,91,835(4.4%)ක්ද ලබා ගත්හ. මෙවර ජනාධිපතිවරණයේදී මෙම පක්ෂ තුනම සන්ධානගතව ගෝඨාභයට සහයෝගය දැක්වීම සමග එම ඡන්ද සියල්ල එක ගොඩකට වැටුණි. ඒ අනුව එම පක්ෂ තුන 2018 ගත් ඡන්ද සංඛ්‍යාව එකට එකතු කළ විට එය ලක්ෂ 6,423,608ක් වන අතර මෙවර ගෝඨාභය ලබා ගත් ඡන්ද ලක්ෂ 6,924,255 ඉතා කිට්ටු සංඛ්‍යාවක් බව පෙනේ.

මේ සියලූ කාරණා එකට ගෙන විශ්ලේෂණය කිරීමේදී පෙන්වන පැහැදිලි පින්තූරය වන්නේ ශ්‍රී ලංකාව භෞතික වශයෙන් එක රටක් ලෙස පැවතියද යථාර්තයේදී මතවාදිමය වශයෙන් රටවල් දෙකක් බවට පත්වීමේ ස්වභාවයක් පෙන්නුම් කරන බවය. උතුරේ හා නැෙගනහිර දෙමළ, මුස්ලිම් ජනතාව සජිත් ප්‍රේමදාසට ඡන්දය දී තිඛෙන බව මතුපිටින් පෙණුනද ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ඇත්ත අර්ථය වී ඇත්තේ ගෝඨාභය-මහින්ද යන දෙපළ විසින් නිර්මාණය කරමින් තිඛෙන සිංහල-බෞද්ධ ජාතිවාදී අධිපතිවාදයට ඔවුන් යටත් වීමට සුදානම් නොමැති බවය. මෙම තත්ත්වයට කදුකරයේ දෙමළ ජනතාවගේ බහුතර ප්‍රකාශනයද එකතු කළ විට සමස්තයක් වශයෙන් දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ජනමත විමසුමක් බවට මෙම මැතිවරණ ප්‍රතිඵලය පත්ව ඇති සැටියෙකි.

මෙම පරිසරය තුළ අනාගත ගෝඨාභයගේ පාලනය ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කප්පාදු කරන, කම්කරු-සිසු සටන් මර්දනය කරන හා දෙමළ ජනතාවගේ අයිතීන්වලට එරෙහි මර්දනකාරී පාලනයක් වනු ඇත. එය උතුරට පමණක් සීමා නොවන අතර දකුණේ අයිතීන් වෙනුවෙන් සටන් වදින කම්කරුවන්, දුප්පත් ගොවි ජනතාව හා ශිෂ්‍ය -තරුණයන් දැඩි මර්දනයකට හසු කරනු ඇත. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අධිරාජ්‍යවාදී ආයතන සමග ආරම්භ කළ සියලූ ගිවිසුම් ඊටත් වඩා හොදින් ක්‍රියාවට නගනු ඇත. ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ගෙන යන ලිබරල් ආර්ථීක වැඩ පිළිවෙල වේගයෙන් ක්‍රියාවට දමනු ඇත.

