Go Home Gota ඒ අරගලය ජයග්‍රහණයක් කරා
පසුගිය මාර්තු 31 වෙනි දින රාත්‍රියේ ඝෝඨාභයගේ මිරිහාන නිවස අසලින් ආරම්භවූ ජනතා විරෝධය මේ වන විට මාස 1 1/2ක් දක්වා දියත් වෙමින් පවතිග ආරම්භයේදී ප්‍රධාන වශයෙන් තරුණ ක්‍රියාකාරීත්වයට සීමාවී විවිධාකාර විවේචන හා සීමාවන් මධ්‍යයේ ආරම්භවූ මෙම ක්‍රියාකාරීත්වය මේ වන විට ජන අරගලයක් බවට පරිවර්තනය වෙමින් ඇත. පාර්ලිමේන්තුවේ 2/3 අසීමිත ජයග්‍රහණයක් සමගින් මහා පර්වතයක් ලෙස විදහා දක්වමින් බලයට පත්වූ පොදුජන පෙරමුණු ආණ්ඩුව මෙම ජනතා ක්‍රියාකාරීත්වය නිසා බරපතල අර්බුදයකට මුහුණ දෙමින් කැබිලි බවට පත්ව සිටින බව වසන් කළ නොහැකියග රාජපක්ෂ පාලනය කෙරෙහි ස්ත්‍රෝත ගයමින් ඒ හරහා අතිවිශාල ලාභයගරා ගනිමින් පවත්වාගෙන ගිය නියා ස්වාධීන ජඩ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති කරනය වේගයෙන් වෙනස්වීම පෙන්වන්නේ ජනතාව ඉදිරියේ ඔවුන් ඇඳිවත තමන් විසින්ම ගලවා දැමීමක් වැනිය. ජනාධිපති හා අගමැති අතර ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ගය ගැන තියුණු මතබේදය අවසන්වුයේ මැයි9 වන දින අරලියගහ මන්ධිරයෙන් ආරම්භ කළ මයිනාගේ මැරයින්ගේ ප්‍රචන්ඩත්වය අභිබවා රටපුරා මතුවු මහා ජනතා අරගලයේ බලපැම නිසා මයිනාට අගමැතිධුරය අත්හැරීමට සිදුවීම සමගින්ය.
ජන අරගලයේ බලපෑම නිසා පලමුවටයේදීම ගෝඨාභයගේ ඇමති මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවිය. මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ කුප්‍රකට දූෂිතයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල්ට ගෙදරයෑමට සිදුවියග ඇමති මණ්ඩලයේ කටයුතු කළ බොහොමයක් ඇමතිවරු නැවත ඇමතිධුර භාරගැනීම ප්‍රතික්ෂේප කලේය. අලුතින් පත්වූ ඇමති මණ්ඩලය ජනතාව දකින්නේ හුදෙක් පඔයින් පිරිසක් රට පාලනය කරන සෙයකි. මුදල් ඇමතිධුරය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර අවසානයේදී ගෝඨාභයගේ පුද්ගලික මිත්‍රයෙකු වන අලිසබි්‍රට එය පැවරු අතර ඔහු දින කීපයක් යෑමට මත්තෙන් ඉල්ලා අස්විය. ගෝඨාභයගේ පෙරැත්ත නිසා නැවත මුදල් ඇමති බවට සබි්‍ර පත්විය. එසේ නමුත් මැයි 9 වන දින පුපුරා ගිය දැවැන්ත ජනතා විරෝධය ඉදිරියේ මහින්ද මයිනා ඇතුලු ඇමති මණ්ඩලයම තොලොන්චිවී ගියේය.
