__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416__construct()
instead. in G:\PleskVhosts\lankasocialist.com\httpdocs\wp-includes\functions.php on line 5416The post අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි appeared first on Lanka Socialists.
]]>The post අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි appeared first on Lanka Socialists.
]]>The post “ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු appeared first on Lanka Socialists.
]]>The post “ AI Bot” තාක්ෂණය නිවැරදිව හඳුනා ගනිමු appeared first on Lanka Socialists.
]]>The post මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024 appeared first on Lanka Socialists.
]]>පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ ආයතනයේ හිටපු සාමාජිකයෙකු වූ මහාචාර්ය කුමාර් ඩේවිඩ් පසුගිය ඔක්තෝබර් 14 වන සඳුදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිටියදී සදාකාලික විවේකය සඳහා පිටත්ව ගියේය. 1980 ජූලි මාසයේදී නව සම සමාජ පක්ෂයෙන් ඉවත් වූ දා සිට පසුගිය දශක ගණනාවක් පුරා ඔහු වර්ධනය කල විසම්මුතික, නමුත් ජනතාවාදී ඉදිරිදර්ශන සාකච්ඡා ඔහුගේ කියවීම් “වාම” නැඹුරු ඉංග්‍රීසි පාඨකයාට මග හැරෙනු ඇතැයි අපි විශ්වාස කරමු. පොදු වශයෙන් දේශපාලනික, ඔහු ”විසිරුණු වමේ සමගිය” වෙනුවෙන් පෙනී සිටියේය.
වෘත්තීයමය වශයෙන්ද ඔහු සුවිශේෂී, ප්‍රායෝගික චින්තකයෙකු ලෙස කැපී පෙනුණු අතර ඒ සඳහා බොහෝ අයගේ පිළිගැනීමට ලක්විය. 1970 දී, ජූලි මාසයේ සිදුවූ ආණ්ඩු මාරුවෙන් පසුව ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ ලාබාලතම ඉන්ජිනේරුවරයා ඔහු බව අපි විශ්වාස කරමු. ඒ වන විට කුමාර්ට අවුරුදු 30ක්වත් විය හැකිය. 1979 දී ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් මහවැලි යෝජනා ක්‍රමය ගැන සංවර්ධන බලශක්ති උත්පාදන අධ්‍යයන නිරීක්ෂණ සඳහා සැලැස්මක් නිකුත් කරන විට ඔහු ඒ ගැන දැඩි නිර්මාණශීලි විවේචකයෙකු විය.
අපට නම්, කුමාර් අපගේ ආරම්භක තරුණ සමසමාජ ක්‍රියාකාරීන් අතර සිත්ගන්නා තර්ක වාදකයෙක් විය. එවකට අපි ප්‍රවේශවාදී ක්‍රියාවක් අනුගමනය කරමින් ලසසපය නැවත ට්‍රොට්ස්කිවාදී දේශපාලනය වෙත හැරවීමට උත්සාහ කළෙමු. වික්‍රමබාහු, සුමනසිරි ඇතුළු අනෙකුත් විද්වතුන් අතර සිටි, ”වාම-සමසමාජය” යනුවෙන් කටයුතු කල මෙම කුඩා ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන ක්‍රියාකාරීන් වූ ශාන්ත ද අල්විස්, නලින් ද සිල්වා, ක්‍රිස් රොද්‍රිගෝ වැනි අය සමග කුමාර් එකඟ නොවු ඕනෑම සාකච්ඡාවකදී ඔහු අවංකව සහ දැඩි මැදිහත්කරුවෙකු ලෙස කැපී පෙනුනු කාර්්‍යයක් ඉටු කලේය. ඔහු බොහෝ ආකාරවලින් අද්විතීය චරිතයක් විය. ඔහු වාද විවාදවලදී දැඩි ලෙස පහර දෙන අතර උපහාසාත්මක ස්වභාවයක් ගනිමින් මැදිහත් වූ අතර, විටෙක ඔහු දැනුවත්වම සිංහල යෙදුම් අවශ්‍ය ලෙස වැරදි ලෙස උච්චාරණය කිරීම හෝ වැරදි ස්ථානයක ඒවා භාවිතා කිරීම, හරහා සාකච්ඡාවලදී ඔහුට අවශ්‍ය සියලු අවධානය දිනා ගැනීමට සමත් විය.
කුමාර්ට තිබු විශේෂ ශක්තිය වූයේ දේශපාලනිකව ගැටලු දෙස ගැඹුරින් බැලීමට ඔහු තුල තිබූ හැකියාවයි. අපි නව සම සමාජ පක්‍ෂය තුල නායකයින් ලෙස කටයුතු කරමින් සිටි අවධියේ 1980 ජූලි වැඩ වර්ජනයේ ඇති විය හැකි ප්‍රතිඵලය ගැන ඔහු අප දෙදෙනාට පැවසු දෙය තවමත් මතකයේ රැදී ඇත. 1980 ජූලි වැඩ වර්ජනයට දෙසතියකට පෙර ඔහු සිම්බාබ්වේ හි අධ්‍යයන තනතුරක් භාර ගැනීමට අවශ්‍යව තිබු නිසා නසසප මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස්විය. ඔහු ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතව තිබූ දින සවස් වරුවේ ඔහුගේ නිවස ඉදිරිපිට තිඹිරිගස්යාය ජාවත්ත පාර හරහා ගමන් කරමින් සිටියදී අපට ඔහුව අහම්බෙන් හමු විය. ඔහු එහිදී අපෙන් ඇසුවේ වැඩ වර්ජනයේ තත්වය කොහොමද යනුවෙන්ය. අප වර්ජනය ගැන ඉදිරිපත් කල අදහස් උපේක්ෂාවෙන් උපහාසයට ලක් කරමින් ඔහු පැවසුවේ, “මචෝ, ජේ.ආර්. තව ටික දවසකින් මුළු වර්ජනයම අනුකම්පා විරහිතව කුඩුපට්ටම් කරනවා. ලිපිකරුවන් සමඟ පමණක් මහා වැඩ වර්ජනයක් සාර්ථක කල හැකිද යන්න ප්‍රශ්නයක් නේද? ජයවර්ධන ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට අවශ්‍ය නම් මේ යුගයේ ඔබ ලංවිම වැනි ප්‍රධාන ආයතන වල හෝ වර්ජනය සාර්ථක කළ යුතුයි ඔහු අපට පැවසීය. ඔහු එදා නිවැරදි බවට සැකයක් නැත.
දේශපාලන ප්‍රශ්න මත අපි වීදිවල උද්ඝෝෂණ කරන විට ඊට එරෙහිව පොලිසියේ ප්‍රහාරයන් සිදු කරන අවස්ථාවන් වලදී ඔවුන් දෙස බලා ඔහු හාස්‍යයෙන් යුතුව ඒ ගැන ප්‍රශ්න කරනු ලබයි. අනෙක් සියල්ලන්ට වඩා බොහෝ උස පුද්ගලයෙකු වූ දුඹුරු රැවුලකින් යුක්ත, ඔහුට පොලිස් නිලධාරීන් පවා ගරු කරන අධිපති පෞරුෂයක් නිර්මාණයවී තිබුණි. ඔහු යාපනයේ කතෝලික දෙමළ පවුල්වල මූලයන් සහිත ඉතා ප්‍රභූ පසුබිමකින් පැමිණි අයෙකු බවට සැකයක් නැත. ඔහුගේ පියා දිස්ත්‍රික් විනිසුරුවරයෙකු වූ අතර ඔහුගේ සමීපතම පවුල් වල සිටි තවත් කිහිප දෙනෙකුද විනිසුරුවන් සහ නීතිඥයන් විය.
විදේශ ගතව ජීවත් වුවද ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයෙන් ශ්‍රී ලංකාවට නිතර පැමිණෙන අයෙක්වූ ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවූ නිසා, කුමාර් ජාතික හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න ගැන උනන්දු වූ අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඒවා පිළිබඳව තමාගේම අර්ථකථනයකින් ඉදිරිපත් කිරීමට කටයුතු කලේය. ඔහුගේ ඉංග්‍රීසි බුද්ධිය සහ උපහාසය සමග ඔහුගේ නිර්මාණ ඉතා ආශාවෙන් කියවිය හැකි වූ අතර ඒ නිසාම බොහෝ දෙනෙකුට මුද්‍රිත මාධ්‍යවල ඔහුගේ නම මග හැරෙන්නේ නැත. අප අතර බරපතල දේශපාලන වෙනස්කම් සහ ඉදිරිදර්ශන ගැන ප්‍රශ්න තිබියදීත් කුමාර් ගැන මෙවැනි සටහනක් තැබීමට අපගේ වෙනස්කම් බාදාවක් නොවන්නේය.
ඕනෑම සාකච්ඡා සංසදයක ආධිපත්‍යය දැරීමට සමත් පෞරුෂයක් ඔහුට තිබුණු අතර ශ්‍රී ලංකා දේශපාලනයේ මතුවන අනාගත සාකච්ඡා වලදී බොහෝ දෙනෙකුට ඔහුගේ මැදිහත්වීම් මග හැරෙනු ඇත. ඔහුගේ අභාවය ගැන අපගේ ශෝකය බිරිඳ රෝහිණී සහ ඔහුගේ පවුලේ දරුවන් සමඟත්, “වාම” දේශපාලනයේ සිටින අනෙක් සියල්ලන් සමඟත් බෙදා ගනිමු. වසර 50කට අධික කාලයක් පුරා ඔබගේ සියලු දායකත්වයට සහ සහයෝගීතාවයට ඔබට ස්තුතියි කුමාර්,
සිරිතුංග ජයසූරිය – එක්සත් සමාජවාදී පක්‍ෂය
කුසල් පෙරේරා – දේශපාලන රචක
The post මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024 appeared first on Lanka Socialists.
