Home / Articles / අර්බුදය කොයිබටද?

අර්බුදය කොයිබටද?

විසඳුම
කුමක්ද?

ජනවාරි 18 වන දින ඇමරිකානු ඩොලර්
මිලියන 500ක ජාත්‍යන්තර වශයෙන් ගෙවීමට
නියමිතව තිබූ ස්වෛරිත්ව බැඳුම්කරය ගෙවා
දැමු බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
වගාඩම්බරයක් ගැසීය. කෙසේ නමුත් රටට
අවශ්‍ය කරන ආහාර හා බෙහෙත් වැනි අත්‍යවශ්‍ය
ද්‍රව්‍ය ගෙන්වීම පසකට දමා රටේ තිබෙන සීමිත
විදේශ විනිමය ණය ගෙවීම ස`ඳහා කටයුතු කිරීම
නුවනක්කාර ක්‍රියාදමයක් නොවන බව ආර්ථික
විද්‍යඥයින්ගේ පොදු මතය වී තිබේ.

ධනේෂ්වර ආර්ථික බුද්ධිමතුන්ගේ අදහස වන්නේ ණයගෙ
වීම වෙනුවට කළ යුතුව තිබුණේ ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත
කිරිම නොහොත් ණය ගෙවීම සඳහා කාලයක් ලබා
ගැනීමට කටයුතු කිරීමය. එවැනි උපදෙස් නොතකා
තමන්ගේ හිතවතුන්ට ලාබ ගරා ගැනිම සඳහා
ආණ්ඩුව අනුගමනය කළ මෙම දඩබ්බර ක්‍රියාව නිසා
රටේ තිබෙන විදේශ විනිමය සංංචිත ප්‍රමාණය තවත්
පහලට ඇද වැටී ඇත. මෙම ක්‍රියාදාමය හේතුකොට
ගෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහල යෑම
සිදුවන අතර සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි
දුෂ්කර තත්වයක් නිර්මාණය වී ඇත. නුදුරේම
විදුලිය විසන්ධි කිරිම නොවැලැක්විය හැකි දෙයක්
බවට පත්වන අතර පෙට්‍රල් ඩීසල් හා භුමිතෙල් වල
මිල නැවත ඉහල දැමීම සිදුවන අතර ඉන්ධන වල
හිගයක්ද රටපුරා නිර්මාණය විය හැකිය.

ඉන්දියාවෙන් හා චීනයෙන් නොබෝදා ලබාගත් මුදල්
හුවමාරු හෙවත් විදේශ විනිමය ආණ්ඩුවට හුස්මග
ැනීමට අවකාශයක් ලබාදී ඇතත් දීර්ඝකාලීනව රට
මුහුණ දෙන දැවැන්ත විදේශ විනිමය අර්බුදයට
පිළියමක් හෝ විසඳුමක් නොවන්නේය. චීනය
එරට මුදල් ඒකකය වන යුවාන් මුදල් බිලියන 10ක්
ලබාදුන් අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 1.5
කට සමානය. ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර්
මිලියන 500ක් ලබාදුන් අතර එම මුදල් ඉන්දියාව
හා සම්බන්ධ භාණ්ඩ ආනයනය කිරිම සඳහා පහසුකමක්
ලෙස සඳහන්ය ඖෂධ හා ඉන්ධන ඉන්දියාවෙන් ආනයනය
කිරිමද කර්මාන්ත සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය චීනයෙන් ලබාග
ැනීම සඳහා චීන මුදල වන යුවාන් පාවිච්චි කිරිමට
ආණ්ඩුවට ඉඩ ලැබෙන නමුදු රට චීනයට හා ඉන්දියාවට
යටත් රාජ්‍යයක් බවට ක්‍රමානුකූලව පත්වීම මෙයින් සිදුවන
බව ජනතාවට සැඟවීමට ආන්ඩුව කටයුතු කරමින් සිටී. ණය
උගුලෙන් ගැලවීමට මෙවැනි තාවකාලික පැලැස්තරවලින්
කළ නොහැකිය. මේවන විට රටමුහුණ දෙන ණය උගුලට
ප්‍රධාන හේතුවවී ඇත්තේ පසුගිය දශක දෙකතුන තුළ
බලයේ සිටි පොදු පෙරමුණ හා එජාප ආණ්ඩු විසින් විවිධ
ව්‍යාපෘති සදහා ලබාගත් අතිවිශාල ණය කන්ද වෙයි.
බොහෝ විට මේ අන්දමට විදේශ රටවලින් ණය ලබාගෙන
ඇත්තේ රටට අත්‍යවශ්‍ය නොවන සංවර්ධනය කිරිම් සදහා
විශාල කාලයක් ගතවන රටට හා ජනතාවට ප්‍රතිලාභ
නොලැබෙන ව්‍යාපෘති සදහාය. නෙලුම් කුලුණ සූරියවැව
ක්‍රිඩාංගණය මත්තල ගුවන්තොටුපල වැනි මහා පරිමාන
සුදු අලියන් වැනි ව්‍යාපෘති මෙයට කදිම උදාහරණයන්ය.

