Home / Articles / ගෝලීය අර්-බුදය සහ සමාජවාදය සඳහා අරගලය

ගෝලීය අර්-බුදය සහ සමාජවාදය සඳහා අරගලය

කම්කරු ජාත්‍යන්තරයක් සදහා කමිටුවේ (CWI) වාර්-ෂික විධායක සභා රැස්වීම
පසුගිය ජනවාරි 15 සිට 20 දින දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වින.

ලෝක පරිමානව පෙර නොවූ විරූ නව අවධියකට ධනවාදයට හා අධිරාජ්‍යවාදයට මුහුණ දීමට සිදුව ඇත. එය සෑම මහද්වීපයකම ජනතාව පරම්පරා ගණනාවක් තිස්සේ අත්නොදුටු දුක් වේදනා හා දුක්ඛිත තත්වයන් ඇති කරයි. වත්මන් ලෝක තත්වය ප්‍රධාන යුද්ධ දෙකකින් සමන්විතය. එය පළමුව යුක්රේනයේ සහ පසුව ගාසා තීරයේ යුද්ධ ගැටුම් වලින් ඇවිලී ඇත. මෙම ගැටුම් පාලක පන්තීන් අතර බෙදීමට තුඩු දෙන ජාත්‍යන්තර ස්වභාවයක් ගෙන ඇති අතර භූ දේශපාලනික ආතතීන් ඉහළ නංවා ඇත.

ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීන ජන ඝාතනය කිරීම යන්නෙන් අදහස් වන්නේ මැද පෙරදිග පැවති පැරණි සබඳතා අර්බුදයට පත්වනු ඇති බවයි. මෙම යුද්ධය පලස්තීන ජනතාවට එරෙහිව පෙර පැවති යුද්ධ හා ප්‍රහාරවල පුනරාවර්තනයක් නොවේ. මෙම අදියරේදී සිදු වන ලේ වැකි සංහාරයෙන් පසුව මතුවන්නේ කුමක්ද යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකිය. පවතින ධනවාදයේ ස්වභාවය විසින් යුද්ධයේ සැබෑ මුහුණුවර තියුණුම ආකාරයෙන් හෙළිදරව් කර ඇත. ධනවාදය ලෝක පද්ධතියක් ලෙස පවතින පසුබිමක මෙම ගැටුම් වලට අවසන් විසඳුමක් නොලැබෙන බව අප හොඳින් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඊශ්‍රායලයට එරෙහිව බි්‍රතාන්‍යය හා යුරෝපයේ අනෙකුත් රටවල දැවැන්ත විරෝධතා සමඟ අරාබි සහ මුස්ලිම් ලෝකයේ මිලියන ගනනකගේ මහජන විරෝධතා ව්‍යාප්ත වී ඇත. මෙය තුලින් නව පරපුරේ තරුණ පරම්පරාවේ වැදගත් ස්ථරයක් දේශපාලනීකරණය වීමට පටන් ගෙන තිබේ. වියට්නාමයේ සහ ඉරාක යුද්ධ මගින් පෙර පරම්පරාවල සිතුම් පැතුම් වෙනස් කළ අන්දමට මෙම යුද්ධය තරුණ පරම්පරාවේ දැක්ම දේශපාලනික වශයෙන් හැඩගස්වනු ඇත. මෙයට ප්‍රධාන හේතුව වන්නේ යුද්ධය සම්බන්ධයෙන් බටහිර ධනේශ්වර දේශපාලකයන්ගෙන් ඊශ්‍රායලයට ලැබුණු පිටුබලයයි.

බලයේ එල්ලී සිටීමේ සඳහා වන මංමුලා සහගත උත්සාහයක් වෙනුවෙන් අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට් බලවේග සමග සභාග ආන්ඩුවක් පිහිටුවීමට නෙතන්යාහු තල්ලු විය. ඔහුගේ ආන්ඩුව ධනේශ්වර පන්තියට දේශපාලන බලය අහිමි වීමේ තවත් උදාහරණයක් විය. එක්සත් ජනපදයේ ට්‍රම්ප්, බ්‍රසීලයේ බොල්සොනාරෝ සහ වෙනත් රටවල පාලකයින්ට මෙම තත්වයට මුහුණ දීමට සිදු විය. වත්මන් ගාසා යුද්ධය පුපුරා යාමට පෙර නෙතන්යාහුගේ ආන්ඩුව පෙරලා දැමීමේ අපේක්ෂාවෙන්, බොහෝදේ සිදු විය. ඔක්තෝම්බර් 7 වන දින හමාස් සංවිධානය විසින් සිදු කරන ලද බිහිසුණු ප්‍රහාරය, ඊශ්‍රායල රාජ්‍යයට කලින් අනතුරු ඇඟවූ අතර, පලස්තීන ජනතාවට එරෙහි මෙම ලේවැකි ප්‍රහාරය දියත් කිරීමට නිදහසට කරුණක් ඊශ්‍රායල පාලනයට ලබා දුන්නේය. ඒ අතර ඔක්තෝබර් 7 ප්‍රහාරය ඊශ්‍රායල සමාජය එහි පැවති ආරක්‍ෂාවාදී අත්තිවාරම් පවා දෙදරා හරිනු ලැබීය.