]]>The post ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා appeared first on Lanka Socialists.
]]>කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15 වන දින අපගෙන් සදහටම සමුගත්තේය. ලිපි, පොත් පත් ලිවීම හා ගැඹුරින් අදහස් දැක්වීම වගේම වාද විවාද වලට මැදිහත් වීමට ඔහු විශේෂ දක්‍ෂතා දැක්වූ අයෙකි. 1968 ප්‍රංශ විප්ලවයේ සිදුවීම් ගැන හා 1974 පෘතුගාල විප්ලවයේ දිග හැරීම් ගැන ඔහු ඉදිරිපත් කළ විග්‍රහයන් තවමත් අප අතර සාකච්ඡා වලට ඉමහත් දායකත්වයක් සපයනු ලබයි.
1989දී සෝවියර් සංගමය හා බැදි පැවැති අනෙකුත් නැගෙනහිර කලාපයේ ස්ටැලින්වාදී රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමේ ප්‍රථිපලයක් ලෙස විවරවූ නව කාල පරිච්ඡේදය හමුවේ මතු වූ අභියෝගයන් වූ ගෝලීය සබදතා, ධනේෂ්වර ආර්ථිකයේ ගමන් මග ගැනද බලවතෙක් ලෙස නැගී එන චීනයේ පංති ස්වභාවය, හා යුරෝපයේ පංති අරගලයේ වර්ධනයන් ගැන ලින්ගේ දායකත්වය බෙහෙවින් වැදගත් භූමිකාවක් ඉටු කරන ලදි. ජාත්‍යන්තර පරිමානව ලෝක සමාජවාදී විප්ලවයට නායකත්වය සැපයීම සඳහා අත්‍යවශ්‍ය ස්වයං බද්ධ සාධකය වන විප්ලවවාදී පක්‍ෂය ගොඩ නැගීම කෙරෙහි ඔහු තුල පැවැති අධිශ්ඨානය එහිදී කැපී පෙනුනි.
බි්‍රතාන්‍ය ලේබර් පක්‍ෂය තුල ප්‍රවේශවාදී උපායක් දියත් කරමින් ඊට පරිබාහිරව විප්ලවවාදී පක්‍ෂය ගොඩනැගීම සඳහා වසර ගනනාවක් ලින් දේශපාලන කටයුතු වලට මැදිහත් විය. 1983 දී පිටර් ටැෆ්, කීත් ඩිකින්ෂන්, ටෙඩ් ග්‍රාන්ට්, ක්ලෙයාර් ඩොයිල් සමග ලින් වොල්ෂ් ලෙබර් පක්‍ෂ නායකත්වය විසින් නිලධාරීමය පියවරක් අනුගමනය කරමින් නෙරපීමට කටයුතු කළේ විශාල ආන්දෝලනයක් මතු කරමිනි. 1988 සමයේ ආර්ථික අවපාතය සම්බන්දයෙන් ඉතා තික්‍ෂණ විවරණයක් ඉදිරිපත් කිරීම හරහා ලින් ආර්ථික විද්‍යාව ගැන මාක්ස්වාදී දැනුම ලෝකයටම ප්‍රදර්ශණය කිරීමට සමත් විය. Militant International Review හා Socialism Today යන මාක්ස්වාදී සඟරා වල වසර ගනනාවක් ප්‍රධාන කතෘ ධූරය හෙබවු ඔහු පසුගිය වසර කීපය තුල ක්‍රියාකාරී දේශපාලනයේ නිරත නොවීමට ඔහුගේ දැඩි අසනීප තත්වය හේතු විය. එක්සත් සමාජවාදී පක්‍ෂයේ හා එහි පූර්වගාමි සංවිධානය වූ මාක්ස්වාදී කම්කරු ප්‍රවනතාවයේ සම්මේලන ගනනාවකටම සහභාගී වීම හරහා ඔහු අප පක්‍ෂයේ සමාජිකයින් අතර සමීපතයෙකු බවට පත් විය.
ලින්ගේ ජීවිත කාලය තුල ඔහු මුහුණ දුන් ඉතාම අවාසනාවන්ත සිදුවීම ලෙස ඔහු මා හමුවු අවස්ථාවක ප්‍රකාශ කලේ ඔහුගේ ජීවන සහකාරියවූ ලොරේන් ඩාවිස්ගේ අකල් මරණය සිදුවීමය. ඉන් වසර කීපයක් යාමට මත්තෙන් සුවකල නොහැකි ලෙස ඇස් නොපෙනීම යාම නිසා ඔහු මානසික වශයෙන් දුර්වල තත්වයකට ඇද වැටුණි. දශක ගනනාවක් පුරා ඉතා සමීපව දේශපාලන වාද විවාද වලට සහභාගි වූ ඉතා සමීප මිත්‍රයෙකු හා දේශපාලන සගයෙක් වශයෙන් ලින් අප වෙත ලබා දුන් සහයෝගය සදා අමරණීය වේ. CWI ජාත්‍යන්තයේ නවක සහෝදරවරුන් ලින් කිසි දිනක මුණ නොගැසුනද ඔහු මාක්ස්වාදයේ හා ට්‍රොට්ස්කිවාදයේ ආරක්‍ෂාව සඳහා ඔහු එකතු කළ ලිපි ලේඛණ වලින් නවක සහෝදරවරුන්ට ලින්ව හඳුනා ගැනීමට හැකිවනු ඇත.
මියයන තුරු මාක්ස්වාදී න්‍යාය පෝෂණය කරමින් ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයට මහගු දායකත්වය උරුම කර දුන් ලින් වොල්ෂ් සහෝදරයාට විප්ලවීය ආචාරය පුද කරමු.
සිරිතුංග ජයසූරිය
The post ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා appeared first on Lanka Socialists.
]]>The post රනිල්ගෙ වැල් පාලමේ එල්ලීගෙන යන අනුරකුමාර appeared first on Lanka Socialists.
]]>ජනාධිපති අනුරකුමාර දිසානායක පසු ගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔහුගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරි පාලන කාලය සඳහා ඔහුගේ දැක්ම සහ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලදී. ඇත්ත වශයෙන් ඔහුට අලුත් කතාවක් සූදානම් කිරීමට අවශ්‍ය නැත. එම කතාව එක්තරා අයුරකින් ඔහු සහ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් කරන ලද ”පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන මැතිවරණ ප්‍රකාශයම පදනම් කර ගත්තක් විය යුතුය. මැතිවරණ සමයේ අනුරකුමාර ප්‍රකාශ කළ විදියට ඔහුගේ දැක්ම සහ වැඩපිළිවෙළ එහි ගැබ් වී තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහිදී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන වචන කිසි තැනකදී සඳහන් නොවීය. ඔහුගේ කතාව මුළුමනින්ම ආංශික විය. එය සම්පූර්ණයෙන්ම පාහේ වෙන්කොට තිබුණේ ආර්ථික කාරණා ගැන කතා කිරීමටය. අනුරකුමාර තම පූර්වගාමියා සහ තම මිතුරා වූ රනිල් වික්‍රමසිංහ අනුව යමින් ආර්ථිකය මුල් කොට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කළේය. එහිදී ද තම මැතිවරණ ප්‍රකාශයෙහි සඳහන් කර ඇති ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම යලි සමාලෝචනය කරන බවට ඇති සඳහන ගැන වචනයක්වත් නොපැවසීමට ඔහු පරිස්සම් විය. ඔහු කතා කළේ එවැන්නක් තමා සහ තම පක්ෂය කෙදිනකවත් කියා නැති ආකාරයකටය.
ආර්ථිකය පදනම් කරගෙන තමා දුන් මැතිවරණ පොරොන්දුවලට අදාළවද ඔහුගේ කතාව ඇඟ බේරා ගැනීමට ගත් උත්සාහයක් වැන්න. රජයේ සේවකයින්ට ලබන අයවැයෙන් සාධාරණ වැටුප් වැඩිකිරීමක් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අයවැය එන්නේ ලබන පෙබරවාරියේදීය. එයින් කරන වැටුප් වැඩිකිරීමක් ක්‍රියාත්මක කෙරෙනු ඇත්තේ අයවැය සම්මත වී ක්‍රියාවට නැගෙන අප්‍රේල් මාසයේ සිටය. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය භාණ්ඩවලින් වැට් බද්ද ඉවත් කිරීම, රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අසාධාරණ ලෙස වෘත්තිකයන් මත පනවන ලද බද්ද සම්බන්ධයෙන් සහන සැලසීම, අයුතු ලෙස පනවා ඇති බදු ඉවත් කොට ඉන්ධන මිල අඩු කිරීම ගැන වචනයක් හෝ සඳහන් නොකිරීමට ඔහු පරිස්සම් විය.
