-
ලෝකයේ වම හා දූපතේ වම
[නජිත් ඉන්දික විසිනි. ‘කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුව’(CWI) විසින් වාර්ෂිකව පවත්වන ‘ගිම්භාන පාසල’ ජූලි මස 17 සිට 22 දක්වා කාලය තුළ බෙල්ජියමේ ලූවෙන්(Leuven) නගරයේදී පැවැත්විණි. එම වැඩසටහන සදහා ‘අක්ෂය සාමූහිකය’ නියෝජනය කරමින් සහභාගී වීමට මා හට අවස්ථාව හිමිවුණි. මෙවැනි සටහනක් තැබීමට තීරණය වූයේ එම වැඩසටහනට සහභාගී වී පැමිණීමෙන් අනතුරුව, අප සංවිධානය තුළ ඇතිවූ සමාලෝචන සාකච්ඡාව තුළදීයි.
එම සාකච්ඡාවේදී මතුවූ ප්‍රධාන කාරණය වන්නේ මේ වනවිට ලංකාවේ වාමාංශික දේශපාලනයේ ප්‍රධාන පක්ෂ තුළ ව්‍යවහාරයට නැගෙන වැඩ රටාවේ හා චින්තන මාදිලියේ ඇති සීමාකම හා දිළිදුකම, ඊට සමාන්තරව දූපතෙන් එහා ලෝකය තුළ විප්ලවවාදී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල ව්‍යවහාරයට නැගෙන වැඩ රටාව හා චින්තන මාදිලිය තුළ තබා සලකා බැලීමයි. එම වැඩසටහන තුළදී ලත් අත්දැකීම කෙටියෙන් හෝ ඉදිරිපත් කිරීම මෙසේ සිදු කරන්නේ ඒ අනුවයි. මෙම සටහන මගින් ඉතාමත් සංශික්ප්තව එම කරුණු පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, මෙහිදී අවම ඉඩකඩක් වෙන්කෙරෙනුයේ එම ‘ගිම්භාන පාසැල’ තුළදී සාකච්ඡාවට බදුන් වූ දේශපාලන න්‍යායික කාරණා පිළිබද පැහැදිලි කිරීමටයි. ඒ, පුළුල් විෂය පථයක් වන එය මෙවන් කෙටි ලිපියකින් පැහැදිලි කළ නොහැකි බැවිණි. ‘කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුව’(CWI) යනු මේ වන විට ලෝකය තුළ පවතින සමාජවාදී පක්ෂවල ජාත්යන්තරයන්ගෙන් ප්‍රමුඛතම ජාත්‍යන්තරයකි. 1943 දී ජෝසප් ස්ටැලින් විසින් ඒ වන විටත් තම ඓතිහාසික කාර්යභාරයට පයින් ගසා සිටි තුන්වන ජාත්‍යන්තරය විසිරුවා හැරීමෙන් පසුව අද වන විට ‘සමාජවාදී ජාත්‍යන්තර’ ලෙස ඉතිරි වී හා වර්ධනය වී ඇත්තේ ට්‍රොට්ස්කිවාදී හතරවැනි ජාත්‍යන්තරයෙන් බිදී ගිය සංවිධාන පමණි. ලංකාවේ මෙන්ම ලෝකයේද අනෙකුත් සියළුම ස්ටැලින්වාදී පක්ෂ ජාත්‍යන්තරවාදයට නිළවශයෙන් පයින් ගසා මේ වන විට දශක 07 ක් ඉක්ම ගොසිනි. CWI ජාත්‍යන්තරය මේ වන විට සියළුම මහාද්වීප ආවරණය වන අයුරින් ලොව පුරා රටවල් 40 කට ආසන්න ප්‍රමාණයක තම ශාඛා(Sections) පිහිටුවා ඇති ජාත්‍යන්තර පක්ෂයකි. ලංකාව තුළ නවසමසමාජ පක්ෂය CWI ජාත්‍යන්තරයේ ආරම්භක සාමාජිකයෙකු වූ අතර 1988-89 වකවානුවේ ඇතිවූ බෙදීමෙන් පසු පක්ෂයේ සුළුතර කණ්ඩායම වන පසුව පිහිටවූ ‘එක්සත් සමාජවාදී පක්ෂය’ ජාත්‍යන්තරයේ නිළ ශාඛාව වශයෙන් කටයුතු කරනු ලබයි. ‘අක්ෂය සාමූහිකය’ ලෙස නව දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට පෙර කාලයේ සිටම අප කණ්ඩායමේ සහෝදර සහෝදරියන් CWI ජාත්‍යන්තරයේ, ජාත්‍යන්තර ලේකම් මණ්ඩලය සමග සබදතා ගොඩ නගා ගන්නා ලදී. ඒ දැනට පවතින හතරවැනි ජාත්‍යන්තරයෙන් බෙදී ගිය කණ්ඩායම් පිළිබදව සිදුකරන ලද අධ්‍යනයකින්ද පසුවයි. එවකට අප පෙනී සිටි හා අරගල කළ ප්‍රධාන දේශපාලන අදහස් හා ස්ථාවරයන් පිළිබදව ජාත්‍යන්තරයේ ස්ථාවරද සලකා බැලීමෙන් අනතුරුව ‘අක්ෂය සාමූහිකය’ ලෙස නව දේශපාලන ක්‍රියාවලියක් ආරම්භ කිරීමේදීම අප CWI ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කළෙමු. (විශේෂයෙන්ම ජාතික ගැටළුව පිළිබද ස්ථාවරය, කම්කරු පන්තිය පිළිබදව ඇති ස්ථාවරය හා වැඩපිළිවෙළ, ජාත්‍යන්තරවාදය, මෙම යුගයේ දේශපාලන උපායමාර්ග හා උපක්‍රම යනාදිය මේ අතරින් ප්රමුඛ විය.) ඒ අනුව ජාත්‍යන්තර තත්වයන් පිළිබද දේශපාලන සාකච්ඡා, අපගේ කණ්ඩායමේ ඉදිරි ගමන පිළිබද දේශපාලන සාකච්ඡා අප විසින් ජාත්‍යන්තරය සමග සිදු කරන ලදී. පසුගිය ජූලි මාසයේ පැවැත්වුණු වාර්ෂික ‘ගිම්භාන