ඒ අතරම නෙතන්යාහු සහ ඔහුගේ පාලන තන්ත්‍රය පලස්තීන ජාතිය දියකර හැරීමේ වර්තමාන ජන සංහාරක උත්සාහයට පසුබිම සකස් කරමින් සිටී. පසුගිය සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඔහු ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීන ජනතාව මකා දැමූ මැද පෙරදිග ප්‍රතිනිර්මාණය කරන ලද සිතියමක් ඉහළට ඔසවා තැබීමෙන් ප්‍රදර්ශණය කලේ එයයි.

මෙම යුද්ධයේදී භාවිතා කරන ලද ප්‍රහාරයන් සහ බිහිසුණු ක්‍රම විසින් ඉලක්ක කර ඇත්තේ ගාසා තීරය ජනාවාසයට නුසුදුසු කලාපයක් බවට පත් කිරීමය. කෙසේ වෙතත්, මෙම අරමුණු ඔවුන්ට සාක්ෂාත් කරගත හැකි බව නිශ්චිතව කිව නොහැකිය. එසේම හමාස් සංවිධානය යුදමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් විනාශ කිරීමේ ප්‍රකාශිත ඊශ්‍රායල අරමුණ ඉටුකර ගැනීමටද ඉඩ නොමැතිය. ඊශ්‍රාලය විසින් සිදුකරන කුරිරුකම නිසා හමාස් සංවිධානයට පලස්තීන සහ අරාබි තරුණ පරම්පරාවේ අනුකම්පාව සහ සහයෝගය දැනටමත් හිමි වී ඇත. මෙය මැලේසියාව, පකිස්ථානය සහ ඉන්දුනීසියාව වැනි අනෙකුත් රටවලින් ද දැකිය හැකිය. මුස්ලිම් ජනතාව අතර හමාස් සංවිධානයට සහයෝගය සහ අනුකම්පාව වර්ධනය වී ඇත. මැලේසියානු රජය ඊශ්‍රායලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන අතර එරට නිල හමාස් නියෝජිතයෙක් සිටීම පෙන්වන්නේ එම තත්වයයි.

ප්‍රධාන කලාපීය යුද්ධයක් දක්වා පැතිර යමින් තිබෙන ගාසා යුද්ධයට එරෙහි මහජන කෝපය සහ භීතිය බටහිර අධිරාජ්‍යවාදී නායකයින්ට කිඹුල් කඳුළු හෙළීමටත් සිවිල් ජීවිත හානි වළක්වා ගැනීමටත් බලකර ඇත. අද වන විට ඊශ්‍රායලය එවැනි රටවල ආයාචනා ප්‍රතික්ෂේප කර ඇත. සමහර බටහිර බලවතුන් සටන් විරාමයක් ඉල්ලා සිටීමට පවා බල කෙරී ඇත. ඊශ්‍රායලය මැද පෙරදිග කලාපය තුළ බටහිර අධිරාජ්‍යවාදයේ තීරණාත්මක සහකරුවෙක් බව නොකිවමනාය. දිග ශැරෙමින් පවතින භූ දේශපාලන සබඳතා, ආර්ථිකය සහ දේශපාලන ධ්‍රැවීකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙන කලාපීය යුද්ධයක් දක්වා මෙම ගැටුම පුලුල් වනු ඇතැයි ඔවුහු බියට පත්ව සිටිති.

ඊශ්‍රායලය විසින් තම දේශසීමාවල සිටින හිස්බුල්ලා සංවිධානයේ කටයුතු ඉවසිය නොහැකි බවට තර්ජනය කරමින් ගින්නට ඉන්ධන එකතු කරමින් සිටී. මේ වන විටත් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර මිලිටරි ගැටුම් උත්සන්න වීමක් සිදුවෙමින් පවතී. රතු මුහුදේ මෑත කාලීන ගැටුම් සහ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය විසින් යේමනයේ හවුති කඳවුරුවලට පහර දෙන බවට කරන තර්ජන පෙන්නුම් කරන්නේ මෙම අදියරේදී එවැනි කලාපීය යුද්ධයක තර්ජනය වැඩි වෙමින් පවතින බවයි. ඊශ්‍රායල සමාජයේ පවතින බෙදීම්වලින් පෙන්වන්නේ නෙතන්යාහු විසින් යුද්ධය දිගටම කරගෙන නොයා යුතු නම් ඔහු පෙරලා දමා ඉවත් කිරීමේ අභියෝගයකට මුහුණ දෙන බවයි. එය තවදුරටත් වර්ධනය වුවහොත් යුද්ධය අවසන් වීමට පෙර පවාඔහු ඉවත් කළ හැකිය. කෙසේ වෙතත්, යුද්ධය ආකාරගතව අවසන් වුවද, ධනවාදය යටතේ විසඳිය නොහැකි බැවින් මෙම ගැටුම දිගටම පවතිනු ඇත. ඇමරිකාවේ බයිඩන් සහ අනෙකුත් අධිරාජ්‍යවාදී සහ අරාබි නායකයින් ධනේශ්වර රාජ්‍ය දෙකක් පිලිබඳ අදහස යලි මතු කිරීමට දරන උත්සාහයෙන් තත්වය විසඳන්නේ නැති බව අප තේරුම් ගත යුතුය.

ලොවපුරා ධනේශ්වර පාලන තන්ත්‍රවල ප්‍රතිචාරයේ කුරිරු ලක්ෂණය වන්නේ පලස්තීන සහයෝගිතා විරෝධතාවලට එරෙහිව එල්ල කරන ලද මර්දනයේ ස්වභාවයයි. ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව සහ වෙනත් රටවල මෙම ක්‍රියාකලාපය ඉතා තියුණු වී ඇත. මෙය පිලිබිඹු කරන්නේ යුද්ධය සම්බන්ධයෙන් පමනක් නොව පොදුවේ ගෝලීය වශයෙන් ධනපති පාලක පන්තීන් විසින් වඩාත් අත්තනෝමතික මර්ධනීය ක්‍රියාමාර්ග වෙත තිබෙන නැඹුරුවයි.

(CWI) ජාත්‍යන්තරය නියෝජනය කරන රටවල් 21ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමුලුවාරයේදී ජාත්‍යන්තරයේ ලේකම් වන ටෝනි සනුවා සහෝදරයා රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධයත්, ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව දියත් කර තිබෙන විනාශකාරී කුරිරු යුධ තත්වයන් තුන් වන ලෝක යුද්ධයකට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙමින් පවතින බව පැහැදිලි කරමින් ගෝලීය අර්බුදය හා සමාජවාදය සඳහා අරගලය යන මැයෙන් ඉදිරිපත් කරන ලද දේශපාලන වාර්තාවේ සංක්‍ෂිප්ත වාර්තාවක් මෙහි පළකෙරේ. මෙම සමුලුවාරය සඳහා එක්සත් සමාජවාදී පක්‍ෂයේ ලේකම් සිරිතුංග ජයසූරිය සහෝදරයා සහභාගී විය.

2022 දී යුද්ධය ආරම්භ වූ දා සිට යුධ අරමුනු සාක්ෂාත් කර ගැනීමට පුටින් අපොහොසත් වී ඇත. රුසියානු රාජ්‍යයේ සහ මාෆියා ධනවාදයේ අතිශය බොනපාට්වාදී ස්වභාවය අනුව මෙය ප්‍රමාද වූ ක්‍රියාවලියක් විය හැකි නමුත් මෙම ගැටුම යම් අවස්ථාවක දී ඔහුගේ බිඳ වැටීමට පසුබිම සකස් කළ හැකිය. අනෙක් අතට බටහිර අධිරාජ්‍යවාදය විසින් ක්‍රියාත්මක කරන ලද සම්බාධක, ආදි සියල්ල ඔවුන් බලාපොරොත්තු වූ අර්බුදය අවුලුවාලීමට අසමත් වී ඇත. බොහෝ බටහිර ධනේශ්වර සමාගම් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා සම්බාධක කඩ කරන අතර රුසියානු තෙල් ඉන්දියාව වැනි ප්‍රධාන රටවලට සහ වෙනත් රටවලට ගලා යන්නේ ඒ අනුවයි.

