__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()

instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416The post “NO” appeared first on Lanka Socialists.
]]>සිරීසා ආණ්ඩුව අවසානයේ නිවැරදි තීරණය ගෙන තිබේ! ණය දෙන්නන් සමග ‘එකගතාවයක්’ ඇතිකරගැනීම පිළිබද ප්රශ්නය ග්‍රීක ජනතාව ඉදිරියට ගෙන යාම සහ ජනමත විචාරණයක් මගින් එය ප්‍රතික්ෂේප කිරීම සදහා යෝජනා කිරීම! මෙය ඉතාම නිවැරදි තීරණයකි.
ආණ්ඩුව පාර්ශවයෙන් මුලදී පෙන්නුම් කළ පසුබැසීම්වලින් අනුබල ලත් ඊනියා ‘ආයතන’ ( මේ ට්‍රොයිකාව සදහා තවත් නමකි ) වඩ වඩා මහන්තත්වකම් පෑ අතර එම මහන්තත්වකම් පෑම සියලු සීමා ඉක්මවා යන්නක් විය. ඔවුන්ට අවශ්‍ය වූයේ නව ආණ්ඩුව හුදෙක් නව ප්රජාතන්ත්රවාදී පක්ෂය – පැසොක් පක්ෂය – පොටාමි පක්ෂ යන පක්ෂවලින් යුක්ත වූ පූර්ව ආණ්ඩුවේම තවත් එක් පුනරුක්තියක් බවට පත්කිරීමටය. නව සිරීසා ආණ්ඩුව දණ ගස්වා, පෙර ආණ්ඩුවල ප්‍රතිපත්තිම ක්රියාවේ යොදවන ලෙස ඊට බලකොට සිරීසාව අවමානයට පත්කොට යටත් කරගැනීමටත් ඒ තුලින් ග්‍රීක ජනතාව අවමානයට හා යටත් කිරීමට ලක්කිරීමටත් ඔවුහු උත්සාහ කළහ. ඒ සිරීසාවට සිදුවූ දෙය පාඩමක් කොට තමන්ගේ අණ ප්‍රශ්න කිරීමට තරම් නිර්භය වෙන යුරෝපයේ වෙනත් ජනතාවක් වේ නම් එම ජනතාව එම පාඩම පෙන්වා බියගැන්වීමටය.
සිරීසා ආණ්ඩුව මෙම බලපෑම ප්‍රතික්ෂේප කොට තිබේ! මෙය අවසානයේ පැමිනි ප්‍රබල බලසම්පන්න ප්‍රතික්ෂේප කිරීමකි. මෙය වූ කලී මුලු යුරෝපයම සොලවා දැමීමෙහිලා සමත් එමෙන්ම ලෝකයේ සෑම කෙලවරකටම ලගා වීමෙහිලා තරම් සමත් ප්‍රබල ප්‍රතික්ෂේප කිරීමකි.
ප්‍රතිවිරුද්ධ කෙලවරේ ප්රතිගාමී බලවේග සිය සකල විධ බලය එක්රැස් කරනු ඇතැයි අපේක්ෂා කල හැක. බැංකුකරුවන්, නැව් හිමියන්, කර්මාන්තකරුවන්, විශාල ඉදිකිරීම්වල යෙදෙන ව්‍යාපාරිකයින්, මාධ්‍ය, යුරෝපා සංගමයේ සංස්ථාපිතය, ජාත්‍යන්තර සංවිධාන ( ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා බැංකුව ආදී වූ ), බහුජාතික සමාගම් – මේ සියල්ලෝ අප ජනමත විචාරණයේ දී ‘නැත’ යන පිලිතුර දුනහොත් අපට ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවනු ඇත යන්න අපට ‘ඒත්තු ගැන්වීමට’ මුලු වැර යොදා වෑයම් කරනු ඇත.
