ශ්‍රී ලංකාව සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පරමාධිපත්‍යය ජනතාව සතු නමුත් එය ජනතාවට සෘජුවම ක්‍රියාත්මක කළ නොහැක. ඔවුහු එය ක්‍රියාත්මක කරන්නේ කලින් කලට පවත්වන මැතිවරණ මගින් පත් කරගන්නා ස්වකීය නියෝජිතයන් හරහාය. ඒ අනුව මැතිවරණ දෙකක් අතර ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයන් වන අතර ප්‍රායෝගිකව එකී නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ නම් ජාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පරමාධිපතියන් වනුයේ ජනතාවගේ නාමයෙනි. සත්‍ය වශයෙන්ම පරමාධිපත්‍යය හොබවන ජනතාව බලාසිටින්නන් පමණක් බවට පත්වන අතර තමන්ගේ නාමයෙන් සහ තමන් වෙනුවෙන් එකී නියෝජිතයන් සිදු කරන ක්‍රියාවන් දෙස බලා සිටීමට ජනතාවට සිදුව ඇත.
එකී නියෝජිතයන් පාර්ලිමේනතු මන්ත්‍රිවරුන් බවට පත්වූ පසුව ස්වකීය ස්වාමීන්, එනම් ජනතාව නියෝජනය නොකරමින්, යථාර්ථයෙන් ඔවුන්ම පරමාධිපතීන් වන අතර ජනතාව කොන් කරමින් ඔවුන්ගේ හඬ නිහඬ කර ඇත. එහෙයින් එකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම ස්වාමීන් බවට පත්ව ඇති අතර නීතියෙන් ස්වාමීත්වය ලබාදී ඇති අය වහල්භාවයට ලක්කර ඇත. එමෙන්ම එකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෙනත් දේශපාලකයන් ක්‍රමක්‍රමයෙන් යම් ආකාරයක ලේ උරාබොන්නන් බවට පත්ව දේශයේ දේපළ සහ සම්පත් කොල්ලකමින් ජනතාවට සමස්තයක් වශයෙන් හිමි වියයුතු වත්කම් / සම්පත් ඔවුන් වෙත ගොඩගසාගනිති.
මේ තත්වය හේතුවෙන් රට ආර්ථික වශයෙන් විශාල පරිහානියකට ලක්වූ අතර දේශපාලන පද්ධතිය ජරාජීර්ණ විය. මේ තත්ත්වය දුටු රටේ තරුණ පරම්පරාව එය යහපත් අතට හැරවීමේ නොඉවසිල්ලෙන් මෙන්ම ඒ සඳහා අනෙක් මැතිවරණය වන තෙක් කල්මරමින් සිටීමට සූදානම් නොවී වෙනසක් සඳහා කටයුතු අරඹන ලදි. කොවිඩ් 19 ගෝලීය වසංගතයට පෙර මෙන්ම ඉන් පසුවද දුර්වල ආර්ථික තත්වය ඉතා දුක්ඛිත තත්වයකට පත්විය. ඉන්ධන, විදුලිය නොමැතිව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණදී සිටි බැවින් රටේ අනාගතය දිනෙන් දින අඳුරු විය. ජනතාව, විශේෂයෙන්ම තරුණ පරපුර කලබලයට පත්ව සිටි අතර ජනතා ප්‍රශ්නවලට අසංවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු ප්‍රධාන චරිතය ලෙස හඳුනා ගැනුණු අතර ඔහු ධූරයෙන් නෙරපීම ප්‍රධාන සටන්පාඨය බවට පත්විය. රටේ බොහෝ තැන්වල සිංහල බහුතරයක් වූ ප්‍රදේශ වල ඨධඕ ඨධ ්‍යධඵෑ සටන්පාඨය ජනතාවගේ මුවග නිතර රැව්දෙන්නට විය.
ගාලු මුවfදාර කේන්ද්‍ර කර ගනිමින් ජනතාවගෙන් පෝෂණය වූ මහජන අරගලය පැනනැගුනේ මෙම පසුබිම තුලය. ජනතාව යම් ආකාරයක පරමාධිපත්‍යක් ඔවුන් විසින්ම ක්‍රියාත්මක කිරීම අරඹන ලද අතර ජනතාවගේ අරගලය ජනතාවගේ ජීවිත වල කොටසක් බවට පත්විය. එහි උච්චස්ථානයේදී ජනාධිපති ගොඨාභය බලයෙන් පලවා හැරීමට ජනතාව සමත් වූ අතර රටට අලුත් කලක් උදා වේ යන අපේක්ෂාව ද`ඵලා වැඩුණි.