මේ සියලු වර්ධනයන් පෙන්නුම් කරන්නේ ගෝලීය ධනවාදය මෙම කාලපරිච්ඡේදයේ පිළිබිඹු කරන ජාතික ගැටුම් සහ ගෝලීය යුද්ධ ස්වභාවයේ විශාල වර්ධනයයි. එය ලෝක ආධිපත්‍යය දරන එක් සුපිරි බලවතෙකුගේ අවසානය නිරූපණය කිරීමකි. යුද්ධ සහ මිලිටරි ගැටුම් පෙන්නුම් කරන්නේ පවතින දැඩි භූ දේශපාලන එදිරිවාදිකම් සහ ඔවුන්ගේ අවශ්‍යතාවල ගැටීම් ය. චීනය තම පැවැත්ම සඳහා තායිවානයේ බලය වැඩි වැඩියෙන් තහවුරු කිරීමට පියවර ගනිමින් සිටී. චීන ජනාධිපති ෂී ජී පින් තායිවානය නිශ්චිත අවධියකදී නැවත චීනයට එකතු කිරීම අරමුණු කර කටයුතු කරනු ඇත. මෙය එක්සත් ජනපද හා බටහිර අධිරාජ්‍යවාදය සමග විශාල ගැටුමක් අවුලුවාලනු ඇත. ජර්මනියේ මිලිටරි වියදම් වැඩි කිරීම සහ එරට “යුද්ධයට” සූදානම් වන ලෙස ජර්මානු ආරක්ෂක ඇමති විසින් කරන ලද ආයාචනය, මේ තත්වයේ තියුණු බව පෙන්නුම් කරන්නකි.
නව පරම්පරාවේ බොහෝ දෙනෙක් තුන්වන ලෝක යුද්ධයක් මතුවීමේ අනතුර ගැන බිය වන්නේ මෙම පසුබිම තුලය. සිදුවෙමින් පවතින යුද්ධ සහ අනාගතයේ පුපුරා යාමට නියමිත අනෙකුත් යුද්ධ ගෝලීය අර්බුදයේ ස්වභාවය පෙන්නුම් කරයි. මෙය කම්කරු පන්තිය හා නිෂ්පාදන බලවේග විනාශ කිරීම මගින් ධනවාදයම විනාශ කිරීමට තර්ජනය කරනු ඇත. අන්ත දක්ෂිණාංශික ජනතාවාදී ස්වරූපයේ බොනපාට්වාදී නායකයින් විසින් පාලනයෙන් තොරව රටවල් අතර ගැටුමකදී න්‍යෂ්ටික අවි හෝ වෙනත් බිහිසුණු මහා විනාශකාරී ආයුධවල සීමිත උපක්‍රමික භාවිතයක් සිදුවිය හැකිය. එවැනි වර්ධනයක් ඇති වුවවහොත් ලෝකය පුරා අස්ථාවරත්වය සහ කැළඹීම් ඇති කරමින් දැවැන්ත ජනතාවගේ විරෝධතා ඉස්මතු කරනු ඇත.