පාසල’ ට සම්බන්ද වීමට අප කණ්ඩායමට අවස්ථාව හිමි වූයේ ඒ සබදතාවය අනුවයි. එම වැඩසටහනට එක්සත් සමාජවාදී පක්ෂයෙන්ද සහෝදරයෙකු සහ සහෝදරියක සම්බන්ද වූ අතර අපි ජූලි මස 15 වනදා සවස් වරුව වන විට බෙල්ජියමේ ලූවෙන්(Leuven) නගරයට ළගා වීමු. වැඩසටහන පැවැත්වූයේ ලූවෙන් විශ්වවිද්‍යාලය(University of Leuven) තුළයි. එමෙන්ම සහභාගී වූ සියළු සහෝදර සහෝදරියන්ට එම විශ්වවිද්‍යාලයේම නේවාසිකාගාරයක් තුළ නවාතැන් සැපයිණි. ඉදිරි සතියක කාලය තුළ පාන්දර පැය කිහිපයකට පමණක් අපගේ නවාතැන වූයේ එම නේවාසිකාගාරයයි. මූලික අදහසක් සතියක් පුරා පැවති මෙම වැඩසටහනට රටවල් 38 ක් නියෝජනය කරමින් සහෝදර සහෝදරියන් 330 ක් පමණ සහභාගී විය. ඒ අතර යුරෝපීය රටවල් සියල්ලෙන්ම පාහේ පිරිස් සම්බන්ද විය. එමෙන්ම උතුරු ඇමෙරිකා මහාද්වීපයේ එක්සත් ජනපදය, කැනඩාව හා ක්වීබෙක් යන ශාඛා වලින්ද, නැගෙනහිර යුරෝපයේ රුසියාව, කසකස්ථානය ආදී රටවලින්ද, ලතින් ඇමරිකානු කලාපයේ බ්‍රසීලය හා චිලී ආදී රටවලින්ද, ආසියාවේ ඉන්දියාව, ලංකාව, චීනය, මැලේසියාව යන රටවලින්ද, අප්‍රිකාවේ දකුණු අප්‍රිකාව, නයිජීරියාව, සුඩානය, අයිවරි කෝස්ට් යන රටවලින්ද, ඕස්ට්‍රේලියාවෙන්ද සහෝදර සහෝදරියන් මේ සදහා සම්බන්ද විය. ඒ අතරින් ‘නිළ ශාඛාවකට’ අයත් නොවන අයෙකු සිටියේ මා පමණි. වැඩසටහන ආරම්භ වීමට පෙර දින සැන්දෑව වන විට සහෝදර සහෝදරියන් සියල්ලන්ම පාහේ නේවාසිකාගාර භූමියට පැමිණෙමින් තිබූ අතර එය ඉතා උත්කර්ෂවත් අවස්ථාවක් විය. එදින රාත්‍රිය පුරාවටම විවිධ රටවලින් පැමිණි සහෝදර පිරිස් අතර හදුනාගැනීම් සිදුවිය. වැඩසටහන සෑමදිනකම ආරම්භ කෙරුණේ උදෑසන 9.00 ට පමණය. සැසිවාර තුනකින් යුක්තවූ එය විවේකයන් සහිතව රාත්‍රී 9.00 තෙක් පැවැත්විණි. සාකච්ඡාවන් පැවැත්වූණේ විශ්වවිද්‍යාලයේ දේශනශාලා වලයි. මේ ආකාරයට සතියක් පුරාවට, දිගින් දිගටම තරමක් සංකීර්ණ දේශපාලන කරුණු පිළිබදව සාකච්ඡාවන් පැවැත්වුණේ වුවත් විශේෂයක් ලෙස දැකගත හැකි වූයේ සියළු දෙනාම පාහේ දැඩි උනන්දුවකින් සහ විනයකින් යුතුව මෙම වැඩසටහනට සහභාගී වීමයි. විශේෂයෙන් සහභාගී වූ පිරිසෙන් සාතිශය බහුතරයක් වූයේ තරුණ තරුණියන්ය යන කාරණාව සැලකූවිට එම උනන්දුව ආශ්වාදජනක එකකි. එමෙන්ම විවිධ භාෂාවන් කතා කරන පිරිසක් සහභාගී වී සිටින තත්වය තුළ මුළු සතිය පුරාවටම ‘සමාන්තර පරිවර්තනයන්’ භාෂා 15 කට වැඩි සංඛ්‍යාවකින් එකවර සිදුකෙරිනි. එහිදී එම පරිවර්තන කාර්යයන් කළ සහෝදර සහෝදරියන්ගේ කාර්යභාරය ප්‍රශංසනීය විය. ඇතැම් භාෂා සදහා පරිවර්තන හැකියාව ඇති එක් අයෙක් පමණක් සිටින තත්වයක් තුළ, මුළු සතිය පුරාවටම ඔහු හෝ ඇය විසින් නොකඩවා එම කාර්යය සිදුකරන ලදී. වැඩසටහන අතරතුර ආහාර ගැනීම සදහා ලැබෙන විවේකයන්වලදී කුමක් හෝ බඩට දාගනිමින්, එය අවසන් වූ විගස බොහෝ විට සිගරැට්ටුවක් දල්වා ගනිමින්, කව්රු කව්රුන් හෝ සමග වටවන රටවල් කිහිපයකට අයත් තරුණ තරුණියන් පිරිස් අතර පැන නගින සාකච්ඡාවන් අනිවාර්ය වශයෙන්ම විවිධ රටවල තත්වයන් හා දේශපාලන වැඩපිළිවෙළවල් සම්බන්දයෙන් වන මාතෘකාම විය. රාත්‍රී 9.00 ට පමණ අධ්‍යාපන වැඩසටහන අවසන් වූ වහාම විශ්වවිද්‍යාලයේ ආපනශාලාව තුළ සංවිධාන කමිටුව විසින් බීමහල ආරම්භ කරනු ලැබේ. එතැන් පටන් අළුයම වනතුරු නොනිළ අධ්‍යාපන සාකච්ඡා පැවැත්වෙන්නේ මේ ‘බීමහල’ වටාය. මගේ පුද්ගලික අත්දැකීමනම් එම සතිය තුළ දිවා කාලයේ නිළ අධ්‍යාපන වැඩසටහනේදී ලබාගත් දැනුම මෙන්ම, එසේ බියර් වීදුරුවක් තොලගාමින් සියගණනක් සමග උදෑසන වනතුරු සිදුකළ සාකච්ඡා වලදී ලබාගත් දේශපාලන අදහස කිසිසේත් දෙවැනි කළ නොහැකිය. එමෙන්ම හිරු නැගීමට ආසන්න වනතුරු එසේ සිටිමින් නේවාසිකාගාරයට ගියද සියල්ලෝම පාහේ නැවත උදෑසන 9.00 වන විට දේශනශාලාව තුළ දැක ගැනීමට හැකිවිය. පිරිසිදු කිරීම්, අහාර ගෙන ඒම්, තේ-කෝපි ආදිය සැපයීම්, කුඩා වෙළදසැල් පවත්වාගෙන යාම මෙන්ම බීමහලේ කටයුතු ද සිදුකළේ වේලාව බෙදාගැනිමේ ක්‍රමවේදයක් හරහා වැඩසටහනට සහභාගී වූ සහෝදර සහෝදරියන් විසින්මය. එමෙන්ම මෙහි තවත් සුවිශේෂී අංගයක් වූයේ එක් එක් රටවල ශාඛා විසින් තම පොත්පත්, ප්‍රකාශන, මුද්‍රිත ඇදුම් ආදිය විකිණීමට තිබූ කුඩා මේස රාශියයි. එය බොහෝ දෙනා උනන්දුවකින් යුතුව අනෙක් රටවල තත්වය සවිස්තරාත්මකව දැනගැනීම සදහා ප්‍රකාශන ආදිය මිලදී ගත් ස්ථානය විය. අධ්‍යාපන වැඩසටහන අධ්‍යාපන වැඩසටහන මූලික වශයෙන්ම දින තුනහමාරක් තිස්සේ සිදුකෙරුණු දීර්ඝ සාකච්ඡා දෙකකින්ද ඉන් අනතුරුව සිදු කෙරුණු කෙටි සාකච්ඡා වැඩි ගණනකින්ද සමන්විත විය. එම කෙටි සාකච්ඡාවන් එකවර මාතෘකා වැඩිගණනක් යටතේ පැවැත්වුණු අතර, එක් අයෙකුට ඉන් එකක්ට පමණක් තෝරාගෙන සහභාගී වීමට අවස්ථාව හිමිවේ. අවසාන සැසිවාරය වශයෙන් ‘ජාත්‍යන්තරයේ ශාඛා ගොඩනැගීම’ පිළිබද සාකච්ඡා කෙරුණු අතර එහිදී සියළු දෙනාගේ සහභාගීත්වයෙන් යුතුව වත්මන් තත්වය හා ඉළක්ක, ආසන්න සාර්ථක වීම් හා අසාර්ථක විම් සාකච්ඡා කරන ලදී. සියළු දෙනා සහභාගී වූ පළමු දීර්ඝ සාකච්ඡාව වූයේ ‘අර්බුදය හමුවේ යුරෝපය, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බලපෑම්, කම්කරු පන්ති අරගලයේ ඉදිරි දැක්ම හා නව කම්කරු පක්ෂ’ යන්නයි. මෙහිදී ආරම්භක හා අවසාන අදහස් දැක්වීම් CWI හි ජාත්‍යන්තර ලේකම් මණ්ඩලය විසින් සිදුකළ අතර, යුරෝපය නියෝජනය කරමින් පැමිණි සියළුම ශාඛා නියෝජනය කරමින් සහෝදර සහෝදරියන් මෙම මාතෘකාව වෙනුවෙන් තම ශාඛාව අයත් රටේ/ප්‍රදේශයේ තත්වයද උදාහරණයට ගනිමින් අදහස් දක්වන ලදී. ඒ අතර එංගලන්තය හා වේල්සය, උතුරු අයර්ලන්තරය, දකුණු අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ග්‍රීසිය, සයිප්‍රසය(ග්‍රීක හා තුර්කි කොටස් වෙනුවෙන් අදහස් දැක්වීම් 02 ක් සිදුවිය.), තුර්කිය, බෙල්ජියම, රුසියාව, පෝලන්තය, ඔස්ට්‍රියාව, ස්වීඩනය ආදී ශාඛාවලින් අදහස් දැක්වීම් සිදුකෙරිණි. එමෙන්ම දෙවන දීර්ඝ සාකච්ඡාව වූයේ ‘ධනවාදයේ ගෝලීය අර්බුදය හමුවේ කම්කරු අරගල හා සමාජවාදය සදහා වන ඉදිරි දැක්ම’ යන්නයි. මෙහිදීද ආරම්භක හා අවසාන දේශන ඇතුළු දේශන කිහිපයක් CWI හි ජාත්‍යන්තර ලේකම් මණ්ඩලය විසින් සිදුකළ අතර යුරෝපයේ හැර ඉතිරි බොහෝ ශාඛා නියෝජනය කරමින් අදහස් දැක්වීම් සිදුකෙරිණි. දින තුනහමාරක් තිස්සේ පැවති මෙම සාකච්ඡා වලින් පසුව, වරකට කිහිපය බැගින් විශේෂ මාතෘකා පිළිබදව වෙන වෙනම සැසි පැවැත්වූ අතර, ඒ සදහා එක් සැසියකින් එක් මාතෘකාවක් තෝරා ගනිමින් සහභාගී විය යුතු විය. එසේ පැවති සාකච්ඡා පහතින් දැක්වේ. පළමු සැසිය 01. විප්ලවීය වැඩපිළිවෙළ සහ සංක්රමණීය ක්‍රමවේදය – කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුව තම වැඩපිළිවෙළ හා සටන් පාඨ වර්ධනය කරන්නේ කෙසේද? 02. coque pas cher samsung s8 ජාතිවාදයට එරෙහි අරගලය හා යුරෝපය තුළ අන්ත දක්ෂිණාංශයේ වර්ධනය 03. නව වාමාංශික පක්ෂ හා අද දවසේ ප්රතිසංස්කරණවාදය – න්‍යාය හා ව්‍යවහාරය 04. නැගෙනහිර යුරෝපය – නව හැරවුම සහ පන්ති අරගලය සදහා වන ඉදිරි දැක්ම දෙවන සැසිය 01. ඇමරිකා එක්සත් ජනපදය – දේශපාලන විප්ලවය හා සමාජවාදය සදහා වන ඉදිරි දර්ශනය 02. ඊශ්‍රායලය/පලස්තීනය – සමාජවාදය සහ ජාතික ගැටළුව සදහා කම්කරු පන්තියේ විසදුම 03. දකුණු අප්‍රිකාව – නව අරගල රැල්ල හා කම්කරු පක්ෂයක් ගොඩනැගීම 04. චීනය – ආර්ථිකයේ මන්දගාමීකරණය, මර්ධනය හමුවේ පන්ති අරගලය සදහා වන ඉදිරි දර්ශනය තෙවන සැසිය 01. බ්‍රසීලය – අර්බුදය, ධ්‍රැවීකරණය හා පන්ති ස්වාධීනත්වය 02. අයි.