රට ඇදවැටී තිබෙන ගැඔුරු අර්බුදයෙන් ගොඩඒමට වැඩ
පිලිවෙලක් රාජපක්ෂ ආණ්ඩුවට නොමැති බව පැහැදිලිය.
ඔවුන් අනුගමනය කරන පිළිවෙත වී ඇත්තේ ප්‍රශ්නයට
මුහුණදෙනවා වෙනුවට එය පසුපසට තල්ලුකර සියලු බර
ජනතාව පිට පැටවීමටය. මෙම පරිසරය තුළ විපක්ෂයේ
සිටින ආර්ථික ඔස්තාර් වන රනිල් වික්‍රමසිංහගේ එකම
විසදුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුපස බඩගාන ලෙස
කරන ඉල්ලීමය. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන
සමගි ජන බලවේගයේ ආර්ථික පඩිවරුන් වන හර්ෂ ද
සිල්වා හා ඉරාන් වික්‍රමරත්න වැනි අයගේ එකම විසදුම
වන්නේ ද මුල්‍ය අරමුදල ඉදිරියේ වැදවැටීමය. මෙකී
නොකී ලංකාවේ ආර්ථික පඩිවරුන් බොහෝ දෙනෙකුගේ
අදහස වී තිබෙන්නේද එයමය. රට ඇඳවැටී තිබෙන ණය
උගුලෙන් බේරීම සදහා අධිරාජ්‍යවාදී මුල්‍ය ආයතන වල
පිහිට පැතීම වෙනුවට ස්වාධින ක්‍රියාමාර්ගයක් ඉදිරිපත්
කිරිමට කිසිවකුට නොහැකිවීම බරපතල ප්‍රශ්නයකි.
එම පරිසරය තුළ එක්සත් සමාජවාදී පක්ෂය ආණ්ඩුවට
බලකර සිටින්නේ අධිරාජ්‍යවාදී මුල්‍ය ආයතන වලට හා
රටවලට ගෙවීමට තිබෙන සියලු ණය ගෙවිම් අහෝසි
කරන ලෙසය. අධිරාජ්‍යවාදී සියලු බැඳීම් වලින් ඉවත්ව
රට ස්වාධින හා වෛරී රාජ්‍යයක් බවට පත්කර ගැනීමට
පියවර ගතහැක්කේ ඒ අනුවය. මෙම පියවරයන් ගැනීමේදී
අධිරාජ්‍යවාදි ලෝක බලවතුන්ගේ මතුවිය හැකි සම්බාධක
හා වෙනත් තර්ජනවලට මුහුණදීම සදහා කම්කරු
පන්තිය ඇතුලු සාමාන්‍ය ජනතාව සුදානම් කළයුතුය.
ලෝක පරිමානව කම්කරු පංතියට ආයාචනය කර අප
වෙනුවෙන් පෙනී සිටීම සදහා ජාත්‍යන්තර මට්ටමේ
උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගොඩනැගීමට පියවර ගත යුතු
අතර අප රට හා සමීප රටවලින් මෙම උද්ඝෝෂණය
සදහා සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍යය. මේ අතර
දේශීය කර්මාන්ත නගාසිටුවීමට හා දේශිය නිෂ්පාදන
ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සදහා නවීකරණයවූ ආර්ථික
සැසුමක් නිර්මාණය කළ යුතුව ඇත. අධිරාජ්‍යවාදින්ගේ
කීකරු ගෝලයින් හැටියට කටයුතු කරන බෙලහීන ලාංකිය
ධනපති පංතියට මෙවැනි රැඩිකල් පියවරක් ගැනීමට කිසිදු
හැකියාවක් නොමැත . ඒ වෙනුවට ඔවුන් විසින් කරනු
ලබන්නේ නැවත නැවත අධිරාජ්‍යවාදී කඳවුරුවල ඒ හෝ
මේ කොට්ඨාශය ඉදිරියේ වැදවැටීම පමණී. ඒ අනුව අප
තේරුම් ගත යුත්තේ අධිරාජ්‍යවාදී වහල්බාවයෙන් රට
මුදවා ගත හැක්කේ දෙමළ හා මුස්ලිම් පීඩිත ජනතාව හා
කදුකරයේ දෙමළ ජනතාව ඒකරාශී කර ගන්නාවු කම්කරු
පංති නායකත්වයෙන් ගොඩනගන වමේ විප්ලවකාරී
ආණ්ඩුවකට පමණක් බවය එක්සත් සමාජවාදි පක්ෂය
පෙනී සිටින්නේ ජාත්‍යන්තර දැක්මක් සහිත මෙවැනි වැඩ
පිලවෙලක් වෙනුවෙනි. අප රටේ වමේ පක්ෂ ලෙස පෙනී
සිටින පක්ෂවලට පවා අධිරාජ්‍යවාදි ණය උගුලෙන් බේරීම
සදහා පැහැදිලි හා විවාත වැඩ පිළිවෙලක් තිබෙන බව
නොපෙනේ.