ඇමරිකානු එක්සත් ජනපද ධනේශ්වරය කියා සිටින්නේ එරට ආර්ථිකය තුන්වන කාර්තුවේ වාර්ෂිකව 4.9% කින් වර්ධනය වූ බවයි. මෙය සත්‍යක් වුවද එය ඇති වූයේ ස්ථාවර පදනමක් මත නොවේ. වර්ධනයේ ස්වභාවය පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදයේ ජනතාවගේ ජීවන තත්වයන්හි සැබෑ නැගීමක් හෝ කම්කරු පන්තියේ ජයග්‍රහණ නොමැති බවයි. චීනය ප්‍රධාන ණය සහ දේපල අර්බුදයකට සහ හැකිලීමකට මුහුන දී සිටින අතර, ජර්මනිය සමහර විට මෙම වසරේදී ආර්ථික අවපාතයක පවතින අතර ජපානය වසර දෙකක් ඇතුලත පළමු කාර්තුවේ ආර්ථිකය හැකිලෙමින් පවතී. යුරෝපා සංගමයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය, පසුගිය වසර තුළ බංකොලොත් වීම් සියයට 30% කින් ඉහළ ගොස් තිබේ. යුරෝපා සංගමය පුරා ආයතනික බංකොලොත් භාවය 13% කින් ඉහළ ගියේය. ඉහළ පොලී අනුපාතවල ප්‍රතිවිපාක තවමත් සම්පූර්ණයෙන් ආරම්භ වී නැත. මෙම පසුබිම තුල 2024 දී දරුණු ගෝලීය අවපාතයක් ඇති වීමට ප්‍රබල හැකියාවක් ඇති බව පෙනෙන්නට ඇත. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ නව යටත් විජිත ලෝකය අඛන්ඩ ව්‍යසනකාරී තත්වයකට මුහුන දෙයි. ශ්‍රී ලංකාව සහ අනෙකුත් යටත් විජිත රටවල් ඔවුන්ගේ ඉතිහාසයේ මුහුණ දෙන නරකම තත්ත්වයට මුහුණ දී සිටිති. ආර්ජන්ටිනාවේ පවතින භයානක තත්ත්වය මෙයට නිදසුනකි. මෙය ලතින් ඇමරිකාවේ අතීතයේ පැවැති වඩාත්ම සංවර්ධිත ආර්ථිකයන්ගෙන් එකකි. දැන් ජනගහනයෙන් 40% කට වඩා නිල වශයෙන් දරිද්‍රරතා රේඛාවට පහළින් ජීවත් වේ. 200% ඉක්මවන අධි උද්ධමනය එරට ආර්ථිකය විනාශ කර ඇත.

පන්ති අරගලය සහ සමාජවාදය සඳහා අපේක්ෂාවන් සඳහා අප සූදානම් විය යුත්තේ මෙම පසුබිම තුලය. දැවැන්ත සමාජ හා දේශපාලන නැගිටීම් සහ අර්බුද ලෝකය පුරා දැනටමත් දිග හැරෙමින් තිබේ. ධනවාදය පාලනය කරන ගෝලීය වශයෙන් සමහර රටවල බිඳවැටීම් පවා ඇති විය හැකිය. මෙය සෑම රටකම රාජ්‍ය ආයතනවලට මෙන්ම සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට පවා අදාළ වේ. රටින් රටට ස්වභාවය වෙනස් විය හැකි නමුත් ගෝලීය අර්බුදයේ නැඹුරුව පැහැදිලිය. දැවැන්ත සමාජ පිපිරීම් පිලිබඳ භීතිය තුලින් මෙම තත්වයට මුහුන දෙන ධනපති පාලක පන්තීන් සෑම රටකම වඩා අධිකාරීවාදී බොනපාට්වාදී පියවරයන් හරහා මර්ධනකාරි පාලනයක් වෙත යොමු වෙමින් සිටිති.

මෙම අර්බුදය හමුවේ නව යටත් විජිත ලෝකයේ සමහර ප්‍රදේශවල පවතින සීමිත ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පවා තවදුරටත් පවත්වා ගෙන යා නොහැකිය. අප්‍රිකාවේ සිදුවු මෑත කාලීන හමුදා කුමන්ත්‍රණවලින් මෙය පැහැදිලි වේ. එල් සැල්වදෝරයේ “බුකෙල්” පාලන තන්ත්‍රය විසින් මත්ද්‍රව්‍ය කල්ලිවලට එරෙහි කුරිරු මර්දනයේ ප්‍රතිඵලයක් ලෙස 60,000 කට අධික පිරිසක් සිරගත කර ඇත. මෙය ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ සිදුවෙමින් පවතින සහ සමහර බටහිර අධිරාජ්‍යවාදී රටවල පවා වර්ධනය වීමට පටන් ගෙන ඇති සමාජ බිඳවැටීමේ ලක්ෂණ පිළිබිඹු කරයි. බටහිර කාර්මික රටවල් කිහිපයක ද මෙම ප්‍රවණතා මතුවීමට පටන් ගෙන තිබේ.

සාම්ප්‍රදායික පක්ෂවලට ජනතා සහය වැටීම හෝ කඩා වැටීම නිසා දැවැන්ත දේශපාලන රික්තයක් ගෝලීය වශයෙන් විවෘත වෙමින් පවතී. ගාසා තීරයේ යුද්ධයෙන්, පෙර නොවූ විරූ ලෙස දේශපාලන නායකයින්ගේ තිත්තකම, අයුක්තිය, ධ්‍රැවීකරණය සහ පාලක ප්‍රභූන්ට එරෙහි විරෝධය පිළිබඳ හැඟීමක් දැන් බොහෝ රටවල දක්නට ලැබේ. අතීතයට සාපේක්ෂව වර්තමාන ධනේශ්වර දේශපාලඥයින් බොහෝ දෙනෙකුගේ අකාර්යක්ෂමතාවය මෙම ප්‍රවනතාවයන් ඉදිරි දැක්ම ශක්තිමත් කරයි. මෙය මෙම යුගයේ ධනවාදයේ ස්වභාවය පිළිබිඹු කිරීමක් වන්නේය.

