නිදහස් දින කථාවේ සැඟවුනු අරුත


නිදහස් දින කථාවේ සැඟවුනු අරුත

ගෝඨාභය රාජපක්ෂ පෙබරවාරි 4 වෙනි දින නිදහස් චතුරශ‍්‍රයේ පැවැති උත්සවයේදී කළ කථාව සමාජයේ කථාබහට ලක්වෙමින් ඇත. එම කථාව ජනාධිපතිවරයෙකු නිදහස් දින පවත්වන ලද කථා අතුරින් හොඳම කථාව බවටද මතයක් සමාජය තුළ ගොඩනැගෙමින් තිබේ. ඔහුගේ නිදහස් දින කථාව ගැන අපට ඇත්තේ වෙනමම කියවීමකි. ඔහු ජනාධිපතිධුරයට පත්වු පසු සිදුකළ තුන්වැනි ප‍්‍රසිද්ධ කථාව මෙයයි. අනුරාධපුරයේ දිවිරුම්දිමේ උත්සවයේදී සිදුකල කථාව හා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් කල කතාව එකම දිසාවකට ගමන් කළ අදහස් දැක්වීමක් බඳුය. ගෝඨාභය එම කථා දෙකෙහිදීම කියා සිටියේ තමන් බහුතර සිංහල ජනතාවගේ ඡුන්දයෙන් බලයට පත්වු බවත් තව දුරටත් රජුන් තනන්නන්ට ඉඩක් නොමැති බවත්ය. වෙනත් අර්ථයකින් ඔහු ප‍්‍රදර්ශණය කළේ තමන් සිංහල බෞදධ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කරනවා විනා සුළුතර දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය නොකරන බවය.

ඔහුගේ
මෙම සිංහල බෞද්ධ ජාතිවාදී කථා දෙක ගැන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල වශයෙන් ආන්දෝලනයකට ලක්වු බව නොරහසකි. ධනපති දේශපාලඥයෙකු වශයෙන් තවමත් ආධුනිකයෙකු වන ගෝඨාභය මාස තුනක් ගෙවීයන වට දේශපාලඥයෙකු මෙන් සිතීම ආරම්භ කර ඇති බව ඔහුගේ නිදහස් දින කථාවේ අර්ථයයි. එ් අනුව ගෝඨාභය නිදහස් දින කථාව කරුණු ගනනාවක් ඉලක්ක කරගෙන පැවැත්වූ කථාවක් ලෙස පෙනේ. එ් අතර සරල ඇදුමකින් සැරසි සිටියද එම ඇදුමේ තමාගේ හමුදා පදක්කම් පැළද නිදහස් දින උත්සවයට පැමිණීම ඔහුගේ සිත තුල තිබෙන අනාගත මිලිෙටිරිවාදී පාලනයක ස්වභාවය ප‍්‍රදර්ශණය කිරීමක් බවද තේරුම්ගත යුතුය. ඔහු හමුදාවෙන් මීට වසර 30කට පෙර ඉවත්ව රටහැර ගොස් ඇමරිකාවේ පුරවැසියෙකු බවට පත්වන විට ඔහුගේ නිල තනතුර වුයේ ලූතිනන් කර්නල් නිලයේය. එය හමුදාවෙන් විශ‍්‍රාම යෑමෙන් පසු නැවත භාවිතා කිරීමට තරම් උසස් නිලයක් නොවන නමුදු ඔහු එම හමුදා පද්කම් නැවත පැළදඑ්ම හිට්ලර් මාදිලියේ පාලනයක් ඉල්ලූ අයගේ උවමනාව පෙන්නුම් කිරීමක් වැනිය.