එස්.අයි.එස් හා දක්ෂිණාංශික ඉස්ලාම් දේශපාලනය, ඉරාකයේ හා සිරියාවේ බටහිර මැදිහත්වීම, සුන්නි – ෂියා ප්රභූවාදී ගැටුම 03. නයිජීරියාව – ආර්ථික හා සමාජයීය අර්බුදය සහ බහුජන අරගල 04. දකුණු ආසියාව – විප්ලවය, ප්රතිවිප්ලවය හා පන්ති අරගලය සදහා වන ඉදිරි දැක්ම සිව්වන සැසිය 01. ලිංගිකත්වය, පන්තිය සහ සමාජවාදී ස්ත්‍රීවාදය(Socialist Feminism) 02. අද දවසේ කම්කරු පන්තිය යනු කුමක්ද? සමාජවාදී විප්ලවයේදී එහි භූමිකාව කුමක්ද? 03. මාක්ස්වාදී ආර්ථිකය සදහා හැදින්වීමක් හා ගෝලීය ආර්ථික අර්බුදයේදී එහි ඇති අදාළත්වය පස්වැනි සැසිය (මෙය ඓතිහාසික සිදුවීම් පිළිබද සැසියකි.) 01. මහජන පෙරමුණු සහ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය තුළ වාමාංශයේ උපාය උපක්‍රම 02. ප්‍රංශය – මහජන පෙරමුණ(popular Front) සහ 1936 කර්මාන්තශාලා අත්පත් කරගැනීම 03. 1956 හංගේරියාව – දේශපාලන විප්ලවයක්ද? ධනේශ්වර කුමන්ත්‍රණයක්ද? 04. 1916 අයර්ලන්ත නැගිටීම – ජේම්ස් කොනොලි(James Connolly) සහ කම්කරු ව්‍යාපාරයේ භූමිකාව හයවැනි සැසිය 01. LGBTQ – සමානාත්මතාවය සදහා වන අරගලය හා පන්ති අරගලය 02. ශිෂ්‍යයන් තුළ සමාජවාදය වෙනුවෙන් සහයෝගය ගොඩනැංවීම 03. විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේදී පුවත්පත්වල සහ සමාජ මාධ්‍ය ජාලයන්ගේ භූමිකාව 04. වැඩවර්ජන, සමස්ත මහා වැඩවර්ජන, කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුවේ සටන් පාඨ හා ඉල්ලීම් 05. විප්ලවවාදී පක්ෂය සදහා මුදල් සෙවීම 06. coque samsung s8 විප්ලවවාදී සමාජවාදී වැඩපිළිවෙළ තුළ කලාවේ භූමිකාව මෙම සැසි අතුරින් මා සහභාගී වූ කිහිපයක් ගැන කුඩා සටහනක් තැබිය යුතුය. ඉන් පළමුවැන්න ‘දකුණු ආසියාව’ පිළිබදව සැසියයි. එහිදී මුලින් සදහන් කළ පිරිසට අමතරව විශේෂයෙන්ම මෙම සැසිය සදහා සම්බන්දවීමට CWI විසින් දෙමළ ඩයස්පෝරාව තුළ ගොඩ නැගූ අනුබද්ධ සංවිධානයක් වන ‘දෙමළ සහයෝගීතාවය’(Tamil Solidarity) සංවිධානය වෙනුවෙන් සහෝදරවරුන් කිහිප දෙනෙකු සහභාගී විය. ඒ අතර ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ඉපදී වර්තමානයේ යුරෝපයේ ජීවත්වන සහෝදරයින් විය. එමෙන්ම කාශ්මීරයේ තත්වය ගැන පැහැදිලි කිරීමට විදෙස්ගතව සිටින කාශ්මීර සහෝදරවරුන් දෙදෙනෙකුද මෙම සැසිය සදහා සහභාගී විය. මෙහිදී ඇතිවූ සාකච්ඡාවේදී දකුණු ආසියානු කලාපීය දේශපාලනය හා ඒ තුළ අප විසින් ඉදිරි දර්ශනයක් ගොඩනගා ගන්නේ කෙසේද? යන්න සාකච්ඡාවට ගැනිණි. ලංකාවේ දේශපාලනය දූපතෙන් එහා සීමාවක් තුළ තබා නිර්ණය කිරීම, එය එසේ කළ යුතුබව ඓන්ද්‍රීයවම සලකුණු වීම සුවිශේෂීය. විශේෂයෙන්ම ඉන්දියානු උපමහාද්විපය පාමුල ඇති ලංකාව නැමති කුඩා දිවයිනේ විප්ලවය ගැන තනිවම ‘ප්ලෑන්කිරීම’ කොයි තරම් දුරට ප්‍රායෝගිකද යන්න මෙහිදී මූලධාර්මිකවම ප්‍රශ්න කෙරිණි. එමෙන්ම චීනය ගැන වූ සැසිය සම්බන්දයෙන්ද සාකච්ඡා කළ යුතුය. ඒ තවමත් ලංකාවේ ජවිපෙ වැනි පක්ෂ විසින් නිළ වශයෙන්ම ‘සමාජවාදී චීනය’ ලෙස ලේබල් කරන, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මර්ධනකාරීව පවත්වාගෙන යන ධනේශ්වර ආර්ථික සබදකම් සහිත නව චීනය පිළිබදව, ඒ තුළ හිදිමින්, ඊට එරෙහිව සැබෑ ලෙස සමාජවාදය වෙනුවෙන් අරගල කරන CWI ශාඛාවේ ක්‍රියාකාරීත්වය ගැන සැලකීමේදීය. චීනය, තායිවානය හා හොංකොං සදහා පවතින්නේ එක් CWI ශාඛාවකි. නමුත් වෙනස් උපක්‍රම භාවිතා කරමින් ඔවුහු ඒ එක් එක් කලාපය තුළ දේශපාලන කටයුතු සිද කරනු ලබති. විශේෂයෙන්ම