කෙසේ වුවද ඒ සියලු අපේක්ෂාවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් වීමත් සමග වියැකි ගිය අතර පැරණි හා පසු ගාමී ක්‍රමයේ සාමාජිකයන් යලි එකට එක්ව ජනතාව සතු අධිකාරිය නැවත ඔවුනතට ගන්නා ලදි. 2022 අගෝස්තු වන විට අරගලය විසිරුණු අතර නව වටයකින් මර්දනයද ආරම්භ විය. මහජන කවුන්සිලය පිළිබඳ අදහස වෙනස් ආකාරයකින් ඉදිරිපත් කරන ලද්දේ ද අරගලයේ ජීවගුණය ඉදිරියට ගෙනයාම පිණිසය. පැරණි පාලන තන්ත්‍රය සෑම තැනකම තම අධිකාරි බලය පැතිරවීම නිසා ඒ ක්‍රියාවලියද සාර්ථක කරගැනීමට නොහැකි වූ හෙයින් අරගලය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ප්‍රාදේශීය වශයෙන් මහජන කවුන්සිල් පිහිටවීමේ අදහස ඇති වූ අතර පසුගිය වසරක කාලය තුල එය මන්දගාමී වූවත් කෙමෙන් මුල්බැසගෙන ඇත.
ඒ අනුව වර්තමාන තත්වය තුල මහජන කවුන්සිලය පීඩනය එල්ල කරන කණ්ඩායමක් පමණක්ද නොඑසේ නම් ඊට වැඩි වගකීමක් පැවරේද යනුවෙන් ඔවුන්ට පැවරෙන භූමිකාව ගැන ප්‍රශ්න පැනනගිණු වැළැක්විය නොහැක. එකී ප්‍රශ්න පිළිබඳව පැහැදිලි කරමින් මහජන කවුන්සිල් සංකල්පය සහ ව්‍යාපාරය ඉදිරියට ගෙනයා යුතුය.
කෙටියෙන් කිවහොත් මහජන කවුන්සිලයේ පරමාර්ථය වන්නේ යුක්තිය හා සාධාරණය ඉෂ්ඨ කර ගැනීමත්, යුක්ති සහගත සමාජයක් ගොඩනැගීමත්ය. යුක්ති සහගත සමාජයක් යනු සමාජයේ බහුතරයක් පොහොසත් සහ බලවත් අතිශය සු`ඵතරයක් මගින් පීඩාවට ලක් නොකෙරෙන සූරාකෑමෙන් තොර සමාජයකි. ඉන් අදහස් වන්නේ අපේ සමාජයේ පන්ති ස්වභාවය පිළිබඳව මහජන කවුන්සිල් සැලකිලිමත් වියයුතු බවයි. වැඩ කරන ජනතාවගෙන් බහුතරයක් වරප්‍රසාදිත පන්තිය විසින් සූරාකෑම වැඩිවී තිබේ. දිනපතාම පාහේ බහුතරයක් ජනතාව විසින් එළිපිටම සූරාකෑමත් හිංසනයත් අත්දකිනු ලබන මේ ක්‍රමය අවසන් කිරීම සඳහා මහජන කවුන්සිල් අරගල කළ යුතුය.
මේ අනුව මහජන කවුන්සිලය යනු රාජ්‍ය බලය අභියෝගයට ලක්කළ හැකි සහ කළ යුතු අරගලය සඳහා වූ තවත් විධික්‍රමයකි. මොනයම් ආණ්ඩුවක් වූවත් නීති කෙටුම්පත් කිරීමේදී හෝ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මඟහැරිය නොහැකි හෝ ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයට මහජන කවුන්සිල් ගොඩනැංවීම සඳහා අපි අරමුණු කළ යුතුය. එබැවින් මහජන කවුන්සිල් යනු බල කණ්ඩායමකට එහා ගිය සංවිධානාත්මක ගමක් හෝ නගරයක් ආකාරයෙන් විය යුතුය. වෙනත් වචන වලින් පවසන්නේ නම් යුක්ති සහගත සමාජයක් ගොඩනැංවීම සඳහා සිය අරමුණු සාක්ෂාත් කරගන්නා තෙක් නිදි නොලබමින් අවදිව සිටින ජනතාවකගේ සංවිධානයක් විය යුතුය.
අවසාන වශයෙන් මහජන කවුන්සිල් පිළිබඳ සාකච්ඡාව දකුණ කේන්ද්‍ර ගතව ඇති බව මෙහිදි අවධාරණය කළ යුතු අතර උතුර, නැගෙනහිර සහ මධ්‍යම කඳුකරය වෙත අප සම්බන්දවී ඇති ප්‍රමාණය අවමය. අපි එම බාධකය බිඳ දැමිය යුතුය. නොකිවූ දුෂ්කරතා, පීඩනයක් සහ දරුණු මට්ටමේ සූරාකෑමක් අත් දකින ජනතාවක් තම ඉල්ලීම් හා/හෝ අයිතීන් දිනා ගැනීම මෙම නව මාදිලියේ අරගලයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත්ය.