එහෙත් සැබෑ ඛේදවාචකය වනුයේ ණය දෙන්නන්ට පැටවීමට අවශ්‍ය වී තිබෙන ක්‍රියාමාර්ගවලට ‘ඔවු’ යැයි ජනමතවිචාරණයක දී පිළිතුරු දීමය. ආර්ථිකය විනාශ කළ , එසේම සමාජ ඛේදවාචකයක් ජනිත කළ පසුගිය වසර පහ තුල අනුගමනය කල ප්‍රතිපත්ති එසේ වුවහොත් ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති අතර මෙය ඛේදවාචකයක් මිස අන් කිසිවක් නොවේ.
වත්මන් සමාජ ඛේදවාචකය ඇති කල ප්රතිපත්තීන් අප ප්‍රතික්ෂේප කලහොත් තමුන් මහා විනාශයක් ඇති කරන බව අපට කීමට තරම් මේ ‘මහත්වරුන්ට’ ( සහ ‘නෝනාවරුන්ට) ධෛර්යය තිබේ! මේ බොරුකාරයෝ තමන්ගේ ප්‍රතිපත්ති ‘අපගේ’ ප්‍රශ්න විසදනු ඇති බවටත් ඒ ප්‍රතිපත්ති මගින් ඇතිවන වර්ධනය හා සංවර්ධනය විසින් අපව ‘මුදාගනු ඇති බවටත්’ මුල පටන්ම මුසාවාද ඇද බෑහ. එසේ කියන අතරේ අප ඔවුන්ගේ මුදල් හා ඔවුන්ගේ කාලය කා දමන ‘අලස’, ‘දූෂිත’ හා ‘කමකට නැති’ ජනතාවකැයි ඔවුහු අප ගර්හාවට හා නින්දාවට ද පාත්‍ර කළහ.
දැන් ඔවුන්ට නිසි පිලිතුරු දීමට මොහොත උදාවී තිබේ!
එසේම ණය දෙන්නන්ගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම සදහා දෙන ඡන්දය යුරෝකලාපයෙන් රට ඉවත්ව යාමට පක්ෂව ලබා දෙන ඡන්දයක් ද වන බව අප පැහැදිලිව වටහා ගත යුතුය.
යුරෝව බදු ප්‍රබල ජාත්‍යන්තර මුදල් ඒකකයක සිට ඩ්රැක්මාව බදු කුඩා ආර්ථිකයක මුදල් ඒකකයකට විතැන් වීම අවදානම්වලින් සමන්විත ක්රියාමාර්ගයකි. එහෙත් පවතින කුණු වී ගොස් තිබෙන ක්‍රමයෙන් කැඩී වෙන්වීම සදහා අවශ්‍ය නිසි ප්‍රතිපත්ති ක්රියාවේ යොදවන්නේ නම් මෙකී අවදානම් ජයගත හැකි වනු ඇත.
ඩ්රැක්මාව වෙත නැවත යාම ‘අපායට ඇතුලු වීම’ හා සමාන වනු ඇතැයි ප්රාග්ධනයේ ඒජන්තයින් ගෙන යන ප්‍රචාරය සුවිශාල බොරුවකි. බොරු කීම ‘කලාවක් ‘ බවට පත්කරගෙන ඇති මෙම ඒජන්තයින්ගේ විශාල බොරු ගොන්නක තවත් එක් බොරුවකි මේ. සංස්ථාපිතය නියෝජනය කරන මේ දූෂිත ඒජන්තයින් ඇත්ත කීවේ කවදාද? අපායට වැටෙනු ඇත්තේ ධනවාදී මාවත දිගේ තවත් ඉදිරියට ගියහොත්ය. දැන් අවශ්‍ය වී තිබෙන්නේ එම මාවතෙන් කැඩීමකි.
ක්‍රියාමාර්ග මාලාවක ප්‍රතිඵලයක් ලෙස ග්‍රීක ආර්ථිකයට නැවත දෙපයින් සිටගැනීමේ හැකියාව ඇත. ධනකුවේර තන්ත්රයක ලාභ සදහා කටයුතු කරනු වෙනුවට එලෙස දෙපයින් සිටගන්නා ආර්ථිකයක් සමාජ අවශ්‍යතා වෙනුවෙන් සේවයේ යෙදවීමට පුලුවන් වනු ඇත.