කම්කරු පන්තියේ ශක්තිමත් විප්ලවවාදී සමාජවාදී දේශපාලන විකල්පයක් නොමැතිකම සහ දේශපාලන විඥානයේ අත්දැකීම් නොමැතිකම නිසා ජනතා නැගිටීම ඇනහිටීමට හේතු වූ බව මෑතකාලීන නැගිටීම් නැවතත් පෙන්නුම් කර ඇත. මෙහි ප්‍රතිඵලය වූයේ ධනපති පාලක පන්තීන්හට තම පාලනය යළි තහවුරු කර ගැනීමට හැකි වීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමහර රටවල ව්‍යාකූලත්වය සහ විකල්පයක් නොමැතිකම නිසා දේශපාලන විඥානය තාවකාලිකව පසුබෑමකට ලක්ව ඇත. මහජනතාවගේ දේශපාලන විඥානය වර්ධනය වන්නේ එක් සරල රේඛාවක් ඔස්සේ නොවේ. එය උස් හා පහත් වීම් හරහා ගමන් කරයි.

දේශපාලන විඥානය සරල රේඛාවකින් වර්ධනය නොවේ. එය ස්ථාවර වේගයකින් වර්ධනය වන්නේද නැත. දේශපාලන අවබෝධයේ සහ දැනුවත්භාවයේ ස්වභාවය විප්ලවවාදී පක්ෂවල පැවැත්මකින් තොරව වුවද, ධනේශ්වර අර්බුදය විසින් මතුකරනු ලබන ජනතා අරගල අතරතුර සිදු විය හැක. එහෙත් කම්කරුවන්ට නායකත්වය දීමට විප්ලවවාදී පක්ෂවල පැවැත්ම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ යුතු අතර අරගලයේ යෙදී සිටින්නන් ධනවාදය පෙරලා දැමීමට අවශ්‍ය සියලු නිගමනවලට ගමන් කිරීමට යොමු කළ යුතුය.

වර්ධනය වී ඇති දේශපාලන රික්තකය දක්ෂිනාංශික ජනතාවාදීන්ට සහ අන්ත දක්ෂිනාංශයට යුරෝපයේ සහ ගෝලීය වශයෙන් සැලකිය යුතු ජයග්‍රහණ ලබා ගැනීමට ඉඩ දී ඇත. එක් අර්ථයකින් ගත් කල, බහුජන පදනමක් සහිත සමාජවාදී විකල්පයක් නොමැතිකමේ ප්‍රතිඵලය වී ඇත්තේ දකුණට සහ ප්‍රතිගාමිත්වයට දේශපාලනික වශයෙන් අවකාශය විවෘත වීමය. එක්සත් ජනපදයේ බයිඩෙන්ට ලැබෙන සහයෝගය පහත වැටීමෙන් අදහස් වන්නේ ට්‍රම්ප් 2024 මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ බරපතල හැකියාවක් පවතින බවයි. මෝඩි ඉන්දියාවේ තවත් වාරයක් ජයග්‍රහණය කිරීමට සූදානමින් සිටී. නෙදර්ලන්තයේ, ඉතාලියේ දක්ෂිනාංශික මැතිවරණ ජයග්‍රහණ සහ ජර්මනියේ වර්ධනය ද මෙය නිදර්ශනය කරයි. ආර්ජන්ටිනාවේ “මිලෙයි” තේරී පත්වීම සහ චිලියේ “කස්ට්ගේ” තර්ජනය මෙම ක්‍රියාවලිය අවධාරණය කරයි. කෙසේ වෙතත්, මෙම තත්වය සෑම රටකම සමාන නොවේ.