විරුද්ධ දේශපාලන මතධාරීන්ට එරෙහිව විශාල රාජ්‍ය මර්ධනයක් දියත් කරන චීනය තුළ ඔවුන් සිදුකරන්නේ යටිබිම්ගත දේශපාලනයකි. ඒ යම්හෙයකින් සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් තුළ දේශපාලනය කරන බවට අනාවරණය වීම, ‘සමාජවාදී චීනය’ තුළ නියත වශයෙන්ම අභිරහස් අතුරුදහන් වීමකට හෝ ජීවිතකාලයම සිරගෙයක තැපීමට සිදුවන කාරණයක් වන බැවිණි. එය දිනපතා චීනය තුළ සිදුවන්නක් බැවිණි. නමුත් තායිවානය හා හොංකොං තුළ බහුජන තලයේ දේශපාලනයක් සිදුකරමින් සිටින ශාඛාව ඒ හරහා වේගවත් ඉදිරිගමනක්ද සිදුකරමින් සිටියි. එමෙන්ම චීන, තායිවාන් හා හොංකොං ශාඛාව සියළු දෙනාගේ අවධානයට යොමුවූ ශාඛාවක් වූයේ එම සහෝදර සහෝදරියන්ගේ දැඩි කැපවීමකින් හා විවේකයකින් තොරවූ ක්‍රියාකාරීත්වය නිසාය. චීනයේ වත්මන් සමාජ-ආර්ථික තත්වය පිළිබදව ඉතාමත් දියුණු විශ්ලේෂණයක් ඔවුන් විසින් ඉදිරිපත් කළ අතර ඉදිරියේදී එම විශ්ලේෂණයන්හි පරිවර්තනයක් අක්ෂය වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. එමෙන්ම ‘අද දවසේ කම්කරු පන්තිය කුමක්ද?’ යන සාකච්ඡාවද සුවීශේෂී අත්දැකීමක් එකතු කරන ලද්දකි. විශේෂයෙන් ලංකාව තුළ ජනප්‍රියව පවතින කම්කරු පන්තිය පිළිබද සාකච්ඡාව දියුණු ධනේශ්වර රටවල දේශපාලනයේදී කොයිතරම් අදාළද යන්න පිළිබදව වැදගත් සාකච්ඡාවක් එහිදී මතුවිය. එහිදී ‘කම්කරු පන්තියක් තිබේද?, කම්කරු පන්තියේ සීමාව කුමක්ද?’ වැනි අදහස් ධනේශ්වරයේ සාපේක්ෂව ස්ථාවර එක් යුගයකදී ඉදිරිපත් වූ හා ජනප්‍රියවූ අයුරුත් දැන්, 2008 න් පසු ආර්ථික අර්බුදය හමුවේ කම්කරු පන්තිය නැවත සටන් මගට පිවිසීමත් තුළ එම සාකච්ඡාව තවදුරටත් ප්‍රධාන සාකච්ඡාවක් ලෙස අදාළ නොවන ආකාරයත් විශේෂයෙන් යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ සහෝදර සහෝදරියන් පෙන්වා දෙන ලදී. පක්ෂයක සංස්කෘතියේ හා චින්තන මාදිලියේ සීමාවන් නිර්ණය කරන්නේ කව්රුන්ද? CWI හි ක්‍රියාකාරිත්වය සම්බන්දයෙන් විශේෂත්වයන් හා මා හට මුණගැසුණු සාපේක්ෂව දේශපාලනිකව හා සංස්කෘතිකව දියුණු ලක්ෂණ මෙම සටහන තුළ සාකච්ඡාවට බදුන් කළ යුතුවේ. ජාත්‍යන්තර පක්ෂයක් ලෙස තම ශාඛා ගොඩනැගීමේදී ඒවායේ දේශ සීමාවන් නිර්ණය කිරීම සිදුකර ඇති ආකාරය ඉතා වැදගත් යැයි සිතමි. Coque pour Huawei ඒ සෑම ස්ථානයකදීම පවතින, දැනට ලෝක සිතියමේ ඇද ඇති දේශසීමා අනුව නොයමින්, ඊට වඩා එම කලාපයේ විප්ලවය පිළිබදව වන ඉදිරිදර්ශනය මත පදනම්ව එම ශාඛාවල සීමාමායිම් සකස් කිරීමක් සිදු කර ඇති බැවිණි. විශේෂයෙන්ම මෙහිදී නොවිසදුණු ජාතික ගැටළු පවතින රාජ්‍යයන්ට මැදිහත් වී ඇති ආකාරය සුවිශේෂී වේ. ‘ස්වයංනිර්ණය පිළිබදව ජාතීන් සතු අයිතිය’ මුළුමනින්ම පිළිගැනීම හා ඊට විසදුමක් ලබාගත හැකි උපක්රමික සැලැස්ම මත පදනම්ව තම දේශපාලන වැඩපිළිවෙළ සකස් කිරීම මෙහි පදනම වී ඇත. උදාහරණ ලෙස බ්‍රිතාන්‍යය තුළ වර්තමානයේ නිළවශයෙන් ඇති ප්‍රධාන කලාප හා රාජ්‍යයන් වන්නේ එංගලන්තය, ස්කොට්ලන්තය, අයර්ලන්තය හා වේල්සයයි. නමුත් බ්‍රිතාන්‍යය තුළ CWI ශාඛා සංවිධානය වී ඇත්තේ එංගලන්තය හා වේල්සය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය හා දකුණු අයර්ලන්තය ලෙසයි. උතුරු ඇමරිකා මහාද්වීපයෙන් එක්සත් ජනපදය, කැනඩාව, ක්වීබෙක් ලෙස ශාඛා 03 ක් පිහිටුවා ඇත. ඊශ්‍රායලය හා පලස්තීනය සංවිධානය කර ඇත්තේ එක් ශාඛාවක් ලෙසයි. මෙම සංවිධාන රටාව සුවිශේෂි ඉදිරි පියවරක් බව මාගේ අදහසයි. එමෙන්ම වැඩසටහන තුළදී විවිධ රටවල ශාඛාවල පූර්ණකාලීනයන් වශයෙන් කටයුතු කරනු ලබන සහෝදර සහෝදරියන් ගණනාවක් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවිය. එහිදී