උනුත් එකයි මුනුත් එකයි ප්‍රෝඩාව

එළfඔන මැතිවරණයකදී රටේ අනාගත පාර්ලිමේන්තු
බලය ලබා ගැනිම සදහා කැසකවන ව්‍යාපාරයක්
ජනතා විමුක්ති පෙරමුණ මෑතක සිට ආරම්භ කර
ඇත. දූෂණය හා නාස්තියෙන් තොර පිරිසිදු පාලනයක්
ගොඩනගාගැනිම ඔවුන්ගේ තේමා පාඨය වී ඇත. එසේම
ධනපති නවලිබරල්වාදී වැඩපිළිවෙලින් වෙන්වන විකල්ප
සමාජආර්ථික වැඩ පිලිවෙලක් ඔවුන් විසින් ඉදිරිපත්
කරන්නේ නැත. ඊට හොදම උදාහරණය රට මුහුණදෙන
විදේශණය උගුල ගැන ඔවුන් දරණ ස්ථාවරයෙන්
ප්‍රදර්ශණයවෙයි. ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර ණයමුදල
ගෙවා දැමීම සම්බන්ධයෙන් ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක විජිත
හේරත් ප්‍රකාශ කලේ මෙම ණය මුදල නියමිත පරිදි
ගෙවාදැමිය යුතු බවය. විපක්ෂයේ සියලුම දේශපාලන
පක්ෂවල මතයවුයේ රට බරපල විදේශ විනිමය අර්බුදයකට
මුහුණදෙන මෙවැනි අවස්ථාවක එම ණය මුදල ගෙවීම
නොකල යුතු බවය. ජවිපෙ පමණක් ඊට වෙනස්වු අදහසක්
දැරීමට එකම හේතුව වන්නේ අධිරාජ්‍යවාදි බලවතුන්
ඉදිරියේ තමන් හොඳ මහත්වරුන් (පැරණි ජවිපෙය
මෙන් නොවන) බවට දැන් පත්ව ඇතිබව ඔවුන්හට
පෙන්වීම සදහාය. අනාගතයේ බලය ලබා ගැනිමට
සැරසෙන ජවිපෙය නවලිබරල්වාදී ක්‍රියාදාමයේ
අතකොලුවක් බවට පත්ව තිබෙන බව මෙම සිදුවීම
හරහා පෙන්නුම් කර තිබේ. නාමික වශයෙන් හෝ
සමාජවාදය බිහි කිරිම සදහා කැපවන බව කියමින්
ගොඩනැඟු ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට
ධනේෂ්වර ක්‍රමයේ කොටසක් බවට පරිවර්තනයවී
ඇති බව මෙයින් තහවුරුවෙයි.