මහින්ද රාජපක්ෂ සිය කැමැත්තෙන් අගමැතිධුරයෙන් ඉවත්වුයේ නැත. මැයි 9 වෙනි දින ලංකාවපුරා ඇවිලිගිය ජනතා නැගිටීම විසින් මහින්දට ඉල්ලා අස්වීමට බලකෙරින. මැයි 9 වෙනි දින ඇතිවු ජනතා පිබිදීම අප රටේ ඉතිහාසයට අලුත් අත්දැකීමක් එකතු කරන්නක් විය. එම ජනතා නැගිටිම විප්ලවවාදී නායකත්වයකින් තොරව ඇතිවු “ණවිප්ලවකාරී” නැගිටිමක් ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. මැයි 9 සිදුවු ජනතා නැගිටීම පෙන්නුම් කළේ මාස ගනනාවක් පුරා ජනතාව පීඩනයට පත් කරමින් රාජපක්ෂ පවුල් නඩය ගෙනගිය දූෂිත පාලනයට එරෙහිව ජනතාව තුළ මෝරමින් කැකෑරෙමින් පැවැති වෛරය හා ක්‍රෝධය පුපුරා එලියට ඒමය. පැය කීපයක් ඇතුලත සංවිධානාත්මක මෙහෙයවීමකින් තොරව ජනතාව වෙතින් ප්‍රකාශයට පත්වූ ධනපති ආණ්ඩු විරෝධය මුලු රටම දෙදෙරා යැවිමට සමත්විය. සැබැවින්ම එදා සිට දින ගනනාවක් තිස්සේ මෙරට ආණ්ඩු පාලනයක් නොතිබු අතර රටතුළ ද්වන්ධබල තත්වයක් (එක හා සමාන බල තන්ත්‍ර දෙකක්) නිර්මාණය විය. 1953 හර්තාලයෙන් පසුව මෙවන් තත්වයක් රටතුළ ඇතිවුයේ මෙම ජනතා නැගිටීම හරහාය.
විෂය බද්ධ තත්වයේ ඇතිවු මෙම ගුණාත්මක වර්ධනයට නායකත්වයක් දියහැකි ශක්තිමත් විප්ලවවාදී පක්ෂයක් තිබුනේ නම් මෙම ජනතා නැගිටීම විප්ලවකාරී පරිවර්තනයක් සඟා අවශ්‍ය වන ඊළඟ පියවර කරා මෙහෙයවීමට හැකියාව තිබුණි. එම ගුණාත්මක වෙනස ඇති කිරිමට අපොහොසත්වීම හේතුකොට ගෙන ඊනියා අන්තර්වාර පාලන උගුලක් ඇටවීමට ධනපති පංතියට ඉඩ විවෘත විය රනිල් වික්‍රමසිංහ වැනි පාරාජිකාවූ ධනපති නායකයෙකුට තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීම ජනතා අරගලයේ පරමාර්තය නොවුන බව ඉතා පැහැදිලිය.
69 ලක්ෂයේ ජනවරම
ගෝඨාභය තවදුරටත් බලයේ එල්ලී සිටීම සඳහා පාවිචිචි කරන එකම මන්තරය 69 ලක්ෂයේ ජනවරමක් ඔවුන්ට ලැබී තිබෙන බව නැවත නැවතත් පුනරුච්චාරනය කිරිමය. 2019 නොවැම්බර් වල ඔවුන් ලබාගත් 69 ලක්ෂයේ ජනවරම ඔවුන්ට තවමත් තිබෙන බවට පෙන්විය හැකි සාක්ෂිය කුමක්ද සැබැවින්ම ඔවුන් එදා ලබාගත් 69 ලක්ෂයෙන් කාලක්වත් අද රාජපක්ෂවරුන්ට ලබාගත නොහැකිය. සියලු ස්වාධීන ජනමත සමික්ෂණ වලින් පෙන්නුම් කර තිබෙන්නේ ජනගහනයෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ගෝඨාභය ගෙදරයා යුතුය යන අදහස නියෝජනය කරන බවයග බලයේ සිටින දේශපාලකයින් ජනමතයට ඉඩදී හිසනමා බලයෙන් ඉවත්ව ගිය බවට ලෝකය පුරා උදාහරණ ඕනෑවටත් වඩා තිබේ.
මේ සදහා ලංකා ඉතිහාසයේ තිබෙන හොඳම උදාහරණය 1953 අගෝස්තු මහා හර්තාලයයි. එක් දිනකට සීමාකරමින් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ඒකාබද්ධව දියත් කළ මහා වැඩ වර්ජනය හා හර්තාලය නිසා එවකට බලයේ සිටි ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව අර්බුදයකට ඇද දැමීය. හර්තාලයෙන් පෙන්වූ ජනතා මතයට හිස නමා ඩඩ්ලි සේනානායක වහාම අගමැතිධුරයෙන් ඉවත්විය. ඩඩ්ලි එම අවස්ථාවේදී 1952 මැතිවරණයෙන් ඔහුට ලැබුණ ජනවරම ගැන කියමින් ජනමතය යටපත් කිරීමට උත්සාහ දැරුවේ නැත. ගෝඨාභය හා මහින්ද ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමට අසමත් වන්නේ නම් නුදුරේදීම ඔවුන්ම සිහසුනෙන් පලවා හැරීමට අවධිවී සිටින ජන අරගලය සමත්වන දිනය වැඩි ඇතක් නොවනු ඇත.