මහා පරිමාණ ප්රාග්ධනයට ස්වකීය මුදල් හා ලාභ, වෙනත් වචනවලින් කියනවා නම් අපගේ ශ්‍රමය විසින් නිෂ්පාදිත ධනය, විදේශයන් වෙත අපනයන කළ නොහැකි වන පරිදි ප්‍රාග්ධන සීමා වහ වහා පැනවිය යුතුව තිබේ. සතියකට කළ හැකි බැංකු මුදල් ආපසු ගැනීම්වලට සීමාවක් දැමීම කළ යුතුය. ධනපතීන්ට මුදල් ආපසු ඇදගැනීම තුලින් බැංකු සංචිත හිස් කිරීමට ඉඩ නොදීමට මේ ක්‍රියාමාර්ගය ගත යුතු අතර එහිදී වැඩකරන පංතියේ පවුල්වලට හා කුඩා ව්‍යාපාර හිමි පවුල්වලට තමන්ගේ අව්‍යතා ඉටු කරගැනීමට ප්‍රමාණවත් වන ලෙස එකී සීමා පැනැවීමට වගබලා ගත යුතුය.
ජූනි 30 වන දා, එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අප විසින් අතිරේක යූරෝ බිලියන 1.5 මුදලක් ගෙවිය යුතුව තිබෙන දිනයේ ‘අපි මුදල් නොගෙවමු’ යැයි නිශ්චිතව ප්‍රකාශ කල යුතු වෙමු. අප දැන් උවමනාවටත් වඩා ගෙවා ඇත. මේ ණය අපගේ ණයක් නොවේ. ඒ නිසා අප එය ගෙවන්නේ නැත!
ආර්ථිකය දණ ගැස්වීම සදහා කල හැකි සියලු දේ මහා පරිමාණ ප්රාග්ධනය විසින් කරනු ඇත යන්න ගැන සැකයක් නැත. ඒ නිසා බැංකු පද්ධතිය ජනසතු කිරීම එනම් බැංකුවල අයිතිය,පාලනය සහ කලමනාකරණය සමාජය වෙත පැවරීම අතිශයින් වැදගත්ය. අතිශයින් හදිසිය. එසේම ආර්ථිකයේ අණ දෙන මුදුන් වැඩකරන ජනතාවගේ පාලනය හා කලමනාකරණය යටතේ ජනසතු කිරීම අවශ්‍ය වේ. ආර්ථිකය නැව් හිමියන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හසුරුවනු වෙනුවට වැඩකරන ජනතාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙහෙයවිය හැකි ලෙස නිෂ්පාදනය සහ බෙදාහැරීම සැලසුම් කල හැක්කේ එවිටය.
අද දවස ඓතිහාසික දවසකි! පාලක පංතියේ නියෝජිතයින්ගේ මුහුණුවල ඇති වී තිබෙන සන්ත්රාසය පැහැදිලිව දෘශ්‍යමානය. නව ප්රජාතන්ත්රවාදය පක්ෂය, පැසොක් පක්ෂය හා පොටාමි පක්ෂය නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනවල ද මේ සන්ත්රාසය කැටි වී තිබේ. අප උද්දාමයට පත් විය යුතු වෙමු!