පක්ෂය විසින් පනවන ලද අමුතු ආකාරයේ සීමාවන් හෝ කරඇඹීම් රහිතව නිදහස් මිනිසුන් ලෙස දේශපාලනය කිරීමට හැකි වන අයුරින් ඊට අදාළ සංස්කෘතියක් ගොඩනගා තිබීම සිත් ඇදගන්නා සුළුය. විශේෂයෙන් කාඩර්වරුන්ගේ පුද්ගලික ජීවිතය තුළට අනවශ්‍ය ලෙස කඩාවදින ස්ටැලින්වාදී – මාවෝවාදී සම්ප්‍රදායන් වෙනුවට, එම සංස්කෘතිය තුළ සමාජයේ සාමාන්‍ය තරුණයෙක් තරුණියක් මෙන් ජීවත්වීමට ඔවුන්ට හැකිය. පක්ෂය ඔවුන් සමග සිදුකරන එකම අරගලය දේශපාලන මතවාදය, දේශපාලන විනය හා දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබදව වන අරගලයයි. Coque huawei Soldes නැතහොත් ලංකාව තුළ මේවන විට විශාලතම වාමාංශික පක්ෂවල, මාවෝවාදී පදනම් මත සකස් වී ඇති සංස්කෘතිය මෙන් කාඩර්වරුන්ගේ ප්‍රේම සබදතා හෝ ලිංගික රුචිඅරුචිකම් වලට සහතික හා තීන්දු දීම, මත්පැන්-දුම්වැටි ආදිය ගැන සංඝ විනය නීති පනවමින් පුද්ගලික විනෝදය ගැන අච්චු හා ශික්ෂාපද සකස් කිරීම ආදිය පිළිබදව ඔවුන් සාකච්ඡා කරන්නේවත් නැත. එමෙන්ම පූර්ණකාලීනයන්ට මාසික දීමනාවක්(වැටුපක්) ගෙවිය යුතු බවට CWI ජාත්‍යන්තරය පෙනී සිටී. එය බොහෝ විට ඒ ඒ රටවල කම්කරුවෙකුට ලැබෙන අවම මට්ටමේ වැටුපට සමාන මුදලකි. පක්ෂයේ අනෙකුත් රැකියා කරන සාමාජිකයන්ගෙන් හා හිතවතුන්ගෙන් උපරිම වශයෙන් මැදිහත් වෙමින් එකතු කරන අරමුදලෙන් පූර්ණකාලීනයන්ගේ ගෙවීම් වලට අවශ්‍ය මුදල් සොයා ගනු ලබයි. ඔවුන්ගේ තර්කය වන්නේ ගම්බද ගොවි යුද්ධ ගැන විශ්වාසය තබමින් ගොවියන් සංවිධානය කළ මාවෝවාදීන් විසින් ගොඩනැගූ වැටුප් නොගෙවන, මුළු ජීවිතයම සියළු දුක්ගැහැටත් සමගම ඉල්ලා සිටින, ‘කැපකිරීමේ ප්‍රතිමූර්තිය’ ලෙස ස්වයංඋත්කර්ෂයට නංවන ‘පූර්ණ කාලීනයා’ යන සංකල්පය ග්‍රාමීය ගොවියන් සමග සිදුකරන දේශපාලනයකදී තාවකාලිකව හෝ වලංගු විය හැකි නමුත් කම්කරු පන්තිය සමග සිදුකරන දේශපානයේදී වලංගු නොවන බවයි. එමෙන්ම නොකළ යුත්තක් බවයි. එමගින් පුද්ගලයාට සිදුකරන හානිය හා කඩාවැටීම් හමුවේ එම පුද්ගලයාගෙන් සමාජවාදී දේශපාලනයට ලැබෙන උපරිම දායකත්වය වෙනුවට බොහෝ විට වැඩිකල් නොගොස් ව්‍යාපාරයෙන් දොට්ට බසින සහෝදරයෙකු සහොදරියක නිර්මාණය වනු ඇත. ලංකාවේ ස්ටැලින්වාදී ධාරාවේ කිසිදු වමේ පක්ෂයක දැකිය නොහැකි ලෙස ඇතැම් විට 60, 70 දශක වල සිට පූර්ණකාලීනව දේශපාලනය කරන සහෝදර සහෝදරියන් ගණනාවක් මෙම සංවිධානය සතුවීමට මෙම සංස්කෘතිය විශාල පිටුබලයක් සපයන්නට ඇති බවක් සිතිය හැක. පෙර සදහන් කළ පරිදි ලිංගිකත්වය සහ පුද්ගල නිදහස සම්බන්දයෙන් ඉතාම දියුණු ආස්ථානයක් ගැනීමට මොවුන් කටයුතු කර තිබේ. මෙය විශේෂයෙන්ම බටහිර සංස්කෘතිය මත ගොඩනැගුණු පක්ෂයක් වීම නිසා ඔවුන් අත්පත් කරගත් ජයග්‍රහණයක් ලෙසද හැදින්විය හැක. නමුත් සැලකියයුතු කරුණ වන්නේ සමාජයේ සංස්කෘතිය මතම යැපීමෙන් ඔබ්බට ගොස් සවිඥාණිකව සිදුකර ඇති මැදිහත් වීම්ද ඒ තුළ ඇති නිසාය. විශේෂයෙන් අවුරුදු විසිගණන්වල තරුණ තරුණියන්ට හා ඉතා වැඩිමහළු සහෝදර සහෝදරියන්ට තම සංස්කෘතික ජීවිතය එකට බෙදාගත හැකීවී ඇත්තේ ලිංගිකත්වය, විනෝදාස්වාදය හා මිනිස් ස්වභාවය හා අවශ්‍යතා පිළිබදව සවිඥාණිකව යම් මැදිහත්වීමක් සිදුකරන නිසා බව උපකල්පනය කළ හැක. ඊට ඇති හොදම උදාහරණයක් නම් ලොව පුරා විශාල විවාදයකට බදුන් වී ඇති LGBT(සමකාමී, ද්වීකාමී හා සංක්‍රාන්තිලිංගික/Lesbian, Gay, Bisexual, Transsexual, ) ප්රජාවන්ගේ ගැටළුව පිළිබදව CWI ජාත්‍යන්තරය දරන ආස්ථානය හා එහි ප්‍රතිඵල සලකා බැලීමයි. තම ලිංගික අනන්‍යතාවය හෝ ලිංගික නැඹුරුතාවය හේතුවෙන් දිගින් දිගටම පීඩාවට පත්වෙන එම පීඩිත ප්රජාවන්ගේ අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටිමින් මෙම