රාජපක්ෂ පාලනය මේ රටට කර තිබෙන විනාශය සුළුපටු නොවේ. චිරාත් කාලයක් ජනාධිපති පුටුවේ වැජfඕමේ සිහිනයෙන් පසුවු මහින්ද රාජපක්ෂ 2010 වසරේදී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ හදිසි පනතක් වශයෙනි. පැය 24ක් තුළ එහි අනුකූලභාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් ලබාගෙන මහජන සංවාදය පවා අහුරා එම පනත ඔහු විසින් සම්මත කර ගනු ලැබීය. මහින්ද රාජපක්ෂ මේ අන්දමට තම පුද්ගලික අභිලාෂයන් ඉටුකර ගැනීම සදහා පාවිච්චි කරනු ලැබුවේද 2009 යුද්ධ ජයග්‍රහණයෙන් පසුව 2010 ජනාධිපතිවරණයෙන් ලබාගත් ඊනියා ජනවරමය. 2019දී ගෝඨාභය ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඊට පෙර සම්මතකර තිබූ 17 හා 19 ව්‍යවස්ථා සංශෝධන දෙකම අහෝසි කිරීම සඳහා කටයුතු ආරම්භ කරන ලදී 19න් ජනාධිපති ලෙස තමාගේ අතපය බැදදමා ඇති බව ගෝඨා නිතර ප්‍රකාශ කළ අතර ඊට විසදුම වශයෙන් 19 අහෝසි කර 20 ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව කියා සිටියේය ඒ අනුව පොදු ජන පෙරමුණේ සිටින විමල් වීරවංශ උයද ගම්මන්පිල වාසුදේව නානායක්කාර තිස්ස විතාරන කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන යන මන්ත්‍රිවරුන්ගේ ජන්දය සමග අති භයානක බලතල සහිත 20 වන සංශෝධනය 2020 ඔක්තෝම්බර් 29 වන දින සම්මත කර ගන්නා ලදී ග එදා සිට මේ දක්වා අධිබල සහිත විධායක ජනාධිපතිධුරය හොබවන ගෝඨාභය මේ රටට අත්කර දි තිබෙන විනාශය සුළු පටු නොවේ. ගෝඨා හා මහින්ද යන මොවුන් දෙදෙනාගේම දේශපාලන දිවිය අවසන්කර ඔවුන්ට සුසානභුමියේ තැන්පත් කළ යුතු වන්නේ ඒ නිසාය.
ලංකාව වැනි කුඩා රටකට විධායක ජනාධිපති ක්‍රමය වැනි ඒකාධිපති පාලන ව්‍යුහයකින් සිදු කර තිබෙන විනාශය නැවත ආපසු හැරවිය නොහැකි තරම් බරපතලය. අධිකරණය විසින් මිනිමරුවන් බවට තීන්දු කරන ලද මිනීමරුවන්ට ජනාධිපති සමාව දීම සාධාරණය කළ හැක්කේ අමනයින්ට පමණී. මහා පරිමාන දූෂිතයින්ට නිතිපති දෙපාරතමේන්තුව විසින් පවරා තිබෙන නඩු වලින් නිfදාස් කොට නිදහස් කිරිම කෙතරම් අශිලාචාර ක්‍රියාවක්ද? බුද්ධාගම රාජ්‍ය පාලනයට සෘජුලෙස සම්බන්දකර ගනිමින් මේ රටට මේ නඩය ඇතිකර තිබෙන විනාශකාරී තත්වය එලෙසම බරපතලය. මුස්ලිම් ජනතාවට එරෙහිව ඥණසාර වැනි බෞද්ධ භික්ෂුන් යොදා ගනිමින් අලුත්ගම දර්ගානගරයේදී ද අම්පාර හා දිගන යන ප්‍රදේශ වලද සිදුකල මහා විනාශය රාජපක්ෂවරුන් බලයට පත්වීම සඳහා ඔවුන් විසින් කරන ලද තුච්ච ජාතිවාදී හා ආගම්වාදි මැදිහත්විමක් බව මේ වන විට ඨද ්‍යදපැ ඨදඒ ගම වෙනුවෙන් ගෝල්ෆේස් පිටියට එක්ව සිටින ජනතාව තේරුම් ගනිමින් සිටීම අපලද ජයග්‍රහණයක්ය.