ආර්ථික වශයෙන් ධනපති වැඩ පිළිවෙල පිලිගැනීම
පමණක් නොව සමාජ දේශපාලන ව්‍යාපාරයක්
වශයෙන්ද ජවිපෙය සිංහල බෞද්ධ බහුතර
මතවාදය පෙරටුකර ගත් ව්‍යාපාරයක් බවට
පත්ව තිබේ. ජවිපෙ නායක අනුර කුමාර
දිසානායක නොබෝදා මල්වතු අස්ගිරි
වන්දනාවේ ගියේ ඇයිද යන්න විමසා
බැලීමෙන් මෙය තේරුම්ගත හැකිය. ලංකාවේ
දේශපාලනය තුළ බෞද්ධ භික්ෂු සංස්ථාවේ
බලය ඉතා ප්‍රබලය. එය රටේ ඉතිහාසය හා
සංස්කෘතික වශයෙන් තිබෙන බැඳීමක් ලෙස
සමහරු විග්‍රහකරනු ලබයි. පුලුල් බහුජන
ව්‍යාපාරයක් ගොඩනැගිම සදහා උපායිකව
බෞද්ධ සංස්කෘතිය සමඟ වැඩ කිරිමට සිදුවන
බව එවැනි නිර්මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ අදහසවී
තිබේ. නමුත් සමසමාජ හා කොමියුනිස්ට්
පක්ෂ බහුජන පදනමක් සහිත ව්‍යාපාර බවට
පත්වුයේ සිංහල බෞද්ධ සංස්කෘතියට යටත්වීමෙන්
නොවේ. පැරණි වමේ නායකයින් මල්වතු අස්ගිරි
වනදනාවේ ගියේ ධනපති සභාග දේශපාලනයට
ඇතුළ්වී ඔවුන් දේශපාලනිකව පිරිහීමෙන්
අනතුරුවය. පාසැල් ළමුන් දේශපාලඥයින් ඉදිරියේ
දණගසා වැදවැටීමේ පහත් ක්‍රියාව සදාචාර විරෝධී
ක්‍රියාවක් ලෙස ප්‍රබුද්ධ සමාජයේ පිළිගැනීමයි. එසේ
නමුත් සුනිල් හදුන්නෙත්ති පාසැල් දරුවන් විසින්
තමන්ට දණගා වැදවැටීමේ පහත් ක්‍රියාව අනුමත කිරීම
පසුගියදා සමාජමාධ්‍යවලින් ප්‍රදර්ශනය විය. අනුර කුමාර
දිසානායක හා හදුන්නෙත්තිලා සමාජවාදය කෙසේ වෙතත්
ධනපති මැතිවරණ ක්‍රමයට ඇතුළු වී දූෂිත ධනේෂ්වර
දේශපාලඥයින් ගිය මාර්ගයේම ගමන් කරන බව මෙයින්
හොදින් පැහැදිලිවේ.