සංවිධානයද කාලයක් තිස්සේ හඩ නගමින් සිටියි. ප්රජාතන්ත්රවාදය හා මානව නිදහස සම්බන්දයෙන් දියුණු ආස්ථානයක සිට සිදුකෙරෙන එම මැදිහත් වීම තුළ අත්පත් කරගෙන ඇති ජයග්‍රහණය හා දියුණු සංස්කෘතිය අගයකළ යුත්තකි. මෙම වැඩසටහන තුළට සහභාගී වූ සහෝදර සහෝදරියන් පිරිස අතර සියළුම ලිංගික අනන්‍යතාවට අයත් පිරිස් විය. එමෙන්ම ඇතැම් ශාඛාවන්ගේ නායකත්ව මට්ටමේ පවා තමන් සමකාමීන් බව ප්‍රකාශයට පත්කරන ලද සහෝදර සහෝදරියන් සිටිති. මෙහිදී මා හට මුණගැසුණු සුවිශේෂී අත්දැකීමක් වූයේ ‘අද දවසේ කම්කරු පන්තිය කුමක්ද?’ යන සාකච්ඡාවේදී ඊශ්‍රායල්/පලස්තීන ශාඛාව නියෝජනය කරමින් අදහස් දැක්වීම සංක්‍රාන්ති ලිංගික සහෝදරියක් විසින් සිදුකරනු ලැබීමයි. ලංකාවේ සමාජය හා එහි පසුගාමී කමටම ඔබින ලෙස කපා මට්ටම් කර ඇති ප්‍රධාන වාමාංශික පක්ෂයන්ගේ සංස්කෘතිය හා සසදන කල්හි සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවයකින් යුත් සහෝදරියකට පක්ෂයක නායකත්ව මට්ටමට තේරී පත්වීමට තරම් සංස්කෘතික ඉහළ කමක් නියෝජනය කිරීම අතිශයින්ම සුවිශේෂී බව මාගේ අදහසයි. එමෙන්ම ජාත්‍යන්තරයේ ශාඛා තුළ කාන්තාවන්ගේ ක්රියාකාරීත්වයද පවතින්නේ ඉතාමත් ඉහළ අගයකය. උදාහරණයක් ලෙස මගේ නිරීක්ෂණයට අනුව මෙම ‘ගිම්භාන පාසල’ ට සහභාගී වූ පිරිසෙන් පිරිමි හා කාන්තා සහභාගීත්වය ආසන්න වශයෙන් සමාන අගයන්ගෙන් යුක්ත විය. එමෙන්ම ජාත්‍යන්තරයේ විශාලතම ශාඛාව වන එංගලන්තයේ හා වේල්සයේ සමාජවාදී පක්ෂයේ ඉහළම නායකත්ව මණ්ඩලය වන, ‘විධායක සභාව’ නියෝජනය කරන පිරිසෙන් හරි අඩක් සහෝදරියන්ය. බොහෝ ශාඛාවන්ගේ තත්වය මීට ආසන්න මට්ටමක පවතී. පුරුෂ මූලික චින්තනය බැහැර කර ඇති මට්ටම, ඒ පිළිබදව සංවිධානය තුළ වර්ධනය කර ඇති දියුණු අදහස් ආදිය මෙන්ම සමස්ත බටහිර සමාජය විසින් විශාල අරගලයකින් පසු ඒ සම්බන්දව තබා ඇති ඉදිරි පියවරයන්ද ඊට පදනම සැපයූ හේතු වශයෙන් සැලකිය හැක. එමෙන්ම තවත් වැදගත් කරුණක් වන්නේ මහජන නියෝජිතයන් සම්බන්දයෙන් අනුගමනය කෙරෙන ප්රතිපත්තියයි. CWI ජාත්‍යන්තරයේ ශාඛා වලින් පාර්ලිමේන්තු, නගරසභා ආදියට තේරී පත්වූ සහෝදර සහෝදරියන් ගණනාවක් සිටී. එය 1980 දශකයේ එංගලන්තයේ ‘මිලිටන්ට්’ කණ්ඩායම ලෙස දේශපාලනය කරන යුගයේ සිටම දශක ගණනක් තිස්සේ පවතින්නකි. අදවන විටද අයර්ලන්තය, ජර්මනිය, එක්සත් ජනපදය ආදී රටවල් නියෝජනය කරමින් පාර්ලිමේන්තු හා නගරසභා නියෝජිතයන් ගණනාවක් මෙම සංවිධානය සතුව සිටිති. සුළු නියෝජනයෙන් උපරිම දේශපාලන වාසියක් ලබා ගැනීමට සමත් වූ දියුණු සටන් ක්‍රියාමාර්ගයන්ට අමතරව (ඇමරිකාවේ සියැටල් නගර සභා මන්ත්‍රිනී ක්ෂමා සාවන්ත් නායකත්වය දුන් ඩොලර් 15 පැයක වැටුපක් දිනා ගැනීමේ අරගලය, අයර්ලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ආදිය) ජාත්‍යන්තරය විසින් මහජන නියෝජිතයන් වෙනුවෙන් ඉතා පැහැදිලි ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඇත. ඒ අතර රැඩිකල් ව්‍යවහාරය මෙන්ම සාමාන්‍ය පූර්ණකාලීනයෙක්ගේ දීමනාවට සමාන මුදලක් තබාගනිමින් වැටුපේ ඉතිරි කොටස පක්ෂ අරමුදලට ලබාදීමද ඇතුළත්ය. එමෙන්ම CWI ජාත්‍යන්තරය විසින් තබා තිබෙන සිත් ඇද ගන්නා සුළු පියවරක් වන්නේ පසුගිය වසර කිහිපය තුළ යුරෝපයේ දෙමළ ඩයස්පෝරාව තුළට මැදිහත්වෙමින් එහි තරුණ කොටසක් සමාජවාදී මතවාදයකට දිනාගැනීමට මැදිහත් වීමයි. සාම්ප්‍රදායික එල්.ටී.ටී.