සමාජීය හා දේශපාලන අර්බුදය
කම්කරු පංතිය ගොවි ජනතාව හා පහල මධ්‍යම පංතිය ඇතුලු දුගී ජනතාව ඉතිහාසයේ පෙර නොතිබුනු තරම් ආර්ථික අර්බුදයකට ඇඳවැටී ඇත ග මෙකී අර්බුදය ධනපති නව ලිබරල්වාදී ආර්ථික වැඩ පිළිවෙල හේතුකොට ගෙන උද්ගතවූ බව යටපත් කළ නෙහැකිය. ගෝඨා හා මහින්ද ගෙදර යැවීම යන සටන් පාඨ වලින් ප්‍රායෝගික තලයේ ගම්‍ය වනුයේ එයයි. ගෝඨා හා මහින්ද ඇතුලු පොදුජන පෙරමුණේ ආණ්ඩුව ගෙදර යැවීම අත්‍යවශ්‍ය වුවද ඒ තුලින් පමණක් රට මුහුණ දෙන සමාජ ආර්ථික අර්බුදයට විසදුම් නොලැබෙනු ඇත. රටේ ජනතාව මුහුණදෙන විනාශයන්ට සාර්ථක පිළිතුරු සපයා ගැනීමට අවශ්‍ය නම් ක්‍රමයේ වෙනසක් ඇතිකල යුතුය. එම ක්‍රම වෙනස වෙන කිසිවක් නොව සමාජවාදී පරිවර්තනයක් විය යුතුය. මෙම කටුක හා දීර්ඝකාලීන විසදුම් කරා ජනතාව යොමු කර ගැනීම අසීරු කරුනක් වුවද එය සාර්ථක කරගැනීම අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු කාර්යයකි.
අගමැති මහින්ද ධුරයෙන් ඉවත්වීම සිදුවන බවට නිතර ඇසුනද අවසානයේ ඔහුව බලයෙන් පහකරන ලද්දේ 9 වෙනි දින පුපුරා ගිය මහා ජනතා වෛරය හේතුවෙනි. මහින්ද අගමැතිධුරයෙන් ඉවත්වීම අර්බුදයට විසදුම වශයෙන් වීදිබැස සිටින ජනතාව පිළිගන්නේ නැත. එවැන්නක් පිළිගන්නේ දේශපාලන වශයෙන් පාරාජිකාවී සිටින වීරවංශ ගම්මන්පිල වාසුදේව හා මෛත්‍රිපාල වැනි දේශපාලන අමනයින් පමණයග එබැවින් ගෝඨා ඉවත්වීම කිසිලෙසකින්වත් යටගැසිය නොහැකි අත්‍යවශ්‍ය කරුනක් බවට පත්වී හමාරයග ගෝඨා ජනාධිපතිධුරයෙන් පහකර ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍ය කරුනක් බවට පත්ව ඇත.
මෙම අර්බුදයට විසදුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සීමාවී සොයා ගැනීමට දරණ උත්සාහය නිෂ්පල දෙයකි ඉහතින් සඳහන් කළ අන්දමට ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් පැනැනගී තිබෙන ජන විරෝධතාවය ඉදිරියේ තිබෙන විකල්පය කුමක්ද යන්න වැදගත් ප්‍රශ්නයකි. ගෝඨා හා රාජපක්ෂ පවුල් නඩය දේශපාලන භුමියෙන් ඉවතට ඇද දැමීමේ ජනතා අරගලය ශක්තිමත්ව නොනවත්වාම ඉදිරියට පවත්වා ගෙනයාම අවශ්‍ය වන්නේ ඒනිසාය. මෙම අපේක්ෂාව ජයග්‍රහණයකින් අවසන් කිරිම සදහා දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනයක් මැදිකර ගත් හර්තාල් ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කළ යුතුය. එපමණක් නොව ගෝටාභය ඇතුලු රාජපක්ෂ නඩය බලයෙන් පහකිරීම සදහා 1986දී පිලිපීන ජනතාව ෆර්ඩිනැන්ඩ් මාකෝස් නැමැති ඒකාධිපතියා පලවාහැරීම සදහා ඔහුගේ මාලිගය වටකර ඉන් වර්ධනයවූ ලක්ෂ සංඛ්‍යාත ජනතා නැගිටීම ආදර්ශයට ගැනීම ලංකාවේ ඊළඟ පියවර වියයුතුය. ලක්ෂ ගනන් ජනතාව මුළු කොළඔ නගරයම අල්ලාගෙන ගෝඨා ගෙදර යනතුරු ජන අරගලය ව්‍යාප්ත කිරිමට සියලු ජනතාව සූදානම් විය යුතුය.