ජවිපෙ අනාගත මැතිවරණවලදී ඡන්ද ගොඩ වැඩිකර
ගැනීම සදහා ඉතා පහත් අන්දමට හැසිරීම පෙන්නුම්
කරන තවත් සිදුවීමක් පසුගියදා දැකගත හැකිවිය.
ඉන්දියාවේ ධනුස්කොඩියේ සිට ලංකාවේ මන්නාරම
හරහා ත්‍රිකුණාමලය දක්වා ඉදි කෙරෙන බව ප්‍රකාශිත අලුත්
පාරක් ඉදිකිරීම සම්බන්ධයෙන් හදුන්නෙත්ති ප්‍රකාශකර
ඇත්තේ එමගින් ලංකාවේ ස්වාධිපත්‍යයට හා ජාතික
ආරක්ෂාවට ත්ර්ජනයක් එල්ලවන බවකි. මෙම ප්‍රකාශය
නවීකරණය වන ලෝක ස්වභාවය ප්‍රතික්ෂේප කරන
පහත් ඝනයේ ඉන්දියානු විරෝධය අවුස්සා ජවිපෙ ඡන්ද
ගොඩ වැඩිකර ගැනිම සදහා ගනු ලබන දීන උත්සාහයකි.
චීනය ලංකාවට සිදු කරන අති විශාල විනාශකාරී බලපෑම්
ගැන හින්කෙදිරියක් ගසමින් ඇඟබේරා ගන්නා ජවිපෙය
ඉන්දියානු විරෝධය මහා පරිමානව ඇවිස්සීම කරනුයේ
විජේවීර සමයේ පැවැති ඉන්දියානු ව්‍යාප්තවාදයට
අලුත් අර්ථයන් එකතු කරමිනි. යුද්ධය පැවැති සමයේ
රාජපක්ෂ පාලනයට පූර්ණ සහයෝගය දුන් ජවිපෙය ඒ
හරහා උතුර නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට එරෙහි සිංහල
ජාතිවාදය පෝෂණය කරන ලදී හදුන්නෙත්තිලා නලින්ද
ජයතිස්සලා හරහා ඉන්දියානු විරෝධය ඉස්මතු කරන්නේ
එමගින් ද්‍රවිඩ විරෝධය මුවහත් කර දකුණේ සිංහල
ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අරමුණ ඇතිවය. මේ
අනුව පැහැදිලි වන්නේ ජවිපෙය හා ජාතික ජන බලවේගය
කිසිදු අර්ථයකින් පවතින ධනේෂ්වර ක්‍රමයට විකල්පයක්
නොවන බවත් ඔවුන් සමාජ ආර්ථික හා දේශපාලන
වශයෙන් අලුත් මුහුණුවරකින් ධනපති ක්‍රමය පවත්වාගෙන
යෑමේ ඒජන්තයින් ලෙස කටයුතු කරන බවය. ජවිපෙ
ගෙනයන මෙම ප්‍රෝඩාව හෙළිදරව් කර ජරාජීර්න වී ගද
ගසන ධනේෂ්වර ක්‍රමය පෙරලාදමා සමාජවාදී විකල්ප
බලයක් ගොඩනගා ගැනිමට කටයුතු කිරිමට පංති සටන්
කරුවන්ගේ එකම අභිලාෂය විය යුතුය. දුෂ්කර වුවද සැබෑ
සමාජවාදීන්ට තෝරා ගැනීමට වෙනත් ගමන්මගක් නැත.
වමේ වෙස් මුහුණු බැදගෙන ධනපති ක්‍රමයේ ආරක්ෂකයින්
බවට පත්ව තිබෙන ප්‍රෝඩාකාරී ඊනියා වාමාංශිකයින්ට
එරෙහි අරගලය තීව්‍ර කිරිම අත් නොහල යුතු වගකිමකි.

About dhammika

Scroll To Top