කම්කරුවාට, දුගියාට, රැකියා විරහිතයාට, අසරණ වී සිටින සෙසු සියලු දෙනාට අද දවස විශිෂ්ට දවසකි! ඔවුන්ට නැවතත් සිනාසීමට පුලුවන. එහෙත් ඒ අතර අරගලය හුදෙක් ජනමත විචාරණයේ දී ‘නැත’ ඡන්දය දීමට පමණක් සීමා නොකරන මෙන් අප සියලු දෙනා සිරීසාවට බල කල යුතු වෙමු. මේ අරගලය මහා පරිමාණ ප්‍රාග්ධනයෙන් බලය උදුරා ගැනීම දක්වා, ආර්ථිකයේ අණ දෙන මුදුන් සමාජය සන්තක කිරීම දක්වා, ආර්ථිකය සමාජයේ සහ වැඩකරන ජනතාවගේ පාලනය හා කලමනාකරණය යටතේ ප්රජාතන්ත්රවාදී ලෙස සැලසුම් කිරීම දක්වා, අපගේ ශ්රමයට එරෙහිව කරන සියලුම කොල්ලකෑම්, දූෂණ සහ සොරකම් නිශ්චිතවම අවසන් කිරීම දක්වා පැහැදිලිව සහ තීරණාත්මකව ඉදිරියට ගමන් කළ යුතුය.
‘ආයතන’වලට ග්‍රීසියේ ‘ආණ්ඩු වෙනසක්’ අවශ්‍ය වී තිබේ. පාලක පංතීන්ට එරෙහිව ග්‍රීසිය තුල ඇති වී තිබෙන ප්රතිවිරෝධය පෑම ධනවාදයේ අර්බුදයේ මිල ගෙවන්නට නියම වී සිටින යුරෝපයේ සෙසු රටවල වැඩකරන සහ මධ්‍යම පංතික ජනතාවන්ගේ මේ හා සමාන වූ විරෝධය පෑමේ ව්‍යාපාර පැතිරී යාමට අනුබල සපයනු ඇතැයි ඔවුහු බියවී සිටිති. මෙම බිය සහේතුකය. ග්‍රීසියේ වැඩකරන ජනතාවගේ අරගලය තුල වෙනත් රටවල සමාන්තර ව්‍යාපාර අවුලුවාලීමේ අතිමහත් විභවයක් ගැබ්ව තිබේ. අයර්ලන්තයේ, පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ ආණ්ඩු ග්‍රීක ජනතාවට විශේෂයෙන්ම සතුරු වී තිබෙන්නේ ඒ නිසාය. ඔවුන් තමාගේම අනාගතය ගැන බියපත් වී සිටිති.
පැහැදිලි සමාජවාදී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුලින් අපට නැවත බලාපොරොත්තු දැල්විය හැක. එම බලාපොරොත්තුව ග්‍රීක ජනතාවට පමණක් නොව යුරෝපයේ සහ මුලුමහත් ලෝකයේම ජනතාවන් වෙත සැපයෙන මහත් උත්ප්‍රේරකයක් වනු ඇත.
Statement by Xekinima (CWI in Greece)
The post “NO” appeared first on Lanka Socialists.
]]>The post සිරීසා ඡන්දදායකයන්ට අවශ්‍ය කප්පාදු පිලිවෙත් අවසන් කිරීම මිස ට්‍රොයිකාවව සමග තවත් ගිවිසුමක් නොවේ appeared first on Lanka Socialists.
]]>කම්කරු ජාත්‍යන්තරයක් සදහා කමිටුවේ ග්‍රීක අංශය වන සෙකනිමා සංවිධානයේ වෙබ් අඩවියේ පල වූ කතුවැකියකි
ග්‍රීක පාලක පන්තිය, එයට සේවය කරන ජනමාධ්‍ය, ලිබරල් ‘පොටාමි’ පක්ෂයේ නායක ස්ට්රවෝස තියෙඩොරාකිස් වැන්නවුන්, කේ.සී.ජුන්කර්, එම්.ජුල්ඩ් හා යුරෝපියානු සංගමයේ හා අනෙකුත් නිලධාරීන් ද ග්‍රීක ජනතාවට විඩා නොබලා ‘පැහැදිලි කරන්නේ ‘ සිරිසා නායක ඇලෙක්සිස් සිප්රාස් ‘සිරිසාහි නායකයා ලෙස නොව රටේ අගමැති ලෙස කටයුතු කළ යුතු බවයි’.
