Home / World News / ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !

ඊශ්‍රායෙල – ගාසා යුද්ධය වහා නවත්වනු !

Rally round Palestinian people for their national liberation

Support the struggle of Palestinians against the Zionist state of Israel.

තම ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කරන පලස්තීන ජනයා සමග එක්වෙමු

යුදෙව් මහජාතිවාදී ඊශ්රායල් රාජ්යයට එරෙහිව පලස්තීන ජනයා ගෙනයන අරගලයට සහාය දෙමු.

පලස්තීනයේ හමාස් සංවිධානය ඊශ්රායල් රාජ්යයට එරෙහිව සන්නද්ධ ප්රහාරයක් අරඹා තියෙනවා. ඊශ්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු එයට ප්රතිචාර වශයෙන් හමාස් සංවිධානයට එරෙහිව යුද ප්රකාශ කර තියෙනවා. මේ වනවිට දින තුනක් ඉක්මවා මේ ගැටුම් ඇවිල යමින් පවතිනවා.
හමාස් සටන්කාමීන්ගේ ප්රහාරවලින් ඊශ්රායල් සිවිල් වැසියන් දහසක් පමණ මියගොස් තියෙනවා. එයට අමතරව සිවිල් වැසියන් සිය ගණනක් ප්රාණ ඇපකරුවන් වශයෙන් රදවාගෙන තියෙනවා. අනෙක් අතට ඊශ්රායල් ගුවන් හමුදා ප්රහාරවලින් මරාදැමුනු පලස්තීන වැසියන් ගණන 3000කට අධිකයි.
ජාතික විමුක්තිය වෙනුවෙන් සටන් කරන පාර්ශ්වයක් විසින් වුවද සිවිල් වැසියන් මරාදැමීම හෝ ප්රාණ ඇපයට ගැනීම වාමාංශිකයන් වශයෙන් අප අනුමත කරන්නෙ නැහැ. එයින් වෙන්නේ එම ජනයා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්රියා කරන්නේය කියන ධනපති පාලකයන් වෙතට වඩාත් නැඹුරු වීම විතරයි. රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාත් හමාස් සංවිධානය විසින් සිවිල් වැසියන් මරාදැමීම හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරල තිබුණා. රනිල් ඇතුළු ලෝකයේ කිසිදු ධනපති නායකයෙක් පසුගිය කාලයක් තිස්සේ සාමකාමී ලෙස විරෝධතා දැක්වූ පලස්තීන වැසියන් ඊශ්රායල් හමුදා විසින් කුරිරු ලෙස ඝාතනය කිරීම ගැන වචනයක්වත් කතා කරල නැහැ.
කෙසේවෙතත් හමාස් සංවිධානයත් ඊට පෙර යසීර් අරෆත්ගෙ අල් ෆාටා සංවිධානයත් අනුගමනය කරන පුද්ගල ත්රස්තවාදී විධික්රමයෙන් පලස්තීන ජනතාවට තම ජාතික විමුක්තිය උදාකර ගත නොහැකි බව වාමාංශිකයන් – සමාජවාදීන් පෙන්වා දෙනවා. අධිරාජ්යවාදී බලවතුන් විසින් අරාබිකරයේ ඇති කරන ලද කෘත්රිම දේශසීමා හේතුවෙන් අරාබිකරය පුරා විවිධ ආකාරයේ ගැටුම් ඇවිල යන තත්ත්වයක් උද්ගතව තියෙනවා. පලස්තීන ජනයා රටක් නැති සරණාගතයන් බවට පත්වී මේ වනවිට වසර 75ක් ගතවෙලා.
පලස්තීන ජනයාගේ ජාතික විමුක්තිය රදා පවතින්නේ අරාබිකරයේ සහ ඊශ්රායලයේ කම්කරු පන්තිය ප්රමුඛ පීඩිත ජනයා එකසත් වී තමන් යටපත් කරගෙන සූරාකන ධනේශ්වර පාලක පන්තිය එලවා දැමීමෙන් විතරයි. ජාතික සීමාවන් ඉක්මවා ගොස් පීඩිත ජනයා පාලක පන්තියට එරෙහිව කඳවුරු බැඳගත් දවසට අධිරාජ්යවාදීන් ඇති කළ මේ ව්යසනය අවසන් කරන්න පුලුවන්.

About Taniya

Scroll To Top