අනෙක් අතින් ගෝඨාභයව පාලනය කිරීමට මහින්දට තිඛෙන හැකියාව ඉදිරි කාලයේ අභියෝගයට ලක් වනු ඇත. ගෝඨාභය කිසිම පක්ෂකයක සාමාජිකයකු නොවන අතර ඔහු වියත්මග වැනි සංවිධානවල නියෝජිතයන් සමග තීන්දු ගැනීමට යොමු වීම බලාපොරොත්තු විය යුතුය. ඔහුගේ ප්‍රධාන ගෝලයකු වනුයේ හිටපු මේජර් ජනරාල් කමල් ගුණරත්න වැනි අන්තවාදීන් වීම ගෝඨාභයගේ පාලනයේ ස්වභාවය පෙන්නුම් කරයි. ඉතුරු වී ඇති රාජ්‍ය දේපොළ සියල්ල විකුණා දැමිම අනිවාර්යෙන්ම සිදු කරනු ඇත. මෙම පරිසරය තුළ උතුරේ ජනතාව හා දකුණේ පීඩිත ජනතාව එක සටන් පෙරමුණක සිට අයිතීන් දිනා ගැනිමේ අරගලය දියත් කිරීමට අවශ්‍ය නිවැරදි දැක්මකින් යුත් වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීම ප්‍රමාද කළ නොහැකි වගකීමක් බවට පත් වෙනු ඇත. ඉහත සදහන් කළ අන්දමට රට තුළ උග්‍ර ජාතිවාදී හැගීම් උත්සන්න වූ පරිසරයක් මධ්‍යයේ අපට ඡන්ද ව්‍යාපාරය ගෙන යාමට සිදුවිය. එය ආරම්භයේ සිටම දැවැන්ත අභියෝගයක් විය. මෙම පරිසරය තුළ කලක් ව්‍යාජ ලෙස සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණට අත් වූ ඉරණමද සලකා බැලිය යුතුය. මෙම ජනාධිපතිවරණයේදී ජවිපෙ මෙතෙක් කල් ඇද සිටි සමාජවාදයේ හා වමේ සියලූ සලූපිළි සියල්ල ගලවා දමා ඔවුන්ගේ සැබෑ ධනපති පාර්ලිමේන්තුවාදී දේශපාලනය ඉස්මත්තට ගෙනෙන ලදී. ජාතික ජන බලවේගය නමින් අනුර කුමාර දිසානායක තරගයට ඉදිරිපත් වන්නේ ඒ අනුවය. ඔවුන්ගේ ප්‍රධාන තේමාව වුයේ දූෂණය හා නාස්තියෙන් තොර පිරිසිදු ධනපති පාලනයක් ගෙන යන බව පෙන්වීමය. අතිවිශාල මුදලක් වැය කරමින් ඔවුන් ගෙන ගිය ඡන්ද ව්‍යාපරයට අවසානයේදී ලබා ගත හැකි වුයේ 418,553 (3.169%)ක් පමණි. මෙයට වසර එකහාමාරකට පෙර 2018 පළාත් පාලන මැතිවරණයේදී ජවිපෙ තනිවම තරග කර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වූ 693,875 (6.27%)වත් ජාතික ජන බලවේගයට ලබා ගැනීමට නොහැකිවීම බරපතළ බිද වැටීමක් පෙන්නුම් කරනු ලබයි.

ඉතා තීව්‍ර අන්දමට ජාතිවාදය උත්සන්න වූ පසුබිමක ප්‍රතිපත්තියානූකූලව සමාජවාදී වැඩපිළිවෙළක් පෙරටු කර ගත් එක්සත් සමාජවාදී පක්ෂයට ලබා ගත හැකි වුයේ ඡන්ද 3964ක්. මෙහිදි විශේෂයෙන් සදහන් කළ යුතු වන්නේ සිංහල ජාතිවාදි නැගීම ඉදිරියේ දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පැහැදිලව පිළිගත් එකම අපේක්ෂකයා ලෙස සිරිතුංග ජයසූරියට සිංහල ප්‍රදේශවල ඡන්ද අඩුවීම ප්‍රධාන හේතුවක් වූ බවය. එසේම උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් එකතු වී ඉදිරිපත් කළ ඉල්ලීම් 13 පිළිගත් එකම දේශපාලන පක්ෂය වූයේ එක්සත් සමාජවාදී පක්ෂයයි. සීමිත සම්පත් ප්‍රමාණයකින් අවම මැතිවරණ ව්‍යාපාරයක නිරත වීමෙන් සමාජවාදි වැඩපිළිවෙළක් සදහා ලැබුණු මෙම ඡන්ද ප්‍රමාණය ගැන අපට කණගාටු වීමට දෙයක් නොමැතිය. සැම අදුරු වලාවකම රිදී රේඛාවක් ඇත යන කියමන අනුව ඉදිරියේ දිග හැරෙන අදුරු කාලය තුළ දී පන්ති අරගලයට නායකත්වය දිය හැකි පුළුල් වමේ බලයක් ගොඩ නැගීමට අපි අදිටන් කර ගත
යුතුය.