ග්‍රීසියේ ණය හිමියන් හා එකගත්වයකට පැමිණෙන ලෙසට හා සිරීසා පක්ෂය හා එහි මධ්‍යම කාරක සභාව අවධානයට නොගෙන එය ග්‍රීක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට පවා ඔවුන් ඇලෙක්සිස් සිප්රාස්ට ආරාධනා කරයි. සිරිසාහි වාම පාර්ශවය එකගතාවයට ඡන්දය දීම ප්‍රතික්ෂේප කළහොත් ඔවන් සිප්රාස්ට පවසන්නේ ‘කරදර නොවන ලෙසටයි’. මක්නිසාද යත් අනෙක් අය එකගතාවයට ඡන්දය ලබා දෙනු ඇති බැවිනි. නියත වශයෙන්ම පොටාමි එවැන්නකට ඡන්දය ලබාදෙනු ඇත. පාසොක් හා නව ප්රජාතන්ත්රවාදී පක්ෂය ද සියල්ලෝම නැතත් සමහරෙක් හෝ ඡන්දය දීමේ හැකියාව ඇත.
සිරීසා දෙකඩ කොට පාලක පංතිය හා ට්‍රොයිකාව ( දැන් නම් ‘ආයතන’ ) සමග විවෘත සන්ධානයකට එලඹෙන ලෙසට මෙය සිරීසා නායකත්වයට කරන ලද විවෘත හා ප්රකෝපකාරී කැදවීමකි.
සිරීසා මීට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?
නායකත්වයේ ස්ථාවරය පැහැදිලි කර, ප්රතිගාමී බලවේගයන් සිරීසා වලින් කරන ඉල්ලීම් නැවැත්වීමට අවශ්‍ය සංඥාවක් හෝ සිරීසා නායකත්වය පැත්තෙන් ප්‍රකාශ වනු අප දැක්කේ නැත.
ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, සිරිසාහි නායක කණ්ඩායම, පාලක පංතියේ නියෝජිතයින්ව උනුසුම්ව පිලිගනු අපිට දක්නට ලැබේ. එමෙන්ම පක්ෂයේ වාම පාර්ශවය සමග ගැටුමකට ඔවුන් සූදානම් වන බවද ඔවුන් සගවන්නේ නැත.
රාජ්‍ය ගුවන් විදුලිය වූ ඊආර්ටී සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එල්. ටැග්මට්රහිරිස්ව පත්කිරීම මෙම ක්‍රියාවලියේ මෑත කාලීනම හා බරපතලම උදාහරණයයි. කප්පාදු පිළිවෙත් අනගමනය කරන ලද පාසොක් රජය ද ඔහුව විධායක නිලධාරියෙක් ලෙස පත් කළේය. එමෙන්ම සිරීසා රජය ඊ.පනාරිටිව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ග්‍රීක නියෝජනය ලෙස පත් කරන ලදී. පේරු හි නව ලිබරල් හා අති මර්දනකාරී ෆුජිමෝරි රජයේ උපදේශකයෙක් ලෙස ඔහු ලෝක බැංකුව වෙනුවෙන් සේවය කළේය. අවසානයේ දී සිරීසා තුල ඔහුගේ පත්වීමට වූ බලවත් විරෝධය නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තනතුරෙන් ඉල්ලා අස්වීමට පනාරිටිට සිදුවිය. එසේ වූවද අගමැතිවරයාගේ කාර්යාලයෙන් ඔහුව අගමැතිවරයාගේ කාර්යාලය ඔහුගේ පත්වීම අනුමත කළාය යන කරුන බරපතල කරුණක් වන්නේය. ( මුදල් අමාත්‍ය වයි. වැරෝෆකිස්ගේ තීරණයක් මත පමණක් එසේ වී යැයි මුලින් කියැවිණ. පානාරිටි වැරෝෆකිස්ගේ සහායකයෙක් ලෙස වැඩ කොට තිබේ )
නිකොස් පපාස් ‘පක්ෂ විනය’ ඉල්ලා සිටී
ඒ අතර රාජ්‍ය අමාත්‍ය හා සිප්රාස්ගේ හිතවතෙක් වන නිකොස් පපාස් ප්‍රකාශ කරන්නේ එළඹෙන ඡන්දය ‘පක්ෂ විනය’ පිලිබද ගැටලුව මතු කරන බවයි. මොහු සිරිසා හි දක්ෂිණාංශයේ නායකයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ප්‍රකාශ කර සිටියේ සිරීසා හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ ස්වාධීන ග්‍රීකයෝ ( සිරීසා හි සන්ධාන හවුල්කරුවන් ) බ්‍රසල්ස් හා අගමැතිවරයා එලඹෙන එකගතාවයකට අදාල යෝජනාවකට පකෂව ඡන්දය දීම ප්‍රතික්ෂේප කලහොත් නව මැතිවරණයක් කැදවිය යුතු බවයි.
මෙම තර්ජන පොදු හෝ අපැහැදිලි නොවේ. ඒවා නිශ්චිතවම සිරීසාහි වාම පාර්ශවය ඉලක්ක කරගෙන එල්ල වේ. ඇලෙක්සිස් සිප්රාස් වටා ඇති නායකත්වය වමට තර්ජනය කර සිටින්නේ පක්ෂයෙන් ඉවත්කිරීම හා නව පාර්ලිමේන්තු ඡන්දයකදී ඔවුන්ගේ ආසන අහිමිවීම ( මැතිවරණ නීතියට අනුව අවසාන මැතිවරණය පවත්වා මාස 18 ක් ඇතුලත ඡන්දයක් පැවැත්වුවහොත් එක් එක් පක්ෂයේ ලැයිස්තුව තීරණය කරන්නේ පක්ෂ නායකයා බවයි ) සිදුවනු ඇති බවයි.
සිරීසා නායකත්වය මෙවැනි තර්ජනය කරන්නේ ඇයි? ‘ආයතන’ සමග තිරය පිටුපස එලැඹුණු එකගතාවයකට සිරිසා තුල ප්‍රබල විරෝධයක් එන් ඇතැයි ඔවුන් කලබල වී ඇති නිසාය මේ තර්ජනය.
සිප්රාස් , සිරීසා හා සමාජය
සිරිසා හි ප්රමුඛ කාඩර්වරු හිතන්නේ සහ නිර්භයව පවසන්නේ 2012 දී සිරීසා සියයට 27 ක් ඡන්ද ලබාගත්තේ හා පසුගිය ජනවාරියේ දී සියයට 36 කට එම ඡන්ද සංඛ්‍යාව ඉහළ ගියේ එහි නායකත්වයේ ‘සිප්රාස් වැනි දීප්තිමත් පිරිසක්’ සිටිනා නිසා බවයි. මෙවැනි අදහස් යථාර්ථයෙන් බොහෝ දුරස්ථය.
සිරීසා වල නැගීමට හේතුව වූයේ ග්‍රීක සමාජයේ වාස්තවික තත්වය හා පසුගිය වසරවල පැවැති විශාල සමාජ අරගල මෙන්ම සිරීසා බලය ගැනීමට කළ යෝජනාව මෙන්ම වාමාංශික අනෙකුත් කොටස්වලට පොදු ක්‍රියාමාර්ග ගැනීමට කළ යෝජනාවයි. ඒ හා සමානවම, ආර්ථික අර්බුදය බලපෑම් සහගත වූ සෑම රටකම, අලුත් දේශපාලන ප්‍රපංච මතුවී ඒම අපට දැකගත හැකිය. එය වමෙන් දකුණෙන් හෝ දෙපැත්තෙන්ම විය හැකි අතර, ඒ මගින් දශක ගණනාවක සිට පාලක පන්තියේ සාම්ප්‍රදායික පක්ෂවලින් පාලනය වූ දේශපාලන තත්වය හැසිරවීම දැකගත හැකිය. දේශපාලන තත්වය අස්ථාවර කරන ලද නව වාම ප්රවනතා දැකිය හැක්කේ ග්‍රීසියේ පමනක් නොවේ. ඒවා ස්පාඤ්ඤයේ හා අයර්ලනතයේ දීත් දැකගත හැක.
අප පාලක පන්තියට හා සිරීසා නායකත්වයට කියා සිටින්නේ සිප්රාස් හා ඔහු වටා සිටින කුඩා කවයකට ට්‍රොයිකාව සමග එකගතාවයකට එලඹීමට අයිතියක් නැති බවයි. පාලක පංතිය විසින් සකසන ලද ග්‍රීක ව්‍යවස්ථාව අගමැතිවරයාට බොනපාට්වාදී බලයක් ලබා දේ ( එය ඔහුව පක්ෂයට හා සමාජයට ඉහලින් ස්ථානගත කරයි ) නමුත් සිප්රාස්ට වාම අදහස් හා සම්ප්රදාය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් මෙම බොනපාට්වාදී බලය භාවිතා කිරීමට ඔහුට කිසිම අයිතියක් නැත. ඒ වෙනුවට සිරීසා රජය කල යුත්තේ මෙම බලය කටු ගා දැමීමය.
වැරදි හදුනාගැනීම
පටන් ගැන්මේදීම සිරීසා නායකත්වයට වෙනම වගකීමක් ඇත. එනම් පාලක පංතිය හා ට්‍රොයිකාව කෙරෙහි ඔවුන්ගේ ප්‍රවේශය හා උපාය වැරදි බව පිලිගැනීමය. ඔවුන් මුලදී පැවැසූ පරිදි හවුල්කරුවන් සමග එකිනෙකාට වාසි සහගත වූ සාකච්ඡා කල හැකි වේ යැයි ඔවුන් තුල සිතලුවක් තිබුණේය. නමුත් ‘හවුල්කරුවන්’ අධිෂ්ඨානයෙන් සිටියේ සිරීසා වලට කටුක පාඩමක් ඉගැන්වීමටයි. ඊලග ග්‍රීක රජයට ‘ත්‍යාගයක්’ ලබාදීමට යුරෝපා සංගමය සූදානම් යැයි මැතිවරණයට පෙර තමා කියූ බව වැරෝෆකිස් මතකක් කර ගත යුතුය. ඇත්තටම ඔවුන් සූදානම් කරමින් සිටියේ ග්‍රීක වැඩකරන ජනතාවගේ හා දුප්පතුන්ගේ බෙල්ලට දමන තොණ්ඩුවයි!
සාකච්ඡා ඇණහිටීමත් සමග ‘අන්තර්වාර එකගතාවය / පාලම ‘ පිලිබද අදහස අත්හැර දමා ‘සමස්ත එකගතාවයකට’ යාමට සිරීසා කණ්ඩායම තීරණය කළේය. දැන් ඔවුන්ට වැටහී ඇත්තේ ට්රොයිකාවටත් ඒ ගැන උනන්දුවක් නැති බවයි ! එබැවින් ඔවුන් තර්ජනය කිරීමට පටන් ගෙන ඇත. ‘පක්ෂ විනය’ හා ‘ ඡන්ද’ සිරීසා පාර්ලිමේන්තු කන්ඩායමේ ඇතිවන ගැටුම් සදහාය.
කප්පාදු පීඩාව අවසන් කරනු!
සාරාංශ කොට නැවත පවසන්නේ නම් ග්‍රීක ජනතාව පසුගිය මැතිවරණයේ දී ඡන්දය ලබාදුන්නේ සිරීසාවලටයි. සිප්රාස්ගේ පාලක කවයට නොවේ. ජනමාධ්‍ය තුල ඉන්නා පාලක පන්තියේ ගිරවුන් වෙහෙසක් නැතිව කියන පරිදි ‘යුරෝවෙන් පිට නොවීමට වග බලාගැනීමට නොවේ!’. ඔවුන් සිරීසාවලට ඡන්දය දුන්නේ කප්පාදු පිලිවෙත් අවසන් කිරීමටය.
