Home / USP Statements / මැතිවරණ බිමේ වමේ අභියෝගය

මැතිවරණ බිමේ වමේ අභියෝගය

රට තීරණාත්මක මංසන්ධියක් හරහා ගමන් ගනිමින් සිටින බව ඉතා පැහැදිලිය. මේ වන විට ධනපති පංතිය කණ්ඩායම් කීපයකට බෙදී ඇත. අන්තවාදී සිංහල ජාතිවාදය කර පින්නාගත් මහින්ද රාජපක්ෂ පිළ ඉන් එකකි. නව ලිබරල් න්‍යාය පත‍්‍රය වෙනුවෙන් පෙනී සිටින රනිල් වික‍්‍රමසිංහ අනෙක් කණ්ඩායමයි. මෛත‍්‍රිපාල මෙම දෙපාර්ශවය අතර දෝලනය වන පිරිසට නායකත්වය දෙයි.

ලාංකේය සමාජය මෙම සංකීර්ණ තත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට පිළිතුරු සපයා ගත යුතුය. උතුරේ දෙමළ ජනතාවගේ ජාතික ප‍්‍රශ්නය නැවත වරක් මෙම මැතිවරණයේදී ධනපති පක්ෂ අමතක කරනු ඇත. මෙම පරිසරය තුළ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පදනම් කර ගත් දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනි සිටීමට බල කළ යුතුය. එවන් විසඳුමක් වෙනුවෙන් පෙනි සිටින එකම දේශපාලන පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂය පමණී.

නව ලිබරල් වාදි සැලසුමට හා අන්ත පසුගාමී ජාතිවාදී හා ආගම්වාදී දේශපාලනයට එරෙහිව කම්කරු පංතිය ඇතුලූ පීඩිත පංතියේ ජනතාව අනාගතය තීන්දු කිරීම සුක්කානම තමන්ගේ දෑතට ගැනීම හැර වෙනත් මාවතක් නැත. පසුගිය ජුනි 28 දින එක්සත් සමාජවාදී පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ සාකච්ඡවේදී නිර්ධන පංති ව්‍යාපාරයට නායකත්වය සැපයීම සඳහා සියලූ වර්ගයේ ජාතිවාදී , ධනවාදී , දේශපාලනයට එරෙහිව වමේ බලය ගොඩ නැගීම සඳහා ඉදිරි මැතිවරණයේදී කොළඹ හා යාපනය ඇතුලු තෝරාගත් දිස්ත‍්‍රික්ක කිහිපයකට තරඟ වැදීමට තීන්දු කෙරින. සමාජවාදී ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටින සෙසු වමේ පක්ෂ සමග නිතරඟ ගිවිසුමකින් තරඟ කිරීමට තිබෙන හැකියාව ගැන සොයා බැලීමට ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරින.


2 3

About dhammika

Scroll To Top