ආර්ථිකයට අදාළව අනුරකුමාර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සහ කතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අයවැය කතා හෝ නොයෙක් අවස්ථාවල ඔහු පාර්ලිමේන්තුවට පැමිණ කළ කතාවලින් වෙනස් වන්නේ වැල් පාලම හෝ වංකගිරිය ගැන සඳහන් නොකිරීම නිසා පමණි. IMF වැඩපිළිවෙළ හැර වෙන මගක් නොමැති බවට රනිල් වික්‍රමසිංහ නොයෙක් විට කී කතා මෙදා අනුරකුමාර දිසානායක විසින් අගේට තහවුරු කරන ලදී. තමා ඡන්දයෙන් පැරදුනත් තමාව පැරදවූ තම මිතුරා අනුරකුමාර තම ආර්ථික වැඩපිළිවෙළ තමා ගැන සඳහන් නොකර වුවත් මැනවින් ඉදිරියට ගෙනයන බව දැක වික්‍රමසිංහ දෙකොණින්ම සිනා වෙනු ඇති බව පැහැදිලිය. අනුරකුමාර මේ දුන් සහතිකය මත මූල්‍ය අරමුදල විසින් ලංකා ආණ්ඩුවට පසුගිය සැප්තැම්බරයේදී ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 333ක ණය වාරිකය මුදාහැරීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට අරමුදලේ නියෝජිතයන් සහ ආණ්ඩුව නියෝජිතයන් පසුගිය සතියේ අත්සන් තබන ලදී. එම වාරිකය ලබාදීමට පෙර දෙපාර්ශ්වය අතර හතර වතාවක්ම සාකච්ඡා පැවතියේ මූල්‍ය අරමුදල සමග එළඹ ඇති ගිවිසුම එලෙසින්ම ඉදිරියට ගෙනයන බවට ස්ථීරසාර සහතිකයක් මේ ආණ්ඩුවෙන් ලැබෙන තුරුය. අනුරකුමාර ජනාධිපතිවරයා අන්තිමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණගැසූ බව සැඟවිය නොහැකිය.
මෙයින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද? ඒ මෙම ජාතික ජන බලවේග ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ එලෙසින්ම පිළිගෙන ඇති බව නොවේද? නව ලිබරල්වාදය, මජර ධනවාදය ගැන වේදිකා දෙදරවා බෙරිහන් දුන් අනුරකුමාර දැන් තමාගේ කටට තමා විසින්ම අගුලු දමාගෙන තිබේ. එමෙන්ම ඔහුගේ සහ ඔහුගේ ආණ්ඩුවේ නොහැකියාවද මෙයින් පෙන්නුම් කෙරේ. විපක්ෂයේ සිටියදී කොතරම් වගසි බස් දෙඩුවද, වාචාල කතා කීවද තමන්ගේම වැඩපිළිවෙළක් සහ යෝජනා මත මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් ඇති පිරිසක් මාලිමා කණ්ඩායමේ නැත. මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවත් සමග විවාදයක් කිරීම ජවිපෙ/ජාජබ සූක්ෂම ලෙස මගහැරියේද එක අතකට ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන් නිශ්චිත මතයක හෝ වැඩපිළිවෙළක නොසිටි නිසාවෙන් මෙන්ම ඒ නිසාම රටේ ආර්ථිකය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට කියන්න දෙයක් නොතිබූ නිසාය. ඒ බව දැන් වඩාත් හොඳින් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා කිසිදු ලජ්ජාවකින් තොරව IMF සමග ගනුදෙනු කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමෙනි. ඇත්ත වශයෙන් අනුරකුමාර තම පැරණි මිතුරා වන රනිල් වික්‍රමසිංහට ස්තුති වන්ත විය යුතුය. ඒ හිස් අතින් ජනාධිපති පුටුවේ වාඩි වූ ඔහුට ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය IMF පැකේජය රනිල් විසින් සම්පාදනය කොට තිබූ බැවිනි. ජනතාව නොමරා මරන රනිල්ගේ මේ වැඩපිළිවෙළට ජනතාව කොතරම් විරුද්ධ වුවද මේ ධනේශ්වර ගමන් මගේම ගමන් කිරීමට පැහැදී සිටින අනුරකුමාරට රනිල් නොවී නම් මේ වනවිට දෙවියන්ගේ පිහිට යැදීමට සිදුවනු ඇත.
ආර්ථිකය සම්බන්ධයෙන් හැර අනුරකුමාර ජනාධිපතිවරයා කිව්වේ තවත් කාරණා දෙකක් පමණි. එනම් නීතිය කාටත් සමාන බවත් නීතියට කවුරුත් යටත් විය යුතු බවත් සහ ජාතිවාදය ඇවිස්සීමට කාටවත් ඉඩ නොදෙන බවය. මේ දෙකම ඉදිරියේදි බැලිය යුතු ඒවාය. නීතියට ඉහළින් සිටි දේශපාලකයන් පොලිසිය අල්ලේ නැටවූ අවස්ථා පවා අපි දැක ඇත්තෙමු. අනෙක් අතට ජාතිවාදය ඇවිස්සීමට කාටවත් ඉඩ නොදෙන බව කියන්නේ සිංහල වර්ගවාදය ආත්මය කොටගත් පක්ෂයක නායකයාය. අද ඔහු අලුත් ඇඳුමකින් සැරසී සිටියත් ඔහුගේ සැබෑ අභ්‍යාසය කෙබඳුදැයි බරපතළ සැකයක් මතුවේ. ඒ මෙරට තිස් වසරක යුද්ධයකට තුඩු දුන් සහ නිදහස ලැබී දා පටන් ඔඩු දුවමින් පවතින ප්‍රධාන දේශපාලන ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නය ගැන වචනයක්වත් නොපැවසීමට ජනාධිපතිවරයා පරිස්සම් වීම නිසාය.
අනුරකුමාර දිසානායක නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්නය දෙස බැලුවේ නින්දා සහගත ලෙසය. විජේවීරගේ සමයේ සිටම ජවිපෙට ජාතික ප්‍රශ්නය ගැන පැහැදිලි ස්ථාවරයක් නොතිබිණි. මාඕවාදී දේශපාලනයට ආවේණික ලෙසම ඔවුන් දෙමළ ජනයාගේ ජාතික අනන්‍යතාව පිලිගැනීම ප්‍රතික්ෂේප කොට එම ජනයාට තම දේශපාලන ඉරණම තීන්දු කිරීම සඳහා වන ස්වයං නිර්ණය අයිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කළහ. පසු කලෙක අනුරකුමාර ද ඇතුළත් ජවිපෙ කොතරම් වර්ගවාදී ස්ථාවරයකට ගමන් කළේද යත් කොටි සංවිධානය පරාජය කිරීම සඳහා බර අවිවලින් පහර දෙන ලෙස එවකට සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බලපෑම් කළේය. උතුරේ යුද්ධය ඍජු ලෙසම දෙමළ විරෝධි යුද්ධයක් බවට පත්වූයේ මේ අයුරින් කොටි සංවිධානයට එරෙහිව යුද්ධ කරන මුවාවෙන් බර අවි යොදාගෙන සටන් කිරීමට පටන් ගැනීමත් සමගය. දෙමළ ජනයා දහස ගණනින් ඝාතනය කෙරුණේ මානුෂීය මෙහෙයුම නමින් හඳුන්වනු ලැබූ මේ තිරශ්චීන යුද්ධය විසිනි. මහින්ද රාජපක්ෂ යුද්ධය සඳහා පෙළඹවීම පිළිබඳව තමන් කිසි විටෙකත් කණගාටු නොවන බව අනුරකුමාර දිසානායක වරෙක ප්‍රකාශ කළේය.
රාජ්‍ය නායකයකු මුල් වරට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක අඩංගු වියයුත්තේ ඉදිරි වසර පහක කාලය තුළ ඔහු/ඔහුගේ ආණ්ඩුව විසින් ඉටු කිරීමට බලාපොරොත්තු වන වැඩකටයුතු පිළිබඳ මූලික ප්‍රතිපත්ති රාමුවකි. ජාජබයේ මූලික පොරොන්දුවක් වූයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බවයි. එහි මූලික අංගයක් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ඒ ගැන වචනයක්වත් සඳහන් නොවීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්පාදනය කිරීම සුළුපටු හෝ ලේසි පහසු කාර්්‍යයක් නොවේ. එය කල් ගතවන ක්‍රියාදාමයකි. එසේනම් එම ක්‍රියාදාමයේ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබිය යුතුය. ජනාධිපතිවරයාගේ කතාවෙන් පෙනීයන්නේ ඔහුට ඒ පිළිබඳ වගේ වගක මතකයක්වත් නොතිබූ බව නොවේද ? එමෙන්ම ඔහුගේ ජාතික ජන බලවේගයේ කිසිවකුටත් එය මතක ඇති බවක් නොපෙනේ.
අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයාත්, ඔහුගේ ආණ්ඩුවත් තවමත් දේශපාලන මධුසමයක් ගතකරන බව පෙනේ. විශේෂයෙන්ම සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි ජනතාව තුළ ඇති වෛරය මේ සඳහා වඩාත් ඉවහල් වී ඇති සෙයකි. මේ නිසා ආණ්ඩුවට මේ වෙලාවේ ඕනෑ දෙයක් කියා ඇඟ බේරා ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයද ජනයා රවටන, මතුපිටින් අතපත ගාන, ව්‍යාජ කතාවක් පමණි. මේ රැවටිල්ලට තව ටික කාලයක් පැවතිය හැකිය. මේ රැවටිල්ල එලිදරවු වනවිට සාම්ප්‍රදායික සංස්ථාපිත ධනපති පක්ෂ විසින් පොදු ජනයා ඩැහැගැනීමේ උත්සාහයට එරෙහිව ජනතාව අරගල මගට යොමු කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සටන් කරන වමේ බලවේගයක් ගොඩනැගීම සියලු වාම ක්‍රියාකාරීන්ගේ සහ කණ්ඩායම්වල පොදු අරමුණ විය යුතුය.