සිරීසා විසින් ඉටු කළ යුත්තේ මෙම කාර්යභාරයයි. ග්‍රීක වැඩ කරන ජනතාවගේ පංතිය සිරීසා ආණ්ඩුවෙන් අපේක්ෂා කරන්නේ හා ඉල්ලා සිටින්නේ එයයි. පාලක පංතිය හා එකග වී විකිණුනු තවත් වාම නායකයෙක් ලෙස ඉතිහාසගත නොවීමට නම් ඇලෙක්සෙයි සිප්රාස් කළ යුත්තේ මෙයයි.
සෙකනිමා ( කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුවේ ග්‍රීක අනුකමිටුව ) සිරිසාවලට පවසන්නේ ඔවුන්ගේ පූර්ව මැතිවරණ කප්පාදු විරෝධී පොරොන්දු ඉටු කරන ලෙසටය. යුරෝ කලාපයේ කප්පාදු පිලිවෙත් වලින් වෙන්වී සමාජවාදී වැඩසටහනක් අනුගමනය කරන ලෙසටය. එම සමාජවාදී වැඩපිලිවෙල තුල පහත ඉල්ලීම් ඇතුලත් කරන ලෙසටය.
Statement by Xekinima (CWI Greece)- Translated by Narmada Liyanage
The post සිරීසා ඡන්දදායකයන්ට අවශ්‍ය කප්පාදු පිලිවෙත් අවසන් කිරීම මිස ට්‍රොයිකාවව සමග තවත් ගිවිසුමක් නොවේ appeared first on Lanka Socialists.
]]>The post ජූනි 15 දර්ගා නගරයේ කලූ දිනය- -නැවත ඇති නොවීමට appeared first on Lanka Socialists.
]]>
ප්රවෘත්ති අධ්‍යක්ෂක වෙත 10 -06 -2015
හිතවත් මහත්මයානෙනි.
දර්ගා නගරයේ සිදුවීම ජුනි 12 වර්ෂ පූර්ණ සම්මන්ත්‍රණය
පසුගිය 2014 වසරේ ජුනි මස 15 වෙනි දින අලූත්ගම දර්ගා නගරයේ සිදුවු ආගමික අන්තවාදි ගැටුමට මෙම ජුනි 15 දිනට වසරක් පිරෙනු ඇත. එ දර්ගා නගරයේදි ඇතිවු ගැටුම හේතුකොට ගෙන තරුණයින් තිදෙනෙකුගේ ජිවිත අහිමි විය. තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබූ අතර හානිවූ නිවාස හා දේපොල ප්‍රමාණය විශාල සංඛ්‍යාවකි.
නැවත වරක් එවැනි විනාශයක් ඇති නොවීම සඳහා ජාතිවාදයේ හා ආගමික අන්තවාදයේ ගිනිදැල් නිවාලමු යන තේමාව යටතේ එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජනතා සංවාදයක් මෙම ජුනි මස 12 වෙනි දින සවස 4.00ට මරදාන ඩින්ස්පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. :(CSR)
එම සංවාදශීලී සම්මන්ත්‍රණය අමතා එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය, ප්රජානත්්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පළාත් සභා මන්ත්‍රී මුජබර් රහුමාන්ල හා එස්. සත්‍යවේල් පියතුමා යන පිරිස කථා කිරිමට නියමිතය
මේ ගැන ඔබ පුවත් පතේ ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලන අතර 12 වෙනි දින සවස 4ට ඔබ මාධ්‍ය ආයතනයේ නියෝජිතයෙකු සහාගි කරවිමට කටයුතු කරන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිමි.
මෙයට, විශ්වාසී
සිරිතුංග ජයසුරිය
ප්‍රධාන ලේකම්
The post ජූනි 15 දර්ගා නගරයේ කලූ දිනය- -නැවත ඇති නොවීමට appeared first on Lanka Socialists.
]]>