බොහෝ රටවල තවදුරටත් සමාජ පිපිරීම් හෝ නැගිටීම් ඇතිවීමේ අපේක්ෂාව ද පවතී. ශ්‍රී ලංකාව, චිලී වැනි මහජන නැගිටීම් ඇති වූ රටවල ඒවාට පදනම් වූ හේතු කිසිවක් විසඳී නැත. අපි සූදානම් විය යුතු තවත් චලනයන් ඇතිවීම නොවැළැක්විය හැකිය. නයිජීරියාව වැනි රටවල සිදුවෙමින් පවතින සමාජ හා ආර්ථික බිඳවැටීමේ ලක්ෂණ අනුව මෙම සමාජ පිපිරීම්වලින් සමහරක් ගමන් ගන්නා ස්වභාවය අවිනිශ්චිතය. සමාජ බිඳවැටීම පන්ති අරගලයේ පිපිරීමකට තුඩු දිය හැකි අතර, කම්කරු නායකයින් වාර්ගික, ආගමික ගැටුම් සහ සීමා කිරීමට හෝ කඩා වැටීමට උත්සාහ කරනු ඇත.

ට්‍රම්ප් මැතිවරනයෙන් ජයග්‍රහණය කළහොත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ගෝලීය ධනවාදය ඊටත් වඩා අස්ථාවර, පුපුරන සුලු තත්වයකට මුහුන දෙනු ඇත. මෙය සිදුවීම වැලැක්වීම සඳහා එක්සත් ජනපද පාලක පන්තිය සෑම දෙයක්ම කරනු ඇත. එහෙත් බයිඩෙන් ඉටු කරන විනාශකාරී භූමිකාව අනුව ඔවුන්ට එසේ කිරීමට නොහැකි වනු ඇත. දෙවනවර ට්‍රම්ප්ගේ ජනාධිපතිකම ඊටත් වඩා විශාල සමාජ හා පන්ති ධ්‍රැවීකරණයක් සහ ඊටත් වඩා පුපුරන සුලු තත්වයක් අවුලුවාලනු ඇත. එක්සත් ජනපදයේ මෙම වර්ධනයන් භූ දේශපාලනික සබඳතා සහ ගැටුම් යන දෙඅංශයෙන්ම ලෝක තත්වය සඳහා තීරණාත්මක වන්නේය.

චීනයේ දිග හැරෙන ආර්ථික අර්බුදය ගෝලීය ආර්ථිකයට බලපානවා පමණක් නොව චීනය තුළම ප්‍රතිවිපාක ඇති කරනු නිසැකය. එහි දී ද සමාජ පෙරළි ඇති වීමට තිබෙන හැකියාව ගැන සූදානම් වීම වැදගත් ය. මෙමගින් ඇති කරන දේශපාලන ප්‍රකාශනය සහ විඥානය නිශ්චිත නොවන අතර ජාත්‍යන්තර වශයෙන් තීරණාත්මක බලපෑමක් ඇති කරන එවැනි වර්ධනයන් කෙරෙහි මාක්ස්වාදීන් අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.

දිග හැරෙන පාරිසරික අර්බුදය මගින් මෙම සියලු වර්ධනයන් තවත් උග්‍ර වනු ඇත. ධනේශ්වරය පුරසාරම් දොඩන මෑත කාලීන සමුලු මගින් දිග හැරෙමින් පවතින විනාශකාරී තත්වයට මුහුණ දීමේ ඉදිරි පියවරක් වන්නේ නැත. ධනේශ්වර පදනමක් මත, ගෝලීය ආර්ථික සැලැස්මක් නොමැතිව වෙළඳපල ක්‍රමය විසින් නිර්මාණය කර ඇති මෙම අර්බුදය විසඳිය නොහැක. පාරිසරික අර්බුදය කෙතරම් බරපතලද යත්, එය ඉදිරි යුගයේ ආර්ථික, දේශපාලනික සහ භූ දේශපාලනික වර්ධනයන්හි සෑම අංශයකටම බලපානු ඇත.

කම්කරු පන්තියේ බලගතු දේශපාලන පක්ෂ නොමැති වීම මත මාක්ස්වාදීන් ඓතිහාසිකව එහි විශාලතම පරීක්ෂණයට මුහුණ දෙයි. යුද්ධය සමාජවාදීන්ට විශාල පරීක්ෂණයකි. පොදුවේ “වම”, යුක්රේනයේ සහ ගාසා තීරයේ දිගහැරෙන භීෂණයට අනුරූප වන දේශපාලන වැඩපිලිවෙලක් මතු කිරීමටත්, සැමගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතා සහ අයිතීන් ආරක්ෂා කරන ප්‍රතිපත්තිගරුක ස්වාධීන පන්ති ආස්ථානයක් වෙනුවෙන් පෙනී සිටීමටත් දේශපාලනිකව අසමත් වී ඇත. CWI ජාත්‍යන්තරය තුල පවතින පැහැදිලි විශ්ලේෂණයන්ගෙන් සහ මූලධර්මාත්මක ස්වාධීන පන්ති ආස්ථානයකින් සහ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙල ගොඩ නැගීමෙන් මෙම වර්ධනයන්ට මුහුණ දීමට අධිශ්ඨානය කර ගත යුතුය.