The post රනිල්ගෙ වැල් පාලමේ එල්ලීගෙන යන අනුරකුමාර appeared first on Lanka Socialists.
]]>The post 2024 நாடாளுமன்றத் தேர்தல் appeared first on Lanka Socialists.
]]>எதிர்வரும் பொதுத் தேர்தல் மக்கள் அதிகாரத்தின் திசையை தீர்மானிக்கும் தேர்தல் ஆகும். தேர்தலில் போட்டியிடும் அனைத்து அரசியல் கட்சிகள் மற்றும் வேட்பாளர்கள் பாராளுமன்றவாதத்தை பின்பற்றி ஒரு தொகுதியில் வெற்றிபெற வரிசையில் நிற்கும்போது , பாராளுமன்றவாதத்திற்கு மாத்திரம் கட்டுப்படாமல் அதற்கு வெளியே மக்கள் அதிகாரத்தைக் கட்டியெழுப்ப வாக்குகோரும் ஒரே கட்சி “ஐக்கிய சோசலிசக் கட்சியாக” மாறியுள்ளது.
பாராளுமன்றக் கட்டமைப்பில் அடைத்து வைப்பதன் மூலம் சமுதாயத்தில் ஒடுக்கப்பட்ட மக்களின் உரிமைகளை வென்றெடுக்க முடியாது ,பெருந்தெருக்களில்- தொழிற்சாலைகளில்- வேலைத் தளங்களில் மக்கள் சக்தியை உருவாக்குவதன் மூமே உரிமைகளை வெல்ல முடியும். வரலாறு முழுவதும் மக்கள் தங்கள் உரிமைகளை இவ்வாறே வென்றுள்ளனர். மலையக மக்களைப்பொறுத்த வரை ஒரு கட்சி அல்லது வேட்பாளர் மக்களைப் பிரதிநிதித்துவப் படுத்துவதற்கு பாராளுமன்றத்தில்புக வாக்களிக்கப்பட்டபோது, அந்த மக்களை பிரதிநிதித்துவப்படுத்தி வாக்குகளைப்பெற்று பாராளுமன்றத்திற்குச்சென்ற ஒரு கட்சியோ அல்லது வேட்பாளரோ கிடையாது. உண்மையான அர்த்தத்தில் அவர்கள் மக்கள் பிரதிநிதிகளாக நியமிக்கப்படவில்லை. முதலாளித்துவ அரசாங்கங்களுக்கு உதவுவதன் மூலம் அவர்கள் தங்கள் சொந்த நிகழ்ச்சி நிரலை முன்னெடுத்துச் செல்வதை எமது அனுபவம் தெளிவுபடுத்துகிறது. எனவே உங்கள் பெயரில் வாக்குகளை கோரும் இத் திருடர்களை வெளியேற்ற வேண்டிய நேரம் இது.
சில இடதுசாரிகள் கூறுவது போல் ஐக்கிய சோசலிசக் கட்சி எதிர்க்கட்சியில் ஒருதொகுதியை வெல்வதற்காக தேர்தலில் போட்டியிடவில்லை. இதுபோன்ற பாராளுமன்றக் கனவு எமக்கு இல்லை. ஒடுக்கப்பட்ட தொழிலாளர்கள், இளைஞர்கள், மாணவர்கள், பெண்கள், LGBTIQ சமூகத்தினர் உள்ளிட்ட ஒடுக்கப்பட்ட அனைத்துப் பிரிவுகளின் போராட்டத்தை முன்னெடுப்பதற்காக நாம் வாக்குகளைக் கேட்கிறோம்.
மலையகப்பகுதிகளில் வாழும் மலையகத் தமிழ் மக்கள், 200 ஆண்டுகளாக, மனிதகுலத்தின் மாண்புகளை இழந்துள்ளனர். அவர்கள் இன்னும் அரை அடிமைத்தனத்தில் வாழ்கிறார்கள். சட்டத்தின் முன் சம உரிமைகளைக்கொண்ட பிரஜைகளாக அல்ல, அடிமைகளாக நடத்தப்படுகிறார்கள். அவர்களுக்கு கிராமம் இல்லை. வீடு இல்லை. முகவரி இல்லை. அவர்கள் தமது சொந்த இரத்தத்தாலும் வியர்வையாலும் கட்டயெழுப்பிய இப்பூமியில் அவர்களுக்கு ஓர் அங்குல நில உரிமைகூட கிடையாது. இறந்த பிறகு, மனிதன் இப்பூமியில் சுதந்திரமாக புதைக்கப்படவேண்டும் அந்த புதைகுழி உரிமைகூட மலையக மக்களுக்கு இல்லை. ஆட்சியாளர்களும் தோட்ட உரிமையாளர்களும் கொண்டாட்டங்களை நடத்திய 200 ஆண்டுகளுக்குப் பிறகும், தோட்டத் தொழிலாளர்கள் உட்பட மலையக மக்களுக்கு எதிரான ஒடுக்குமுறையிலும் சுரண்டலிலும் எந்த மாற்றமும் இல்லை.
இத் துயரமான சூழ்நிலையை மாற்றும் நேரம் வந்துவிட்டது. ஒருதொலைநோக்குக் கொண்ட கட்சிக்கு மட்டுமே அதனை சாத்தியமாக்க முடியும். சோசலிமே தீரவுக்கான ஒரேவழி. ஒரு சோசலிச சமுதாயத்தின் மூலம் மட்டுமே, தொழிலாளர்களை சுரண்டுவதன் மூலம் ஆட்சியிலுள்ள வர்க்கம் இலாபத்தை ஈட்டுவதற்கான முதலாளித்துவத்தை ஒழித்து, அதன் உண்மையான வாரிசுகளான தொழிலாளர்களுக்கு விமோசனத்தை வழங்க முடியும்.
சோசலிசத்தை கட்டியெழுப்பக்கூடிய சக்தி, ஒழுங்கமைக்கப்பட்ட தொழிலாள வர்க்கத்திற்கே உண்டு. முதலாளித்துவ வர்க்கத்தின் ஆட்சியை தகர்த்து, தொழிலாள வர்க்கத்தின் கைகளில் அதிகாரத்தைக் கொண்டு வருவதைத் தவிர வேறு வழியில்லை. தொழிலாளர் குழுக்கள், தொழிற்சாலைகள், நிறுவனங்கள், பள்ளிகள், பல்கலைக்கழகங்கள் போன்றவற்றின் மட்டத்தில் ஜனநாயக முறையில் ஒருங்கிணைந்த செயல்பாட்டு வலையமைப்பை உருவாக்குவதன் மூலம் கொள்ளையடிக்கும் முதலாளித்துவ வர்க்கத்தின் ஆட்சியை கவிழ்த்துவிடுவது இனி தாமதமாகாது. ஐக்கிய சோசலிசக் கட்சி அதற்காகப் போராடுகிறது.
-ஸ்ரீநாத் பெரேரா-
The post 2024 நாடாளுமன்றத் தேர்தல் appeared first on Lanka Socialists.
]]>The post 2024 පාර්ලිමේන්තු මැතිවරණය appeared first on Lanka Socialists.
]]>එළඹෙන මහ මැතිවරණය ජනතා බලයේ දිශානතිය තීන්දු කෙරෙන මැතිවරණයකි. මැතිවරණයට තරඟ කරන සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවාදයට අනුගත වී දියවන්නාවේ ආසනයක් දිනාගැනීමට උදෙසා පෙළගැසී සිටියදී පාර්ලිමේන්තුවාදයට යට නොවී එයින් බැහැර ජනතා බලය ගොඩනැගීම සඳහා ඡන්දය ඉල්ලන එකම පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂය බවට පත්වී තිබේ.
The post 2024 පාර්ලිමේන්තු මැතිවරණය appeared first on Lanka Socialists.
]]>The post මැතිවරණයක් අබියස අරගලය විකුණාගෙන කෑම appeared first on Lanka Socialists.
]]>ගෝල්ෆෙස් අරගලයට වසර දෙකක් පිරුනෙ ගිය 9දාටයි. 2022 ජූලි 9දා තමයි අරගලයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කෙරුනෙ. 69 ලක්ෂයක ජනවරමින් තේරී පත්වුනු ජනාධිපතිවරයා ජනතා බලයෙන් පන්නා දැම්මය කිව්වම තාමත් හිතට දැනෙන ආආස්වාදය අපමණයි. ඒත් ඒ ආස්වාදය වැඩි දවසක් තිබුණෙ නැහැ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් පත්වුන රනිල් වික්‍රමසිංහ අරගලය පොඩිපට්ටම් කරන්න ගත්තෙ සති දෙකක් විතරයි. දැන් අපට ඉතිරි වෙලා තියෙන්නෙ අරගලය පිළිබඳ මිහිරි ඒ වගේම දුක හිතෙන මතක සටහන් විතරයි. ලංකාවේ ඉතිහාසයේ සටහන් වූ දැවැන්තම ජන අරගලය මේ අයුරින් නිමා වෙයි කියල අරගලයට සම්බන්ධ වූ අපි කවුරුවත් ඒ වෙලාවෙ හිතුවෙ නැහැ. හොල්ලන්නට බැරි මහ කළුගලක් වගේ තිබුණ රාජපක්ෂ බල කඳවුර බිමට සමතලා කරන්න අරගලයට හැකි වුනා. ඔවුන්ට රටේවත් ඉන්න බැරි තරමට අරගලය ඒ කියන්නෙ ජන බලය ඉස්මතු වුනා. රාජපක්ෂල රටට කළ විනාශය පිළිබඳව ජනතා සිත්සතන් තුළ සැඟවී තිබූ කෝපයයි මේ අයුරින් උතුරා ගියේ.
ඒ අරගලය නිමා වි දෙවසරකට පසුවත් අපට අරගලය ගැන ස්තෝත්‍ර ගයමින් ඉන්න හැකියාවක් නැහැ. ගෝටාභය පලායාමෙන් පසුව හිස්වූ ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ දැන් කරගෙන යන වැඩපිළිවෙළ දිහා බැලුවම ජනාධිපතිවරයකු පලවා හරින්නට තරම් සමත් වූ අරගලයක් රටේ තිබුණද කියල හිතාගන්නත් බැහැ. අරගලය තුළින් පලවා හරින්නට අපේක්ෂා කළ පොහොට්ටුව ප්‍රමුඛ 225 හොර කල්ලිය එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ අරගලයේ තිබූ උත්තුන්ග පරමාර්ථ එකින් එක වළදාන්න ක්‍රියාකළේ අරගලයේ සිටි අපේ ඇස් ඉදිරිපිටදීමයි. දැන් ජනාධිපතිවරණයත් අත ළඟටම ඇවිල්ල. මේ වනවිට අරගලයේ ක්‍රියාකාරීව හිටපු අයත් සී සී කඩ විසිරිලා. සමහරු සද්දයක් නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව. තව පිරිසක් අරගලය මගින් බැහැර කරන්නට අපේක්ෂා කළ ‘මහ පක්ෂ‘වල මෙහෙකරුවන් බවට පත්වෙලා. තව පිරිසක් විවිධ සංවිධාන හදාගෙන තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් වැඩකරගෙන ඉන්නව. අරගලයේ පරමාර්ථ ඉදිරියට ගෙනයාමට කැපවූ තව පිරිසක් මහජන කවුන්සිල ව්‍යාපාරය හැටියට ගෝල්ෆෙස් අරගලය අලුත් අදියරකින් ඉදිරියට ගෙනයාමට උත්සාහ කරනවා. එක්සත් සමාජවාදී පක්ෂයේ අපි අයිති වෙන්නෙත් මෙන්න මේ කොටසටයි.
අරගලය තුළ විවිධ පක්ෂ සහ විවිධ දේශපාලන මතවාද දැරූ අය සිටිය වගේම මහජන කවුන්සිල ව්‍යාපාරය තුළත් එවැනි පිරිස් ඉන්නව. ඒත් එම ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන විටදී අප අපේ පක්ෂය හෝ මතවාදය එය තුළට එබ්බවීමට කටයුතු නොකොට අරගලයේ පොදු පරමාර්ථ සාක්ෂාත් කරගැනීමට කටයුතු කරයුතු බවට පොදු එකඟතාවක් තියෙනවා. එලෙස වැඩ කිරීමෙන් විතරයි මහජන කවුන්සිලය කියන්නෙ දේශපාලන පක්ෂ වැඩක් හෝ පක්ෂයක උපකරණයක්/මෙවලමක් නොවන බවට පොදු ජනයා තුළ විස්වාසයක් ජනිත කළහැකි වන්නෙ. මේ කාරණය මෙහෙම ලිව්වෙ මහජන කවුන්සිලය කියන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැඩක් බවට සමාජයේ විශේෂයෙන්ම ප්‍රාදේශීය සමාජ ක්‍රියාකාරීන් අතර පවා මතයක් නිර්මාණය වී තිබූ නිසයි. අරගලයේ ප්‍රධාන පරමාර්ථයක් වූ පාර්ලිමේන්තුවට යට නොවූ ජනතා බලයක් සහ පෙරටුගාමී පක්ෂයේ සටන් පාඨයක් වූ දියවන්නාවෙන් පිටත බලයක් යන දෙක අතර යම් සමපාත වීමකුත් පෙනෙන්නට තිබීම මීට එක හේතුවක් වෙන්න පුළුවන්. අනෙක් අතට මහජන කවුන්සිල ගොඩනැගීමේ කාර්‍යයේදී මුලදී මූලිකත්වය ගත්තෙ අරගලය තුළත් ක්‍රියාකාරීව හිටපු පෙරටුගාමී පාක්ෂිකයන් පිරිසක්. ඒ නිසාම මහජන කවුන්සිල ව්‍යාපාරය ප්‍රාදේශීය මට්ටමින් රට පුරා ව්‍යාප්ත කිරීමට බාධාකාරී තත්ත්වයක් පවතින බවත් අමතක කරන්න බැහැ.
දැනට ප්‍රාදේශීය මට්ටමින් ගොඩනගා ඇති මහජන කවුන්සිල කීපයක්.ම පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙන් ගොඩනැගූ ඒවා. ඒවා ගොඩනගා වසර කීපයක් ගත වුනත් ඒවා පවතින්නේ එම පක්ෂයේ දැඩි ග්‍රහණය යටතේයි. මේ වැඩපිළිවෙළට කොතරම් එකඟ වුවත්, මහජන කවුන්සිලය පෙරට ගෙනයාම වෙනුවෙන් කොතරම් කැපවී වැඩ කරන්නට අදහස් කළා වුනත් බාහිර කෙනෙකුට මේ ඇතැම් කවුන්සිල හා සම්බන්ධ වී වැඩ කරන්නට ඉඩක්/අවස්ථාවක් නැහැ. මන්ද යත් මේ ඇතැම් කවුන්සිලවලට අරක් ගත් පක්ෂ ක්‍රියාකාරීන් ඒවා පවත්වාගෙන යන්නේ ඉතා සංවෘත විදියටයි. ඒක පොදු සමාජයට විවෘත නැහැ.
මහජන කවුන්සිල වටා ගොනුවී සිටින අරගලයේ ක්‍රියාකාරීන් වැඩිදෙනෙක් මහජන කවුන්සිල දේශපාලන පක්ෂ රාමුවක් තුළ කොටු කරන්නට කැමති වුනේ නැහැ. අර කලින් කිව්ව විදියක් මහජන කවුන්සිල ගොඩනැගීමට බාධාවක් වුනෙත් මේ හැඟීමයි. මෙවන් වාතාවරණයක් තුළ තමයි අරගලය හා සම්බන්ධව සිටි පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරීන් මූලික වෙලා ජන අරගල සන්ධානය නමැති දේශපාලන සංවිධානය ගොඩනැගෙන්නෙ. ඇත්තටම ඒක මැතිවරණ පෙරමුණක්. ඉදිරියේ එන ජනාධිපතිවරණයට මුහුණ නොදී සිටීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තියෙන නොහැකියාව නිසා එයට ආවරණයක් වශයෙන් ගොඩනැගූ එකක්. පෙරටුගාමී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ආ පක්ෂයක් නිසා එහි දේශපාලන තිඹිරි ගෙය ජවිපෙයි. ජවිපෙ දැන් ජාතික ජන බලවේගය ගොඩනගා රටේ පාලන බලය ගැනීමට ඔන්න මෙන්න වගේ ඉන්නව කියල පේන තත්ත්වයක් තුළ පෙරටුගාමී පක්ෂ අනුගාමිකයන් විශාල වශයෙන් ජවිපෙ/ජාජබ දෙසට නැඹුරු වීමේ තත්ත්වයක් පෙන්නුම් කෙරුනෙ. දියවන්නාවෙන් පිටත බලයක් කියල කෑගැහුවට එවැන්නක් කෙරෙන පාටක් නැති නිසාත් ජවිපෙ දියවන්නාවේ බලය අල්ලගන්න ආසන්න වගේ පේන නිසාත් පෙසප අනුගාමිකයන් ජාජබය වෙතට නැඹුරු වීමේ ප්‍රවනතාව පෙසප නායකත්වයට ලොකු අභියෝගයක් වුනා. පෙසප මාධ්‍ය ඔස්සේ සහ වෙනත් ක්‍රියාකාරකම් හරහා මෙතෙක් ගොඩනගාගෙන තිබූ ප්‍රතිරූපය බිඳවැටීමේ අවදානමකට මුහුණ පා සිටි අවස්ථාවක තමයි මේ ජන අරගල සන්ධානය ගොඩනගා ගැනීමට ඔවුන් යොමු වෙන්නෙ.
