වසන්ත වෙනුවෙන් රටම පෙළගැසෙයි
Posted by: Admin
in Articles, Upcoming Events, USP Statements
January 10, 2023
285 Views

පාදඩ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අසාධාරණ ලෙස සිරගත කොට සිටින වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කරගැනීමට සමස්ත ප්‍රගතිශීලී ජනතාවම එක්වෙමින් සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය අගෝස්තු 18දා සිට මේ දක්වා දින 150කට ආසන්න කාලයක් රඳවාගෙන සිටින වසන්ත සහෝදරයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තබා සාමාන්‍ය අපරාධ නීතිය යටතේවත් චෝදනා නැගීමට කිසිදු පදනමක් නොමැති බව පැහැදිලිය. මේ තත්වය තුළ නීතිපතිවරයා ඔහුට ඇප ලබාදීමට විරුද්ධ වන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන උවමනාවට යටවී බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මූලිකත්වයෙන් වසන්ත මුදලිගේ නිදහස් කරගැනීම සඳහා ගෙනයන අරගලය වටා වාමාංශික පක්ෂ, වෘත්තීය සමිතිවලට අමතරව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන වෙනත් සංවිධාන සහ පුද්ගලයන්ද එකතු වෙමින් පවතී. ජනවාරි මස 17 වන දින ඔහුගේ නඩුව නැවත කැඳවීමට ප්‍රථම 16 වෙනිදා ආණ්ඩු විරෝධී සියලු බලවේග විසින් ඒකා බද්ධ උද්ඝෝෂණයක් කොළඹදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ යටතේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් ඇතුළු දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් සියලු දෙනා නිදහස් කරන ලෙස උද්ඝෝෂණ මතුවෙමින් පවතී.
2023-01-10