ගෙවී ගිය වසර 50ක පමණ කාලය තුල රට පාලනය කළ සියලු සිංහල ධනපති නායකයින්ගේ කැරුට්ටුව වන්නේ නැගීඑන ජනතා අරගලයන් ලෙයින් නහවා මර්ධනය කිරිමයග 1970 වසරේ සිට බලයේ සිටී සිංහල ධනපති නායකයින් සිදුකළේ ජනතා බලවේග වලට එරෙහිව මර්ධනකාරී හස්තය ඉදිරියට දැමිමය. ගෝඨාභය විසින් පසුගිය මැයි මස 6 වන දින පැවැති සාර්ථක හර්තාලය අවසන්වීම සමග හදිසිනීතිය ප්‍රකාශයට පත්කලේ මර්ධනයෙන් ජනතා නැගිටීම විනාශකර දැමීමේ චේතනාවෙනි. ගෝඨාභය හමුදා මැදිහත්වීමකින් ජන අරගලය යටකර දැමීම සදහා පියවර ගන්නේ නම් එය අවසාන විය හැක්කේ රට ලේ විලක් බවට පත්කිරීමෙන් පමණි. ජනතා විරෝධය නොතකා බලයේ සිටීමට කැසකවන ගෝඨාභයගේ අන්තිම තුරුම්පුව හමුදා පාලනයක් ඇටවීමට උත්සාහ කිරීමය. එවැනි පියවරකට ඔහු ගමන් ගන්නේ නම් එය ගෝඨාගේ අවසානයද විය හැකි බව අවධාරනය කළ යුතුය.
අඛන්ඩව ඉදිරියට ඇදී යන ජනතා අරගලය පෙන්නුම් කරන්නේ වසර 74ක් පුරා ඇදී ආ බෙලහීන හා දුර්වල ලාංකීය ධනපති පාලනය තීරණාත්මක මංසන්ධියකට ලගාවී ඇති බවය. මෙම අර්බුදය විසදා ගැනීම සදහා වීදිබැස සිටින ජනතාව තවත් පියවර කීපයක් ඉදිරියට ගමන් කල යුතුව තිබේ. මෙම ජන අරගලය හුදු විරෝධතා ව්‍යාපාරයක සිට ලංකාව මුහුනදෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට විසදුම් ලබාදීමේ තත්වයක් කරා වර්ධනය විම අත්‍යවශ්‍ය කරුණක් වන්නේය. ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් අපේක්ෂා කරන බලවේග වල ප්‍රමුඛ කාර්්‍යවිය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගොඩනැගීම සදහා වහාම කටයුතු කිරීමය. ත්‍ගා්ඨාභය ජනාධිපතිධුරයේ තබාගනිමින් රනිල් වික්‍රමසිංහ අගමැති කරන අන්තර්වාර ආණ්ඩවක් ගොඩනැගීම යන්න වීදිබැස සිටින ජනතාව නොමග යැවිම සඳහා බටහිර අධිරාජ්‍යවාදීන් සමග ධනපති පංතියේ විවිධ කල්ලි හා කණ්ඩායම් විසින් ගෙන එනු ලබන මර අගුලකි. අන්තර්වාර ආණ්ඩුවකින් රට මුහුණ දෙන අරුබුදයට කිසිදු විසදුමක් ඉදිරිපත් කිරිමට අපොහොසත් වන බව නියතයග එබැවින් දූෂිත රාජපක්ෂ හොර නඩය බලයෙන් පහකර දමා මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගතයුත්තේ ගෝඨාභය ඉවත්කර බිහිකර ගන්නා නව ජනරජ ව්‍යවස්ථාවක් යටතේ විය යුතුය. එතැනින් ආරම්භ කෙරෙනජනතා අරගලය සැබෑ ජයග්‍රහණයක් කරා ඉදිරියට වර්ධනය කර ගැනීම විප්ලවවාදීන්ගේ ඊළඟ කාර්්‍යභාරය වනු ඇත. එය කම්කරුවන්ගේ හා ගොවින්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලබනසමාජවාදී ආණ්ඩුවක් බිහි කිරීම දක්වා ගමන් කිරිම අත්‍යවශ්‍ය වනු ඇත.