තමන්ගේ දේශපාලන ධාරාවට අනුගත කුඩා සංවිධාන/කණ්ඩායම් කීපයක් සහ සටන්කාමී අරගලකාරී උවමනාව හැර දේශපාලනයේ ගැඹුරක් නොදුටු අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් එකතු කරගෙන ජන අරගල සන්ධානය ගොඩනැගෙන්නෙ මේ සන්දර්භය තුළයි. මෙය හඳුන්වා දෙන්න පුළුවන් හොඳම යෙදුම තියෙන්නෙ ඉංගිරිසි බසින්. එය ්කකස්බජැ දf ජදබඩැබසැබජැ එකක්. ගැඹුරු දේශපාලන සංවාදයකින් පසුව ඇති කරගත් කල් පවත්නා ප්‍රතිපත්ති රාමුවක් උඩ ගොඩනැගුනු එකක් වෙන්න බැහැ. අරගලයේ අරමුණු ඉදිරියට ගෙනගොස් හැබෑ ිහිඑැප ජය්බටැ එකක් කරන්න මේ සන්ධානය ගොඩනැගූ අයට ඇත්ත උවමනාවක් තිබුණ නම් ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කළ, ඒ වගේම පෙසප නායකත්වය හොහොඳින් දන්නා එක්සත් සමාජවාදී පක්ෂය සමග මේ ගැන කතා නොකළේ ඇයි? මේ සන්ධානයේ අනෙකුත් කොටස් නොදන්නව උනාට පෙසප නායකත්වය හොඳට දන්නව මැතිවරණයකදී තමන්ගෙ ජාම බේරගන්න හදන සන්ධානයකට එක්සත් සමාජවාදී පක්ෂය එකතු නොවන බව. ඕනෑම ආකාරයක සන්ධානයක් පෙරමුණක් ගොඩනැගීමට ඕනෑම පක්ෂයකට අයිතියක් තියෙනවා. එහි ප්‍රතිපත්ති/වැඩපිළිවෙළ විවේචනයට ලක්වුනත් ඒ අයිතිය බැහැර කරන්න බැහැ. හැබැයි මේ අවස්ථාවෙදි මේ ජන අරගල සන්ධානය බොහෝ දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන්ගේ ඇහි බැම උඩට කරන්නට හේතු වුනේ අරගලය කියන නම මැතිවරණ පෙරමුණක නමට යොදා ගැනීම නිසයි. ඒ කියන්නෙ අරගලයෙ අයිතිකාරයො මොවුන්ද? අරගලය නමින් ඡන්දය ඉල්ලන්න මොවුන්ට අයිතියක් තියෙනවද? වගේ ප්‍රශ්න ඔවුන් මතු කරනව.
ඇත්ත කාරණය තියෙන්නෙ පෙරටුගාමී පක්ෂය පිළිබඳව මුලින් කී විස්තරය තුළයි. තමන්ගෙ නොහැකියාව වසාගන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකත්වය ගත් මේ පියවර අනාගතයට බලපාන්නෙ කොහොමද කියන එකයි අප විසින් බැලිය යුතු මූලික කාරණය. පෙසපට අනුගත කොටස් හැර සමාජයේ අරගලයට හිතවාදී කොටස් මෙය දකින්නෙ අරගලය විකුණාගෙන කෑමක් හැටියට කියන කාරණය හංගන්න බැහැ. මේ වෙලාවෙ තමන්ගෙ පැවැත්ම යන කෙටිකාලීන අරමුණ ඉටුකර ගන්නට ඉවහල් වුනත් මේ ක්‍රියාමාර්ගය නිසා ඉදිරියේදී එදා ආකාරයෙන් අරගලයක් මතුවීමට තියෙන අවස්ථා මේ නිසා දැඩි ලෙස ඇහිරී යනවා. පෙසපයේ මෙම ක්‍රියාකලාපය පොදුවේ වමේ ව්‍යාපාරයටම පොදු අරගල ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීමට තිරිංගයක් විදියට ක්‍රියා කරනු ඇති. ඒ නිසා අරගලයේ ජීව ගුණය සුරැකීමටත් එය තව ශක්තිමත් කොට ඉදිරියට ගෙනයාමටත් කැපවී ක්‍රියා කිරීම මේ දේශපාලන උපායට හසු නොවූ අයගේ වගකීමයි.
The post මැතිවරණයක් අබියස අරගලය විකුණාගෙන කෑම appeared first on Lanka Socialists.
]]>The post Committee for Worker’s International appeared first on Lanka Socialists.
]]>බි්‍රතාන්‍යයේ, ජර්මනියේ, එක්සත් ජනපදයේ සහ තවත් සමහර රටවල වැඩ වර්ජනවල නැගීමත් සමග පන්ති අරගලයේ පිබිදීම සඳහා සීඩබ්ලිව්අයි සාර්ථකව මැදිහත් වී ඇත. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ දිගහැරුණු බිහිසුණු තත්ත්වයන් තුළ නයිජීරියාව, දකුණු අප්‍රිකාව, චිලී, ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි තීරණාත්මක රටවල විප්ලවීය හරය අපි පවත්වා ගෙන ගිය අතර, අපගේ බලවේග එහි සිදුවන පංති අරගලවලට සක්‍රීයව සහභාගීවීමට හැකිවිය. යුද්ධ තත්වයන් සමග පන්ති ගැටුම් හා අරගලය ත්‍රිවු වීම හා ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය ඉදිරියේ සමාජවාදී ස්වාධීන දේශපාලන විකල්පය ගොඩනැඟීම සඳහා හදිසි අවශ්‍යතාවය කම්කරු පන්තිය ඉදිරියේ මතු කර ඇත.
සීඩබ්ලිව්අයි ජාත්‍යන්තරය එම ක්‍රියාවලියේ කොටසක් වන අතර විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ලෝක පරිමානව යලි ගොඩ නගමින් අවසානයේ බහුජන පක්ෂ බවට පත්විය හැකි විප්ලවවාදී සමාජවාදී පක්ෂ ගොඩනැගීම සඳහා සක්‍රිය වැඩ කොටසක් ඉටු කරමින් සිටි. එවැනි පක්ෂ ගොඩනැගීමේ අරගලයේදී මතුවන නව බලවේග හා පක්ෂ බිහිවනු ඇත. අප ගොඩනගන සංවිධාන ශක්තිමත් මාක්ස්වාදී න්‍යායික පදනමක් සහිත ඉදිරි දර්ශනයක් සහ වැඩපිළිවෙලක් මත පදනම් වීම අත්‍යවශ්‍ය කරුනකි. ඒ අතරම, ඔවුන් පන්ති අරගලයට සහ පීඩිතයන්ගේ ජීවිතවලට ක්‍රියාකාරීව මැදිහත්වීම් සහ සහභාගීත්වය මූලික කර ගත යුතුය. නවලිබරල් ධනවාදී වැඩපිළිවෙල පරාජය කිරීමට සහ සමාජවාදී අනාගතයක් ගොඩනැගීමට අධිශ්ඨාන කරගත් විප්ලවවාදී සමාජවාදී පක්ෂ සමග CWI ජාත්‍යන්තරය ගොඩනැගීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බවට අපගේ වසර 50ක ඉතිහාසය පෙන්නුම් කර ඇත.
බි්‍රතාන්‍යයේ Militant සංවිධානය පිහිටුවීම සහ කම්කරු ජාත්‍යන්තර සඳහා කමිටුවේ ආරම්භක සමුළුව අතර දශකයක පමණ පරතරයක් පැවති නමුත් එයින් අදහස් කළේ අප නිහඩව සිටීම නොවේ. බි්‍රතාන්‍යයේ කටයුතු කළ අපි නිරතුරුවම ලෝක සිදුවීම් විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර වශයෙන් අපේ බලවේග ගොඩනැංවීමේ නව මාර්ග සොයමින් කටයුතු කලෙමු.
ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ – (උතුරේ සහ දකුණේ) ට්‍රොට්ස්කිවාදීන් ලෙස හැඳින්වූ අප දන්නා කණ්ඩායම් සමඟ විවිධ සම්බන්ධතා පවත්වාගෙන ගියෙමු. 1960 ගණන්වල අගභාගයේ සහ 1970 ගණන්වල මුල් භාගයේදී අපි කුඩා සංවිධානයකින් බි්‍රතාන්‍යයේ LPYS ගොඩනඟා ගත්තෙමු, පසුව එහි වාර්ෂික ජාතික සම්මන්ත්‍රණවලදී තරුණයින් 2,000කට නොඅඩු සංඛ්‍යාවක් සිටින තත්වය දක්වා ගොඩනගා ගතිමු.
අවාසනාවකට මෙන්, 1968 මැයි මාසයේ ප්‍රංශයේ විප්ලවවාදී සිදුවීම්වලට මැදිහත් වීමට අපට හැකියාවක් නොතිබුණි. එහෙත් ඒවා පුපුරා යාමට සති කිහිපයකට පෙර, ලන්ඩනයේ පැවැති මහජන විවාදයේ දී, අප සංවිධානයේ ලේකම් පීටර් ටැෆ් හතරවන ජාත්‍යන්තරයේ නායකයින් වැරදි මාර්ගයක ගමන් කරන බව පෙන්වා දුන්නෙමි. ඔවුන් ප්‍රංශයේ සිදු වූ කම්කරුවන්ගේ අරගල බැහැර කරමින් සිටියා පමණක් නොව වියට්නාමයේ ගොවි හමුදාවේ අරගලය 1917 රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයට සමාන බව ප්‍රකාශ කළහ.