ගෝඨාභයගේ
මිශ‍්‍ර හැසිරීමත් පෙන්නුම් කළ නිදහස් දින උත්සවයේදී ඔහු ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරිම නතර කරනු ලැබීම එක් පැත්තකින් කැපී පෙනේ. එ් සිංහල බෞද්ධ අන්තවාදින් පිනවීම සඳහා අනෙක් පැත්තෙන් ඔහු ප‍්‍රකාශ කලේ සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත්වීමට අයිතිය ඇති බවත් ස්වාධින මත දැරීමට හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන අතර  ඕනෑම
පුරවැසියෙකුට තමන් කැමැති ආගමක් ඇදහීමට තිබෙන අයිතියට ගරු කරන බවද ප‍්‍රකාශ කෙරින. එ් අනුව සිංහල බෞද්ධ බල ව්‍යුහයේ හිරකරුවෙකුවිම තමන්ට කළ නොහැකි බව හා ඔහු රටේ සියලූ ජාත’න්ගේ නායකයා බව පෙන්වීමේ අවශ්‍යතාවය ඔහුට තිබුන බව පෙනේ. විශේෂයෙන් එළඹෙන මාර්තු මාසයේදී ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ලංකාව 2015දී සම අනුග‍්‍රහය මත සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් මුහුණදිමට තම ආණ්ඩුවට සිදුවන බව ගෝඨාභයගේ නිිදහස් දින බල්ටි කරණමට හේතුවුවා විය හැකිය.

මෙම
කතාවට පෙර පාර්ලිමේන්තුව අමතා සිදුකළ රාජාසන කථාවේ සිට ඔහු දිගටම අවධාරණය කරන ශක්තිමත් විධායකයක් ව්‍යාවස්ථාදායක් සහ ස්වාධින අධිකරණයක අවශ්‍යතාවය මෙහිදිද දැඩිව අවධාරණය කරන ලදී. ගෝඨාභය තවදුරටත් කියා සිටියේ රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කිරිමට තමන් කැපවී සිටින බවයග එ් ස`දහා නිති සම්පාදකයින් හා අධිකරණයද රාජ්‍ය නිලධාරීන්ද තමන්ට බාදා නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය මෙම ප‍්‍රකාශය ඔහු විසින් කරන ලද බරපතල අනතුරු ඇඟවීමක් මෙන්ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය නොතකා කටයුතු කිරිමට සිදුවන බවට කරන ලද ඇඟවීමක්ද වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක බලය පදනම්ව ඇත්තේ විධායකය ව්‍යවස්ථාදයකය හා අධිකරණය යන මුලික බල කේන්ද්‍ර තුනක් පදනම්වය. නිති සැකසීමේ බලය කි‍්‍රයාත්මක වනුයේ පාර්ලිමේන්තුව හරහායග විධායකය පාර්ලිමේන්තුව සකස් කරන නිති කි‍්‍රයාත්මක කිරීමේ කොටස් කරුවෙකු පමණීග දිගින් දිගටම ව්‍යවස්ථාදායකට හා අධිකරණයට තම කි‍්‍රයාවන් සඳහා ඇගිලි නොගසන ලෙස ඔහු කරන ඉල්ලීම ඉතා භයානක එකකිග විධායකය රටේ පවතින ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුව නොතකා කටයුතු කිරිමට ගොස් විශාල අර්බුදයක් රටතුළ නිර්මාණය කිරිමේ ඉතාම මැත උදාහරණය 2018 ඔක්තෝම්බරයේදී හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ කි‍්‍රයාවයි. අධිකරණය මැදිහත්ව එම අනීතික කි‍්‍රයාවලිය ආපසු හැරවීමට කටයුතු නොකලේ නම් රටතුළ අතිවිශාල අරාජිකත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබුණිග විප්ලවවාදීන් හැටියට අපට ධනපති පාලනය තුළ මතුවු අරාජිකත්වය තුළ සාර්ථකව මැදිහත්වීමට නොහැකිවීමට හේතුවූ කාරණා කවරේද යන්න මෙයට පෙර අපි සාකච්ජා කළෙමු. ජනාධිපතිවරයා මහජන ඡුන්දයෙන් පත්වන නියෝජිතයෙකු වුවද ඔහු ජනතා පරමාධිප්‍යයේ එක් කොටසක් පමණක් බව තේරුම් ගත යුතුය. ගෝඨාභය මේ උත්සාහ කරන්නේ එම තත්වය අභිබවා යෑමට දරණ උත්සාහයක් ලෙස තේරුම් ගත යුතුය. රටේ රාජ්‍ය සේවය පවතින්නේ ඉතා අකාර්යක්ෂම භාවයක් තුළ බව සියලූ දෙනාම දන්නා කරුණකි. එය නිසි කළමණාකරණයකට ඇතුලත් කිරීම කුණුවී තිබෙන ධනේෂ්වර පාලනයට කළ නොහැකිය. එ් වෙනුවට ඔහු කරන්නේ රාජ්‍ය සේවයට තරවටු කිරීම වන අතර එවැනි අයිතියක් ඔහුට නොමැතිය.