ඊ හිතවාදී දැඩි ජාතිකවාදී මතයක් වෙනුවට ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළුව ගැන පැහැදිලි ස්ථාවරයක්ද සහිතව, සමාජවාදී මතවාදයකින් ජාත්‍යන්තරය යටතේ සංවිධානය වී ඇති හා ගනු දෙනු කරන පිරිස සිය ගණනකි. ඒ ‘දෙමළ සහයෝගීතාවය’ සංවිධානය යටතේයි. ප්‍රධාන වශයෙන් ලංකාවේ හා දකුණු ඉන්දියාවේ සිට විදෙස්ගතවී සිටින තරුණතරුණියන් මේ අතර වේ. ඔවුන් කිහිපදෙනෙකුම හමුවීමට මා හට අවස්ථාව හිමිවුණි. ‘ගිම්භාන පාසල’ ට දෙමළ සහයෝගීතාවය සංවිධානයෙන් සහෝදර සහෝදරියන් 06 දෙනෙකු සම්බන්ද විය. ඒ අතරින් ලංකාවේ සම්භවයක් සහිත සිව්දෙනෙක්ද දකුණු ඉන්දියානු සම්භවයක් සහිත දෙදෙනෙක්ද විය. ලංකාවේ ජාතික ගැටළුව සමග සසදන කල්හි මෙය සුවිශේෂී ජයග්‍රහණයකි. විශේෂයෙන් ලංකාවේ විශාලතම වාමාංශික පක්ෂ තවමත් ‘ස්වයංනිර්ණය පිළිබද ජාතීන් සතු අයිතිය’ පවා ප්‍රතික්ෂේප කරමින් සිංහල ජාතිකවාදී බහුතරවාදී සපත්තුවට අනුව කකුල සකස් කරමින් සිටින තත්වයක් තුළ මෙය මග හැරිය නොහැකි ජයග්‍රහණයකි. වැඩසටහනේ අවසන් දිනයේ රාත්රියේදී සියළු සහෝදර සහෝදරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ප්‍රසංගය හා සාදයද අතිශයින්ම සොදුරු අත්දැකීමකි. වැඩසටහන අවසන් වූ පසු ජූලි 23 වනදා උදෑසනම ‘ගිම්භාන පාසලේ’ සංවිධාන වගකීම් දැරූ සහෝදර සහෝදරියන් විසින් යුරෝපයට එපිටින් වැඩසටහනට සහභාගී වූ පිරිස අදාළ ගමනාන්තයන්ට රැගෙන යන ලදී. එක්සත් සමාජවාදී පක්ෂයේ සහෝදරිය, නයිජීරියාවේ සහෝදරයකු හා මා ජර්මනියේ කොලෝන් නගරය ආසන්නයේ පිහිටි ජර්මන් ශාඛාවට අයත් සහෝදරයකුගේ නිවස කරා කැදවාගෙන යන ලද්දේ ඒ අනුවයි. අපි නැවත ගමන්වාරය එනතුරු දින 03 ක් එම සහෝදරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග එම නිවසේ නැවතී සිටියෙමු. coque huawei pas cher දින 03 ක් තිස්සේ අප එක්වී සිදුකරන ලද සාකච්ඡාවන්ගේ අන්තර්ගතය මෙම සටහනට එකතු කළ නොහැකි තරම් දිග එකකි. එමෙන්ම එය සුන්දර අත්දැකීමකි. දූපත, ලෝකය හා වම මෙම සටහනේ මීට පෙරද සදහන් කර ඇති පරිදි මෙම වැඩසටහනට සහභාගීවීම හරහා මා ලබාගත් අත්දැකීමේ හා උගත් පාඩම්වල ප්‍රධානතම කොටස නම් දේශපාලන ස්ථාවරයන් පිළිබදව කොටස නොවේ. වර්තමාන තාක්ෂණයත් සමග එම කරුණු කාරණා නම් ලංකාවේ සිට වුවද කියවා දැනගත හැකිය. වඩාත් වැදගත් දේ නම් ව්‍යාපාරයක් ගොඩනැගීම මෙන්ම ගොඩනගන ව්‍යාපාරයේ රූපාකාරය, සංස්කෘතිය, අන්තර්ගතය කුමක් විය යුතුද යන්න පිළිබද ලබාගත් සජීවී අත්දැකීම් ප්‍රමාණයයි. ලංකාව තුළ සමාජවාදය වෙනුවෙන් වැඩකරන පක්ෂ 02 ක් තුළ වසර කිහිපයක් කටයුතු කිරීමෙන් ලද අත්දැකීමත්, මෙහිදී ලබාගත් අත්දැකීමත් සලකන කළ මා හට දැනෙන හැගීම මෙසේ සාරාංශගත කළ හැක. ‘ලංකාවේ වාමාංශිකයන්ගෙන් සංඛ්‍යාත්මක බහුතරය තවමත් 1970 දශකයේදී මසන ලද රෝහණ විජේවීර සහෝදරයාගේ මිලිටරි පන්නයේ ‘ඩබල් පොකට්’ කමිසය අදින්නට පොරකද්දී, වත්මන් ලෝකය තුළ සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් දේශපාලනය කරන සංවිධාන හා මිනිසුන් එම කමීස ගලවා වීසිකර, නව ඇදුම් ඇගලාගෙන, ඊට වඩා බොහෝ දුර ගොස් තිබේ !’
වැඩසටහනේ ඡායාරූප කිහිපයක්… අදහස් දැක්වූ සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක්… CWI ජාත්‍යන්තරයේ ලේකම් ටෝනි සනුවා සහෝදරයා එංගලන්තය හා වේල්සය පෘතුගාලය ඉතාලිය සයිප්‍රසය නයිජීරියාව ඉන්දියාව අයිවරි කෝස්ට් දකුණු අප්‍රිකාව දකුණු අයර්ලන්තය කසකස්ථානය මැලේසියාව තවත් ඡායාරූප කිහිපයක්… චීන, තායිවාන් හා හොංකොං ශාඛාවෙන් සහභාගී වූ සහෝදර සහෝදරියන් වැඩසටහනට සහභාගී වූ ඇමරිකා එක්සත් ජනපද ශාඛාවේ සහෝදරයෙක් රාත්‍රී බීමහල ප්‍රකාශන අලෙවි සැල් 2016 ගිම්භාන පාසල අවසන් කරමින් ජාත්‍යන්තර ගීතය ගැයූ අවස්ථාව (ඡායාරූප සදහා ස්තූතිය – නතාලියා මෙදීනා හා ධම්මිකා යන සහෝදරියන්ට… )
Copyright © akshaya.lk 2016 All rights reserved.
2016-05-26