1970 දී අපි ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් නිෂ්පාදනය කරන ලදි. එය දෙවන ලෝක යුද්ධය අවසානයේ සිට අපගේ ජාත්‍යන්තර අත්දැකීම් සාරාංශ කිරීමක් විය. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව අපි ලන්ඩනයේ සම්මන්ත්‍රණ පැවැත්වූ අතර, පවතින හතරවන ජාත්‍යන්තරයට නැවත සම්බන්ධ වීමට උත්සාහ නොකිරීමට අපි තීරණය කළෙමු. ඒ සමග ලොවපුරා සිටින අනෙකුත් විප්ලවවාදී සහ වාමාංශික බලවේග සමඟ සාකච්ඡා කිරීම තුළින් ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ගොඩනැගීමට අපි කටයුතු ආරම්භ කළෙමු. අපට හැකි සෑම තැනකම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ අනෙකුත් කම්කරු පක්ෂවල තරුණ කොටස්වලට සමීප වීම සඳහා අපි LPYSහි සංවිධාන ජාලය භාවිතා කළෙමු.
එවකට LPYS සභාපති වශයෙන් කටයුතු කළ පීටර් ඩොයිලි සහ අනෙකුත් සහෝදරවරු විදේශයන්හි විවිධ සම්මන්ත්‍රණවලට ගියහ. ඉන් එකක් වූයේ ස්වීඩන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තරුනයෝ සංවිධානයේ වාම විරුද්ධ පාර්ශවයේ කොටසක් අපගේ අදහස්වලට දිනාගැනීමය. ජර්මනියේ, තරුණ සමාජවාදී සංවිධානයේ සාමාජිකයින් ගණනාවක් LPYSහි ප්‍රචාරක කටයුතු වලට ආකර්ශනය වී අප හා එක් විය. එය 1980 ගණන් වන විට සැලකිය යුතු ලෙස වර්ධනය වූ ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා ගැනීමට සමත් විය.
ලෝකයේ ට්‍රොට්ස්කිවාදී පළමු බහුජන පක්ෂය ලෙස පැවති ලංකාවේ “ලංකා සම සමාජ පක්‍ෂය” සමග සම්බන්දතා ආරම්භ වූයේ මෙම කාලයේදීය. එහි සභාගවාදී හා ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ එම පක්ෂයේ සාමාජිකයන් සමඟ සම්බන්දතා ඇති කිරීමට හැකි විය. 1974 වසරේදී ටෙඩ් ග්‍රාන්ට් සහ පීටර් ටැෆ්, සිරිතුංග ජයසූරිය ඇතුලු සහෝදරවරුන් සමගද පසුව ඉන්දියාවේ ජගදීෂ් චන්ද්‍ර ඇතුළු තරුණ විප්ලවාදීන් හමුවිය. ඔවුන් දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සීඩබ්ලිව්අයි ජාත්‍යන්තරයේ එම රට වල ශාඛා වලට නායකත්වය දෙමින් ආසියාවේ අපගේ බලවේග ගොඩනැගීමේදී එකිනෙකාට සහාය වෙමින් කටයුතු කර සිටින්නෙමු.
යුද්ධ සහ විප්ලව යනු විප්ලවවාදී බලවේගයන් මුහුණ දෙන විශාලතම පරීක්ෂණය වන්නේය. ඔවුන්ගේ සංවිධානාත්මක ශක්තිය පවත්වා ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව, පංති අරගල වලට මැදිහත් වීම තීරණාත්මක සාදකයකි. ගෝලීය වශයෙන් සළකා බැලීමේදී අපගේ බලවේග තවමත් සාපේක්ෂ වශයෙන් දුර්වල වුවද, දේශපාලනික වශයෙන් අප මෙම පරීක්ෂණ වලදී ඉහලින් සමත් වී ඇති බව අපට විස්වාසය. එහෙත් කම්කරුවන් හා තරුනයින් අපගේ සංවිධාන වලට බැඳීමට ඒත්තු ගැන්වීමට අපට පහසු නොවූ අතර අතීතයේ ප්‍රතිසංස්කරණවාදී හා ස්ටැලින්වාදී සංවිධානවල පාවාදීම් වල වැරදි දේශපාලනය සමග අපට නිරන්තර අරගල කිරීමට සිදුවිය. එම ක්‍රියාදාමය ඉදිරියටත් එසේම වලංගුය.
කෙසේ වෙතත්, කම්කරු පන්ති අරගලයේ අත්‍යවශ්‍ය සාධකය වන සමාජවාදී වැඩපිලිවෙල මත පදනම්ව කටයුතු කරන පක්ෂ ගොඩ නැගීම පිලිබඳ අපගේ අවධාරනය, තීරණාත්මක සාධකය වන්නා සේම විප්ලවවාදී නායකත්වයන් ගොඩ නැගිමේදී එය බැහැර කළ නොහැක.
සීඩබ්ලිව්අයි ජාත්‍යන්තරය සිය වසර 50 ක පැවැත්ම තුළ ට්‍රොට්ස්කිගේ න්‍යාය මත පදනම්ව සැබෑ කම්කරුවන්ගේ ජාත්‍යන්තරයක් ගොඩනඟමින් සමාජයේ පරිවර්තනය ගෙන යාමට ප්‍රමාණවත් බලවේග ඒකරාශි කරමින් සිටි. ඒ සඳහා ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කල සංක්‍රමනීය ක්‍රියාමාර්ගය නැමැති වැඩපිළිවෙල මත පදනම් වීම අපගේ සාර්ථකත්වයේ සංකේතයයි. ධනපති පංතියේ බලවේග ශක්තිමත්ව සිටින පරිසරයක සමාජවාදී පරිවර්තනයක් සාමකාමීව බිහිකිරීම කල හැක්කක් නොවේ. ධනේෂ්වර රාජ්‍යයේ බලවේගවල කොටස් පංති අරගලයේ වර්ධනයන් තුලදී කම්කරු පන්තියේ පැත්තට දිනා ගත හැකිය, එහෙත් ඉතිහාසයේ නොයෙක් වර අප දැක ඇති පරිදි, ධනපති පාලක පන්තිය සටනකින් තොරව ඊට ඉඩ නොදෙනු ඇත.
ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් ගොඩනැගුනු බොල්ෂෙවික් පක්ෂය වැනි පැහැදිලි දැක්මක් ඇති නායකත්වයක් සහිත, කම්කරුවන් විශ්වාස කරන පක්ෂයක්, ගොඩනැගීම ජාතික හා ජාත්‍යන්තර පරිමාණයෙන් ධනවාදය අවසන් කිරීම සඳහා පූර්ව කොන්දේසියක් වන්නේය.
වර්තමාන තත්වයන් තුළ, එක් රටක බලයට පත් වන කම්කරු පංතිය විසින් කරනු ලබන ආයාචනයක් හරහා දේශසීමා බිඳගොස් සාර්ථක විප්ලවයක් ලැව් ගින්නක්සේ අවුලුවාලනු ඇත. සමාජවාදයේ සහ කොමියුනිස්ට්වාදයේ පදනම මත මානව වර්ගයාගේ අනාගතය පරිවර්තනය කිරීම සඳහා ලොව පුරා කම්කරුවන්ගේ අරගල එක්සත් කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන සැලකිය යුතු සංවිධානයක් බවට කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව ලොව පුරා ගොඩනැගිය හැකි බව අපගේ මෑත ඉතිහාස ක්‍රියාකාරකම් වලින් මැනවින් පිළිබිඹු කරනු ලබයි.
The post Committee for Worker’s International appeared first on Lanka Socialists.
]]>The post යන යකා කොරහත් බිඳගෙන යාමට පෙර… appeared first on Lanka Socialists.
]]>
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉවසිල්ලක් නැත. රට හදන්නට ඉවසිල්ලෙන් නැත. ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම ගහන කල් ඔහුට ඉවසිල්ලෙන් නොතිබිණි. ඉන්පසු එහි ණය වාරිකය ලබාගන්නා තුරුද ඉවසිල්ලෙන් නොතිබිණි. ඒ වෙනුවෙන් දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කළයුතු විය. කොතරම් තදින් උත්සාහ කළද විදේශීය ණය ප්‍රතිව්‍යුහගතය පිළිබඳ සාකච්ඡා තාමත් ඉබි ගමනේ ය. එහෙත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නම් විදුලි වේගයෙන් සිදුවිය. ඒ මේරටේ ලක්ෂ සංඛ්‍යාත සේවක පිරිසගේ එකම රැකවරණය හැටියට පවතින සේවක අර්ථ්සාධක අරමුදල බිල්ලට ගැනීමෙනි. එයින් නොනැවතී ඔහු තම නොඉවසිල්ල පෙන්නුම් කරන වැඩ ගොඩකට අතගසා තිබේ.
රටේ සම්පත් විකුණා දැමීමට මේ ජනාධිපතිවරයාට ඇති නොඉවසිල්ල එක අතකට පුදුම සහගතය. ඓතිහාසික ගොඩනැගිල්ලක් වූ නුවරඑළිය තැපැල් කාර්්‍යාලය එලෙසින් පවතිනු දැකීම ඔහුට ඉවසුම් නොදෙයි. ඔහු එය දකින්නේ සල්ලි උල්පතක් ලෙසිනි. එය සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීම සඳහා ඔහුට තිබූ නොඉවසිල්ල මාධ්‍ය මගින් මුළු රටටම දැකගත හැකිවිය. එහෙත් එය ඉටුකර ගැනීමට ඔහුට තවමත් හැකිවී නැත.
විදුලි බල මණ්ඩලය කොටස් 12කට කඩා දෙස් විදෙස් ව්‍යාපාරිකයන්ට විකිණීම සඳහා වන පනත් කෙටුම්පතක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ සහ ඔහු වටේ සිටින සීමිත කල්ලිය හැර ඉංජිනේරුවන් විද්වත් වෘත්තිකයන් ඇතුළු සියලු දෙනා මෙයට විරුද්ධය. රටේ විදුලිය උත්පාදනය සහ බෙදාහැරීම පෞද්ගලික ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම රනිල් වඩාත් ප්‍රියකරන ඉන්දීය හෝ වෙනත් විදේශීය ව්‍යාපාරිකයන් අතට පත්වුවහොත් රටේ බලශක්ති සුරක්ෂිතභාවයට එල්ල වන තර්ජන ගැන මෙම ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් රැසක් පෙන්වාදී තිබියදීත් එම සැලසුම එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔහු කැස කවමින් සිටී.
මේ අතරතුරේ රනිල් වික්‍රමසිංහගේ වැඩිම අවධානයක් යොමුවී ඇති ක්ෂේත්‍රයක් වනුයේ අධ්‍යාපනයයි. විවිධ අධ්‍යාපන අවස්ථා සඳහා රටේ ඇති ඉල්ලුම දෙස බලන විට අධ්‍යාපන ක්ෂේත්‍රය තරම් හොඳ ඉල්ලමක් තවත් නැති බව මේ කපටි නරියා දනී. කිසිදු ජන වරමක් නැති නිසා ඔහුට ජනතාවට වගකීමක් ද නැත. ඒ අනුව අධ්‍යාපනය පාපන්දුවක් සේ සලකා රිසි සේ ඒ මේ අතට පාපහර දීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරමින් සිටී. ඔහුගේ මානසිකත්වයට ගැලපෙන පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කරදීමට සමත් ගෝලබාල පිරිසක්ද ඔහුට සිටී. එවන් පිරිසක් විසින් සම්පාදනය කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඔස්සේ අධ්‍යාපනය සම්බන්ධ තම අභිලාෂයන් සපුරා ගැනීමටය මේ පාලකයා සැදී පැහැදී සිටින්නේ. මෙම ඊනියා ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා රටේ පිලිගත් අධ්‍යාපන විශේෂඥයන් කිසිවකු සම්බන්ධ කරගෙන නැත. ගුරු සංගම්, ශිෂ්‍ය සංගම් හෝ විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් කිසිවක් සමග සාකච්ඡා කොට නැත. මේ ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා පත්කර තිබූ කමිටුවේ සිටි වැඩිදෙනා ව්‍යාපාරිකයන් ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ ආකල්පය කුමක්දැයි මේ අනුව හිතාගත හැකිය.
1943දී කන්නන්ගර මහතා විසින් හඳුන්වා දෙන ලද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මුළුමනින්ම ආපසු හරවා නූතන බමුණු කුලයක් වෙතට අධ්‍යාපනය වරප්‍රසාදයක් ලෙස අයිති කරදී පහළ පන්තියේ දූදරුවන් අධ්‍යාපනයෙන් පිටමං කොට ඔවුන් පොල් කඩන්නන්, කුලියට වැඩ කරන්නන් ලෙසින් තබාගැනීමේ අලුත් වැඩවසම් සම්ප්‍රදායක් මෙමගින් ඇති කිරීමට උත්සාහයක් දරා ඇත. දැනට දරුවන් 200කට අඩුවෙන් ඉගෙනුම ලබන පාසල් පොකුරු පාසල් ක්‍රමයකට බද්ධ කොට ක්‍රමයෙන් වසා දැමීමත් මෙහි එක අරමුණකි.
මෙම ඊනියා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මේ රටේ මේ වනවිට නාමික හෝ වශයෙන් පවතින නිදහස් අධ්‍යාපනය මුළුමනින්ම පාහේ අහෝසි කොට රාජ්‍යය අධ්‍යාපනය පිළිබඳ වගකීම්වලින් මිදී වෙළෙඳපොළ යාන්ත්‍රණය මත පදනම් කෙරෙන වැඩපිළිවෙළක් බව ඉතා පැහැදිලිය. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුළුව විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාවත්, රටේ බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් ද දැනටමත් මෙයට විරෝධය පළ කොට ඇත. එහෙත් ප්‍රජාවේ හඬට සවන් නොදෙන වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමේ තම දිගුකාලීන අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ලැබී ඇති මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට මාණ බලමින් සිටී.
මේ හැර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම රටේ නීතියක් බවට පත්කිරීම සඳහා ආර්ථික පරිවර්තන පනතක් හඳුන්වා දීමට ද ඔහු ලහි ලහියේ සැරසෙයි. තම ධුර කාලයේ ඉතිරි මාස පහක පමණ කාලය තුළදී තවත් අලුත් නීති 63ක් පැනවීමට ඔහුට උවමනා වී ඇත. මෙයින් අති බහුතරයක් එක්කෝ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන නැතහොත් නව ලිබරල් ගෝලීය වැඩපිළිවෙළට මේ රට ගැට ගහන නීති බව ඔහුගේම ප්‍රකාශවලින් පෙනීයයි. රනිල් වික්‍රමසිංහගේ පාලන කාලය නිමාවන විට මේ රටේ ඉතිරි වන්නේ හපයක් පමණි.
මේ තත්වය කිසිසේත් ඉසුඹු ලන්නට පුලුවන් කාලයක් නොවේ. රනිල්ට විරුද්ධ ජනතාවගේ පාර්ශ්වය විරෝධතා ක්‍රියාමාර්ග සඳහා සැලසුම් සකස් කරද්දී රනිල්ගේ පාර්ශ්වය අඛණ්ඩව වැඩෙහි යෙදෙයි. ඔහු තම යාන්ත්‍රණය ඒ තරම් කාර්ය්‍යක්ෂම ලෙස මෙහෙයවයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පවා ඔහු තම ගමන වෙනුවෙන් යොදා ගැනීමට පසුබට නොවෙයි. තමාට වැඩි කාලයක් නැති නිසා යන යකා කොරහත් බිඳගෙන යන ලෙසින් පොදු ජනයා සුන්නත්දූලි කොට මේ රට ලෝක ධනේශ්වර පන්තියට රිසි සේ සූරාකන්නට හැකි තෝතැන්නක් කිරීමටය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලකලෑස්ති වන්නේ.
එසේ වුවද මේ විනාශයට එරෙහිව රට පුරා විරෝධතා මතුවෙමින් තිබේ. තම තමන්ගේ අංශවලට අදාළ ප්‍රශ්න විසඳාගැනීම සඳහා විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන්, ග්‍රාම නිලධාරින් ඇතුළුව ක්ෂේත්‍ර කීපයකම සේවකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබිණ. තම වැටුප් විසමතාවට අදාළ ඉතිරි තුනෙන් දෙක ලබාගැනීම සඳහා ගුරු විදුහල්පතිවරු සංවිධානය වෙමින් සිටිති. රජයේ විධායක නිලධාරින් පවා පාරට බහින තත්ත්වයක් දැන් උද්ගතව ඇත. සියලු රාජ්‍ය සේවකයෝ ජීවත්වීමට සරිලන වැටුපක් ලබා ගැනීම සඳහා අරගලයකට සූදානම් වෙමින් සිටිති.
එහෙත් බරපතළම තත්ත්වය ඇත්තේ වතුකරයේය. දැනට ගෙවන වහල් වැටුප යාන්තම් රුපියල් 700කින් වැඩිකර ගැනීම සඳහා හීන දකින්නට, හූල්ලන්නට වතු කම්කරුවන්ට සිදුව ඇත. රනිල්ගෙ 1700යේ විහිළුවට එදා අත්පුඩි ගැසුවද තමන් රැවටීමට ලක්වූ බව වතු කම්කරුවන් දැන් තේරුම් ගනිමින් සිටිති.
මේ තත්ත්වයෙන් පෙනී යන්නේ සියලු ක්ෂේත්‍රවල වැඩකරන ජනයා බරපතළ අසහනයකින් පෙළෙන බවත් තම අයිතීන් දිනාගැනීම සඳහා සටන් කිරීමට අවශ්‍ය බව ඔවුන් තේරුම් ගනිමින් සිටින බවත් ය. වතු කම්කරුවන් මුහුණ පාන වැටුප් ගැටලුව හැර අනෙක් හැම අරගලයක්ම කොළඹ කේන්ද්‍රීය සටන් වෙයි. වතු කම්කරු වැටුප් සටන දකුණේ වෘත්තීය සමිති අරගල සමග බද්ධ කරගැනීම මූලිකවම කළයුතු දෙයක්. වෘත්තීය හෝ කම්කරු අරගල නොමැති වුවද තම ජාතික අයිතිය වෙනුවෙන් දිගුකාලීන අරගලයක නිරත වී සිටින උතුරු නැගෙනහිර දෙමළ ජනයා මේ අරගල සමග සම්බන්ධ කරගැනීමත් ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයක්. මෙවැනි පුළුල් දැක්මකින් කම්කරු පන්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වුවහොත් රනිල්ගේ මෙම නව ලිබරල්වාදී වැඩපිළිවෙළ සහ එයත් සමග ඈඳී ඇති ප්‍රහාරය වළක්වා ගතහැකි වනු ඇත.
The post යන යකා කොරහත් බිඳගෙන යාමට පෙර… appeared first on Lanka Socialists.
]]>