එහෙත් මතුවෙමින් පවතින අර්බුදයේ ගැඹුර සහ තියුණු පන්ති හා සමාජ ගැටුම් එවැනි පක්ෂ පිහිටුවීම සිදුවන තෙක් ජන අරගලය බලා නොසිටිනු ඇත. බහුජන පක්ෂ සඳහා වන කැඳවීම අපගේ ප්‍රචාරණයේ සහ ඉල්ලීම්වල තීරණාත්මක කොටසකි. ඒ අතරම විප්ලවවාදී සමාජවාදී පක්ෂ සහ සීඩබ්ලිව්අයි හි කොටස් ගොඩ නැගීම එවැනි වර්ධනයන් මත පමණක් රඳා නොපවතී. මෙම පරිසරය තුළ විප්ලවවාදී සමාජවාදී පක්ෂ ගොඩනැගීම වඩ වඩාත් හදිසි අවශ්‍යතායක් ලෙස පවතී.
කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ සැලකිය යුතු ස්ථරයන් පුලුල් පක්ෂවල අත්දැකීම් හරහා නොගොස් අපගේ වැඩපිලිවෙලට වෙත සෘජුවම දිනා ගැනීමට අවකාශය ඇත. ඉතිහාසය විසින් පෙන්නුම් කර ඇති පරිදි, ශ්‍රී ලංකාවේ පැරණි සමසමාජ පක්ෂය වැනි ට්‍රොට්ස්කිවාදී පක්ෂයකට, කම්කරු පන්තියේ විශාලතම පක්ෂයක් ලෙස හෝ, බොලිවියාවේ හා වියට්නාමයේ යම් ප්‍රමාණයකට එලෙස මතුවීමට හැකිව තිබුණි. ආර්ජන්ටිනාවේ, කම්කරු පන්තියේ ප්‍රධාන කොටස් අතර විශාල බලපෑමක් සහ පදනමක් ලබා ගැනීමට මෙන්ම විවෘත පක්ෂයක් ලෙස නොවුණත් ප්‍රවණතාවයක් ලෙස අපි බි්‍රතාන්‍යයේදී එය කිරීමට සමත් වුණා. කෙසේ වෙතත්, ඕනෑම රටක කම්කරුවන්ගේ පුළුල් පක්ෂයක් හෝ කණ්ඩායම් හරහා ගමන් කළත් නැතත් – අපගේ කර්තව්‍යය වන්නේ නිවැරදි වැඩපිළිවෙලක්, උපක්‍රම සහ උපාය මාර්ගයක් සමඟ ට්‍රොට්ස්කිවාදී පක්ෂය ගොඩනැගීමට පදනම දැමීමයි.

ලෝක පරිමානව CWI හි බලවේග ගොඩනැගීමට සහ විප්ලවවාදී සමාජවාදී පක්ෂ සමග ජාත්‍යන්තරය ගොඩ නැගීම අපට හදිසි අවශ්‍යතාවයක්ව තිබේ. කාලය අසීමිත නොවේ. පෙර පරම්පරාවන් මුහුණ නොදුන් මතවාදී, දේශපාලනික හා සංවිධානාත්මක ක්‍ෂේත්‍ර වල අරගල කිරීමට අපට අභියෝග තිබේ. අනෙක් පැත්තෙන් සිදුවීම් වේගයෙන් දිග හැරෙන නව අවිනිශ්චිත ලෝකයක් අප ඉදිරියේ තිබේ. අපි මෙම අභියෝගයට මුහුණ දීම අත්‍යවශ්‍ය වන අතර, ඉතිහාසයේ අභියෝගයන් සීඩබ්ලිව්අයි ජාත්‍යන්තරයේ උරහිස් මත තබා ඇති බව තේරුම් ගනිමින් අලුත් පරම්පරාවේ සාමාජිකයින් පුහුණු කිරීම සඳහා පියවර ගත යුතුය.

 

About Taniya

Scroll To Top