පළමු
මාස 3ක කාලය පෙන්නුම් කරන්නේ ගෝඨාභයගේ පාලනය ජනතා උවමනාවන් ඉටු කිරිමට අසමත්වු පාලනයක් ලෙසය. කඩාපනින හමුදාවක් ලෙස ආයතන කීපයකට කඩා පැන සිදුකළ හදිසි මෙහෙයුම් වලින් බරපතල වෙනසක් එම ආයතන තුළ සිදු කිරීමට ඔහු අසමත්විය. හොඳම උදාහරණය සහල් මිල පහත දැමිමට ඔහු අසමත්වීමෙන් පෙන්නුම් කෙරිනග ගෝඨාභයගේ නිදහස් දින කථාව මිශ‍්‍ර අර්ථයන් දිය හැකි කථාවකි. එම කථාවෙන් පෙන්නුම් කරන්නේ ගෝඨාභයගේ පාලනයේ අනාගත දිසානතිය විය හැකිය. එය ඉතා ඉවසිමෙන් සැලසුම් සහගතව සිදු කළ එකක් බව පෙනේග එම කථාවේ මතුපිට ප‍්‍රදර්ශණය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී බාවය හා සියලූ ජාති හා ආගමික නිදහස මෙන්ම ලිවීමේ කියවීමේ නිදහස යන කරුණුවලට යටින් ගලායන දැඩි පාලනයක් ස්ථාපිත කිරීමේ උවමනාව දැකිය හැකිය. ගෝලීය ධනවාදී නව ලිබරල් ආර්ථීක වැඩ පිළිවෙල කි‍්‍රයාවට දැමිමට හා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම වැනි විදේශික ගිවිසුම් අත්සන් කරමින් යන ගමනට ගෝඨාභය සුදානම් විම නිදහස් දින කථාවේ සැබෑ අර්ථයයි. එ් සඳහා හමුදාව හා පොලීසිය මත පදනම්වූ දැඩි එ්කාධිපති ස්වරූපයේ පාලනයක් ගොඩනැගීමට ඔහුගේ අරමුණවී තිබෙන බව පැහැදිලිය. උතුරේ දෙමළ ජනතාවගේ අරගලය සමතලා කර දැමීමද දකුණේ කම්කරු පංතිය ගොවි ජනතාව හා ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනයන අරගල කෲර ලෙස මර්ධනය කිරීමද ගෝඨාභයගේ අනාගත පාලනයේ හැඩරුව වනු ඇත. එක්සත්  ජාතික
පක්ෂයට මෙම තත්වයට එරෙහිව ජනතාවට නායකත්වයක්දීමේ සැබෑ උවමනාවක් නොමැත්තේ ගෝඨාභයගේ නව ලිබරල්වාදි වැඩ පිළිවෙලට ඔවුන්ගේ අනුමැතිය ඇති නිසාය. එම තත්වය තුළ වම හා කම්කරු පංතිය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව ස්වාධීන වැඩ පිළිවෙලක් මත සංවිධානගත කිරීමට එක්වන ලෙස එක්සත් සමාජවාදී පක්ෂය පංති සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටී.